Sunday, May 17, 2015

== කල්පයක්‌ කියන්නෙ තප්පරෙන් බිදක්‌නම්. - ------------------- සාර සන්ක්‍ය කල්ප ලක්‍ෂයක්‌ ==මන් ඔබට තුරුලුවී නිදි බරව උන්නා... ====


.
+ ගුඩ් මෝනින්....
- යෙස් වෙරි වෙරි ගුඩ් මෝනින් ටු යු...
+ අහ් ඉංගිරිසියෙන්මයි නේද වැඩ..
- යෙස් යෙස් අයි ඈම්..
+ ඒකනෙ වැඩේ මට උදේට ඉංගිරිසි බැනෙ
- ඇයිඒ ???? හරි වැඩක් නේ
+ නැ ඒක වැරදි වැඩක් අනේ.. මම ගියේ නයිට් ක්ලාස් .. හැමදාම හවස හයාමාර විතර වෙනකොට යාන්තං ඉංගිරිසි කටට එනව.. දවල්ටනං කෝමත් නෑ අනේ..
- අනේ මේ යනව යන්න
+ ඇත්තමයි අනේ .. අනික මම ගියේ ස්පෝකන් ඉංග්ලිෂ් එකකට මම යනකොට ටිකක් පරක්කු වෙනව හැමදාම.. ඉතින් හැමදාම පාඩම ඉවරයි.. ඔන්න ස්පීකින් ඉංග්ලිෂ් එකකට ගියානං මට හරියට ඉගෙන ගන්න තිබුණ...
- ඔයා එන්න මගේ පන්තියට. මම කියල දෙන්නම්...
+ හා හරි හරි එහෙනම් මම තියනව..
- මොනවද අප්ප ගුඩ් මෝනින් කිවුව ගමන් තියන්නෙ.. ඇයි වැඩද අදත්
+ නැ අද නිවාඩු දවසනෙ මම ටිකක් නිදාගන්නව
- මොකක් ?? ගුඩ් මෝනින් කියල ආයෙ නිදියනවද ?
+ නැතිව ඉතින් මම හැමදාම එහෙමයි. ඔයාට ගුඩ් මෝනින් කියල ඉවර වෙලා ආයෙ ටිකක් නිදියනව..
- කපටියා..... අනේ නිදියන්නෙපා සුදු අයියෙ.. මේ එන්නකො වැඩත් නැති ඒකේ මම ඔයාට ලස්සන කතාවක් කියන්නම්.. මම ඊයෙ අහගත්තෙ කැම්පස් එකෙන්..
+ එපා දැන් කියන්නෙපා හවසට කියන්න මම නිදියනව..
- අනේ ඒක ලස්.....සනයි.... අහල නිදියන්නකෝ... නුපුරු වෙන්නෙ නැතිව..
+ හම් හරි කියන්නකො... නැත්තං මට නිදියන්න වෙනේනෙ නැනෙ.. ඔය බෙරි වුන මූන හීනෙනුත් පේන්න ගනි..
- මගේ හොද අයිය.! ඔයා දන්නවද එකතාවෙ නම්.. ලුනු කෝපි“..!
+ හ්ම් කියන්නකො
- ඔන්න කෙල්ලක් හිටිය ලස්සන.. එයාට ආදරේ කරන කොල්ලෙකුත් හිටිය. හැබැයි කොල්ල කියන්න බයේ හිටිය කේල්ල එයා ආදරෙයි කියල මොකද ඒ කෙල්ල මම වගේ.. කොල්ලොන්ව වැඩිය ගනන් ගන්නෙ නැ.. එයාගෙන් යාලු වෙන්න අහන කොල්ලොන්ට බනිනව..
+ අහ් එකම ලෙඩේ
- අනේ අහනවකො පනින්නෙ නැතිව.. තින් මේ පිරිමි ලමය දවසක් බලං ඉදල ඒ ගැනු ලමයට ආරාධනාවක් කලාලු කෝපි කෝප්පයක් බොන්න..ඉතින් ඒ ආරාධනාව වැදගත් විදියට කරපු නිසා ගැනු ලමයත් පිලිගත්තලු.. ඉතින් දෙන්නත් එක්ක කඩේට ගිහින් මුනෙන් මුන බලන් ඉන්නවලු.. දැන් පිරිමි ලමයට කතාව පටන් ගන්න විදිහක් නැතිව බලන් ඉන්නවලු..
+ හ්ම්
- ගැනු ලමයත් බලං ඉදල ඉදල මෙයා කතා කරන්නෙත් නැති නිසා කිවුවලු එහෙනම් මම යන්නද කියල.. ඔනන් එතකොටම වේටර් ඇවිල්ල කිවුවලු මොනවද සර් ඔන කියල.. මේ පිරිමි ලමය කිවුවලු මට ලුනු දාපු කෝපි එකක් ගෙන්න කියල..ඇත්තටම එයාට කියන්න ඕන වුනේ සිනි දාපු කෝපි එකක් හොදද. එත් කලබලේට එයාට කියවුනේ ලුණු කියල.. වෙට්ර්ත් පුදුමෙන් බලන් ඉදල ගිහින් මෙයාට ලුනු දාපු කෝපි එකක් දුන්නලු.. සුද අයියේ ඔයා නිදිද.. කෝ
+ ආ නැ මම අහගෙන
- ඔහොම බැ අනේ හ්ම් හ්ම් කියන්න නැත්තං ඔයාට නින්ද යයි..
+ හ්ම්.. හ්ම්...
- හරි ඉතින් අර ගැනු ලමය බැලුවලු ලුණු දාල කෝපි බොන්නෙ ඇයි කියල.. පිරිමි ලමය කිවුවලු ඒක එයාගෙ පුරුද්දක් එහෙම බොනකොට හරිම රහයි කියල.. කොහොම හරි කතා කරගන්න බැරිව හිටි දෙන්න ලුනු දාපු කෝපි නිසා දිගින් දිගටම කතා කරල අන්තිමට කාලයක් ගිහින් විවාහ වුනාලු..
+ හ්ම්..
- ඒ ගැනු ලමය හැමදාම අර පිරිමි කෙනාට ලුණු දාපු කෝපි කොප්පයක් උදේට හදල දුන්නලු එයා ආස නිසා.. ඉතින් ජිවිත කාලෙම ඒ ලුනු කෝපි උදේට බිල වැඩට ගියාලු.. දෙන්න වයසට ගියාම අර පිරිමි ළමය මැරුනලු.. ගැනු ළමයත් දුකින් අර පිරිමි කෙනොගෙ බඩු මුට්ටු අස් කරනකොට ලියුමක් හම්බුනාලු .. ඒකෙ තිබුනෙ මොනවද දන්නවද ?
+ නැනෙ..
- එකෙ තිබුනලු මෙහෙම..
ආදරණිය මේරි, ඔයා දන්නවද ලුණු දාපු කෝපි එකක තියෙන ඇඹුල. මම ජීවතේට ලුණු දාල කෝපි බොන්න ආස කෙනෙක් නෙවේත ඒත් ඔයාව මුන ගැහුන පලවෙනි දවසෙ මට සිනි වෙනුවට ලුනු කියල කියවුනා. එතැනින් පස්සෙ අපි ගොඩකා් කල් ආදරෙන් හිටිය.. ඔයා හැමදාම මට ලුනු දාපු තේ එකක් දුන්න.. ඒක කොච්චර ඇඹුල් වුනත් මම හරි ආසාවෙන් ඒක බිවුව මේරි. ඒ මොකද මට එක් බොන හැම වතාවෙම අපි දෙන්න මුන ගැහුන හැටි මටත් වෙනව.. මම හැමදාම ඔ්යාට ආදරෙයි මේරි.. කියල. ඉතින් ගොඩාක් අඩපු ඒ මේරි කියන කෙල්ලත් එදා ඉදන් මැරෙනකම්ම කෝපි වලට ලුණු දාල කෝපි බිවුවලු...
+ හ්ම්.........
- හ්ම් නෙවේ.. දැක්කද ආදරේ .. අන්න එහෙම ඉිගෙන ගන්නව ආදරෙ කරන්න.. ලස්සනයි නේද මගේ කතාව අයියෙ..
+ ලස්සනයි හැබැයි මම ඒක අහල තියෙනව
- මොකක්.. මොඩයෙක්නෙ අනේ ඔයා.. අහල තියෙනව කිවුවනම් මම වෙන එකක් කියනවනෙ..
ඇයි මට කිවුවෙ නැත්තෙ අහල තියෙනව කියල..
+ ඒකත් ලුණු කෝපි වගේ
- එ් කිවුවෙ ??
+ හ්ම්.. නැ ඉතින් ඔයා හරී ආසාවෙන්නෙ කිවුවෙ කතාවක් කියන්නම් කියල මට ලෝබ හිතුන ඔයාව නවත්වන්න.. මම ඒක අහල තිබුනත් ඒකයි මම අහන් හිටියෙ..
- අනේ... උම්මා.. ආදරෙයි මං ගොඩා....ක්...... මේ එක නෙවේ මම තව එකක් කියන්නද ? නෑ.. ඔයා මට එකක් කියන්න අහං ඉන්න..
+ දැන් බැ මම නිදියනව.. රෑට කියන්නං..
- හ්ම් හා නපුරා.. හීනෙං බය වෙලා ඇදෙං වැටියං මයෙ අම්ම...
+ හරි ඔයාව පෙනුනොත් එහෙම වෙයි.. තියනවා.... බුදු සරණයි......!!!
================================
ඉර හඳට වඩා අපි ඈත බව දන්නවා....
ඒ උනත් අහම්බෙන් එකම එක මොහොතකට...
ඔබට මා හමුවෙලා....
දැන් ඉතින් වෙන කුමක්‌ කරන්නද???????//
ආදරය කරනු මිස...

මහා පතරංගෙටත් වඩා දිග කතාවක...
කොම්බුවක්‌ තරම් නැති අපේ ලව් සින්දුවේ....
අන්තරා පේලියක.......මා ඔබව ඉම්බා....
පැය කටුව කුමකටද???ඔරලෝසු මූනකට??
කල්පයක්‌ කියන්නෙ තප්පරෙන් බිදක්‌නම්....
සාර සන්ක්‍ය කල්ප ලක්‍ෂයක්‌..
මන් ඔබට තුරුලුවී නිදි බරව උන්නා...
ඔබේ තොල් පෙති වැදී මගෙ නලලේ කොනක...
කේශනාලිකාවක්‌ පිපිරුනා...
දැන් ඉතින් වෙන කුමක්‌ කරන්නද?????????
ආදරය කරනු මිස????...
=============== athula adikari..
--කුරුළු--

Song –

https://www.youtube.com/watch?v=G3FF1DsjXUg

Friday, May 1, 2015

නමක් නැති ලිපි 05

- මොකෝ මේ ළමය තාත්ත එක්කන් ආවෙ නැත්තෙ

ඔහු කිසිත් නොකීවේය.. හැඳ සිටියේ ඉහළ පැලැන්තියේ ඇදුම්ය. පෙනුමෙන් නම් පොහොසත් වගේම වැදගත් පවුලක දරුවෙකි. කැරලි ගැසුනු අක්බමරු කොණ්ඩය පීරා තිබුනේද නැත. තද කලු පැහැ වීදුරු බෝල දෙකක් මෙන් දිලිසුනු දෑස බිමට හරවාගෙන පන්තියේ ගුරුතුමිය ඉදිරි පිට නොසැලී සිට ගෙන සිටියි. උරහිසට කිට්ටු වන තරමටම දිගු වූ කන් පෙති ඇත්තෙකි. සමෙහි පැහැයද මුහුණුද පින් පාටමය.. කිසිත්ම නොකීවෙන් ගුරුතුමියගේ ඉවසීමේ සීමාව කෙලවර වෙමින් තිබේ.

- ඇයි ළමයො කතා නැත්තෙ.. පුතාට තාත්තව එක්කන් එන්න කියල මම කොච්චර කියනවද? ඇයි පුතා තාත්තව එක්කන් ආවෙ නැත්තෙ..
පුංචි දෑසින් ගලා හැලුනු කඳුලු කැට දෙකක් කකුලේ මා පට ඇගිලි දෙකට මඳක් එහායින් පතිතවිය. 

+ අප්පච්චි නෑ.....

- පුතාගෙ අප්පච්චි නැත්ද ? එයා නැති වෙලාද ? 

නැ ටීචර් එයාගෙ තාත්ත එයාව දාල ගිහිල්ල... එයා ඉපදුන දවසෙම. අපෙ අම්මල කියල තියේනනෙ එයා එක්ක කතා කරන්නවත් එපා කියල....

ඔහු ගුරුතුමියගේ මේසය ලඟ දණ ගසාගත්තේය... කිසිත් නොකියා තම දෑතේ අත්ල ගුරුතුමිය වෙත පැවේය... දෑතේ අතගැලි සියල්ල එක සමානය. අසාමාන්‍ය පිහිටීමකි...

+ ඔවු ටීච මගේ අප්පච්චි මාව දාල ගිහින්. මම අප්පචිව දැකල නැ. මට අප්පච්චිව ගේන්න බෑ ඉස්කෝලෙට. ටීචත් මට දඩුවම් කරනවනම් කමක් නෑ....

- ඇයි එහෙනම් පුතාගෙ අම්මව එක්කගෙන ආවෙ නැත්තෙ..

+ අම්මත් නෑ..

- ඒ ඇයි අම්මත් පුතාව දාල ගියාද..

+ නෑ ලොකු සීය අම්මත් එක්ක තරහ නිසා අම්මව එයාගෙ ගෙදර යැවුව..අම්ම නිසාලු අප්පච්චි ගෙදරින් ගියේ..

- පුතා ඉන්නෙ කාත් එක්කද ?

+ මම ඉන්නෙ ලොකු සීයගෙ ගෙදර..

- මම පුතාට ගහන්නෙ නැ කෝ මෙහෙන් එන්න මගේ ලගට..

* චීටර් අපෝ එයාව ලගට ගන්නෙපා අපේ අම්මල දැන ගත්තොත් අපිව පන්තියට එවන එකකුත් නැ.. අපේ ගමට මෙහෙම වෙලා තියෙන්නෙ එයාගෙ අප්පච්චි ගම දාල ගිය නිසාලු. ඒ සේරොටම හේතු මෙයා ඉපදුන එක කියලයි අපිට කියල තියේනනෙ.. මෙයා යන යන තැන හරියන්නෙ නැ කියලයි අම්මල කියන්නෙ..

- කමක් නැ කෝ පුතා එන්න මෙහෙට..

වදනකුදු නොදෙඩූ ඔහු සෙමෙන් හිස ඔසවා ගුරුතුමිය දෙස බැලීය.. පුළුල් නලල් තලයත් එහි වූ දකුණට කැරකුනු කෙස් රොදත් දුටුවේ එවිටය..එවේලෙහිනම් ඔහුගේ මුවෙහි යන්තම් සිනා රැල්ලක් තිබුනි.. මේ නම් ඒකාන්තයෙන්ම ඔහු විය යුතුය.මේසය වටෙන් ගොස් ඔහු ගුරුතුමියගේ අතින් ඇල්ලා ගත්තාය..

+ ලොකු සීය අම්මට සමාව දෙයි නේද ටීචර්. අප්පච්චි ආයෙ එයි නේද ටීච අපිව බලන්න..අප්පච්චි ගියේ අපි හැමෝගෙම හොදටලු.. අම්ම මට කිවුව. අප්පච්චි එක්ක කවදාකවත් තරහ වෙන්න එපා කියල. අප්පච්චි ආයෙ එනව කියල ගිහින් තියෙන්නෙ.. අප්පච්චි ගිහින් තියෙන්නෙ මම ඉපදුනු දවසෙ තමා ටීචර්. ඒ මම ඉපදුන නිසා නෙවේලු. අප්ච්චි මම ඉපදෙනකම් ඉදල තියේනනෙ පිරිමි ළමයෙක්ද කියල බලන්න. මට අම්මව බලාගන්න පුලුවන්නෙ ඒ නිසා අපච්චි ගිහින් තියේනනෙ... එයා ආයෙ එයිද ටීච. 

- හ්ම්.. එයි මගෙ පුතේ.. අප්ච්චිත් එයි... ඔයාගෙ අම්මත් එයි.. මගෙ පුතාට මම ඉන්නවනෙ.හොඳද.. අපි හොඳට ඉගෙන ගමු පුතා අප්ච්චි එනකොට හොදට ඉගෙන තියේනනොන එයාට පෙන්න හොදද පුතේ..

+ හා ටීචර්.. අප්පච්චි ආවම මම යනව එයත් එක්ක ටීචර්.. මම අප්පච්චිට ආදරෙයි දැකල නැති වුනත්.. අම්ම නම් හැම වෙලේම කියන්නෙ මම, අප්පච්චි වගේමයි කියල...

- මගෙ පුතාගෙ නම මොකක්ද පුතේ.. !

+ රාහුල !!
==============
------- කුරුළු---