Monday, March 17, 2014

=== පිපෙන්නට තව බොහෝ කල් ඇති පොහොට්ටුටත් පෝ දාට පුප්පති... ====



පිපෙන්නට තව
බොහෝ කල් ඇති
පොහොට්ටුටත්  පෝ
දාට පුප්පති...
..
බලෙන් මෙන් කට තුලට
රිංගා, ඇගිල්ලෙන් පෙති
ඈත් කරවති..
...
එන්න නියමිත
දාට කලියෙන්
බඩ පලා ලදරුවන්
අරගති...
..
පිපෙන්නට තව
බොහෝ කල් ඇති
පොහොට්ටුටත්  පෝ
දාට පුප්පති...
...
අනේ කිසිවක්
නොදත් ඒ මල්
අදත් බුදු හිමි බලා
හිනැහෙති.. !
.
සුව කැමැත්තෙන්
පිපෙන්නට කිසි 
මලක් වෙත අපි
ඉඩක් දී නැති.
.
-- කුරුළු---

9 comments:

  1. ස්වභාව ධර්මයට කෙනහෙලි කම් කරන එක අපේ පුරුද්දක් නේ

    ReplyDelete
    Replies
    1. දැකල ඇතිනේ අතින් පුප්පන මල් වගේම සීසර් සැත්කම් !

      Delete
  2. බඩපලා දරුවන් අරගන්නේ වෛද්‍ය හේතූන් උඩනේ... ඒකයි පොහොට්ටු පුප්පන එකයි සමාන කරන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. ඒ ඉස්සර දැන් පාසැල් වෙනුවෙනුත් එහෙම කරනව

      Delete
    2. වෛද්‍ය හේතුන් වලට අමතරව කෙහෙල් මල් කේන්දර කාරයන්ගේ කීමට හොදවෙලවල් වලට් වගේම කුරුළු කියන්නෙහෙ අදයාපන තරගයේදී ජනවරියේ එලිය දකින්න ඉන්න සිගිතන්ව දෙසැම්බරයේ ගන්නවා

      Delete
  3. ලබු කබල් ගැලවෙති....
    පාෂාණයෝ ඉල්පෙති....
    මැඩි පැටියෝ කෲෂ්ණ සර්පයින් ගිලිති.....
    කවුඩුවෙක් රන් හසුන් පිරිවර කොට ඇත්තෙකි...
    එළුවන්ට බියෙන් වෘකයෝ තැතිගනිති...
    විපර්යාසයක් පවතී..
    මේ ස්වප්නයින්ගේ නිෂ්පත්ති
    මේ කාලයේ නොවේ...

    ඉතිකින් අපි
    බලා හිඳිමු

    ReplyDelete
  4. සොබාදහම එක්ක අපේ එවුන්ට තියෙන්නෙ අහිංසක ගණුදෙනුවක් නෙවෙයි. මාරාන්තික සටනක්. හැබැයි කවදාවත් සොබාදහම අභිබවා යන්න නම් බැරිවෙයි

    ReplyDelete
    Replies
    1. මොන ! ටිකක් හයියෙන් පිම්බත් - පිටාර යන්න ඇඩුවත් අපි පරාදයි !

      Delete