Wednesday, January 22, 2014

=== හී ගඩු නංගවන ලස්සන රූ ඇති ස්නේහ ඇස් ඇති - ගත සිත පුබුදන කෝඩු බැලුම් ඇති - අහංකාර නුඹ - හීන කුමාරි ==


.
ඕනම කෙනෙක්ගෙන් ඇහුවොත් කියාවි ජීවතේ සුන්දරම මොන කාලෙද කියල ඇහුවොත්?
ඒ මුලු ලෝකෙටම හොරෙන් ආදරේ කරපු කාලෙ කියල.. එහෙමත් නැතිනම්
ඒ ආදරේ කරන ගැනු ලමය විතරක් දන්න එත් එයත් අකමැති වෙලා හිටිය කාලෙ කියල..
ඒ කාලෙට ඇහෙන ගීත පවා තමන්ගෙ කර ගන්නව.. මොනව හරි හේතුවක් හදා ගන්නව තමන්ගෙ වටේ පිටේ තියෙන දේවල් තමන්ගෙ ආදරේට ඈඳා ගන්න..
ෆිල්ම් එකක් බැලුවෝත ඒක තමන්ගෙ කතාව කර ගන්නව..
පොතක් කියෙවුවත් එහෙමයි...
වැඩිය ඕන නෑ..
කෙල්ල කිවුවාම - අනේ අයිය මම ඔයාට කැමති නෑ කියල !..
එහෙනම් නංගි අපි දෙන්න හැමදාම ටොම් ඇන්ඩ් ජෙරී වගේ ඉමු කියනව...
ඒත ඇතතටම ගල් බොරළුයි - ඩොටීයි වගේ ඉන්න...
අනේ එහෙම ආදරේ කොයි තරම් සුන්දරද !

ඒ කාලෙට කොල්ලො ඉස්සරහට එන ඕන බාධකයක් බිඳගෙන යනව..
එහෙම යන්න පුලුවන් පොඩි ගතියක් ඇගට බලෙන් ගන්නව..
කෙල්ල පස්සෙන් කවුරු හරි ආවොත් හෙන පොර වෙනව...

එත් ප්‍රශ්නෙකට තියෙන්නෙ ඒ කෙල්ලව ලැබුන දාට...
අපි බලාපොරොත්තු වන දේ අපිට ලැබුණාම අපි කලින් තරම් ආදරෙන් ඒ දේ රැක බලාගන්නවද කියන එක ප්‍රස්නයක්..
ඒ දේ මට කියල දුන්නෙත් ඔයා.. මතකද ඉස්සර අපි යාලුවෙන්න කලින් .
මම ඔයාගෙ පස්සෙන් එද්දි..
- මේකනෙ කුරුළු අයිය තේරුම් ගන්න... කොල්ලො ඔය බොරුවට පස්නේ එන්නෙ.. කොල්ලොන්ට නෙවේ කාට වුනත් තමන් ආදරේ කරන දේ ලැබුණට පස්සෙ වැඩක් නැති වෙනව..
+ ඇයි ඒ..
- ඇයි ඒ නෙවේ.. ඒක එහෙම තමා.. අපි දුරින් ඉන්නකම් ඔයා මගේ ලස්සන දකිවි මගේ හොද දකීවි ඒ ඔයා මාව දන්නෙ නැති නිසා.. ඒ වුනාට  මම නපුරුයි හිතුවක් කාරයි, දගයි ඉතින් මගේ ලගට ආවෝත එයාට මාව එපා වෙයි..
+ නැ එහෙම වෙන්නෙ නෑ.. ඔය ඕන තරම් කට්ටිය ආදරේ කරන්නෙ.. අපිත් කරමු..
- කරන්නං වගේ කරල වැඩක නෑ ගොන්ටො.. දැන් බලන්න.. මම හරි ආසාවෙන් හිටිය මගේ මේ අතේ තියෙන ෆොන් එක ගන්න .. ඒක රිලීස් වුන දවස් වල මම පින්තුර එකතු කලා ඒක ගැන තියෙන විඩියො බැලුව.. පිස්සු වැටිල හිටයෙ.. මගේ යාලුවෙක්ටත් එක්ක තිබුන මම එ ්ඉල්ලන් කොච්චර නම් ආසාවෙන් බැලුවද ! එත් මම අන්තිමට මේක ගත්ත.. දවස් දෙකයි.. එක්ත් සාමාන්‍ය ‍ෆෝන් එකක් වගේ මයිනේ අයියෙ..
+ අයියො ඒ ෆෝන් නේ... මිනිස්සු එහෙම නෑ...
- ඔයා කො‍හොමද කිය්නනෙ හැම පිරිමියම එකයි... හැම ගෑනිත් එක ඇති..
+ සුදු නංගි ! ඒක ඇත්ත... හැම පිරිමියටමයි ගැහැනියටමයි ඩිෆෝල්ට් ෆෝල්ඩර් එකක් එනව උපදිනකොටම.. ගැහැණියකට නම් මම දන්න විදියට - ‍ගොං කම, හුරතලේ, හිනාව වගේ පොදු දේවල් ටිකක් දෙවියො එවනව.. ගැහැණිය කොච්චර ලොකු වුන්ත් දොස්තර නිතිඥ නෙවේ ජනාධිපති වුනත් ඒ ටික අයින් කරන්න බෑ...
පිරිමි අපේත් එහෙමයි....
හැබැයි එහෙම කියල අපි එකා වගේම වේනනෙ නෑ.. ඒවට අපි අපේ හදවතේ හැගීම් එකතු කරල වෙනස් මිනිස්සු වෙනව..!
- හ්ම... දැන් ඔයා මොකක්ද මට කියන්න හදන්නෙ. අයියෝ අප්ප ඔයා එක්ක නම් බෑ..
ඔයා කැරකිල කැරකිල අන්තිමට එන්නෙ ආදරේ ගාවට..

+ ඉතිං දෙයියනේ කණුවක බැඳල තියෙන ගොනා එකම තැන කැරකෙනව මිසක් වෙන මොනව කරන්නද ??
- ඈ.... මෙන්න වැඩක් - කවුද ගොනා.. !!
+ මං !  ඔයා තමා කණුව... නිකං නෙවේ ගොං බඳින කණුවක් ඔයා නැතංත මේ වගේ කොල්ලෙක් කියද්දි තේරෙන්නෙ නැත්තෙ ‍මොකෝ...
- අයියෝ .... දැන් මට තරහ එනව හොදේ.. සිරාවට මම ආදරේ නෑ..
+ මාත් සිරාවට ආස නෑ ඒකෙ තියෙන්නෙ පරණ ලේ..  අපි ධමනියට ආදරේ කරපු ඒක හැමතිස්සෙම හදව‍තෙන් පිරිසිදු ලේ අපේ ඇග වටේ අරන් යනව..
- ගර්......................... අනේ බෑ අප්ප....
-------- ඇත්තට මම ඔයාට කොච්චර වද දුන්නද ආදරේ කිය කිය.. තාමත් එහෙමයි..
ආයෙ මම කැරකිල මුලට ඇවිල්ල නංගි ! ඔයා කිවුව හරි මිනිස්සු එක වගේ..!

--- මූණ වෙනස් වුනාට හැමෝගෙම පස්ස එකයි !!!!
.
*******************************
හී ගඩු නංගවන ලස්සන රූ ඇති ස්නේහ ඇස් ඇති
ගත සිත පුබුදන කෝඩු බැලුම් ඇති
අහංකාර නුඹ - හීන කුමාරි..
.
මුරණ්ඩු කම් ලග බොලඳයි කොලු හිත
කීකරු මගෙ හිත චංචල වී ඇත
ඔච්චම් කරමින් හි‍නැහෙන නුඹෙ නෙතු
කියා දියන් මට..
.
වතගොත ඇහුවට කියන්න දන්නැති
හිතමත ඇවිදින පියවර හුරු නැති
මා ලග නවතිනු කිවුවට ඉන්නැති
අහංකාර නුඹ...
.- චන්දන ලියනාරච්චි - රචනය - දිනිති දීපිකා..
********************************
--කුරුළු--

14 comments:

  1. මේ නම් මගේ කතාවමයි

    ReplyDelete
  2. කාගෙත් කතා මේ වගේ තමයි.

    ReplyDelete
  3. ගැහැණියකට නම් මම දන්න විදියට - ‍ගොං කම, හුරතලේ, හිනාව වගේ පොදු දේවල් ටිකක් දෙවියො එවනව..

    මේකෙන් ගොං කම කියන එක අයින් කරොත් හොඳයි කුරුළු, නැත්නම්.. ග්ර්..........

    ReplyDelete
  4. තනිකරම පබ්ලික් සීන් එකකි. ඒත් වැටහී ඇත්තේ කුරුල්ලෙකුට පමණි.

    ReplyDelete
  5. කුරුළුගේ පිහාටු යටට කාගෙකින් ආවේ නියමයි ආවට පාඩු නැහැ

    ReplyDelete
  6. කුරුලු අයියා බ්ලොගේ ලියනු දැකීම සතුටකි.....

    ReplyDelete
  7. --- මූණ වෙනස් වුනාට හැමෝගෙම පස්ස එකයි !!!!

    සිරා කතාව

    ReplyDelete