Friday, February 20, 2015

== නුඹ කොතැන සිටියම මොකද, නුඹ ඉන්න බව මම දන්නවා... ==



.
- හෙලෝ හෙලෝ..
+ ඔවු සුදු නංගි
- පොඩි හදිසියක් ටක් ගාල මේකට කෝල් එකක් ගන්න..
+ චික්....
............................... ( ඇය ඇමතීමි )
+ ඔවු කියනව ඉතින් මොකක්ද හදිසිය
- නැ අනේ මගේ ෆෝන් එකේ සල්ලි නැ කෝල එකක් ගන්න ඒකයි කිවුවෙ.
+ අයියෝ ඒකද ?
- ඒකද තමා මේ. මට මතක් වුනේ නැතිනං නිකං වත් කෝල් එක්ක ගන්නෙපා හුහ්.
+ අන්න ඒකනෙ ඔයා එපා කියනව කියල දන්නවනෙ ඒ නිසයි ගත්තෙ නැත්තේ
- ආ... ඇත්තද... මේ ඔයා අසනීපෙන්ද
+ ඔවු !
- ඇයි මොනව වෙලාද ?
+ බෙල්ලෙ කට්ටක් ඇද වෙලාලු එක විදියටම ඉඳල, ඔලුවෙ සෙම හිර වෙලාලු. එම් ආර් අයි එකකුත් කලා.
- ඔවු ඉතින් අපිට කියන්නෙ නැනෙ. අපි කවුද අපිට කියන්න. ෆේස්බුක් එකේ අයට කිවුවාම හරිනේ නේද අපිත් ඒකෙන් තමා බලා ගන්නෝන.
+ නැ නැ ඉතින් ඔයා බය වෙයි කියල කිවුවෙ නැත්තෙ
- නැ නැ කියන්න ඕන නැ මීට පස්සෙ මමත් ඒකෙන් බලා ගන්නම්. ඇතිනෙ කෙල්ලො මෙයාට සැප දුක අහගෙන බලන්න එන ඕන නැ.. ඕන නැ .. නැ.. නැ.. නැ මයි..
+ ඔය ඉතින් තරහ ගන්නෙපා අනේ මගේ ලෙඩ තවත් වැඩි වෙයි. මට දොස්තර කිවුව ලස්සන නර්ස් කෙනෙක් නවත්ත ගන්න කියල ගෙදර එතකොට හරියයි කිවුව.
- ආ ඉතින්  මට කිය්නනෙ මොකෝ කියනව අර ඒෆ් බි එකේ කේලලෝනට පැනගෙන එයි .
+ හා මං කියල බලන්නම්.. එහෙම කෙනෙක් වත් ආවොත් හොදයි
- අනේ මේ .. මරණව හරිද..
+ අනේ ලොකු දෙයක් අප්ප එකපාර ඒක කරනවනං. මේ දැනුත් බේත් බැඳල තියේනනෙ බෙල්ලටයි උරහිසටයි හොලවන්න බැ..
- ආ ඇත්තද.. අමාරුද මගෙ අයියෙ ගොඩක්..
+ ටිකක්
- ඉතින් මොනවද දැන් කරන්නෙ .. ඇදටම වෙලා ඉන්න හොදද
+ නැ මම මේ නැගිටල තේ බොනව.
- කොහෙද ඉ්නනෙ කියනව..
+ ම්.... සාලෙ
- බොරු බොරු .. කම්පුයුටරේ ලග නේද ? යනව ඇඳට යකෝ ලෙඩ වෙලත් මේ මිනිහ කොම්පියුටරේ නේ.. අම්මට කිය්නනෝන කෙල්ලෙක් නේව් කොම්පියුටරයක් බන්දල දෙන්න කියල.
+ නැ නැ... මම කාමරේ අනේ..
- මේ බොරු කියන්නෙපා මට ඔන් ලයින් පෙන්ව හොයව.. මාත් තාම ඇඳේ... යනව ඇඳට නිදියනව ටිකක්.. නැත්තං එනව ඇඳට මාත් එක්ක නිදියන්න..
+ අනේ අම්මේ එහෙම කියන්නෙපැයි අනේ... පපුවත් මොකද වුනා අප්ප
- ආ හරි.. එන්නකො ඇඳට.. අපි සෙල්ලමක් කරමු ඇඳේ.. හා ද ?
+ ඇඳේ සෙල්ලම්.. ආ හරි හරි ඉන්න මං ටක් ගාල එන්නම්....
- හරි හරි.. ඉක්මනට එන්න.. කෝ ආවද !
+ ඔවු ඔවු මේ ඇඳේ ඉන්නෙ....
- හරි ඇස් පියාගෙන කරන සෙල්ලමද කරන්නෙ ඇස් ඇරගෙන කරන සෙල්ලමද ?
+ ඇස් පියාගෙන කරන එක හොදයි  අනේ..!
- හා හරි එහෙනං ඇස් පියාගෙන කරන එක කරමු ඇ වෙනස් කරන්න බැ
+ හරි හරි .. ඉක්මනට කියන්න..
- හරි ඇස් පියාගෙන ඇඳේ කරන සෙල්ලම තමා නිදා ගන්න එක. අපි දෙන්නම නිදා ගමු.. ගොඩාක් නිදා ගන්න කෙනා තමා දිනුම් හරිද..!
+ නෙද්දකින් විතරක් ඒකද සෙල්ලම.. අපෝ මදැයි මාත් ආව ඇඳට දුවල..
- හරි දැන් යන්න බෑ.. නිදියන්න හොද අයියනෙ.. හොද වුනාම කොම්පියුටරේ ලගට එන්න හොදද
+ හම් හා හරි...
- ආදරෙයි සුදු අයියෙ ගොඩාක්.. ආදරෙන් ඉන්න ....
==================================
මල කොතැන පිපුණම මොකද
පිපුණ වග මල දන්නවා
ගඟ කොතැන ගැලුවම මොකද
ගලන වග ගග දන්නවා
සඳ කොතැන දිලුනම මොකද
දිලෙන වග සඳ දන්නවා
නුඹ කොතැන සිටියම මොකද
නුඹ ඉන්න බව මම දන්නවා...
.
විලේ ලස්සන තවත් විල් දියෙ මලුත් පිපුණොත් තමා
දොලේ ලස්සන තවත් දොල දියෙ පෙණත් නැගුණොත් තමා
සඳේ ලස්සන තවත් සඳදියෙ තරුත් දිලුණොත් තමා
නුඹේ ලස්සන තවත් නුඹෙ සිතෙ මාත් සිටියොත් තමා
.
මල කොතැන පිපුණම මොකද
ගඟ කොතැන ගැලුවම මොකද
සඳ කොතැන දිලුනම මොකද
නුඹ කොතැන සිටියම මොකද.
.
මල කොතැන පිපුණම මොකද - පිපුණ වග මල දන්නවා
ගඟ කොතැන ගැලුවම මොකද - ගලන වග ගග දන්නවා
සඳ කොතැන දිලුනම මොකද - දිලෙන වග සඳ දන්නවා
නුඹ කොතැන සිටියම මොකද - නුඹ ඉන්න බව මම දන්නවා...
===================දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය
--- කුරුළු --
song -

Tuesday, February 17, 2015

== අලි ==



නුඹව අරගෙන ගියපු
අලි රෑන තව එනව
අපේ දුක අහන්නට
වගේ ගෙට හොඬ ලනව

උඹව සිහි කරවන්න
වළං ටික පොඩි කරල
පිල ගාව දණ ගහං
මහ හඩින් කෑ ගහල

හිස් බඩින් කැලයටම
දුවන විදියට වැනිල
සත්තමයි දුක හිතුන
උගෙ පැටිය ගැන හිතිල

අලි නොඑන දා රෑට
හංදියේ මුදලාලි
සතියකට ඇතිවෙන්න
බඩු අරං මෙහෙ එනව

හැමදාම නෙලුම් මල්
හොඬින් ගත් අලි පැටවු
වටේ කැරකෙන්නැතිව
මගෙ බඩට රිංගනව

නුඹෙ නොවන කැලෑ මල්
පිපෙන්නට කලින් මං
කෑ ගහං නැගිටිනව
පොඩි එකිත් අඩවගෙන

මගෙ ගැන කමක් නැ
කෙලී දැන් ලොකු වෙනව
කතාවක් හැදුනොතින්
උඹට පවු සිදුවෙනව

දුවේ ආයෙම ගමට
අලියො එනකොට රෑට
අපි දෙන්න පිල උඩට
වෙලා නිදියමු හොඳට
--කුරුළු-

Thursday, February 12, 2015

== කුරුළු වලප ==



මා සොඳුර මේ අසව
එහා නිවසෙහි සිටින
මගේ අයියා බලව

සතියකට වතාවක්
ගෙදර ආවත් මොකද
බව බෝග යස ඉසුරු
රැගෙන එන එක මදිද

අපල දුරු කරන්නට
ස්වෙච්ඡා සේවයට
මාල ගිරවුන් ගන්න
මිලි අක්කනුගේ යට

ඊයෙ හවසත් දැක්ක
දැන්වීම එල්ලනව
නොගියොතින් එහෙම මම
අපෙ පැටවු අල්ලනව

සොඳුර නුඹ නාඩන්න
හිතුනොතින් දැක ගන්න
නුගේ ලග අක්කාට
නොපෙනෙන්න නුඹ එන්න

පවුනෙ බං ඒ අයත්
අපිවගේමයි ගොඩක්
අක්කටත් තුන් දෙනෙක්
කිරි පාට කෙල්ලොන්ම

අපල දුරු කරන්නට
කවුරු හෝ පිංවතෙක්
අරං අත හැරිය පසු
එන්නංකො කැදැල්ලට

එතෙක් මාගේ බරට
හරියන්න වී කරල්
දුසිමක්ම හෙට හවස
ලැබෙයි නුඹගේ අතට

දෙයියන්ගෙ පිහිටෙකින්
සතියකින් ආවොතින්
ඉතුරු කරපං මටත්
උඹ කාපු ඩිංගකින්.... !!
-- කුරුළු---

Monday, February 9, 2015

නමක් නැති ලිපි 04




දැස් අඩවන් කරගතිමි,
ක්‍රමවත්ව සිදු කෙරෙන ආස්වාස ප්‍රාස්වාසයත් ඉඳ හිට නැගෙන ගෙම්බකුගේ හඩත් හැර කිසිවක් නෑසේ. මවිසින්ම දැල්වූ සුවඳ කූරේ සගන්දය මිස දුගන්ධයක් නැත. සාම්බ්‍රානි සුවඳ තවමත් කාමරය පුරා ඉතිරි වී ඇත. පහල නිවසේ අම්මාගේ රේඩියෝවේ පිරිත් පටන් ගති.. නිතර උනන කෙළ පිඩු පමණක් දිවට දැනේ..ශරීරයට ඉඳ හිට දැනෙන සියුම් සුලගක වෙනසක් විනා අන් කිසිවක් නොදැනේ..
සිතෙහි ගැඹුර මේ යැයි සිතීමට මෙනෙහෙි කිරීමට පටන් ගතිමි.. පියාගත් දෑස් තුල වූ අන්ධකාරයේ නිල් පැහැති ආලෝකයක් සැරි සරන්නට පටන් ගති. දෑස්වල ඉතිරි වූ ආලෝක පුංජයක් සේ සිතුවත් එය එහා මෙහා ගමන් කරනු පැහැදිලිවම පෙනේනන්ට පටන් ගත්තෙන් ඒ කෙරෙහි සිත යොමු කලෙමි.
ගැඹුරු හුස්ම ගැනීමත් ම වලොවක් රඳවා තබා ගැනීමත් පියවරානුකූලව පිට කිරීමත් අතර තුර මෛත්‍රිය වැඩීඹට පටන් ගතිමි. ඉඳ සිටි තැනින් මඳක් සිරුර සැහැල්ලු වී ඉහලට එසවෙන්නාක් මෙන් දැනෙන්ට පටන් ගති. අතෙහි වු ව්‍රජාවද ක්‍රමයෙක් බර වැඩි වන්නට විය...
සුපුරුදු පරිදි ගෙලෙහි වූ රුද්‍රාක්ෂයේ ශක්ති ජනනයෙන් හදවත් ගැස්ම තුල සියුම් වෙනසක් දැනුනි.
දෙවියන් හා කතා කිරීමට හෝ දෙවියන් දැකීඹ ලෙහෙසි නැත.
ඔවුනගේ සංඛා්‍යාතයට පත් වීම හෝ ඔවුන්ව අපගේ තරංග සංඛ්‍යාතයට ගෙන්වා ගැනීම ඉතා අසීරු කාරයකි..
එහා මෙහා දිවූ නිස් ආලෝකය ක්‍රමයෙන් පැහැදිලි වන්නට විය . මුහුණක් සිරුරක් හරි හැටි අදුනාගත නොහැකිවුවත් වමතෙහි වූ වාලම්පුරි සලකුනින්ද දකුණතහෙහි වු වජ්‍රායුධයෙන්ද සෞම්‍ය වූ රැස් මාලාවෙන්ද හඳුනාගතිමි. හෙතෙම විශ්ණුය.
+ නුඹට කෙසේද
- එය මා ඇසිය යුත්තකි.
+ බොහෝ කලකින් දැහැන් ගත වීමි.මනුශ්‍ය ලෝකයත් දිව්‍යෙලා්කයත් හා සැරි සැරීම ලෙහෙසි නැත.
- පුත එකක ජීවත් වන්න. නුඹ මෙහි නොආ යුතුයැයි සිතමි. අපට එහි ඒමට හැකිය.
+ භාවනාව මා මෙහි ගෙන එන්නේය. මාවිසින් සිතා මතා නොඑන්නෙමි
- සසර පුරුදුය පුත.
+ ඇසිය යුත්තක් තිබේ. මා සිත තුලද ඊට පිලිතුරක් ඇත. එහෙත් නුඹෙන්ම දැන ගනු කැමැත්තෙමි.
- ප්‍රශ්නයද දනිමි. ඊට නුඹ තුල ඇති පිලිතුරද දනිමි. ඒ පිලිතුර දුන්නේ මා ය. එ් නුඹට පෙර සිතු ගැටලුව පැන නැගුනු මොහොතේදීමය.
+ එසේනම් නුඹ මා සිතද කියවා ඇත. නමුදු අසමි. මාගේ යම් හැකියාවන් පිය උරුමයකින් ලද දේද ? බොහෛා් විට සමාජයේ එය සේ යැයි දරුවන්ට පවසනු අසා ඇත්තෙමි.
- නුඹගේ බසින්ම පිලීතුරු දෙමි. දරුව නුඹ අසන්නේ චිත්‍ර ශිල්පියෙකුගේ දරුවා අති දක්ෂ චිත්‍ර ශිල්පියකු වීඹද නර්ථන ගුරුවරයෙකුගේ දරුවා අති දක්ෂ නර්ථන ශිල්පියෙකු වීමද අතර ඇති සබඳ තාවයි. එසේනම් වෛද්‍යවරයෙකු ගේ දරුවා වෛද්‍ය වරයෙකු වේද ? ලී වැඩ කරන්නෙකුගේ දරුවා ඉංජිනේරු වරයෙකු විය නොහැකිද ?
+ එය යි මගේ ගැටලුව
- නැත පුත. කිසි විටෙක දරුවෙකුට පියාගේ හැකියාවන් බල පාන්නේ නැත. පියාට යම් හැකියාවක් තිබු පමණින් දරුවාද ඒ ශාසත්‍රයම ප්‍රගුණ කර ඉහලට යාම නිසා ඒ පියාගෙන් ලද දායාදයකයි කිව නොහැක. ඒ ඒසේ නොවේ.
දරුවාගේ හැකියාව සියයට සියයක්ම දරුවාගේ හැකියාවයිත ඒ කාගෙන් වත් හුරුව්ක නොවත පෙර සසර පුරුද්දකින්ම ගෙන ආ හැකියවක්මැයි.. මේ සමාජයේ සිදුවන්නෙ මෙයයි.
සසර ගමනේදි භවයක නුඹ චිත්‍රශිල්පියෙකැයි සිතන්න. ඒ භව අවසානයේදි නුඹ තුල වූ කුලතාවන් තවත් ප්‍රතිවිපාක දෙනු පිණිස ඒ සඳහා සුදුසු කර්ම ළුලයක් ඇති මවු පිය සෙවනක නුඹ පිළිසිඳ ගනී. බොහෝ විට ඒ චිත්‍රශිල්පි පියෙකු තුල විය හැක. වන්නේ, එහිදි නුඹගේ සසර පුරුදු වැඩි දියුනු කර ගැනීමට කුඩා කල සිටම අවස්ථාව ලැබීම පමනි. නොඒසේව පියාගේ දක්ෂකමක් නුඹට නොලැඹේ. එහෙත් තම පියාගෙ මග පෙන්වීම් ඉගැන් වීඹ් යටතේ නුඹ ඉහලට ගමන් කරනු ලබයි.
+ දෙමවුපියන්‍ෙගෙන් ලැබෙනුයේ කුමක්ද ?
- දරුව නුඹ නුඹගේ කුසලතා පිළිඹිබු කර ගත හැකි කුසල ශක්තියක් හෙබි ස්ථානයට දාව ඉපදුන හොත් ඔවුන් කුඩා කල සිටම ඒ දියුනු කර ගැනීමට නිතැතින්ම උපකාර කරති. ඒ හැරත් කුඩා කල පියා චිත්‍ර කරමයේ නියුතු වනු දැක නුඹද ඒ හුරු වනු ඇත එවිට නුඹ නියම සසර මාර්ගයට අවතීර්ණ වි දස්කම් පානු ඇත.
+ එසේනම් වෙනත් කර්මාන්ත කරන අයෙකුගේ දරුවෙක් චිත්‍රශිල්පියෙක් විය නොහැකිද ?
- මා පුත සසර තේරුම් ගනුව. බාගදා නුඹ චිත්‍රශිල්පියේකුගේම දරුවකු වුවහොත් ඔහුගේ අත්දැකීම් අනුව ඔහු නුඹ චිත්‍රශිල්පියෙකු වීම ප්‍රතික්ෂේප කරනු ඇත. එවැනි අවස්ථාවක නුඹ නුඹගේ කුසල ශක්තිය අනුව වඩු කාර්මිකයෙකුගේ දරුවකු ව පිළසිඳ ඒ යටතේ හැදෙමින් චිත්‍රශිල්පය ප්‍රගුන කරනු ලබයි. මේ සමාජයේ නුඹ දැක නැතිද හැකියාව ඇති මුත් දෙමාපියන්ගේ මග නොපෙන්වීම හෝ අකමැත්ත මත තම කුසලතා යටපත් කර ගත් පිරිස් වයස් ගත වූ පසුව ඒ ඒ කුසලතා වලින් ඉදිරියට එන ආකාරය..
+ එසේය දැක ඇත්තෙමි . සමහර ලෝ සුපතල චරිත පවා එසේය..
- නුඹගේ ප්‍රහ්නයට පිළිතුර මෙයය. දරුවකුගේ හැකියාව සියයට සියයක්ම දරුවාගේය . හෙතෙම කළ සසර කුසලයන් අනුව ඒ පළිසන්දෙන්නෙය. මෙසේද වනු ඇත. නුඹ චිත්‍රශිල්පියෙකු වුවත් නුඹේ පියා චිත්‍රශිල්පියෙකු නොවනු ඇත. එහෙත් නුඹ පරම්පරාවේ ඉතා ඈත චිත්‍රශිල්පියෙකු සිටින්න පිළිවන.. එසේම ඒ අතීත ඇත්තා නුඹ ම වීමටද හැකියාවක් ඇත..
+ යම් පමණක් ආවබෝධ වුනි
- නුඹ තීරණ ගනුයේ මේ සමාජය දෙස බලා සිතාය. එබැවින් නුඹට බොහෝ දේ මග හැරේ. නුඹට සමාජය ලෙස මට මේ සසර සමානය. බොහෝ ඇත්තන් ඉපදෙනු මියෙනු දැක ඇත්තෙිමි. ඒ ඒ කුසලතා සමග ඉදිරියට එනු ඇත්තේමිත එක භවයකිදී අසම්පුර්න කල දේ අනිකේදී සම්පූර්ණ කරනු දැක්කෙමි.
+ එසේය
- දරුව. බෞද්ධයාගේ අවසන නිවනයි. එබැවින් නොපමාව කුසල් රැස් කරන්න. භවයෙන් භවය කුසලතා පුරවා ගන්නවා මෙන්නම කුසල්ද පුරවන්න.. නුඹද මෙලොවට කල යුතු අසම්පූර්න කාර්යයක් ඇත එය සොයාගන්න..
+ ඒ කිමෙක්ද ?
- එය සොයාගත්තේ නුඹමය. මෙලොව මිනිසෙකුට වටිනා දින දෙකකි. ඒ පළමුවැන්න තමා උපන් දිනයයි. දෙවැන්න තමා උපන්නේ ඇයි දැයි සොයා දැනගත් දිනයයි..
අප්පමාදෝ අමතපදං පමාදෝ මච්චුනෝ පදං,
අප්පමත්තා න මීයන්ති යේ පමත්තා යථා මතා
අප්‍රමාදීව සීල, සමාධි, ප්‍රඥා වඩන තැනැත්තා ඒ අමා නිවන කරා යන්නේය. අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන්නා  අමරණීය වන්නේය. ප්‍රමාද වූවන් ජීවත් වූවත් මළකඳන් වැන්නෝමය..
+ සාධූ.. සාධූ .. සාධූ ..
ක්‍රමයෙන් දෑස් හැරීමි..තවමත් සුවඳ දුමෙන් පිරුන කාමරය අඳුරේ තිබූ ගුප්ත බාවය වැඩි කලේය. දෙදණ දිග හැර හිඳ සිටි තැනින් නැගී සිටීමට දෑතින් වාරු ගතිමි. දකුණු උරහිස ඇවිලීයන්නාක් මෙන් දැනුනි.. දැඩි වේදනාවකි. වජ්‍රාව තවත් එහි දරා සිටි නොහැකිය...
=======================================
--කුරුළු---

Tuesday, February 3, 2015

== සසර මතුදා උපත ලබනට - පාරමී දම් පුරමු අප දෙදෙනා... ==




.
- කුරුළු අයියෙ.. කුරුළු අයියෙ..
+ කියන්න සුදු නංගි ඇයි හොරෙන් වගේ කතා කරන්නෙ
- මම මේ පන්සලේ ඉන්නෙ
+ ඉතින් හොරෙන් කතා කරන්නෙ ඇයි
- මම මේ සිල් අරන් ඉ්නනෙ
+ අනේ උඹේ සිල් ! සිල් ගන්න යනකොට ෆෝන් එක අරන් ගියේමොකෝ..
- මට ඔයාට කියන්න බැරි වුනානෙ . ඉතින් එයා මාව හෙවුවොත් පවුනෙ ඒ නිසා මම අරන් ආව..
+ ඇයි ඔයා මට දවස් දෙකකට කලින් කිවුවෙ . සිල් ගන්න යනව කියල ආච්චි එක්ක. මට මතකයි
- ආහ්.. මතකයිද ? ඔයා වැඩකනෙ හිටියෙ. මම හිතුව මතක නැතිව ඇති කයල
+ පිස්සු හැදෙයි . මට ඔයා කියන හැම දෙයක්ම හොඳට මතකයි හොඳද මම කොච්චර වැඩ වල හිටියත් මට ඒව මතකයි ඇ..
- මේ මාර වැඩක් වුනානෙ.. සිල් දෙනකොට කියන ගාථා ටික හාමුදුරුවොත් එක්කම මටත් කියවුනානෙ
+ ඉතින්
- ඉතින් ඒක පවුද ?
+ දැන් ඕක අහන්නද ගත්තෙ. අයියෝ සුදු නංගියො සිල් තියෙන්නෙ ඔයා ගාව. ඒ වචන කිවුව කියල හිත හිත ඉ්නනෙ නැතිව එතැනින්න් පස්සෙ ජීවත් වෙන්න . ඒක අමතක කරල දාන්න. හ්ම් හා දැන් ෆෝන් එක තියන්න. ඕෆ් කරන්න ඕක. ඊට පස්සෙ භවනා කරන්න. හිත එක තැනකට ගෙන්න ..
- හ්ම් හා..
+ මෙහෙම තේරුම් ගන්න.. සිතට සිතුවිලි එ එක අපිට නවත්වන්න බෑ එත් ඒවා එක්ක බැඳෙන එක නවත්වන්න සිතිවිලි වලට එන්න දෙන්න ඒ වගේම යන්න දෙන්න.. ඔයාට ඇහෙන දේ ඇහුන පමණින්ද - කාපු දේ කාපු පමනින්ද - බීපු දේ බීපු පමණින්ද - දැක්ක දේ දැක්ක පමණින්ද - අවබෝධ වූ දේ අවබෝධ වූ පමණින්ද - කියවු දේ කියවු පමණින්ද - දැනුන දේ දැනුන පමණින්ද නවත් වන්න රාග වශයෙන් ලෝභ වශයෙන් ද්වේශ වයෙන්වත් ඒවා එක්ක ආයෙත් නොහිතන්න නොබැදෙන්න එතකොට ඔයා ආයෙ කවදාකවත් ඒ දෙවල් එක්ක උපදින්නෙ නෑ.. සසර කෙටි වෙනව
- හ්ම්.. එතකොට අයිය ගැනත් හිතන්න එපාද !
+ මාවත් මේ සසර ගමනට ඔයාට බැඳිමක් නංගි පුලුවනිනම් මාවත් අමතක කරන්න.
- අනේ බැ බැ ඔයාව අමතක කරන්න බෑ අනික්වා අමතක කරන්නම් . එහෙම කිය්නනෙපා මට දුක හිතෙනව..
+ හ්ම්.. ඒකනෙ සුදු නංගි අපිට මේ නිවන දුර.. මිත්‍රත්වයත් බන්ධනයක් කියලයි බුදු හාමුදරුවො කිවුවෙ.
- මේ අයියෙ ඔයාට මාව වදයක්ද ? බැඳීමක්ද ??
+ බැඳීමක් නම් තමයි. එත් මේ මම නිවන් දකින භවය නෙවේ.. ඔයා යසෝධරා වගේ ඒ භවය වෙනකම් එන්න මාත් එක්ක එකට.. මාව තේරුම් ගන්න හොදද
- හා අන්න වැඩේ අපි දෙන්නම එකට නිවන් දකිමු !
+ දරුවො .. බුදු දහමේ අත් හැරීම කිය්නනෙ තනි වීමක්. ඉතින් තනියෙන් නැතිව ජෝඩු දාල නිවන් අවබෝධ කරන්න බෑ.. එක් ඔයාට තේරෙයි හෙමීට හෙමීට..
- මේ සුදු අයියෙ තව දෙයක් තියෙනව.. අර “‘දූරං ගමං ඒක චරං ගාථාව අද සාදු කියල දුන්න ..
+ ඉතින්..
- සාදු කිවුවෙ දුර ගමන් යන, තනිව හැසිරෙන ගුහාවක වෙසෙන සිත සංවරයෙහි පිහිටුවා ගත්විට මාර බැම්මෙන් මිදිය හැකි බව සම්බුද්ධ දර්ශනයෙහි සඳහන් වේ. පුද්ගලයා විසින් කරන කියන සෑම දෙයකටම මුල්වන සිත පුද්ගලයාගේ දුක - සැප තීරණය කරන බලවේගයක් කියල.. එත් ඔයා දවසක් මට කිවුව ඒක වෙනස් දෙයක් කියල..
+ ආහ් ඒක මගේ අදහසක් නංගි . සාදු කිවුවදේ හරි ඇති..ඔයා දැන් බණ අහන්න
- අනේ අනේ අනේ හොද අයියනෙ කියන්නකො හොද අයිය බබානෙ..!
+ හ්ම්.. මෙහෙමයි මට නම් හිතෙන්නෙ ඕක ගිහියෝ වෙච්ච අපිට කියපු ගාථාවක් නෙවේ. ඕක රහතන් වහන්සේලාට හරි සිත දියුනු කරපු අයට අදාල වෙන ගාථාවක්.
- ඒ කොහොමද ?
+ දැන් බලන්නකො.. දුර ගමන් යන තනිව හැසිරෙන කිවුවාම... එතැන වැරුද්දක් පේනව..අපේ හිතට බැ සුසු නංගි දුර යන්න. තනිව හැසිරෙන්න්ත බැ
- නැනෙ මට කියල දුන්නෙ අපිට හිතෙන් ඕනම තැනකට යන්න පුලුවන් කියල..
+ හම් .. එක් තමා අවුල.. ඔ්‍යාට මම දැන් හිතෙන් කැලණි පන්සලට යන්න කියනව..
- හරි මම ගියා
+ හරි.. දැන් ඔයාට කැලනි පන්ලේ සේරොම පෙනෙයි .. හැබැයි ඒ දැන් තත්වය නෙවයි නේද. ඒ එක්කො ඔයා අන්තිමට ගිය වතාවෙ දැක්කවිදිය නැතිනම් ඔයාට හොදටම මතක විදිය..
- ඔවුනේ... මට මතක් වුනේ රෑ වෙලාවක් එදා පෙරහැර දවසෙ ගිය එකනෙ.. ඒත දැන් දවල්නෙ..
+ ඒක තාම නංගි අපි වගෙ ගිිහයොන්ගෙ සිත ගමන් කරන්නෙ අපේ තුලටමයි.. අපිට සිතෙන් වෙන කොහෙවත් යන්න බැ අපේ සිත ඇතුලටම හැරෙන්න.. අපි යන්නෙ අපේ මතකයන් තුලට. එත මේ ගාථාවෙ විදියට අපි යායායුත්තේ අදාල ස්ථානයට ඒ පවතින කාලයටම
- හ්ම ඒකනෙ.
+ හැබැයි ඒක රහතන් වහන්සේලාට වෙනස්. උන්නාන්සේලාට පුලුවන්ලු භාවනායෝගීව ඉන්න ගන් සිතෙන් වෙන තැනකට ගමන් කරල එතැන තියෙන දේ බලන්න සහ එක්කො එතැන පෙනි හිටින්න. ඉතින් ඒ වගේ අවසතාවක සිත නොමග ගියොත් හෝ වෙන යම් දෙයක් සමග ඇලුනොත් නැවත සිත ගෙන්වා ගැනීඹ අමාරු වෙනව. අන්න එතකොට නොමග යනව..ඉතින් අපි සිත පිහිටවා ගත යුතුයි.. එහෙම බැලුවාම රහතන් වහන්සේලාට ගෙඩාක් අදාලයි මේ ගාථාව..
- හරි ඇ ගොඩක් ස්තුතියි.. නැ නැ පින් ඇ.. අයියට කියල දුන්නට මට..
+ හරි දැන් තියන්න.. භාවනා කරන්න..
- දැන් බෑ.. දැන් බෙලි මල් බෙදන වෙලාව මම ඒක බීලම ඉන්නව..
+ හහ් හහ් හහ් හහ් හහ්.. බෙලි මල් හොදයි ඇග නිවනව.. බීලම ඉන්න.. බුදු  සරණයි සුදු නංගි.. ආදරෙන් ඉන්න..
- බුදු සරණයි...
====================
පාරමී දම් පුරමු අප දෙදෙනා
මටම අයියණ්ඩියක වී ඔබ
නැගනි වී මා එකම මව් කුස
සසර මතුදා උපත ලබනට
පාරමී දම් පරමු අප දෙදෙනා...

ගවුම් පොඩියක් මටත් අන්දා..
කොණ්ඩ කරලක් හිස පලන්දා..
යනෙන මාවත දකුණු පැත්තෙන්
මාව පාසල් එක්කරන් යන්න
මටම ඔබ අයියණ්ඩියක වීලා
ජාති ජාතිත් සංසාරේ...

ළමා විය ඉක්මවා දවසක
පංච කල්‍යාණියක වී මම
සිරිත් ලෙස කුල ගෙයට යනදා
හීනයක් සේ මතක් වෙයි මට
අපේ අසරණ බිඳුනු පෙම් ලෝකේ..
පූර්ව ආත්මෙක සංසාරේ...

ගායනය : නීලා වික්‍රමසිංහ පද රචනය : අජන්තා රණසිංහ
සංගීතය : සරත් දසනායක
====================
- කුරුළු--