Wednesday, April 30, 2014

=====වැරදීමෙන් හුස්ම ගියත් අපි හඩන්නෙ නෑ...====



ඉරිදාට ගමේ බස් නැත !
.
නික දවසකටත් බස් එකක් තියේනනෙ විනාඩි 45කට පමණ පසුය.. එනිසාම ඉරිදාට කොහොමටවත් ගමේ බස් එකක් නැත...
වෙන ඉරිදාවල් මෙන් නොව මා හට මේ ඉරිදාව විශේෂ වුයේ " සයිබර් සිහින බක්මහ උළෙල " යෙදී තිබුන නිසාවෙනි.. !
ඒ අන්තර්ජාලයේ සිටිනා මිතුරු මිතුරියන්ගේ සුහද හමුවකුයි...
එයට සහභාගී වී නැවත නිවෙස බලා පැමිණෙමින් සිටියෙමි... මගේ පාරට වාහනය හැරවූයෙමි..
"කලූ " පාර අයින් බසයක් පැමිනෙන තුරු ඉඳගෙන සිටිනවා දුටිමි..
+ මොකො ්කලු බිම ඉදන් බස් නැද්ද..!
- මොන පිස්සුද අයිය මොන බස්ද මම මේ එපා වෙලා ඉ්නනෙ ...
+ ඒ මොකෝ ...
- මම ගියානෙ මේ එහා ගමේ අවුරුදු උත්සවේට උන් එක්ක බෑ...
+ එහෙමද මාත් මේ එහෙකට ගිහින් එන ගමන් නගිනවකො නගිනවකො කාර් එකට කතාවක් දාගෙන යමු මම ගේ ගාවින් බස්සන්නම්...
-හරි
+ඉතින් මොකෝ වුනේ කේස් එක
- වැඩක් නැ අයියෙ මෙ ්හැම ගමේ එකාලම දන්නව මම තමා ගම හරහා දුවල එක, කොට්ට පොර ගහල දිනින්නෙ, ග්‍රීස් ගහේ කොඩිය ග්නනෙ.. මෙච්චර කල් මම එකෙක්ට දුන්නෙ නෑ ...
+ ඔවු ඉතින්.. ඒක හැමෝම දන්නවනෙ
- වැඩක් නෑ අප්ප මේ පාර මුන් මට දුවන්න දනු්න‍ෙ නෑනෙ.. එක තරගෙකටවත් ඉන්න දුන්නෙ නෑනෙ..
+ඇයි ඒ..
- පිට ගං කාරයොන්ට බෑලුනෙ තරග වලට ඉන්න.. චැහ්... පට ගං කාරයොන්ට වෙනම තරග තියෙනවලු... නැත්තං සහබාගි වෙන්න සල්ලි දෙන්න ඔන්ලු..
+යකෝ මොන රෙද්දෙ තරගද ඒව.. අවුරුදු කිය්නනෙ ඒකයැ...
- ඒකනෙ අයියෙ.. ගමේ තෑගි පිට යනවට බයේනෙ...
+ ඒ ඇයි තෑගි රකින්නෙ
- ඇයි අයියෙ තෑගි ලොකුයිනෙ මේ පාර.. දුවන එකාට රුපියල් 8000යි.. ලිස්සන ගහට 10 000යි අවුරුදු කුමාරිට 25000යි...
+ යකෝ එච්චර මුන්ට පිස්සුද ? අර කොල්ල ගම වටේම දුවල.. ග්‍රීස් ගාගෙන ගන්න ගාන වගේද අර කෙල්ල ස්ටේජ් එක වටේ රවුමක් ගිහින් ගන්න ගාන...
- කියල වැඩක් නැ අයියෙ  මම එකකටවත් හිටියෙ නෑ මම ආයෙ හැරිල ගෙදර ය්නන ආව...
+ අන්න ඒකට මම ගිය එක....සුපිරි
- ඒ මොකෝ අයියෙ.... ඒකෙ පිට ගං කාරයොන්ට එන්න දුන්නද ??
+ පිට ගං !!! මල්ලි ඒකෙ හිටියෙ එකම ගමේ අය... ඒ කිය්නනෙ  විහ්ව ගම්මානෙ අය.. සයිබරයෙ අය..
- තේරුණේ නැ
+ අපි මේ ඉන්ටර් නෙට් එකේ ඉන්න අය මල්ලි.. ගමක් තියා බං සමහරුන්ගෙ මූන දැක්කෙත් අද ??
- අඩේ මරුනෙ වලි නැද්ද ??
+ මොන පිස්සුද බං... නිකං ටීෂර්ට් එක්කුත් දුන්න මේ බලහං මම ඇදන් ඉන්නෙ..
- අඩේ පට්ටනෙ අයියෙ... එතකොට තෑගි..!
+ මොන ??? පිස්සුද මල්ලි කවුද තෑගි බලාගෙන තරග කරන්නෙ.. මම දන්න විදියට කවුරුත් තෑගි ගැන හිත හිත තරගවලට ආවෙ නැ... එතැන තිබුනෙ හිතේ සතුට..
- ආං ඒකනෙ කිය්නනෙ අයියෙ දැන් ඉස්සර ගම නෙවේ කියල.. දැං වෙනස්..
+ ඒ ගම වෙනස් වෙනකොට සයිබරයේ ගම නම් හැදිල බං..! අලියට ඇහැ තිබ්බෙ ෆ්‍ුට් බෝල් කණුවෙ අලියව අලවල...
- අඩේ මම එහෙම තියලම නැ...
+ කාටවත් ඇදිලි පැදිලි නැ.. විකට ඇදුම් තරගෙත් මරු අවුරුදු කුමාරි කුමරාත් මරු... කියල වැඩක් නෑ.... ජාලිම ජොලි..
- එතකොට අයියෙ මට එන්න බැරිද ඕකට...
+ පුලුවන්..
- අනේ ලබන අවුරුද්දෙ මාවත් එක්කන් යනවද ?
+ හා හරි....  වරනේකො බල්නන.
- අනේ හරි අයියෙ එහෙනම් මේ... ඔ්‍ය ස්සරහින් දාන්න මම බහිනව එහෙනම්....
----මේ එක නෙවේ අයියලගෙ අවුරුදු උත්සවේ සැගවුන අමුත්ත හිටියෙ නැතිද ??
++ආ නැ මල්ලි අමුත්තෝ නෑ.. හිටියට කවුරුත් හැංගිල ත් නෑ.... අපි ගියා එහෙනම්...!
====
සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නැ
අනග තරුණ බමරු අමර වරම අපිට හිමි අපි මැරෙන්නෙ නැ..!
.
කලක මෙහෙන් චුත වෙනවා - එලොව ගිහින් වැජබෙනවා
පෙලපත නම වෙනස් වොල ආයෙත් මෙලොවට එනවා
එහෙම මිසක් කිසිම දිනක අපි මැරෙන්නෙ නෑ...
.
හැරමිටියෙන් ඇවිදින්නෝ..- අපට එරෙහි වී එන්නෝ
සීමා මායිම් වැටකොටු ඒ කිසිවක් අපට නැතේ
වැරදීමෙන් හුස්ම ගියත් අපි හඩන්නෙ නෑ...
========
---කුරුළු--

pic - sams wall :)

Sunday, April 13, 2014

=== අත්තම්මා නිවන් ගිහින් අපට ගොඩක් ඈතයි == හුඟ දවසක් බලන් හිටිය එන්නෙම නැති පාටයි.. ==


.
අවුරුදු කනවාද ! අවුරුදු අපිව කනවාදැයි ! තෝරාගැනීමට බැරිය...
මහරගම නම් පයින් යන්නත් බැරි තරමට සෙනගය.. මිනිසුන් ලහි ලහියේ කඩ සාප්පු හිස් කරමින් සිටිති...!
මේ ගෙවෙන්නේ අවසන් දවස් කීපය විය යුතුය.. මෙයින් පසු සියලු කඩ සාප්පු වසා දමනු ඇත.
ඇඳුමට ඇඳුමක් ගැනීමට වත් කිසිදු කඩයක් ඉතිරි නොවනු ඇත...
එකෙනෙකා පරයමින් පෝලිම් වල සිට මුදල් අයකැමි වෙත ළගා වෙයි... ඊටත් දුරට නැවත මාරුකරගැනීමට පැමිණි පෝලිම දිගුය... මිලදී ගැනීමට කැමති අැඳම ඇඟලා බැලීමට නම් ඉඩක් නොමැත.. සමහරුන් ඒ ඒ රාක්ක පිටු පසට ගෙස් ඇගලා පයලා බලති...
අයකැමි අතින් මුදල් නෝට්ටු විසිවේ.. විනාඩි පහකට වතාවක් වෝකිටෝකියක් ඇතැති යමෙක් පැමින සෑම කවුන්ටරයකම ඇති මුදල් ප්‍රමාණයක් රැගෙන යයි !!
කවුන්ටර වල... වෙළඳ සේවක සේවිකාවන්ගේ මුහුණු වල කිසිදු තෙතමනයක් නැ..
දහස් ගණන් ඇදෙන මහජනයාගෙන් හෙම්බත්ව සිටින ඔවුහු පිළිම මෙන් බලා හිඳිති.. ඒ ඔවුනට අවුරුදු අහිමි කර පරණ අවුරුදු දවසේත් කඩ සාප්පු වෙත ඇදෙන නරුමයන්ට නියවමිනි..
ඇඳුම් ගැනීමට බහාගෙන යාමට වෙමම තල්ලු කල හැකි ට්‍රොලි සපයා ඇත.. බිල ගෙවු පසු වාහනය තෙක් ඒවා පැටවීමටද සේවකයන් සිටිති...
සැබැවින්ම අවුරුදුය.....
අවුරුද්දට හැඳිය යුතු වර්ණය වන සුදු පැහැති ඇඳුම් කිසිවෙකු අත නොවුනි.....
-මල්ලි මේක රතුනෙ... අවුරුද්දට අදින්න කියල තියෙන්නෙ සුදු නේද?
මා ඉදිරියෙන් පෝලිමේ සිටි එකේකුගෙන් ඇසීමි..
+ පිස්සුද අයියෙ සුදු අරන් කොහෙ පරිස්සම් කරන්නද? රතු ගත්තෙ වෙන කොහෙ හරි ක්ලාස් එකකට හරි බස්සන්න බැරියැ පස්සෙ දවසක.. අනික මේ තියෙන්නෙ සුදු පාට අකුරු වගයක් ඒ මදෑ...
..
වසරේම වැඩකටයුතු සඳහා ලබා දෙන දීමනාවක් ලෙස අවුරුදු බෝනස් ලබා ගත් බොහෝ දෙනා.. ඒවා අවුරුද්ද දිනටත් පෙරම අවසන් කරති..
මට මතක හැටියටනම් ඉස්සර අත්තම්මා ඒ අදාල වර්නයෙන් යුතු හැට්ටයක් පමණක් මිලට ගනී.. චීත්තය නම් අප්පචිගෙන්ය... ඒ හැරුන කොට මුළු අවුරුදු ලඟවන දින කිහිපයම ගෙවන්නේ ලිප ළගය...
මුලින්ම මැටි ගා ගේ සරසයි.. ඉන්පසුව මුලුතැන්ගෙයට ගොම ය... කොලපතක තබා තල්ලු කර කර එක කොණක සිට අනික් කොණට වතුර මිශ්‍රකර ගෑ හැටි තාමත් මතක  ඒ මාගේද විනෝද ජනකම ක්‍රියාව නිසාවෙනි... කිසිදිනක අතගෑමට නොලැබෙන ගොම මට්ටම් කිරීමට ඉඩ ලැබේනනේය.. වතුර කලයේද අලුතින් මැටි තට්ටුවක් ආලේප වෙයි...
පහුවදාට මුලු ගේම ගොම සුවඳය.... !!!
හැහ්.. ගැමියන් වන්නේ අපය... එවිටය..
කැවුම් හදන්න පටන් ගන්නෙ ඊට පසුය...
කොකිස් නම් බාර ගන්නෙ මමය ඒද ඉතා කැමැත්තෙනි...
අතිරහ - අලුවා - නාරං කැවුම් - මුං කැවුම් ආස්මි- ආදී බොහෝ කැවිලි අවුරුදු දා වන විට අත්තම්මා සාදා නිමකරයි.. අත් උදවු අම්මලාගෙනි..!
සෑම වසරකම කැවුම් සුඳට වශී වී මහ ගෙදර සේපාලිකා ගසේ අරක් ගන්නා කොහාට අත්තම්මා හා බැඳුනු නෑදෑ කමකක් ඇතියි මට විටෙක සිතේ.. එහෙත් ඒ ගුප්ත බැඳිම තේරුම් ගැනීමට මට අදටත් බැරිය..
අත්තම්මා බැලීමට ඒ කොහා සෑම අවුරුද්දකම පැමිණියේය...
දැන් ඉස්සර වගේ එරබදු නැත... රබන් නැත.. කිසිවෙක් මෙදාපාර අවුරුදු උත්සවයකට සල්ලි එකතු කරන්න පැමිණියේ නැත.. අවරුදු උත්සව යම් යම් සමාගම් විසින් බාර ගෙන ඇත.. ගමේ උන්ගෙන් එකතු කර පිරිසි කොප්ප - පිගන් - ඔරලෝසු තෑගි ගන්නවාට වඩා බයිසිකලයක් ටීවි එකක් කාර් එකක් තෑගි ගැනීමට ගම් වැසියන් තීරණය කර ඇත..
ජීවිත වෙනස් වන්නේ තාක්ෂණය වෙනස් වනවාටත් වඩා වේගයෙනි....
කැට ගැසූ එකෙක් අද නැත- ඔලිඳ ගැන නොදන්නේය - බට්ටෙක් පැණිමට එක පොඩි එකේක නැති - ඔන්චිල්ලාවක් එල්ලන්න ගහක් නැත.... -
----
- ඉතින් නංගි දැන් මොනවද හැදුවෙ කැවිලි.. අම්මට එහෙම උදවු වුනාද ?
+ කැවිලි හදන්න කොහද අනෙ වෛලාවක්, ගෙනාව ඇදුම් සේරොම ලොකුයි ඒව හදන්න ගියා අම්මත් එක්ක.. අනික අවුරුද්දට අපි ගෙදර නැතිවෙයි.. අපි යන්න හිතන් ඉන්නව ට්‍රිප් එකක්.. ඔය එවෙලෙට මේසෙට තිය්නන කැවුම් ජාති වගයකුයි ආස්මි ටිකකුයි අම්ම ගෙනෙයි කඩෙන්.. !
- එතකොට මිනිස්සුට කෑම පිගන් බෙද්නනෙ නැද්ද..
+ අපො නෑ මේ ගමේ උන් අපිත් එක්ක තරහයි... උන් අපි දියුනුවෙනවට ඉරිසියයි අයියෙ.. තාත්ත කිවුව එකෙක්ට කෑම දෙන්නෙ නෑකියල... අර දොස්තර මහත්තයලගෙ ගෙදරටයි පොලිසියෙ අංකල්ලටයි දෙනව ..ඒවත් ඉතින් ඒ අය ගේන ඒව මාරු කරලම දෙැතැකිනෙ..
- ඉතින් නංගි නරකද ඔය තරහ මරහ අමතක වෙන්න කියල කෑම ඔයාල බෙදුවොත්..
+ ඒ මොකටද අපේ ගෙදරට එන උන්ට විතරයි දෙන්නෙ අනික් උන් නිකා හිටිය දෙන්...
හම්...........
මගේ ගම වෙනස් නංගි... මම නං යනව කෑම බෙද්න්න උන් ආවත් එකයි නැතත් එකයි.. ඇන්ද සුදු කමිසෙ ඩෙනිම දාගත්ත පිගන් ටික අරන් ගියා.. කාල එන්න කිවුවොත් ඕන ගෙදරකින් කාල එනව අවුරුදු දවසෙ කන්න කිවුවාම බෑ කියන්න හොද නෑ..
- අනේ අපි යයි එක එකාලගෙ ගෙදරින් කන්න.. අයියට ඕන නම් යන්න .. අපිට නම් තත්වයක් කියල එකක් තියෙනව..
+ වෙන්න ඇති.. මම උපතින් තත්වයක් ගෙනාවෙ නෑ.. හැබැයි මට තත්වයක් දෙන්නෙ ඒ මිනිස්සු .. ඒ නිසා එතැනට මම යන්න ඕන..
----
විටෙක අවුරුදු නාවානම් හොඳය... බැලූ බැලූ අත හිත් රිදවීම්ය.. කලකිරීමය...
එක තකට අත්තමාමාවත් දැන් හිටියා නම් හොඳය.. මට එයත් එක්ක ඉස්සර වගේ  ගොම මැටි ගාල කැවුම් හදල බෙද්න්න තිබුන...
අත්තම්ම නැති එක වෙනදාටත් වඩා මට දැන් දැනේ...
මුලින් හිතටය.. එතැනින් පපුවටය - එතැනින් ඇහැටය.. !!!
--
මට ඕන වෙන්නෙ කිසිවෙකුවත් හඩවන්නට නොව - තනිව හැඬිමටය....
--
====
අත්තම්මා නිවන් ගිහින් අපට ගොඩක් ඈතයි
හුඟ දවසක් බලන් හිටිය එන්නෙම නැති පාටයි..
ඒ වුනාට කියා දුන්න  කවි සී පද වාරම්
අත්තම්මගෙ තාලයටම මට තාමත් පාඩම්...
.
හාන මී හරක් එක්කර කෑම දී හුඟක්
බාන බාන එක් කරගෙන හාමු අපි කෙතක්
අත්තම්මගෙ කවි හින්දලු අපි ඔක්කොම කවි කියන්නෙ
අත්තම්මගෙ කවි රසයලු අපි තාමත් රස විඳින්නෙ
.
කොකා වෙලේ හොද්ද ලිපේ - අමුකුඹරේ පිට්ටු ලිපේ
මොකැ පුතේ උඹේ කටේ - ඇයි මාමේ හකුරු කැටේ
අත්තම්මගෙ කවි හින්දලු අපි ඔක්කොම කවි කියන්නෙ
අත්තම්මගෙ කවි රසයලු අපි තාමත් රස විඳින්නෙ
==========
--කුරුළු--


Friday, April 11, 2014

======බෝමුල් බෝපත් මට පෑ ගෙනවා===== සමාව දී මගේ සිත සන සනවා ======





.
ඔහු නිතරම සිටින්නේ කැලණි විහාරයේ වාහන නැවතුම් පල පැත්තේ පඩිපෙල පහල බිම සිට උඩට නගින විට වම් පැත්තේ පඩිය පාමුලය..
මා සමග කැලණිය වඳින්නෝ ඔහු හඳුනන්නෝය.. ඒ මා ඔහු ගැන ඔවුනට කියා දෙන බැවිනි...

කලුය.. ටිකක් මහතය.. දැන් දැන් තට්ටය පෑදෙමින් ඇත... කෙස් රොදකින් ඒ පිලිවෙලකට වසා ඇත..
ඔහු රැකියවකට කරනුයේ බෝධි පූජා පොත් විකිණීමයි.. !
ඔවු ඒ ඔහුගේ රැකියාවයි..!
මා ඔහුව පළමුව දුටු දිනයක් නම් මතකයේ නැත..
බාගදා මා කුඩා කල දහම් පාසල් යන විට පලමුව දකින්නට ඇත.. ඒ කෙසේ වෙතත් ඒ මුහුණ නම් කිසි දිනක මට අමතක වන්නෙ නැත..
වඩාබර දෑසේ කාන්සිය නිතරම සිනා රැදුනු මුවින් වසා ගන්නා ඔහු
මහා ගැඹුරු ස්වරයෙන් බෝධි පූජා වන්දනා ගාථා සහ නවග්‍රහ වන්දනා ගාථා කියන්නේය..
"රන්වන් පාටින් දළුලන                     බෝධිය
නිල්වන් පාටින් බැබලෙන                බෝධිය
ගෞතම මුනිඳුන් පිට දුන්                  බෝධිය
අපිත් වඳිමු ජයසිරි මහ                      බෝධිය
....
මම මේ මළුවට යනවා                        එනවා
බෝමුල් බෝපත් මට පෑ                  ගෙනවා
සමාව දී මගේ සිත සන                      සනවා
බෝරජුනේ මට අවසර                     දෙනවා "
මා .. ද එතැනින් යනෙන විට එම පද මුමුණමි.. එහෙත් කිසිදිනක බෝධිය පාමුලෙහි ඒවා ගයා නැත්තෙමි..! සැබැවින්ම මට ඒ කවි උගැන්වූයේද ඔහුය..
එතැනි යනෙන සෑම වාරයකම ඔහු එතන සිටීදැයි විමසිලිමත්ව බලමි...
බෝධි පූජා පොතක් රුපියල් අසූවකි.. !
මා රුපියල් සියයක් දෙන්නෙමි.. ඉතිරිය එහුටය...
මා පන්සල් යන සෑම දිනකම ‍නොවරදවා පොතක් මිලට ගනිමි.. එහෙත් කිසිදිනක ඒ බලා ගයා නැත...
පොත කෙලින්ම ගෙනවුත් මාගේ අම්මාට දෙමි...
එද කවුරුන්හෝ උපාසක අම්මා කෙනෙකුට දෙන අණ පරිදිය.. එසේ දුන් පොත් අපමණය..
දැන් ඔහුද මාද ලෙංගතුය...
මා ‍දකින විට සිනා සෙයි..! ඒ මා රුපියල් 20ක් වැඩියෙන් දී පොතක් ගන්නා බව දන්නා නිසා නොව මා සිතනා අකාරයට මා සිත ඔහු අදුනාගත් බැවිනි..!
මෙලෙස උදෑසන සිට රාත්‍රී දහය වන තුරු පඩිපෙල පාමුල බුදු ගුණ ගයමින් උගුර ලේ රහ කරමින් ජීවත් වන ‍මොහු කෙරෛහි දයානුකම්පාවක් ඇති වුණත් එහි සිටින අනෙක් සිඟනුන් හෝ වෙළන්දන් කෙරෙහි ඇති නොවුනි...!
.
"දිනක් ... දිවැස ‍යොමා බැලීමි... ! පුබ්බේනිවාසානුස්සතිය ය.....
අප මහ ගෞතම බුදුන් කල බමුණෙකුව ඉපිදැ මහා මාන්නකාරව දිවි ගෙවූවෙකි....
බුදුන්ට නොමනා වදනින් පරභව කොට ඇත.. එපමණක් නොව සංඝයා වහන්සේ තෙමේ පිඩු පිණිස වඩිනා කල .. උගුර කාරා කෙල ගසා... පරුෂ වදනින් බැන තෙපි සතුව ‍මිනිසුන් රවටනා රැවක් පැවැත්මක් මිස සීලයක් නැතැයි ! නින්දා කොට ඇත !...
.
මේ ආත්ම භවයේ ඔහු එම අතීත ජන්මයේදී සිදු කරන ලද පාප කර්මය ගෙවමින් සිටී...
මෙම භවයේදී ඔහු...
බුදුන් සිරිපා පහසින් පවිත්‍ර වූ විහාරස්ථානයේ පඩුපෙලෙහි පාමුල.. විහාරස්ථානය වන්දනා කිරීමට පැමිනෙන සියළු උවැසි උවැසියන්ට ඇසෙනු පිණිස බුදු ගුණ ගයමින් සිටින්නේය...
කවුරුවත් පොත් නොගන්නෝය.. එහෙත් ඔහු බුදු ගුණ සෑම දිනම ගායා කරනු ලබයි... කිසි දිනක උඩ මලුවේදි මේ ගායනාව නෑසෙනු ඇත.. ඒ වෙළඳුන්ට උඩ මලුව තහනම් බැවිනි...
ඔහුගේ පවු බරින් නිදහස් වී සුගතිය කරා යොමු කරවනු පිණිස හේතු වේවා යැයි සිතා සෑම දිනකම පොතක් මිලයට ගනිමි...
-- උපන්දා සිට කරපු පවු නැත ----
වරක් වත් කැලණි පුදන විට මා මේ කියූ තැනැත්තාගෙන් බෝධිපූජා පොතක් මිලයට ගන්නා මෙන් නුඹගෙන් ඉල්ලමි... !
ඒ.... නුඹද මමද ඔහුද මේ සසර ගමන එක්ව, එන නිසාවෙනි...!
සුපුරුදු පරිදි උදෑ සන සිට කවි ගායනා කොට ගොරෝසු වී තිබුණ හඩින් කොඳුරමින් කවි පොත් විකුණන ඔහු වෙත අදත් මා ගියෙමි...!
- ආ මහත්තයා.. අදත් පොත් ඕනද ?
+ ඔවු අදත් දෙන්න.. මොකෝ මාමෙ මේ උගුර ලේ රහ වෙලත් කෑ ගහ ගහ පොත් විකුණන්නෙ.. මැරෙන්නද හදන්නෙ... ඉක්මණටම !
- නෑ පුතේ තව ටික කලක් ජීවත් වෙන්න....!!!
----------------------- කුරුළු-----------------------