Wednesday, April 30, 2014

=====වැරදීමෙන් හුස්ම ගියත් අපි හඩන්නෙ නෑ...====



ඉරිදාට ගමේ බස් නැත !
.
නික දවසකටත් බස් එකක් තියේනනෙ විනාඩි 45කට පමණ පසුය.. එනිසාම ඉරිදාට කොහොමටවත් ගමේ බස් එකක් නැත...
වෙන ඉරිදාවල් මෙන් නොව මා හට මේ ඉරිදාව විශේෂ වුයේ " සයිබර් සිහින බක්මහ උළෙල " යෙදී තිබුන නිසාවෙනි.. !
ඒ අන්තර්ජාලයේ සිටිනා මිතුරු මිතුරියන්ගේ සුහද හමුවකුයි...
එයට සහභාගී වී නැවත නිවෙස බලා පැමිණෙමින් සිටියෙමි... මගේ පාරට වාහනය හැරවූයෙමි..
"කලූ " පාර අයින් බසයක් පැමිනෙන තුරු ඉඳගෙන සිටිනවා දුටිමි..
+ මොකො ්කලු බිම ඉදන් බස් නැද්ද..!
- මොන පිස්සුද අයිය මොන බස්ද මම මේ එපා වෙලා ඉ්නනෙ ...
+ ඒ මොකෝ ...
- මම ගියානෙ මේ එහා ගමේ අවුරුදු උත්සවේට උන් එක්ක බෑ...
+ එහෙමද මාත් මේ එහෙකට ගිහින් එන ගමන් නගිනවකො නගිනවකො කාර් එකට කතාවක් දාගෙන යමු මම ගේ ගාවින් බස්සන්නම්...
-හරි
+ඉතින් මොකෝ වුනේ කේස් එක
- වැඩක් නැ අයියෙ මෙ ්හැම ගමේ එකාලම දන්නව මම තමා ගම හරහා දුවල එක, කොට්ට පොර ගහල දිනින්නෙ, ග්‍රීස් ගහේ කොඩිය ග්නනෙ.. මෙච්චර කල් මම එකෙක්ට දුන්නෙ නෑ ...
+ ඔවු ඉතින්.. ඒක හැමෝම දන්නවනෙ
- වැඩක් නෑ අප්ප මේ පාර මුන් මට දුවන්න දනු්න‍ෙ නෑනෙ.. එක තරගෙකටවත් ඉන්න දුන්නෙ නෑනෙ..
+ඇයි ඒ..
- පිට ගං කාරයොන්ට බෑලුනෙ තරග වලට ඉන්න.. චැහ්... පට ගං කාරයොන්ට වෙනම තරග තියෙනවලු... නැත්තං සහබාගි වෙන්න සල්ලි දෙන්න ඔන්ලු..
+යකෝ මොන රෙද්දෙ තරගද ඒව.. අවුරුදු කිය්නනෙ ඒකයැ...
- ඒකනෙ අයියෙ.. ගමේ තෑගි පිට යනවට බයේනෙ...
+ ඒ ඇයි තෑගි රකින්නෙ
- ඇයි අයියෙ තෑගි ලොකුයිනෙ මේ පාර.. දුවන එකාට රුපියල් 8000යි.. ලිස්සන ගහට 10 000යි අවුරුදු කුමාරිට 25000යි...
+ යකෝ එච්චර මුන්ට පිස්සුද ? අර කොල්ල ගම වටේම දුවල.. ග්‍රීස් ගාගෙන ගන්න ගාන වගේද අර කෙල්ල ස්ටේජ් එක වටේ රවුමක් ගිහින් ගන්න ගාන...
- කියල වැඩක් නැ අයියෙ  මම එකකටවත් හිටියෙ නෑ මම ආයෙ හැරිල ගෙදර ය්නන ආව...
+ අන්න ඒකට මම ගිය එක....සුපිරි
- ඒ මොකෝ අයියෙ.... ඒකෙ පිට ගං කාරයොන්ට එන්න දුන්නද ??
+ පිට ගං !!! මල්ලි ඒකෙ හිටියෙ එකම ගමේ අය... ඒ කිය්නනෙ  විහ්ව ගම්මානෙ අය.. සයිබරයෙ අය..
- තේරුණේ නැ
+ අපි මේ ඉන්ටර් නෙට් එකේ ඉන්න අය මල්ලි.. ගමක් තියා බං සමහරුන්ගෙ මූන දැක්කෙත් අද ??
- අඩේ මරුනෙ වලි නැද්ද ??
+ මොන පිස්සුද බං... නිකං ටීෂර්ට් එක්කුත් දුන්න මේ බලහං මම ඇදන් ඉන්නෙ..
- අඩේ පට්ටනෙ අයියෙ... එතකොට තෑගි..!
+ මොන ??? පිස්සුද මල්ලි කවුද තෑගි බලාගෙන තරග කරන්නෙ.. මම දන්න විදියට කවුරුත් තෑගි ගැන හිත හිත තරගවලට ආවෙ නැ... එතැන තිබුනෙ හිතේ සතුට..
- ආං ඒකනෙ කිය්නනෙ අයියෙ දැන් ඉස්සර ගම නෙවේ කියල.. දැං වෙනස්..
+ ඒ ගම වෙනස් වෙනකොට සයිබරයේ ගම නම් හැදිල බං..! අලියට ඇහැ තිබ්බෙ ෆ්‍ුට් බෝල් කණුවෙ අලියව අලවල...
- අඩේ මම එහෙම තියලම නැ...
+ කාටවත් ඇදිලි පැදිලි නැ.. විකට ඇදුම් තරගෙත් මරු අවුරුදු කුමාරි කුමරාත් මරු... කියල වැඩක් නෑ.... ජාලිම ජොලි..
- එතකොට අයියෙ මට එන්න බැරිද ඕකට...
+ පුලුවන්..
- අනේ ලබන අවුරුද්දෙ මාවත් එක්කන් යනවද ?
+ හා හරි....  වරනේකො බල්නන.
- අනේ හරි අයියෙ එහෙනම් මේ... ඔ්‍ය ස්සරහින් දාන්න මම බහිනව එහෙනම්....
----මේ එක නෙවේ අයියලගෙ අවුරුදු උත්සවේ සැගවුන අමුත්ත හිටියෙ නැතිද ??
++ආ නැ මල්ලි අමුත්තෝ නෑ.. හිටියට කවුරුත් හැංගිල ත් නෑ.... අපි ගියා එහෙනම්...!
====
සඳ හිරු තරු පවතින තුරු අපි මැරෙන්නෙ නැ
අනග තරුණ බමරු අමර වරම අපිට හිමි අපි මැරෙන්නෙ නැ..!
.
කලක මෙහෙන් චුත වෙනවා - එලොව ගිහින් වැජබෙනවා
පෙලපත නම වෙනස් වොල ආයෙත් මෙලොවට එනවා
එහෙම මිසක් කිසිම දිනක අපි මැරෙන්නෙ නෑ...
.
හැරමිටියෙන් ඇවිදින්නෝ..- අපට එරෙහි වී එන්නෝ
සීමා මායිම් වැටකොටු ඒ කිසිවක් අපට නැතේ
වැරදීමෙන් හුස්ම ගියත් අපි හඩන්නෙ නෑ...
========
---කුරුළු--

pic - sams wall :)

20 comments:

  1. සහභාගිවීමට නොහැකි වූ අඩුව දැන් තවත් වැඩි වැඩියෙන් දැනෙන්න ගත්ත.

    ReplyDelete
    Replies
    1. හ්ම්.. ලබන වසරෙදි හමුවෙමු... කණාට ඇහැ තියල ! අලියට කිරි කවල - අවුරුදු කුමාරිගෙ මුට්ටිය බිඳින්න .. !

      Delete
  2. හික්... හික්.. හික්.. මරු. කීමට ඇත්තේ එපමණයි.

    ReplyDelete
    Replies
    1. තව ලිවිය යුතුයි එත් දිග වැඩි වෙනව !

      Delete
  3. එහෙනම් ලබන අවුරුද්දේ ඔය කියන කළු වත් අපිට බලන්න පුළුවන් වෙයි..

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කළු කියන්නෙ වාත්ත ුවැඩ කරන බාල වයස් කාර මල්ලි කෙනෙක් !!

      Delete
  4. හ්ම්ම්... එකම ගමේ උදවිය තමයි බං අපි කවුරුත්

    ReplyDelete
    Replies
    1. ඒක ගම් වල නැ දැන් සයිබරයේ තිබුණට

      Delete
  5. හුකැස්, අපිනම් සෙට් වුනානෙ. මතකද මන්ද. පට්ට පට්ට. ආපහු මුනගැහෙමු සහෝදරයා

    ReplyDelete
  6. අපි එකම රෑනෙ කුරුල්ලෝ - මේ පාරාදීසේ
    නෑ වෙන්වන්නේ - නෑ තනි වෙන්නේ
    වරෙල්ලා... මේ රෑනේ...

    ReplyDelete
  7. ඊලග සැරේනම් මොන ලෝකෙ හිටියත් එනවා එනවාමයි..

    ReplyDelete
  8. අප්පේ එන්නම ඕන ඊළග පාර නං..
    නාපු අඩුව දැන් දැන් දැනෙනවා වැඩියි

    ReplyDelete
  9. අපරාදේ මාත් ආවේ නෑහැ නෙව

    ReplyDelete
    Replies
    1. අපරාදෙ නවේ වුමනාව නැති කම

      Delete
  10. නැවත හමු වෙමු!

    ReplyDelete