Showing posts with label අපි කවුරුද. Show all posts
Showing posts with label අපි කවුරුද. Show all posts

Sunday, March 30, 2014

=====ඔබත් ඔහොම ඔතැන ඉන්න - මමත් මෙහෙම මෙතැන ඉන්නවා ===



අනුත්තරා ඔයාට මතකද මේ කවිය..ඔයා මගේ සමරු පොතේ ලියලා තිබුන....
2006.12.03
“ පිපී පරවෙන ඉපිද මිය යන
ස්වභාව දහමක් ලොව තිබේ නම්,
කුමට හඩමුද කුමට තැවෙමුද
සිතූ දේවල් ඉටු නොවේ නම්..
උදේ පිබි දි සුවද දෙන මල්
ලොවක් හඩවා පරව යා නම්
හෙටත් දිනකර උදා වන කල
යළිදු විකසිත සුවද දේ නම්,
හෙටත් අද මෙන් ළබැදි සොහොහුර
ඔබට පෙරමග වාසනාවන්...“

අනුත්තරා...

අදින් අනුත්තරා ඉවරයි......
එහෙම ඇහුවම සමහරුන්ට සතුටු හිතෙයි... ඊලග ට සංකල්පනාව අයෙත් එන හින්ද ...අනික් අයට දුක හිතෙයි...නැත්නම් මේක කියවල බනිවි..පිස්සෙක්...මෝඩයෙක්...ගෑනියෙක් හින්ද ඔහොම වෙනවද?..එකාද ඉන්නේ...අපිනං සැලෙයි...
ඕන තරං කථා කියාවි...ඒත් මේක මේ ආදරය අහිමි වෙච්ච මිනිස්සු ඉන්න...ආදරය නාදන්න මිනිස්සු ඉන්න...මේ අසරණ ලංකාවේ ඇත්තටම සිද්ධ වුන සිද්ධියක්...
කියෙව්වම හිතට මුකුත් දැනෙනවා නම් ආදරේ කරපු කෙනෙක් ඔයා...
දැනුනේ නැත්නම් රෑ ආයේ මුල ඉදන් කියවන්න...කොහොම වුනත් කියෙව්වට...ප්‍රතිචාර දුන්නට ගොඩාක් පිං...කථාව දවස් හතක කතාවක්..ඒත් ආත්ම හතක් වගේ මතක තියේවී...
අනුත්තරා මේක කියවලා ඔයා තරහ වෙන්න එපා...
ඔයාට ජය...
මම කුරුළු....

‘කුරුළු ඔයා නම් හෙනම හෙන ටියුබ් ලයිට් එකක් අනේ.“.මාත් එක්ක චැට් කරපු නංගි  කෙනෙක් මට එහෙම ආදරෙන් කථා කළා..
‘මම මෙච්චර දේවල් කියනවා ඔයාට තේරෙන්නේ නෑ‘
හ්ම්..... මම පොඩ්ඩක් එයා කියපු දේ කල්පනා කලා...අඩේ ඇත්තටම මම හෙනම ටියුබ් ලයිට් එකක් නේ..ඒ කොහොමද දන්නවද?...
ඇයි අපි ටියුබ් ලයිට් දාන්නේ..කරන්ට් එක ඉතැරු කරන්න(පවර් සේවින්ග්).... වැඩි එළියක් ගන්න..වැඩි කාලයක් රදා පවතින්න...අව්වට වැස්සට ඔරොත්තු දෙන්න...
ඉතිං ඒ අතින් බැලුවාම නම් ටියුබ් ලයිට් එකක්ම තමා...
පරක්කු වෙලා පත්තු වුනාට..
ලාබයි...වැඩ ගොඩයි...හොදයි...එලියයි....
කාලය දිගයි...


අනුත්තරා නැති ! මම ඉන්න අන්තිම දවස !!! ....
.

.
හෙට මාර්තු තිස් එක් වෙනිදා...ඒ කියන්නේ හෙට මම අයින් වෙනවා..මේ දැහැමිගේ අන්තිම දවස...දවස් හයක් තිස්සෙම මම, අපි දෙන්න එකට හිටපු තැන් වලට ගිහින් අපේ මතකයන් කොල වල ලිවුවා...ඒ  එහෙම කරලවත් ඔයාව අමතක කරන්න...
            මම දැන් ඉන්නේ අපි දෙන්න වැඩියෙන් එදා තුරුළු වෙලා හිටපු ගෝල් ෆේස් පිට්ටනියේ කොනේ බංකුවෙ...වෙනද අපි එනකොට මෙතන හිටපු එක්කොම අදත් මෙතන ඉන්නවා..
ඔයා විතරක් නෑ අනුත්තරා...
කඩල වෙලෙන්දා..අයිස් ක්‍රිම් වෙළෙන්දා...පොලිසියේ අය..ගෝල් ෆෙස් සමර් හට්, ඒ හැමොම පුරුදු විදියට වැඩ..සමහරු අමුතු විදියට මගේ දිහා බලනවා වගේ මට එත වෙලාවකට පේනවා...මම දන්නවා ඒ ඇයි කිවලා..
‘මොකෝ අයියා අද තනියෙන්... අද අක්ක ආවේ නැද්ද‘
‘නැ මල්ලි අද අක්ක එන්නේ නෑ..‘
‘ඇයි තරහ වුනාද ඔහොම තමයි හැම කෙල්ලම..‘
‘අනේ නැ මල්ලි මමයි තරහ වුනේ...‘
ඔයාට කවුරුත් මුකුත් කියනවට මම අකමැති නිසා මම එහෙම කිව්වා...
            එන්න එන්නම රැ වෙනවා..සීතල සුළගයි...කලුවරයි විතරයි මාත් එක්ක ඉතුරු...
අනේ අනුත්තරා මට සිතලයි..
මට මකත් වෙනව මම සීතල වෙලාවට ඔයාට තුරුළු වෙච්ච හැටි..තවත් නම් මට ඉන්න බැරි වෙයි...
            එදා වෙඩින් එක දවසෙ ඉදන් ඔයාව අමතක කරන්න මට තිබුනේ සතියයි...අද අන්තිම දවස..
            දෙයියනේ...
අවුරුදු ගානක ආදරයක් මම කොහොමද දවස් හතෙන් අමතක කරන්නේ..එහෙම නම් මම මැරිල උපදින්න ඕන..ඒ වුණත් අද රෑම මට ඔයාව අමතක කරන්න වෙනවා..මොකද මම හෙට රටින් යනව...හෙටින් පස්සේ මගේ ජිවිතේ එක අරමුණක් විතරයි ඉතුරු වෙන්නේ...
            ඔයා ගොඩක් ආසාවෙන් හිටිය මහරගම හන්දියේ පොඩි කඩක් දාන්න “ සුකුරුත්තං “ බඩු විකුණන කඩයක්... මට කිවුව ඒකට ඔයාට උදවු කරන්න කියල... මතකද එ‍්කෙ නම “
“ දැහැමි “ ෆැන්සි ‍ෂොප්” ඔයා කියුවෙ... !!
== නැ දරුවො ඒක ගැල පෙන්නෙ නෑ නෑ අපි දාමු ඒකට.. “අනුත්තරා “ කියල ඒ ඇති...
..
මගේ දැන් එකම බලාපොරොත්තුව ඒ ෂොප් එක ඕපන් කරන එක.. මම මැරෙන්න කලින් කොහොම හරි ඒක ඔයාට දෙනව... ඒක මගේ නෙවේ ඒක ඔයාගෙ..
            එත් ඇත්තටම ඔයා දන්නවා මම මහන හරි රට යන්න හරි වෙන්න හිතං හිටියෙ ඔයා මට හමුවෙන්න කලින්...ඔයත් එකක් ඉන්නකොට ඒක වෙනස් වුනා...දැං ඒ වෙනස් වෙච්ච එක වෙනස් වුනා...
            හොදටම රෑ වෙලා දැං යන්න වෙලාව..අමතක කරන්න වෙලාව ඇවිත්...ඉදගෙන හිටපු බංකුවෙන් නැගිටලා මූදු හුළං වැදි වැදී ටික දුරක් ඇවිදගෙන ආව....පඩිපෙල නැගලා ආපහු මුහුද දිහා බැලුවා...
            ආදරයත් මුහුද වගේ...මගේ යාලුවා “කුරුළු”  මට කියලා තිබුණ..
ඒක ඇහුණට දැනුනේ අද...ලස්සනට තිබුනට එක පාරටම ඇවිත් මුළු ජිවිතේම වැඩියෙන්ම ආස කරන දේවලුත් අරගෙන ආපහු යනවා...ඒකට හොහොතක් වත් ගතවන්නේ නෑ..
            පඩිපෙල නැගල ඔයාව මතක් වෙච්ච නිසා අනිතිම පාරට ඔයාට මම යනවා කියල කියන්න හද දිහා බැලුවා...
            මම දන්නවා ඔයත් මේ වෙලේ හද දිහා බලාගෙන ඉන්නවා ඇති...
මුළු අහසම පුරාම හෙවුවත් කළුවර විතරයි ...අද හද හැංගිලා...
මම ඔයාට කිවුව මතකද අහසෙ එක ළග තිබුන තරු දෙකක් පෙන්වල ඒ ‍තරු දෙක තමා ඔයයි මමයි කියල... මම දුරින් ඉන්න දවසක මට කියන්න තියෙන දේවල් ඒ තරුවට කියන්න කියල මම එවෙලෙ ඔයාට කිවුව...
ඔයා හිනා වුනා...
අද මමත් ඒ තරුව දිහා බලා ගෙන ඔයත් බලාගෙන...!
ඇත්තටම ඒ තරු දෙක වගේ.. පොළවෙ ඉන්න මිනිස්සුන්ට කොතරම් ළගින් පෙනුනත් ඇත්තටම ඒ දෙක තියේනනෙ අපිට හිතාගන්න බැරිතරම් දුරින් ..!
මේ ජීවතේම මහා “ බොනිකරම තරුවක් “ අනුත්තරා... !!
            ඔයාගේ සමරු පොතේ ලියපු කවිය මට ආපහු මතක්  වුනා...
සදක් සේ ඔබ
අහස් ගැබ මත
දෙනෙත් දල්වා සිටිනවා...
පුංචි තරුවක් වි එදා මම
සදට ආදරේ කරනවා..
ඔබේ දෙකොපුල සිඹිනවා..
== අද මගේ වෙලා මගේ ළගම ඉන්න සඳවතී ==
---------------- දැහැමි
සද නැති අහසේ ඒ පුජචි තරුව තනි වෙලා...තවත් තරු දාස් ගානක් මේ තරුව වටේට...කොච්චර තරු තිබුනත් හද නැති අඩුව ඒ පුංචි තරුවට මහ ලොකුවට දැනෙනවා අනුත්තරා...
!!!!!! ...

බුදු සරණයි ඔය දෙන්නටම.... මම හැමදාම කියනව වගේ...
“ ආදරෙන් ඉන්න “ හැමදාටම ......... !!!!
================
තනි තරුවේ ..............................
තනි තරුවේ ...............................
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා...
.
නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවග මුවග ඇලලි ඇලලි
මෙතෙක් දුරක් එක්වී පැමිනී
තනි තරුවේ......................
තනි තරුවේ......................

ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා...

.
මහද අරනෙ ලතැවි ලතැවි
රැදෙනු බැරිව ඉගිලි ඉගිලි
මගෙන් ඉවත ඇදිලා සැනසී...
තනි තරුවේ......................
තනි තරුවේ......................
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා...
--කුරුළු---

Thursday, March 27, 2014

=== ජීවිතයම එක රැයක දුටූ - සිහිනෙකි ප්‍රේමය බිඳුණු පසූ...===

අද ලිව්වේ අනුත්තරා කථාවෙ හත්වෙනි දවස
.
(මේ කොටස කලින් කියවලා තියෙනවා වගේ දැනෙයි.කමක් නෑ.අමාරුවෙන් කියවන්න.තව එකයි)
හරියටම තව එක දවසයි තියෙන්නේ අනුත්තරා ඉවර වෙන්න...මොකද මම කිවුවනේ මේක පටන් ගන්නකොටම අනුත්තරා කියන්නේ නව කෙටි කතාවක් ය කියලා...
අනුත්තරා ලියන්න පටන් ගත්ත දවසෙ ඉදන් මගේ මේ ජිවිතේ පුංචි පුංචි සිද්ධි වුණා..
අනුත්තරා මම හිතපු නැති තරම් හිට් එකක් වුනා...ඇත්තට හරි බොරුවට හරි මේ කතාව කියවන ගොඩාක් දෙනක් මට පුදුම විදිහෙ හයියක් දුන්න...
සමහරු මේක එනකං බලන් ඉදල තිබුණා..
කට්ටිය මට කොල් කරල ඇහුවා...
මැසේජ් එවලා තිබ්බා...තව සමහරුන්ට අපූරු වැඩත් වුනා..ඒ තමා..
තමන් දන්න අදුනන අයට මේ අනුත්තරා කථාව ෆෝවඩ් කරල...ඒ අය කියෙව්වට පස්සේ  මට වද කලා ඉක්මනට ලියන්න කියලා..
කෝම හරි ගොඩාක් පිං...
කවියක් කථාවක් ලියන ඕනම කෙනෙක් ආසයි ඒක බොරුවට හරි අගයනවට...මමත් ආසයි..කවි ලියන අය දන්නව ඒක...සමහරුන්ට  කියල මම බලෙන් කමෙන්ට්ස් දා ගන්නව...
මට මතකයි මම පලවෙනි කවිය ලිවුව දවසෙ කවුරුත් කියෙව්වේ නෑ..කමෙන්ට් කලේ නෑ......හැබැයි දැන් නම් එහෙම නෑ..දෙයියන්ගේ පිහිටයි...
‘ආදර බැලුම්‘ කවිය පෝස්ට් කරල නිදියල ඇහැරෙන කොට විශ්වාස නොටිෆිකේෂන් 56ක්...ඔක්කොම කවි වලට.......
ඒ අතරෙ මට හමුවුණා ලයික් එකක් කොමෙන්ටුවක් ඉල්ලගෙන පස්සෙන් එන උදවියත්. මම බොහොම කාරුණිකව කිවුව “ මට හිතෙන ඒවට මම අදහස් දක්වනව අනික් ඒවට මම නිහඩව ඉන්නව කියල “
ඒත් සමහරු මාව බ්ලොක් කරල....
අනේ කරුණාකරල තමන් ලියන දේ හරි වුනත් වැරදි වුණත් මිනිස්සු කියන දේවල් දරන්න බැරිනම් නොලිය ඉන්න එක හොඳයි !
අපි ලියන හැමදේම හොඳ නෙවෙයි... අනික් අතකට ඒවා අගය කිරීම වගේම විවේචනය කිරීමටත් බලන අයට අයිතියක් තියෙනව.. ඒ වගේම තමන් ලියන දේ ගැන තර්ක කරන්නත් තමන්ට අයිතියක් තියෙනව !

නිර්මාණකරණයේදී .... නිහතමානී වීම තමා වැදගත් කියල මම හිතනව...
මම අදහස් නොදක්වා ඉන්න කොට - ලයික් නොකර ඉන්නකොට “ අනේ උගෙ ලොකු ඔලුව ! හිතන් ඉන්නෙ මහ පඬිය කියල සහරු කතා වෙනව “
මට කමක් නෑ ඒකට මොකද මම එහෙම නැති නිසා...! හොඳ අගය කල යුතු දේ අගය කරනව නොහොඳ දේ අගය නොකර ඉන්නව එච්චරයි !!

කාටවත් කාගෙන්වත් බලෙන් “ ලයික් - කමෙන්ට්ස් ගන්න බෑ “ !!
කරුණාකරල ලයික් ගාණ ගැන ගැන ඉන්න නම් - නිර්මාණ කරන්න එපා... !!!

ඒ අතරේ පොඩි දුක් සීන් එකකුත් වුණා..මේ මගේ කවි ..කථා..ෆේස්බුක් ..එක නිසා..ආදරේ කරන්න පටන් ගත්තු දෙන්නෙක් රණ්ඩුවෙලා...
හේතුව -කුරුළු...
ඒ කොල්ල කිවුවලු ඒ කෙල්ලට මීට පස්සේ කුරුළුගේ කවි බලන්න...කමෙන්ට් දාන්න...චැට් කරන්න එපා කියලා...ඒක නම් ටිකක් අප්සට්...
එකක් මතක තියාගනිනං කොල්ලෝ...කෙල්ලෝ...කෙනෙක් තමන්ගෙම වෙනකං නීති දාන්න යන්න එපා...ආදරේ පවතින්නේ නීති උඩ නෙවෙයි...
හිතට ගනින්...
අපි පාරු පදින කොට හබල් ගහන උණ බටේ ට ඔනවට වඩා අත තද කලොත් දෙකට කැඩෙනවා..ඔනවට වඩා බුරුල් කලොත් අත ඇරෙනවා..දෙකින් කෝක වුණත් අන්තිමට වතුරෙ...
ගානට පැද ගත්තොත් ගොඩයතෑකි...





අනුත්තරා නැති හත්වෙනි දවස

..

මතකද මම ඔයා ගැන අහන්න ඔයාලගේ ගෙදර ආපු දවස...
එදා ඔයාගේ අම්මල මට කිව්ව ඔයාව මට දෙන්නේ නෑ කියල..ඒත් ඒ ඇයි කියල නම් මම තාම දන්නේ නෑ..මට තාම හිතා ගන්නවත් බෑ..
    ඒ වෙන කොටත් සමීරව ඔයාට කථා කරලයි තිබුනේ..අම්මල  ඔයාට කියලා නෑ ...ඔයාගේ අම්ම ඉල්ලුවා ඔයාගෙන් ඈත් වෙන්න කියලා...ඔයාගේ අම්මත් අපේ අම්ම වගේමයි අනුත්තරා..එයාට එන වුනේ දරුවෝ සතුවින් ඉන්නවට....හැම අම්මම  එහෙමයි...මට අම්මට බැහැයි කියන්න බැරි වුනා...
මට සමාවෙන්න අනුත්තරා...
කොයි අම්මත් හදන්නේ තමන්ගේ දරුවට හොදක් කරන්න..අන්තිමේදි මම කැමති වුනා..මම පොරොන්දු වුනා..ඔයාගෙන් ඈත් වෙන්න..ඒ නිසයි මම..
‘ඔයාට  සමිරව බැන්දම මගෙත් එක්ක ඉන්නවට වඩා සැපෙන් ඉන්න පුළුවන් අනුත්තරා...එක අතකට මොනවද මගේ ළග තියෙන්නේ...මට ඔයාට මොනවද දෙන්න පුලුවන්...දුක විතරයි..මාත් එක්ක තියෙන්නේ දුප්පත් කම විතරයි...සමහරවිට මම වගේ චිත්‍ර අදින එකෙකුට තමන්ගේ දුව දෙන්න එයාගේ අම්ම කැමති නැතිව ඇති..අනුත්තරා..එක අතකට ඒකත් හරි..අනුත්තරා..ඔයා සමීරව බදින්න...‘ කියල ඔයාට කිව්වා..
‘විකාර කියවන්න එපා අයියේ ...සැපෙන් නෙමෙයි සතුටින් ඉන්නයි මට එන...මම හැමදාම මගේ අයියත් එක්ක ඉන්නවා...කොහේවත් යන්නේ නෑ මං..‘
‘අනුත්තරා සැප තියෙනව නම් ටික කාලයකදි සතුටත් එතැන්ට නිකම්ම එනවා...ඒත් ...සතුට විතරක් තියෙන තැනට ඉක්මනට දුක එනවා...ඒකයි ඇත්ත...‘
‘බැ අයියා.... මට බෑ...‘
‘එහෙම නෙමෙයි අනුත්තරා...මගේ මූණ දිහා බලන්න..මට පොරොන්දු වෙන්න ඔයා එයාව බදිනවා කියලා.. ඔයාගේ අම්මලට දුකක් දෙන්න එපා ප්ලීස්...‘
ඔයා ඇඩුවා ඔයාට මතකද අනුත්තරා...
ප්ලීස් අනුත්තරා ඔයා මට ආදරේ නම් මම කියන දේ අහනවා නේද...මට පොරොන්දු වෙන්න...ඔයාගේ අයියා කියන දේ කරන්න...
‘ඕන්නෑ මම යනවා..ඔයා නරකයි අයියා...මට තවත් මෙතන ඉන්න බෑ...මම යනවා..‘
‘යන්න ඔයාට ඕන තැනක යන්න..දැන් ඔයා නිදහස්..මම තවත් ඔයාව අල්ලගෙන ඉන්නේ නෑ..‘
එදා ඔයා බස් එකට නැගල යනවි මම එහෙම්ම ම බලාගෙන හිටියා...මම එහෙම්ම ම කොච්චර වෙලාවක් හිටියද කියල මම දන්නේ නෑ අනුත්තරා..
    ගෙදර ඇවිත් කාමරේට වෙලා ඇඩුවා...හොදටම ඇඩුවා..මට මැරෙන්න හිතුනා...ඒත් මම මැරුනොත් ඔයත් මැරෙනවා කියල මම දන්නවා...ඒ නිසා මම ජීවත් වෙනවා..ඒත් ඔයාට පේන්න නෙවෙයි...ඔයාට ඈතින්...ඔව් හුගක් ඈතින්...මම ඉන්නව කියලා විතරක් ඔයා දැනගෙන හිටියම ඇති...
ලෝකේ මිනිස්සු කවද කේරුම් ගනිවිද පිරිමින් ආදරේ කරනවා කියලා..කවද හරි දැන ගනීවි..එතකම් දැහැමිලා තවත් උපදින්න නරකයි...
............................................................................
මා ආදරය දුටු බව නෙමෙ හැගුනාවේ...
මා නැති කලෙක උන් සුවදක් දැනුනාවේ.

=================
සෙනෙහස දෙවොලකි පුදනු හැකී
ඔබ නමටයි ඒ දෙවොල හිමී
ආයාචනයට මසිත ගැයූ
ඔබ ‍දෙසවන් ඇයි අගුලු වැටී ..,!
..
සසරින් සසරට එකට බැඳී
මෙතුවක් ආ මග අද නැවතී //
ආදරට හිමි කඳුළු බිඳූ සාගරයට මුසු වේද මතු..!
.
කඳුලකට සුසුමට ලෙංගතු වී
සැනසෙන්නද මා කෙලෙස යලී//
ජීවිතයම එක රැයක දුටූ
සිහිනෙකි ප්‍රේමය බිඳුණු පසූ...
.
========
http://www.youtube.com/watch?v=ePytJGqFr40
--- කුරුළු---

Wednesday, March 26, 2014

= සුහදිනියේ සඟවන් සෘජු බැල්මේ ඇරයුම් - දෙවියන් දිවැසින් කල ප්‍රතිමා වී දිලෙනා = = සඳ නිලියේ ඔබ නම් සැනකෙලියයි මගෙනම් - කවියන්ගේ දෑසේ රස සීමා පනිනා ==

කුරුළු
ඇයි මේ මොකද වෙන්නේ ඈ...අනුත්තරා පරක්කු මෙච්චර...අපි කොච්චර ආසාවෙන්ද ඉන්නේ කියවන්න...
ඇයි එහෙම පරක්කු වෙන්නේ...
අනුත්තරා කථාව පරක්කු වුන නිසා කීප දෙනෙක්ම මගෙන් එහෙම ඇහුවා.ඒත් මොනව කරන්නද අප්පා මටත් වැඩනේ..අනුත්තරා ලිය ලිය හිටියම කෝමද මං කන්න බොන්න කීයක් හරි හොයා ගන්නේ..එහෙම වුණාම මට මගේ සංකල්පනා නැති වෙනවනේ...
ඒ හිංදා අනේ ඔක්කෝමල්ල මට සමාවෙන්න මං මගේ පුළුවන් උපරිමයෙන් තමයි මේ ලියන්නේ...
අනික අපි පෑනකුයි කොලේකුයි අරන් වාඩි වුණාට ...කවි කතා ලියැවෙන්නේ නෑ..ඒකට හොද වෙලාවකුත් ඕන..හිත නිවෙන්න ඕන...
නැත්තෙත් ඒක...ගොඩාක් මට කියනවා ඒ අයට කවි ලියන්න බෑලු...
ඇත්ත වෙන්න බෑ..ලියන්න පුළුවන්...අපි උත්සහ කරන්නේ නෑ...
බලන්නකෝ ...අපිට චිත්‍ර අදින්න පුළුවන්ද?
මම විශ්වාස කරනවා අත් දෙක හොදට තියෙනවා නම් ඔයා අනිවාර්යෙන්ම චිත්‍ර ඇදල ඇති කියල...ලස්සන වෙන්න ඕන නෑ...චිත්‍ර කියන්නේ චිත්‍ර...
සින්දු කියන්න පුළුවන්ද?....
පුලුවන් බැරි නෑනේ...බැරි නම් බැරි...අපි නාන කැමරේදි හරි සිංදු කියනවානේ...ඇයි බොරු කියන්නේ...
නටන්න පුළුවනිද?..
පුලුවන් අපි ඔක්කොටම පුළුවන්...කවුරුත් පේන්න නැති වෙලාවට අපිම තනියෙන් නටල නැත්ද? තියෙනවනේ නිකං ඇවිදින ගමන් හරි...ඒකනේ..
ඇයි එහෙනම් අපිට කවි බැරි...
බැරි නෑ ඒකත් පුළුවනි...
පද හතරයිනේ අප්ප ඕනේ..
ලියන්න...ලියන්න...ලියන්න...
අද පටන් ගන්න...හෙට ඔයා කවියක් ලියනවා සත්තයි...

අනුත්තරා නැති හයවෙනි දවස
.



ඔයාට මතකද.....
අපි ඉස්සෙල්ලම තනිවෙච්ච දවස..යූත් එකට ආපු දවසෙ කට්ටිය අපිට විහිලු කරපු හැටි...පාටි ඉල්ලපු හැටි..මම ආපුවහම අපි දෙන්නව එකට තියල ෆෝටෝ ගත්තු හැටි..ඔයාගේ ඇස් වලට කදුළු ආපු හැටි..බංකුවෙ මට ඈතින් වාඩිවෙලා ලැජ්ජාවෙන් බලං හිටපු හැටි...
    ඊට පස්සෙ දවසක සර්ල අපිව දැක්කම බයවුන හැටි...ඒ හිංද මම බැනුම් අහපු හැටි...පස්සේ අත් අල්ලගෙන තුරුළු ‍වෙලා ඇවිද්ද හැටි...
ඔයාට මතකද...
මම ඔයාව ඇරලවන්න ඔයාගේ ගෙවල් ළග හන්දියට ආපු හැටි..ඒත් ඒ එක දවසයි...එදායින් පස්සේ ඔයා මට එන්න දුන්නේ නැහැනේ..මමත් කැමති වුනේ නෑ ඔයාට කවුරුත් නරකක් කියනවට..
අපි කොච්චර නං තැන්වල ඇවිද්ද ද?...
මතකද...
    සත්තුවත්තේ දී ඔයා පඩියකින් ලිස්සල වැටෙන්න ගිහින් මම අල්ල ගත්ත...කකුල තුවාල වෙලා බෙහෙත් දැම්ම...
මතකද...
    ගෝල්ෆේස් එකේදී එක මනුස්සයෙක් හේතුවක් නැතිව බැන්න...අපි හිනා වුණා..එතකොට...
    විහාර මහා දේවි පාර්ක් එකට ඔයා එන්න බෑ කියපු හැටි...ඒකෙ ජෝඩු ඉන්න පැත්තට ඔයා ලැජ්ජවුන හැටි..
දෙයියනේ ඔයාට ඒක මතක නැද්ද අනුත්තරා...
මතකද...මතකද...මම දවසක් ඔයාට කිව්වා....
අනුත්තරා කවද හරි අපි දෙන්න ඈත් වුනොත් ඔයා රෑට එලියට ඇවිත් මට කියන්න තියෙන ඔක්කොම හදට කියන්න.හද ඒ ඔක්කොම අහගෙන ඉදිවී..අහගෙන ඉදලා මට කියාවී..
‘එහෙම කියන්න එපා දැහැමි අයියේ අපි කවදාවත් ඈත්වෙන්න හොද නෑ‘
    මට නම් ඔයාගේ ඒ වචන අද වගේ මතකයි අනුත්තරා...
ඊට පස්සේ අවුරුදු කීයක් අපි එකට කාලෙ ගත කලාද...හැම සතියකම මුණ ගැහුණ ...කථා කලා...ආදරේ කලා..වෙලාව යනවා අපිට දැනුනේ නෑ...දවසම ඔයත් එක්ක ඉදල හවසට ඔයාගෙන් සමු අරන් යන කොටම හැමදාම ඇතිවුනේ දරාගන්න බැරි දුකක්..
ඔයාටත් එහෙම වුණා කියල මම දන්නව අනුත්තරා...
මට කේන්ති යන එකම හේතුවයි මේ ලෝකේ තිබුනෙ...
ඒ ඔයාගේ ෆෝන් එකට වෙන අය කෝල් කරන එක...මතකද...
    ඔයා දෙවැනි මනමාලි වෙලා හිටපු මධු අක්කගේ මගුල් ගෙදරදී ඔයාගෙ නම්බර් එක අරගෙන කොල්ලෙක් ඔයාට කෝල් කර කර කරදර කරපු හැටි..ඔයා උගේ නොම්බරේ දුන්නහම මම බැනල යවපු මැසේජ් එක වැරදිල ඔයාට එවපු හැටි....
මතකද....
    කවුදෝ කුමාර කියල කෙනෙක් ඔයාගේ නොම්මරය කොහෙන්දෝ ඉල්ලගෙන රී ලෝඩ් කරකර මැසේජ් කරපු හැටි...මට කේන්ති යන නිසා ඒ නොම්මරය මට දුන්නේ නැතිව හංගපු හැටි...
    ඔයාට මතකද ඔයාගෙ ඔලුව රිදෙන කොට මගේ උරහිසට හේත්තු වෙලා නිදාගත්ත හැටි...මම ඒ උනුසුමට ආදරේ කලා..
අනුත්තරා...ඔයාට මතකද ? ඒ ලොකේ කොච්චර සුන්දරද කියල ..? ඔයයි මමයි විතරම විතරයි ඒලෝකේ හිටියේ...
    ඒත් ...අද  ඒ ලෝකේ මම විතරයි....
‘නුඹ සිටියා
මම ආවා
නුඹ ගියා
මම සිටියා...‘
අපේ ත්‍රිමාණ නොටිස් බෝඩ් එකේ අමිල මල්ලි ලියපු කවියක් එක පාරටම මගෙ මතකෙට ආව...

=============
සුහදිනියේ සඟවන් සෘජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවැසින් කල ප්‍රතිමා වී දිලෙනා
සඳ නිලියේ ඔබ නම් සැනකෙලියයි මගෙනම්
කවියන්ගේ දෑසේ රස සීමා පනිනා
හීනෙන්  රෑ ලං වූ සුවඳක් සේ ලඟ උන්
සංවරියේ රන් සිත කෝ මා පිණනා
.
වාත්තු කර ඇති දේහ තලාවට
 හේත්තු වෙන්නද හෙවනැල්ලෙන්
කාන්ති විහිදෙන නයන ඉනාවට
සාන්තුවර සිත ගිනි දැල්වේ...
හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ
දඟ මෙනෙවිය ඔබ මා මත් කල
අරුමැසියයි මෙලොවේ
.
වීණා බද වට කැරකෙන වරලස
අණදෙන හෘදස්පන්ධනයනේ
සුසුමේ රිද්මයටම රඟ දෙයි ඔබ
මගේ පෘතග්ජන සිතිවිල්ලෙන්
හොර රහසේ හොරහිත පතනා ඒ පැතුමේ
රතු නළඟන මගේ හිත අවතැන් කල එකම ලඳයි මෙලොවේ..
===
http://www.youtube.com/watch?v=X0d_l_CpMuQ
---- කුරුළු--

Tuesday, March 25, 2014

=== ප්‍රේම ආතුරයන් වෙලා ජීවිතේ තනි මංසලේ === දිනෙක ඇය මා අමුත්තන් සේ යලිත් හමුවේවි ===

කුරුළු
අපි ගොඩාක් මහන්සිවෙලා පස්සෙන් ගිහින් ට්‍රයි කරල කට්ට කාලා කාලා සිරා කෑල්ලක් දා ගත්තට පස්සේ හිතෙනවා බං අපරාදෙ කියලා...
ඒකි කැමති වෙන්න කලින් අර අපි පස්සෙන් යන කාලෙ...කට්ට කන කාලේ...ඒකි ගස්ස ගෙන අහක බලන කාලේ..ඒකි‍ගේ පන්ති ඉවර වෙනකම් බස් හෝල්ට් ගානෙයි පන්ති ළගයි හිටන් හිටපු කාලේ..එහෙම කන කට්ට අපේ සෙට් එක එක්ක කිය කිය හිනා වුණ කාලේ...ඒතිගේ අම්මට බයේ දුවපු කාලේ...ඒකිගේ තාත්තා මාව හොයාගෙන පන්ති ගානෙයි ගෙවල් ගානෙයි රස්තියාදු වෙච්ච කාලේ වගේ නෙවෙයි කුරුළු කෙල්ල හා කිව්වාම....
ඒ ඔක්කොම ඉවරයි...
ඊට පස්සේ ඉතිං. කෙල්ල පන්ති ඇරිල එනකම් ඔහේ බලන් ඉන්නව. මොකද කීයට හරි එනව කියල දන්නවනේ. අනික කෙලින්ම එන්නෙ මං ගාවටනේ..ඒ ආවම ඒකිගේ යාලුවෙක් එක්කවත් මට කතා කරන්න බෑ..ඔරවනවා..
ඊට හතයි අපේ ගෙදර මිනිස්සු උන්ගේ ගෙදර ගියාට පස්සේ...ගෙවල් වලින් කතා කරල කැමති වුනාට පස්සේ..එයාව දැන් වැඩිය එවන්නේ නෑ මාව හම්බවෙන්න....මමපන්තිය ගාවට ගියත් වෙනදට ආපු නැති අම්ම එනව එක්කන් යන්න..මම ඉස්සර වගේ දුවන්නේ නෑ..පැත්තක ඉදන් දෙන්නගෙම මූණ බලලා හිනා වෙනවා..ඊට වඩා හොදයි එතන පස් කනවා..ඉස්සර නම් පන්ති ඇවිත් පොඩි කට් පාරක් දාලා කොහේ හරි ඇවිදින්න යනවා..එයත් එදාට පරක්කු වුනොත් ගෙදරට මොකක් හරි බොරුවක් කියල ෂේප් කලා..දැං එහෙම බෑ කුරුළු...
එයා කියනවා ගෙදරට බොරු කියන්න බෑලු.ඉස්සර හොදයි දැං..නරකයි..අනික දැං නිකං  හරි පත්තු වුනොත් මාට්ටු වෙන්නේ මාව බං...මාත් එක්ක කොහේ හරි ගියා කියල හිතනවලු..
යාලු වෙච්ච මුල් කාලේ අපි නිතරම හම්බ වුනත් අපි ගැන ගෙවල් වලින් දැන ගත්තට පස්සේ අපිට හම්බුවෙන්න තිබුන ඉඩකඩ ගොඩක් නැති වුනා බං...
මාව හම්බවෙන්න කියල ආවත් ගෙදරින් අවසර දෙන්නේ පැයයි..මම කෝල් කළත් බනිනවලු හැම තිස්සෙම ෆොන් එකේ එල්ලිලා කියලා..ඒත් අපේ ගෙදරින් කථා කළාම හොදට හිනා වෙලා කථා කරනවා බං...ඉතිං බලපන්...උඹටත් දවසක තේරේයි..

කෙල්ල හා කිව්වොත්....



අනුත්තරා නැති පස්වෙනි දවස



Onna ehenam illanawa …mata mulu jeebitha kalema oyage nangi wela inna ida denna…ethakota oyata nangiyekui malliyekui dennekma innawane…
    ඒ S.M.S .එක දැක්කම මගෙ හදවත ටිකකට නර වුනා .මං කොහොමවත් බලාපොරොත්තු නොවුන දෙයක් ඔයා මගෙන් ඉල්ලන්නේ..දැන් මට මේක නොදිත් බෑ..මං මුලින් පණ්ඩිතකම් කියන්න ගියානේ..මම කර කියා ගන්න දෙයක් නැතුව ඔහේ ෆෝන් එක දිහාම බලන් හිටියා.ඔයා  එතකොටම ring කලා ....මාව වෙව්ලුවා..මට හිතුනා ෆෝන් එක පොළවේ ගහන්න..ටිකක් වෙලා කල්පනා කලා..
ඔයාට දුක හිතෙයි කියල මම අන්තිමේදි මැසේජ් එක ටයිප් කලා..
“Kamak na anuththara…adin passey mage nangi vidihata hithannam..monawa karannada..oya kemathi nethnam.oyata ehema inna kota sathutui nam mata ae athi.hemadema oya sathitin inna oney.. mata one echcharai…mama nohitha kiyanneth na..kiuwata passé aegana hithanneth na.. oya magema nangi kiyala hithannam..ayeth mataka tiyaganna oyata pana wage adare karapu ayya kenekuth hitiya kiyala…”
    මැසේජ් එක සෙන්ඩ් කරල ටික වෙලාවක් හොල්මනක් වගේ බලා ගත්ත අත බලාගෙනම හිටියා...ජිවිතේටම ආදරය කරපු එකම එක කෙල්ලත් ඒ මැසේජ් එකෙන් නැති වෙනවා නේද කියලා මටම හිතුන..කමක් නෑ අනුත්තරා ඔයා හොදින් ඉන්න ඕනේ.
ටික වෙලාවක් යනකං ඔයාගෙන් රිප්ලයි එකක් නැති නිසා මං බය වුනා මම තව මැසේජ් එකක් වයැව්ව...
“Oya illapu hindai anuththara oyata mama meaka dunne mama poromdu wuna oya illana de denna mama porondu kada karanne nethi nisa matath sidda wuna oyata eaka denna.ayeth ae hithakin nemey..oyata puluwan nam ea ottuwa cancel karanna..pls”
Reply :
“ epa..onne..ayya oya mata adare ne.nathnam mama illapu gaman deela daida? Oyata one magen ayeth wen wennane…oya mata oya kiyana tharam adare ne.ara ottuwa oya kiyapu nisa cancel karannam..”
    ඔයාගේ ඒ S.M.S. එක දැක්කහම මට ඇතිවෙච්ච ඔයාට කියන්නද අනුත්තරා...මම එවෙලෙ දැනගත්තා ඔයා මට ගොඩාක් ආදරේ කියලා .ඒ වුනාට ඒක කියන්න ඔයා බයෙන් හිටියේ..ඒත් මං දැන් දන්නවා  ඔයා මට ආදරේ කියලා..ඒත් එතනින් එහාට මට මැසේජ් කරන්න බැරි වුනා මගේ ෆෝන් එකේ සල්ලි නැති වුන නිසා..
    මගෙන් මැසේජ් නැති නිසා ඔයා දවසම දුකින් ඉදල රෑ මැසේජ් එක මගේ ෆෝන් එකේ save කරල තියනව .අදත් මම ඒක කියවන්නේ හරිම සතුටෙන් ඒක කියවන හැම මොහොතකම මම ආදරේ කරන කෙනෙක් ඉන්නව කියල මට හිතෙනවා..
“oya thama mage ninda nethi kale.oya nida ganna..oya mata adare karanawata wadiya mama oyata adarei..eakai oyage podi wenas weemakin mata duka…aaye ehema karannepa..Ilove you so much…

=======
බිඳුන පෙම් හද නිවාලන්නට කඳුල නුඹ ආදා
අඳුර රජයන හුදකලා හිත නුඹට පෙම් බැන්ඳා
.
සරාගික වූ නෙතින් ගිලිහි ජීවිතෙන් පිදු ආදරේ....
නිමාවූ සිහිවටන පමණකි දෙනෙත් දෑලේ ඉදිවුනේ
කඳුල නුඹ පිපුණා - දැවී ගිනි ගත් පෙම් සුසානේ
කඳුළු මල් පිපුණා...
.
ප්‍රේම ආතුරයන් වෙලා ජීවිතේ තනි මංසලේ
දිනෙක ඇය මා අමුත්තන් සේ යලිත් හමුවේවි
කඳුල නුඹ නාඩන් .... දුරස් වන්නේ නැතේ
නුඹ මා කඳුල නුඹ නාඩන්
==========
http://www.youtube.com/watch?v=Ra-bdKeY-EM
---කුරුළු----

Monday, March 24, 2014

=== අරා සිරි යහන් - නිදා වැතිරෙමින් - සරා සළෙල සිතිවිලි ගඟ නිවී නැහැවෙමින් ==සුරා මල් පැණින් පොගා යුග ලවන් - පිනා පසිඳුරන් සතපමි සෙඳුරු සිහිනයෙන්==

අනුත්තරා නැති හතරවෙනි දවස

.
ඔයාට මතකද අනුත්තරා දවසක් ඔයා මගෙන් ඇහුවා...
‘ඔයාව මට කොච්චර වටිනවද කියලා‘
‘මටත් වඩා ඔයාව වටිනව මං කිව්ව..‘
‘ඇයි එච්චර මාව වටින්නේ.‘
‘අනේ මංද සමහර විට ඒ ආදරේ නිසා වෙන්න ඇති, ‘මං හැමදාම කිව්වේ මම ඔයාට  ආදරෙයි කියල...

එත් ඔයා හැමදාම කිව්වේ..
‘මට තනියෙන් ඉන්න ඉඩදෙන්න , මම තනියෙන් ඉන්නවා මුලු ජීවිත කාලෙම‘
‘ඔයාට පුලුවන්නම් මට මොකද බැරි .,මමත් ඉන්නම් එතකොටවත් ඔයා පිළිගනී නේද මම ඔයාට ඇත්තටම ආදරෙයි කියලා‘ මමත් කිවුව
‘ඔයා තනිවෙන්න හදන්නේ මොකක් හරි ප්‍රශ්නයක් නිසාද?‘කියල මම ඇහුවට ඔයා කිව්වේ..
‘නැහැ‘ කියල
ඒ වුනාට මං ඉරේෂගෙන් ඇහුවහම ඔයා කලින් යාලු වෙලා හිටපු කෙනා ඔයාට කරදර කරනවා කියල.මම එවෙලෙම කොල් කරල ඒක ඇත්තද කියල ඇහුවම ඔයා පිළිගත්ත.ඔයාම ඒක මගෙන් හැංගුව නිසා එදා මට ටිකක් දුක හිතුනා...මොකද මම ආදරේ කරන කෙල්ලගේ අතීතයෙන් මට වැඩක් නෑ.මොකද එයාගේ වර්තමානයයි අනාගතයයි දෙකම මම හින්ද..
එයා ඔයාගේ පින්තූරයක් තාත්තට පෙන්නනවා කිව්වම ඔයාට මතකද.
    මම එන්න හැදුවේ ඒ ප්‍රශනේ විසදන්න ඔයා ඉඩ දුන්නේ නැහැනේ..
මතකද....
    මම ආදරේ ගැන හැම පාරම ඔයා මට කිව්වේ....මම ඔයාගේ නංගි...මම අයියට වගේ ඔයාට ආදරෙයි කියලා...
මම හිනා වුනා ඒ දුකට, ඒත් ඔයා මට එහෙම හරි ආදරෙයිනේ කියල හිත හදාගත්ත...
අනුත්තරා ඔයාට මතකද...අපේ ඔට්ටුව...අළුත් අවුරුදු ලබපු ජනවාරි පළවෙනිදා...
ඔයාමයි ඔට්ටුව දැම්මේ මතකද?...ඉස්සර වෙලා අලුත් අවුරුද්දට සුභ පතන කෙනා ඉල්ලන දේ අනික් කෙනා දෙන්න ඔනේ...
මම එදා මුලු රෑම පන්සලේ ඉදලා හරියටම එකොලහයි පනස් පහට මගේ ඔරලෝසුව වෙලාව විනාඩි පහක් ඉස්සරහට  කරකවල එස්.එම්.එස්. කලා..
‘dan dolahai suba aluth awuruddak weawa’’’!’
කියලා...ඒත් මැසේජ් එක ඩිලිවර්ඩ් වුනේ පහුවදා , ඔයා මට එවපු එක එවෙලෙම මට ලැබුනා...‘
මතකද
මම හරියට දොලහට කෝල් කලා...ඔයා කිව්ව බාප්පත් එක්ක නිලා පත්තු කරනවා කියලා...මම එතකොටත් පන්සලේ...දින්නේ මම කිව්වට ඔයා පිළිගත්තෙම නෑ..මට ඕන වුනේ ඔට්ටුව දිනල ඔයාගෙන් ආදරය ඉල්ල ගන්න .කොහෙද  , ඔයා කිව්ව නේ දින්නේ ඔයා කියල , ඉතිං මං කට වහ ගත්ත...
    ඔයා දිනපු එකට තෑග්ග ඉල්ලුවේ හුගක් දවස් පහු වෙලා මතකද...ජනවාරි 9 වෙනිද....එදා ඔයා මගෙන් ඇහුව..
Aiya dinna nam monawada oney
...කියලා..ඔයා එතකොට.,
Mata one adare
කියලා..ඔයා එතකොට,
“Ne..ne.. adare nethiwa wena deyak illanna..”
මම - “ne..epa mata oyagen one adare withrai..denna berinam wena deawal epa..”
“oyata monada one ottuwa dinnata?”
ඔයා - “Hari  ayiya mama illana one deyak denawada?”
මම - “denawa..mama illanna kalin dena kenek misak dunnata passey illana kenek nemei…illanna ona deyak.”
ඒක අදටත් ඇත්ත නංගි
“ මම ඉල්ලන්න කලින් දෙන කෙනෙක් මිසක් !
 දුන්නට පස්සේ ආයෙ ඉල්ලන කෙනෙක් නෙමේ.. !

ඉල්ලන්න ඕන දෙයක්.. !
=====

පෙමාතුර හැගුම් - ඇගේ නෙත් කැලුම්
හද සන්තනේ සදා සරණා අයචනා සුසුම්
නුරාගික පැතුම් පිපාසිත සිතුම්
මන මන්දිරේ කලාලය මත මී අමා බඳුන්..
.
නියාලුව හදින් - පියා නෙතු පියන්
යොමා යුග සවන් තනිවෙමි ඇගේ ගී නදින්
මුදා නිදි දැහැන් - එබී ලෙන් දොරින්
අරාජික පරාදීසය සොය එමි සිතින්
.
අරා සිරි යහන් - නිදා වැතිරෙමින්
සරා සළෙල සිතිවිලි ගඟ නිවී නැහැවෙමින්
සුරා මල් පැණින් පොගා යුග ලවන්
පිනා පසිඳුරන් සතපමි සෙඳුරු සිහිනයෙන්
.
==== http://www.youtube.com/watch?v=ecqqEzxVgjM
---- කුරුළු ---

Sunday, March 23, 2014

====== හිතන්නෙපා .. හිතන්නෙපා මා ගැන නුඹ වැරදිම තාලෙට ======මම එහෙම ඇහුවෙ උඹ ගැන මට ඇතිවුණ ආලෙට.. ========


-------අනුත්තරා නැති තුන්වෙනි දවස------
'
ඉරේෂා පුලුවන් හැම විදියටම මට උදව් කලා..
ඔයා දන්නවනේ,ඔයාගෙ හෑන්ඩ් ෆෝන් නම්බර් එක මට දුන්නෙත් එයා..දීල මට කිව්ව කතා කරන්න කියලා.....
මම කතා කලාට ඔයා උත්තර දුන්නේ නෑ..එස්.එම් .එස් කලා විතරයි.ඒ වුනාට ඔයා මට සැලකුවේ අයියා කෙනෙක්ට වගේ...මට ඊට එහා ආදරයක් ඔයාගෙන් ඕන වුනා...
දවසක් හිමාලි ඇවිත් ,
‘එයා ඔයාට කැමති නෑ.එයාට එක්කෙනෙක් ඉන්නවා..‘
කියල කිව්වහම මට දරාගන්න බැරි දුකක් ඇති වුනා.මම ඒක පෙන්නුවේ නැති වුනාට ඒක එහෙමයි...
දුකේදි හිනාවෙන්නේ, හිත ඇතුලෙන් අඩන මිනිස්සු කියල මේ ලෝකේ තාම තේරුම් අරන් නෑ..
ඒ වුනාට මම ගෙදර ඇවිත් ආපහු හිතුව..මම ෂාරුක් ඛාන් යැ..එක පාරටම කැමති වෙන්න පස්සේ හරියයි..කොල්ලෙක් ඉන්නව කියල කියන්න ඇත්තේ මගෙන් බේරෙන්න හිතාගෙන වෙන්න ඇති කියල මට හිතුනා..
ක්ලාස් එකේ අන්තිම දවස එයාට මතකද අනුත්තරා..අපේ කට්ටිය විභාගේ ඉවර වෙලා සින්දු කියන කොට ඔයා ඇවිත් මගේ ඉස්සරහම පුටුවක වාඩි වුනා..එදා සාරියක් ඇදල හරි ලස්සනට ඔයා හිටිය හරිම චාම්..මම ඒ චාම් ගතියට ආස කළා..
එදා ඔයාගේ සමරු පොතේ ලියන්න දීපු වෙලේ මම ලියන්න බෑ කිව්වේ වෙන මොකවත් නිසා නෙමෙයි අනුත්තරා, සමරු ලියන්නේ වෙන්වෙන අයට.. මට ඔයාගෙන් එහෙම වෙන් වෙන්න බැරි නිසයි පොත ආපහු දුන්නේ..ඒත් ඒකට ඔයා තරහ වෙලා කියල ඉරේෂා කියපුවහම මම හොරෙන් අරන් නවි දෙකක් ලියල ආපහු දුන්නේ..මට සමාවෙන්න මම ඒ වෙලාවේ හිත රිද්දුව නම්..
අනුත්තරා ඹයාට මතකද ඒ කවි දෙක...
සදක් සේ ඔබ අහස් ගැබ මත
දෙනෙත් දල්වා සිටිනවා
පුංචි තරුවක් වී එදා මම සදට
ආදරේ කරනවා
ඔබේ දෙකොපුල සිඹිනවා...
සිහිනයක් වී ඇවිත් ඔබ මගෙ
දෙනෙත් අබියස මැවෙනවා
දරාගනු බැරි හදේ තනිකම
මොහොතකට හෝ නි‍වෙනවා
----------------
අද මගේ වෙලා මා ළග
නවතින්න සදවතී
මතකද එදා මං ඔයාගේ පස්සෙන් කතා කරන්න හිතාගෙන ගේට්ටුව ලගට ආව.ඔයා එතකොට කතා කරල කියපු දේ මට අද වගේ තාමත් මතකයි...
‘අයියා....මං ඔයාට ආදරෙයි..ඒත් මගේ අයියා කෙනෙක්ට වගේ ඔයාට මම සලකන්නේ..එතනින් එහාට මුකුත් නෑ ඔන්න...
මතකද...!!
ඔයා කියාගෙන කියාගෙන කියාගෙන ගියා...මම ඔහේ අහගෙන හිටියතමම එවෙලෙත් හයියෙන් හිනා වුනා.ඒ පස්සේ මහ හයියෙන් අඩන්න හිතාගෙන..
එහෙම කියල ඔයා ගියාට පස්සෙ මගෙ යාලුවො ඔක්කොම ටික මට විහිලු කලා...ඒත් මං ඔයාට, බනින්න නම් ඉඩ දුන්නේ නෑ..
කමක් නෑ අනුත්තරා...ඔයාට මාව ගැලපෙන්නේ නැතුව ඇති මට ....පිං නැතුව ඇති ඔයාව ලබා ගන්න ඒත් මං එස්.එම්.එස්. කරනවා ඒක නවත්තන්නේ නෑ..මං හිතා ගත්ත..
හිතන්නෙපා ..
===============
හිතන්නෙපා මා ගැන නුඹ වැරදිම තාලෙට
මම එහෙම ඇහුවෙ උඹ ගැන මට ඇතිවුණ ආලෙට..
.
මොන ගහේ පිපී තිබුණත් මල සුවඳයි නම් මට
එය නෙලා සිඹිමි මල් පෙති වල අවසර තරමට
ඇති අවසර තරමට...
.
උඹ කොහේ ඉඳන් පැතුවත් මගෙ උනුහුම බිඳකට
මද පවන් රොදක් සේ එන්නම් ළඟ දැවටෙන්නට..
සියොලඟ දැවටෙන්නට...!
==================
http://www.youtube.com/watch?v=zWZ8lhBAPA8
---කුරුළු---

Saturday, March 22, 2014

===== වියෝ වූ පසුවයි දැනේනේ ප්‍රේමයේ අභිමන් ===== හැඩු දා කඳුලයි දකින්නේ සිනහවේ සරදම්....! ======

‘මේක මහ බොළද කතාවක් මම මේකට ආස නෑ.මම ආදරෙන් මට්ටු වුන කෙ‍නෙක්.ඒ නිසා මම ආදර කථාවලට කැමති නෑ‘
දෙහදක් ආදරෙන් කථාවේ තුන්වෙනි කොටසට ලැබුණ කමෙන්ට් එකක් ඒ...
ඇත්තටම ආදරේ බොළදයි ද? නැත් ද?
ඒක අපි එක එක්කෙනාට දැනෙන විදිහ...
‘ආදරේට කියන කථා බොළද වුනාට සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට“
නෑ ආදරේ බොළද නෑ අපි බොළදයි...ආදරේ කරන කොට අපි කවුරුත් බොළදයි...ඒක ඔයා පිළිගත්තත් නැතත් එකයි..
පුළුවනි නම් ආදරේ කරන දෙන්නෙක්ට හොරෙන් කිට්ටු වෙලා අහන් ඉන්න
මොනවද ඒ දෙන්න කථා කරන්නේ කියලා...නැත්නම් තමන් ආදරේ කරන විදිහ කරපු විදිහ ටිකක් මතක් කරලා බලන්න....බොළද නැද්ද....වයස ප්‍රශ්නයක් නෑ...තරුණ දෙන්නෙකුයි...ටිකක් වැඩිමල් ජොඩුවකුයි කතා වෙන දේවල් - ආදරේ කරන හැටි අහන්න...
වචන වෙනස් වෙයි...අදහස් වෙනස් වෙයි..මාතෘකා වෙනස් වෙයි...හැබැයි...කථාව බොළදයි...
නෑ කියනව නම් ඒ සම්බන්ධෙ මේ වෙන කොට නෑ...
මොකද අපි බොළද වුණේ නැත්නම් බොළද කථා කිය කිය කාලෙ කෑවෙ නැත්නම් දෙන්නටම ආදරේ එපා වෙනවා...එහෙම වෙලා ආදරෙන් හිත රිදුණාම...හිත හෙම්බත් වුනාම ඒ ආදරේට...ආදරේ කියන වචනෙට  - වෛර කරන්න පටන් ගන්නවා.....හේතුව තමන් බොළද නැති නිසා...ඒ නිසා ආදරේදි බොළද වෙන්න...කොහොම වුණත් කොයි විදහට හරි මේක කියවන එක මට සතුටුයි...
හැමෝටම ස්තුතියි !!
අදහස් වටිනවා...
සමාවෙන්න... බොළද වුනාට කථාව වෙනස් කරන්න බැහැ...මොකද මේක මම ගොඩක් කාලෙකට කලින් ලියපු ඇත්ත කතාවක්...මේ නම් - ගම් - ස්ථාන ඔක්කොම ඇත්ත...
සත්තයි....

 


අනුත්තරා නැති දෙවැනි දවස

.

ඔයාට මතකද අපි මුලින්ම මුණගැහුන දවස...
යූත් එකේ පන්තියේදි ඔයා නිල් පාට ටීෂර්ට් එකයි කලුපාට කලිසමයි ඇදන් හිටියෙ...
එදා ඔයාට දැක්කහම මට පුදුම ආදරයක් ඇති වුනේ.. ඒ කියන්නේ ...අනේ මන්ද..හරියට මං හොය හොය හිටපු කෙනා ලැබුණ වගෙ..මතකද..
මං හැමෝටම නැගිටලා තමන්ගේ විස්තර කියන්න කිව්වහම ඔයා වැරදි වැරදි, වෙවුල වෙවුල, ගොත ගගහ විස්තර කිව්ව...එදායින් පස්සෙ හැම සතියකම මං පන්තියට ආවෙ ඔයාව බලන්න....ඔයා ආවේ නැත්නම් මටත් පන්තියෙ ඉන්න බැරි වුනා...ඔලුවෙ ලොකු බරක් තේරුණා...මට තේරුන් නෑ ඒ ඇයි කියලා...
            මම හැමදාම ඔයාගෙ මූණ බලල හිනා වුනා.එත් ඔයා  එක දවසක්වත් මං දිහා බැලුවෙ නෑ...ඒ අහංකාරකමට මං ආස කලා..ඔයා පන්තියෙදි කතා කලේ එක වචනයයි නැත්නම් දෙකයි...
මම ඒ වචනෙට දෙකට හරියට ආදරේ කලා .මතකද දවසක් සදුන් මල්ලි ඔයාගේ කොණ්ඩෙන් ඇදලා කරදර කලා...
එදා මට කවදාවත් නැතුව කේන්ති ආව..හවස මම ඔයාගෙන් ඇහුව සදුන් කරදර කලාද කියලා..සමහර විට ඔයාට මතක ඇති ..ඔයා කිව්ව..
‘නෑ අයියේ එයා මගේ යාලුවෙක්‘ කියලා....ඒ වෙලාවේ මට හිතුනා, මට ඔයාගේ යාලුවෙක් වෙන්න බැරිද කියල...මං කොච්චර උත්සහ කලාද...මං හිතුව ඔයා ට්‍රිප් එක යන්න එයි කියලා.ආවනං...ආවනං..එදා මං ඔයාට කියනවා‘ මං ආදරෙයි‘ කියලා.ඒත් ඔයා එදා බැංකුවේ ඉන්ටවිව් එකකට ගියා කියලා මට උපුල් කිව්වා.එදා මං තනි වුනා..
ඊට පස්සේ මං පන්ති තිබුන හැම දවසකම ඔයා දිහා බලාගෙනම හිටියා..ඔයාගේ පුංචි වෙනස් වීමක් පවා මට දැනුනෙ ඒ හින්දා වෙන්න ඇති...දවසක් ඉරේෂා ඒක දැකල මගෙන් අහනවා,
‘මොකද දැහැමි අනුත්තරා දිහා බලාගෙන ඉන්නේ..කොල්ලට මොකක් හරි හිතිල වත්ද කෙල්ල ගැන..ඒව ඔට්ටු නෑ හරිද ..අනුත්තරා මගේ අයියට බන්දල දෙන්නේ..‘
            ඉරේෂා එහෙම කිව්වේ විහිලුවට වගේ වුනත් එදා මගේ මුලු හිතම කඩා වැටුන...මං ආදරෙයි කියල ඔයාට කොහොම හරි කියනවාතතමං හිතුව ඒකට  හොදම කෙනා ඉරේෂා ඊලග සතියෙ මං ඉරේෂට කිව්ව..‘
ජිවිතේ පලවෙනි පාරට මගෙ හිතේ අමුතු බයක් තිබුනා..මං හිත තද කරගෙන ගිහිං ඉරේෂට කිව්ව
‘මචං මං අනුත්තරාට ආදරේ කරනවා.පුලුවන් නම් එයාට කියන්න මාත් එක්ක ටිකක් කතා කරන්න කියල.එයා එක වචනයක් වත් කතා කරන්නේ නෑනේ බිම බලාගෙත්ත ගමන් මයි ඉන්නේ...කන්න ගියත් අර පුර්නිමා නංගිත් එක්ක විතරයි..අපිට කතා කරන්නෙවත් නෑ. අනේ ප්ලීස් ..මං මේ පලවෙනි වතාවටනේ මෙහෙම කිව්වේ‘...
‘ දැහැමි ...ඔයා ඇත්තටම මේ කියන්නේ‘
‘නැතුව මං උඹට බොරු කියල තියෙනවද? වෙන කෙල්ලො ගැන කියල තියනවද..?‘
මට විශ්වාස නෑ දැහැමි උඹ මෙච්චර දවස් කිව්වේ කෙල්ලෝ එපා කියලනේ?.
‘ඒත් දැන් ඔනේ ඒ අනුත්තරාව..නැත්තං එපා..‘
‘හරි මං ට්‍රයි කරල බලන්නම් කො...හැබැයි පුතේ කෙල්ලගෙ ටිකක් ගණං..‘
‘අපෝ..ඔව් මං දන්නවා මගේ දිහා නිකංවත් බලන්නෑනේ..හරි ආඩම්බරයි..‘
‘අනේ නෑ දැහැමි..අනුත්තරා හරිම අහිංසකයි.., මම සෙට්කරල දෙන්නම්.හැබැයි මට පොරොන්දුවක් වෙන්න ඕන..‘
‘මොකක්ද?..‘
‘නංගිත් එක්ක විහිලුනම් කරන්න එපා..ඒ කිව්වේ බොරුවට ආදරේ කියල ටික කාලෙකදි අත් හරින්නෙපා..පව් ඒ කෙල්ල හරි අහිංසකයි..මං උඔට කිව්වෙ, මගේ අයියට මං කතා කරන්න හිටියේ අනුත්තරාව..., මං අනුත්තරාට ඒත කිව්ව ...එකී මගෙ අයියව දැකලවත් නැතුව කැමති වුනා.මං හොද නිසා අයියත් හොද ඇතිලු හරිම අහිංසකයි..දැහැමි මං දන්නව මගෙ අයියට වඩා අනුත්තරාට හොද උඹ හැබැයි උඹ අර පොරොන්දුව මට වෙන්න ඕන..‘
‘ඉරේෂා උඹ තාම දැහැමිව තේරුම් අරන් නෑ...මට කිසිම දෙයක් කුලියට එපා.මං ගන්නව නම් ගන්නේ සින්නක්කරයට ඔප්පුත් එක්ක.නැත්නං එපා..‘
‘හරි අපි ට්‍රයි කරලා බලමුකො.‘
එල.... !!
==========
වියෝ වූ පසුවයි දැනේනේ ප්‍රේමයේ අභිමන්
හැඩු දා කඳුලයි දකින්නේ සිනහවේ සරදම්....!
.
ඉවුරු දෑලේ ඉඳ බැලූ විට ගඟ හැඩයි කදිමයි
දියට වන් විට එවන් ගගුලම බිහිසුණුයි චණ්ඩයි.. !
.
හඳක් නැති දා අහස් තලයට තරුව දෙයි සැනසුම්
පුන් පොහෝදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්
......
========= 

Thursday, March 20, 2014

===== මගෙ ජීවනේ ගීයෙ ඇගෙ හඬ නොවේනම් ===== හද වෙණෙහි සත්සර සදා ගොලු වුනාදෙන්.. =====



අනුත්තරා නැති පළවෙනි දවස ..........



ඔයාට මතකද මම ඇක්සිඩන්ට් වුන දවස..
යූත් එකේ ඔක්කොම එක්ක ඔයා ආව මාව බලන්න... එදා මගේ ජිවිතේ ගැන දොස්තරලටත් විශ්වාසයක් තිබුනේ නෑ..
මතකද.... අනික් ළමයි ටික යනකං ඉදල මම ඔයාගේ අතින් අල්ලල මගේ ඇදෙන් වාඩිකර ගත්ත... ඒ ඔයාගෙන් ඈත්වෙලා හිටපු නිසා ලැබුණේ නැති උණුසුම ආදරය ආපහු මතක් කරගන්න...එවෙලෙ මං හරියට බයවෙලයි හිටියෙ...මම කවදාවත් කැමති වුනේ නෑ ඔයාට දුකක් දෙන්න.ඔයාට මතකද මම ඔයාගේ ඔලුව අතගාන ගමන් කියපුව...
‘අනුත්තරා ඔයා දන්නවනේ මේ ඔපරේෂන් එක සාර්ථක වුනොත් විතරයි මම ජිවත් වෙන්නේ...නැත්තං නෑ.. සමහර විට මගෙ එක පැත්තක පණ නැතුව යයි කියල ඩොක්ටර්ස්ලා කියනවා..‘
‘මට ඔයාට කියන්න දෙයක් තියනවා අනුත්තරා..‘
‘කියන්න ඉතිං.... නැත්නම් මං ගියහම හිතේ හිර කරගෙන ඉන්නේ නැතුව‘
‘අනුත්තරා බැරිවෙලා හරි දොස්තරවරු කියන විදියට මගේ පැත්තක් පණ නැතිවුනොත් ඔයා මොකද කරන්නේ.‘
‘මොනවා කරන්නද ඉතිං හිටිය වගේම එයත් එක්ක ඉන්නවා..ඇයි හිතුනද ඔයාව දාලා යයි කියලා.මේ කෙල්ල එහෙම නැ අයියේ..මට පුලුවං විදියට මම ඔයාව බලා ගන්නම්...‘
‘එපා අනුත්තරා මම එයා ඔහොම කියයිකියලා දැනගෙනමයි ඇහුවේ..එපා ..බැරි වෙලා හරි දොස්තරල කිව්ව දේ වුනොත් ඔයා ගෙදරින් ආව යොජනාවට කැමති වෙන්න..‘
‘අනේ අයියා ප්ලීස් ඕක නවත්තන්න....මාව අඩවන්නද හදන්නේ?
‘නෑ අනුත්තරා මං ඔයාට එන්න කිව්වේ මේක කියන්නමයි .සමහර විට මං මැරුණොත්...‘
‘එපා මං යනවා යන්න මෙතනින් ඔයා හරි නරකයි අයියා..‘
අඩාගෙන යන්න හදපු එයාව ආපහු ඇදලා ගත්තා ඔයාට මතකද...
බැරිවෙලා හරි මට මොනවා හරි වුනොත් මම කියපු විදිහට කරන්න මම දැන්ම ඔහොම කිව්වේ මට සමහර විට ආයෙ අවස්ථාවක් ලැබෙන්නේ නැතිවෙයි.. මං කැමති නෑ අනුත්තරා ඔයා පණ නැති මිනිහෙක් බැදලා ජිවිතේ කාලකණ්නි කරගන්නවට.මං කැමති ඔයා සතුටෙන් ඉන්නවා දකින්නයි..මට හැමදාම ඔන වුනේ ඒක..මට පොරොන්දු වෙන්න මට මොනවා හරි වුනොත් ඔයා ගෙදරින් ගේන යොජනාවට කැමති වෙනවා කියලා..‘
‘අයියා එයා දුකින් ඉන්න කොට කොහොමද මම සතුටින් ඉන්නේ..අපි දෙන්නම සතුටින් ඉමු..හරි අයියා ඉස්සෙල්ල බලමුකො ඔපරේෂන් එකට මොකද වෙන්නේ කියලා.මට දුකයි ඔන්න අද ඔයා මාව  ඇඩෙව්වා...‘
එහෙම කියාගෙන ඔයා චුටි නංගි ගාවට ගිහින් හොදටෝම අඩනවා මං බලාගෙනයි අනුත්තරා..මට සමාවෙන්න ඒ වෙලාවේ මට කරන්න වෙන දෙයක් තිබුනේ නෑ මම එදාඑහෙම කිව්වෙ ඔයාට ආදරේ නිසා..!
මගේ ඔපරේෂන් එක සාර්ථක වෙලා මං ගෙදර ආව දවසේ වැඩියෙන්ම සතුටු වුනෙත් ඔයා කියල මම දන්නව මට ආයෙ වැඩකරන්න  පුලුවං වෙච්ච එකෙන් මං සතුටු වුනා..ඒ මොකද මම හිතාගෙන හිටියේ ඔයාගේ අම්මයි තාත්තයි එක්ක කතා කරන්න ඔයාලගෙ ගෙදර එන්න...
            මට එහෙම ආදරෙන් හිටිය ඔයා කෙහොමද එහෙම එකපාරටම වෙනස් වුනේ..? එදා ඔය චුටි නංගිත් එක්ක ඇවිත් ඔයාගේ වෙඩින් කාඩ් එක මගෙ අතට දෙනකොට ඔයාට දුක හිතුනේ නැද්ද..?

“ මම ගලක් කියලද හිතුවෙ.එහෙම නැත්නම් ඔයා ගලක් වෙලාද ? ....අනුත්තරා.....
එහෙම නැතිනම් වටේ ඉන්න අයගෙ අත්වල තියෙන ගල් වලට බයෙන් ද ඔයා එහෙම කලේ !!
මට මේක හීනයක්  වගේ...සතියකින් ඔයාගේ වෙඩින් එක තිබුනා..ඒ කියන්නේ ඔයා බදිනවා ඔයාගෙම ආදරේ අයියව නැතුව වෙන කෙනෙක්ව...මට පිස්සු හැදෙයි අනුත්තරා ....මට ඔයත් එක්ක කතා කරන්න එකම එක අවස්තාවක් ලැබුනා නම්....
ගතින් ලෙඩ වුණාම ඕන තරම් මිනිස්සු අපි වටේ ඉන්නව.. බෙහෙත් කරනව.. අපිව බලාගන්නව .. අනුත්තරා.. ඒත් අපේ හිත ලෙඩ වුණාම !!!!
ඒක කවුරුත් දන්නෙත් නෑ.. ඒක සුව කරනන් බේතුත් නෑ.... !!!!

මට මතක් වුනේ මගේ සහෝදර තිලිණ ප්‍රියාලාල් ලියපු කවියක් !

එකට ඇවිලුණු
එකම ගින්දර,
හීන් නූලෙන්
අපට ලංවෙති. .

මගේ ඉරණම
අසා ඵල නැත,
සබඳ ඇය නම්
මල් වෙඩිල්ලකි. 


සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
ගලෑ කඳුළු ගංගාවෙ ඇය දැන් කිඳීලා
ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා
හැදූ මවුනි පියතුමනි කරුණාව පාලා...
.
මට මේක දඟ ගේකි දෙන වේදනාවන්
සතුටයි දුකයි කඳුල එකසේ දරා මං
සැනසී සිටින්නෙම්ද ඇගෙ දුක බලා දැන්
සුවසෙත පතා දෙන්න ආසිරි දයාවෙන්
.
රජ දහන වැලි කතර වුව උරුම වේ නම්
මට ඈගෙ පිලිසරණ මතු වාසනාවන්
මගෙ ජීවනේ ගීයෙ ඇගෙ හඬ නොවේනම්
හද වෙණෙහි සත්සර සදා ගොලු වුනාදෙන්..
====== 

--- කුරුළු ---