Thursday, January 30, 2014

=== නුඹගෙ කඳුළැලි “අළු “ ද හිතවත ===



බොහෝ විට මගෙ
නිදන ඇඳ යට
පණ අදින දුම්වැටි
වැටී ඇත
මූණ රතු කරමින්
විටින් විට
හති ලමින් දුම්
වළලු නංවත
.
ෆිල්ටරේ දෙතොලත
තබාගෙන
උරා මුළු සාරයම
බිවුවද
දැවී දැවී අළු බවට
පත්වෙනු
මිසක් කෙඳිරිලි
හඬක්වත් නැත
.
ඇඟිලි කරුවට
බඩම හිර කර
මූන පුච්චා පස්ස
උර උර
මගෙ සුසුම් දුම්
බවට පත් කල
නුඹගෙ කඳුළැලි
“අළු “ ද හිතවත
.
පපුවෙ දුක් බර
තුනී කරවා
නේක විධ
වර්ණයන් තවරා
සියුම් අළු පැහැ
දුමට හරවා
ගන්න නුඹ හැර
කවුද මිතුරා..
--කුරුළු--

6 comments:

  1. ළගින් හිටියද
    දුකට සතුටට
    නුඹව නොවෙදි
    පාප මිතුරා.

    ReplyDelete
  2. පානය හොදයි මචෝ විටමින් කූර උරනවට වඩා..

    ReplyDelete
  3. ඔය කියන්නේ සිගරට් ගැන ද බීඩි ගැනද :D

    ReplyDelete