Wednesday, March 26, 2014

= සුහදිනියේ සඟවන් සෘජු බැල්මේ ඇරයුම් - දෙවියන් දිවැසින් කල ප්‍රතිමා වී දිලෙනා = = සඳ නිලියේ ඔබ නම් සැනකෙලියයි මගෙනම් - කවියන්ගේ දෑසේ රස සීමා පනිනා ==

කුරුළු
ඇයි මේ මොකද වෙන්නේ ඈ...අනුත්තරා පරක්කු මෙච්චර...අපි කොච්චර ආසාවෙන්ද ඉන්නේ කියවන්න...
ඇයි එහෙම පරක්කු වෙන්නේ...
අනුත්තරා කථාව පරක්කු වුන නිසා කීප දෙනෙක්ම මගෙන් එහෙම ඇහුවා.ඒත් මොනව කරන්නද අප්පා මටත් වැඩනේ..අනුත්තරා ලිය ලිය හිටියම කෝමද මං කන්න බොන්න කීයක් හරි හොයා ගන්නේ..එහෙම වුණාම මට මගේ සංකල්පනා නැති වෙනවනේ...
ඒ හිංදා අනේ ඔක්කෝමල්ල මට සමාවෙන්න මං මගේ පුළුවන් උපරිමයෙන් තමයි මේ ලියන්නේ...
අනික අපි පෑනකුයි කොලේකුයි අරන් වාඩි වුණාට ...කවි කතා ලියැවෙන්නේ නෑ..ඒකට හොද වෙලාවකුත් ඕන..හිත නිවෙන්න ඕන...
නැත්තෙත් ඒක...ගොඩාක් මට කියනවා ඒ අයට කවි ලියන්න බෑලු...
ඇත්ත වෙන්න බෑ..ලියන්න පුළුවන්...අපි උත්සහ කරන්නේ නෑ...
බලන්නකෝ ...අපිට චිත්‍ර අදින්න පුළුවන්ද?
මම විශ්වාස කරනවා අත් දෙක හොදට තියෙනවා නම් ඔයා අනිවාර්යෙන්ම චිත්‍ර ඇදල ඇති කියල...ලස්සන වෙන්න ඕන නෑ...චිත්‍ර කියන්නේ චිත්‍ර...
සින්දු කියන්න පුළුවන්ද?....
පුලුවන් බැරි නෑනේ...බැරි නම් බැරි...අපි නාන කැමරේදි හරි සිංදු කියනවානේ...ඇයි බොරු කියන්නේ...
නටන්න පුළුවනිද?..
පුලුවන් අපි ඔක්කොටම පුළුවන්...කවුරුත් පේන්න නැති වෙලාවට අපිම තනියෙන් නටල නැත්ද? තියෙනවනේ නිකං ඇවිදින ගමන් හරි...ඒකනේ..
ඇයි එහෙනම් අපිට කවි බැරි...
බැරි නෑ ඒකත් පුළුවනි...
පද හතරයිනේ අප්ප ඕනේ..
ලියන්න...ලියන්න...ලියන්න...
අද පටන් ගන්න...හෙට ඔයා කවියක් ලියනවා සත්තයි...

අනුත්තරා නැති හයවෙනි දවස
.



ඔයාට මතකද.....
අපි ඉස්සෙල්ලම තනිවෙච්ච දවස..යූත් එකට ආපු දවසෙ කට්ටිය අපිට විහිලු කරපු හැටි...පාටි ඉල්ලපු හැටි..මම ආපුවහම අපි දෙන්නව එකට තියල ෆෝටෝ ගත්තු හැටි..ඔයාගේ ඇස් වලට කදුළු ආපු හැටි..බංකුවෙ මට ඈතින් වාඩිවෙලා ලැජ්ජාවෙන් බලං හිටපු හැටි...
    ඊට පස්සෙ දවසක සර්ල අපිව දැක්කම බයවුන හැටි...ඒ හිංද මම බැනුම් අහපු හැටි...පස්සේ අත් අල්ලගෙන තුරුළු ‍වෙලා ඇවිද්ද හැටි...
ඔයාට මතකද...
මම ඔයාව ඇරලවන්න ඔයාගේ ගෙවල් ළග හන්දියට ආපු හැටි..ඒත් ඒ එක දවසයි...එදායින් පස්සේ ඔයා මට එන්න දුන්නේ නැහැනේ..මමත් කැමති වුනේ නෑ ඔයාට කවුරුත් නරකක් කියනවට..
අපි කොච්චර නං තැන්වල ඇවිද්ද ද?...
මතකද...
    සත්තුවත්තේ දී ඔයා පඩියකින් ලිස්සල වැටෙන්න ගිහින් මම අල්ල ගත්ත...කකුල තුවාල වෙලා බෙහෙත් දැම්ම...
මතකද...
    ගෝල්ෆේස් එකේදී එක මනුස්සයෙක් හේතුවක් නැතිව බැන්න...අපි හිනා වුණා..එතකොට...
    විහාර මහා දේවි පාර්ක් එකට ඔයා එන්න බෑ කියපු හැටි...ඒකෙ ජෝඩු ඉන්න පැත්තට ඔයා ලැජ්ජවුන හැටි..
දෙයියනේ ඔයාට ඒක මතක නැද්ද අනුත්තරා...
මතකද...මතකද...මම දවසක් ඔයාට කිව්වා....
අනුත්තරා කවද හරි අපි දෙන්න ඈත් වුනොත් ඔයා රෑට එලියට ඇවිත් මට කියන්න තියෙන ඔක්කොම හදට කියන්න.හද ඒ ඔක්කොම අහගෙන ඉදිවී..අහගෙන ඉදලා මට කියාවී..
‘එහෙම කියන්න එපා දැහැමි අයියේ අපි කවදාවත් ඈත්වෙන්න හොද නෑ‘
    මට නම් ඔයාගේ ඒ වචන අද වගේ මතකයි අනුත්තරා...
ඊට පස්සේ අවුරුදු කීයක් අපි එකට කාලෙ ගත කලාද...හැම සතියකම මුණ ගැහුණ ...කථා කලා...ආදරේ කලා..වෙලාව යනවා අපිට දැනුනේ නෑ...දවසම ඔයත් එක්ක ඉදල හවසට ඔයාගෙන් සමු අරන් යන කොටම හැමදාම ඇතිවුනේ දරාගන්න බැරි දුකක්..
ඔයාටත් එහෙම වුණා කියල මම දන්නව අනුත්තරා...
මට කේන්ති යන එකම හේතුවයි මේ ලෝකේ තිබුනෙ...
ඒ ඔයාගේ ෆෝන් එකට වෙන අය කෝල් කරන එක...මතකද...
    ඔයා දෙවැනි මනමාලි වෙලා හිටපු මධු අක්කගේ මගුල් ගෙදරදී ඔයාගෙ නම්බර් එක අරගෙන කොල්ලෙක් ඔයාට කෝල් කර කර කරදර කරපු හැටි..ඔයා උගේ නොම්බරේ දුන්නහම මම බැනල යවපු මැසේජ් එක වැරදිල ඔයාට එවපු හැටි....
මතකද....
    කවුදෝ කුමාර කියල කෙනෙක් ඔයාගේ නොම්මරය කොහෙන්දෝ ඉල්ලගෙන රී ලෝඩ් කරකර මැසේජ් කරපු හැටි...මට කේන්ති යන නිසා ඒ නොම්මරය මට දුන්නේ නැතිව හංගපු හැටි...
    ඔයාට මතකද ඔයාගෙ ඔලුව රිදෙන කොට මගේ උරහිසට හේත්තු වෙලා නිදාගත්ත හැටි...මම ඒ උනුසුමට ආදරේ කලා..
අනුත්තරා...ඔයාට මතකද ? ඒ ලොකේ කොච්චර සුන්දරද කියල ..? ඔයයි මමයි විතරම විතරයි ඒලෝකේ හිටියේ...
    ඒත් ...අද  ඒ ලෝකේ මම විතරයි....
‘නුඹ සිටියා
මම ආවා
නුඹ ගියා
මම සිටියා...‘
අපේ ත්‍රිමාණ නොටිස් බෝඩ් එකේ අමිල මල්ලි ලියපු කවියක් එක පාරටම මගෙ මතකෙට ආව...

=============
සුහදිනියේ සඟවන් සෘජු බැල්මේ ඇරයුම්
දෙවියන් දිවැසින් කල ප්‍රතිමා වී දිලෙනා
සඳ නිලියේ ඔබ නම් සැනකෙලියයි මගෙනම්
කවියන්ගේ දෑසේ රස සීමා පනිනා
හීනෙන්  රෑ ලං වූ සුවඳක් සේ ලඟ උන්
සංවරියේ රන් සිත කෝ මා පිණනා
.
වාත්තු කර ඇති දේහ තලාවට
 හේත්තු වෙන්නද හෙවනැල්ලෙන්
කාන්ති විහිදෙන නයන ඉනාවට
සාන්තුවර සිත ගිනි දැල්වේ...
හොර රහසේ හොර හිත පතනා ඒ පැතුමේ
දඟ මෙනෙවිය ඔබ මා මත් කල
අරුමැසියයි මෙලොවේ
.
වීණා බද වට කැරකෙන වරලස
අණදෙන හෘදස්පන්ධනයනේ
සුසුමේ රිද්මයටම රඟ දෙයි ඔබ
මගේ පෘතග්ජන සිතිවිල්ලෙන්
හොර රහසේ හොරහිත පතනා ඒ පැතුමේ
රතු නළඟන මගේ හිත අවතැන් කල එකම ලඳයි මෙලොවේ..
===
http://www.youtube.com/watch?v=X0d_l_CpMuQ
---- කුරුළු--

6 comments:

  1. ඔබේ ලිපි කියවන විට තරුණයා පුවත්පත මතක්වෙනවා. ඔබේ ලිවීමේ හැකියාව ගොඩක් ඉහලයි. අවකාශයක් තිබේනම් නවකතාවක් එළිදක්වන්න.

    ReplyDelete
    Replies
    1. කරන්න නම් ආසයි ! බලමු බොහොම ස්තුතියි දිරිමත් කිරීමට

      Delete
  2. හෑ බං ඔය ලෝකේ වෙන කව්රුවත් ඉන්න විත්තියක් අන්ධ බොලා දැකල නෑ.. ජය වේවා..

    ReplyDelete