Monday, August 24, 2015

==== ප්‍රේමයේ මන්දහාසිනි =====



ප්‍රේමයේ මන්දහාසිනි යෞවනේ සිහින සාගරේ
නීල නයන නිල් දියේ සීත නලින නිම්නයේ
පාව යයි සුන්දරයි ජීවිතේ......
තාරකා නිවා දමන්න නෙත් කැළුම් විදා
මා සිතේ විඩා නිවන්න පෙම් පවන් සළා..
සඳත් වසන් වෙලා රැයත් මුදුන් කළා
පාව යයි සුන්දරයි ජීවිතේ.......
මාලතී වනේ රැඳෙම්ද මල් යහන් තනා
මිවිතේ අමා පුරම්ද රත් ලවන් පෙරා
සුසුම් පවන් ගලා හැඟුම් දියත් කළා
පාව යයි සුන්දරයි ජීවිතේ......
පද - කුලරත්න ආරියවංශ
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
https://www.youtube.com/watch?v=3yAVX37nneE