Saturday, March 30, 2019

==== දසිස් 49 =====



( හතලිස් අටවන කොටස හා සබැඳි )
මෙය බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත.)
.
+ අහ් කච්ච දේව... දේව නේද ඔහුගේ උපන් නාමය
- එසේය කච්ච යැයි එකතු වුවේත් ඔහුගේ පාදයක කොරය නිසාවෙනුයි.
+ ගවරෙකු මෙල්ල කිරීමට ගොස් කුඩා කාලයේදි ඇති වු කොරයක් බව ඔහු පැවසුවා මතකයි...
- හහ් හහ් හහ් එසේයි කුඩා කාලයේදි නම් සැබැවක්. ආන්න ඒ ගවරා ම තමා මම ඔබවහන්සේටත් මෙල්ල කරන්න යැයි ආරාධනා කලේ..
+ ඒ කිය්නනේ කච්ච දේව ඒ ප්රාතීර්භුත කල ගවරා මෙල්ල කරන ලද්දේ කුඩා කලදීද ??????
—————————————– අද එතැන් සිට
- එසේය රජුනි කච්ච දේවයන් තරුණ වියට පැමිනෙන විටත් ඔහු ඉතා කාය ශක්තියක් පෙන්වා සිටියා. ඔහුගේ නකුල නාග ග්රාම ප්රෙද්ශයට ගවරුන් මෙල්ල කිරීමට ඔහුට වඩා හපනෙකු සිටියේ ම නැහැ.
+ හ්ම් ඔහු ගැන ඉතිහාස පුවත් අසා ඇත්තෙමි ඔහු පමණක් නොවේ මේ දස දෙනා ගැනම මම යම් තරමක් දනිමි. මා පියාණන් විසින් මේ යෝධයන් රැස් කර තිබෙන්නෙම මා වෙනුවෙනුයි හැගේ
- එසේයි ඔබ පියාණනන්ට ඒ සදහා ආරාධනා කලේ මායි
+ මොනවා අභය ඔබ පවසන්නේ මා ගැනත් මේ රාවණ දස බලයන් ගැනත් දස මහා යෝධයන් ගැනත් කාවන්තිස්ස රජුන් දැන සිටිය බවද ?
- එසේයි යම් තාක් දුරට දැන සිටියා. මා ඒ බව පැවසුවා .
+ එසේ නම් මා හට යුද්ධ කිරීමට නොදී සිටියේ ඇයිද ?
- නිසි කාලය එළැබෙන තුරුයි. කාවන්තිස්ස රජුන් ඔබ වෙනුවෙන් සියල්ල සම්පාදනය කලා . ඔබ යුද්ධ කරන බව ඔහු හොදින් දැන සිටියා ඉදින් ඔහුගේ ඇවෑමෙන් ඔබට යුධ කිරීමට අවශ්ය සියලු දේ සම්පාදනය කලා. ලකෙහි බොහොමයක් ප්රෙද්හ තමන් සමග මිත්ර කර ගත්තා. සේනාව සංවිධාන කලා . සේනාවන් බදවා ගත්තා ඒ අතරතුර ඔබ මැණියන්ගේ උදවු ඇතිව ඔබ වහන්සේව මාගමට යවා ලැබිය යුත යුධ පුහුනුව මෙන්ම රජෙකු විසින් පුහුනු කල යුතු දැන ගත යුතු කරුනු විදයාවන් ඔබට ඉගැනුනවා
+ ඒ සේ නම් පිය රජතුමන් මා දිහා බලාගෙන හිටියා මා මාගම සිටිනා විටත්
- ඔවු කිසිවිටකත් නොබලා සිටියේ නැ ගැමුනු රජුනි. ඔහුගේ සිහිනය වුයේ ඔබ වහන්සේ මේ රට එක්සේසත් කරනවා දැකීමයි. මා ඊට මග පෙන්වුවා දස බලයන් එකතු කරමින්.
+ මට මතකයි අභය මා රැගෙන යාමට කණ්ඩුල සමග මාගමට නුඹ ඇතුලු පිරිස පැමිනි දිනය යෝධයන් කිහිප දෙනෙකුත් සමග.
- එසේය රජුනි ඒ වනවිටිත් අනෙක් යෝධයන් ඔබ වහන්සේ සමග ජීවත් වීමට මාගමට මා යවා තිබුනේ. එහිදි ඔබ වහන්සේ ඔවුන් සමගම පුහුනු වනවා අප දැන සිටියා.
+ හහ හහ් හහ් හහ් මා තනිවි සැගවී සිටියා යැයි සිතා උන්නෙමි අභය
- නමුත් ඒ ග්රාමයේ නුඹ වහන්සේ ගැන දැන සිටියේ නුඹට විද්යාවන් කියා දුන් තැනැත්තා පමණයි ඔහු නිතර ඔබ ගැන සෝදිසියෙන් හා රැකවලේන් සිටියා.
+ හ්ම් ඔහු සැබැ දක්ෂයෙක් අභය.
- ඔහු ගැන දිනයක මම ඔහු ඉදිරියේම පවසන්නම් රජුනි..
+ හොදමයි.. ඉදින් කච්ච දේව ගවරෙකු වලගෙන් අල්ලා ඔසවා පොලවේ ගසනා බව අසා ඇත්තෙමි.
- එසේයි එසා ශක්තියක් ඔහු සතු වුනා එහෙත් දැන් ඔහු ඒ සිදු කරන්නෙ නැහැ.
+ ඒ ඇයි.
- හහ් හ්හ් ඒ රජුනි ඔහු දැන් ගවරුන්ගේ පාලකයා නිසා. මේ ලොව වසන්නා වූ මහිෂ කුලයේ පාලකයා නිසා ..දැන් ඔහුගේ එකායන බලාපෙරොත්තුව ගව ගෝත්රය රැකබලා ගැනීමයි.
+ එසේ නම් මුලදී පොලවේ ගැසුවේ ඇයිද
- රජුනි රාවණ දස බලයන් උපති්ත් රැගෙනාවත් ඒඒ භවයන් අනුව මතක ස්මරණය වෙනස් වනවා. මනුශ්ය භවයකදි පසුගිය භවයන් තුල පවතින්නා වූ කාය ශක්තීන් හැකියාවල් එලෙසින්ම මේ භවයට ගෙන ආ හැකි වෙනවා වාගේම ඒ ශාරීරික හැකියාවල් කුඩා කල සිටම පවතිනවා නමුත් මතකය - දැනුම - අබෝදය - විදයාවන් වැනි මානසික දැ සිහියේ පවති්නනේ ඉතා අඩුවේන.
+ හ්ම් එසේද
- එසේයි කුඩා කල ම සිවු අවුරුදු පමණ වන තුරු මනස තුල ඒවා ක්රියාත්මක වුවුත් මේ භව උත්පත්තිය අනුව කෙමෙන් ඒ මැකි යනවා. රජුනි මනා පාලනයකින් තොරවු වු ශක්තීන් ඉතා විනාශකාරීයි. දේව යන් හට නකුල ග්රාමයේදී සිදු වුයේ එයයි. තමා උගත් දැනුම හා විදයාවන් වලින් තොරව ඔහුගේ ශක්තිය පාලනය කල නොහැකිය. එය මහා ඊෂ්වරයන් විසින් ලබා දෙන ශක්තියක් නිසා පිටත කිසිවෙකුටත් ඔහුව පාලනය කල නොහැකියි.ස්වයං පාලනයකට ලක් විය යුතුයි.
+ හ්ම් ..
- රජුනි මා මේ සිදු කරන්නේද ඔබ වහන්සේට ශාරිරිකව ශක්තින් ලබා දීමට ප්රරථම මානසික ශක්තින් ලබා දිමට දැනුවත් කිරීමයි.
අපට මොන තරම් ශක්තික් හිමි වුවත් ඒ පාලනයකින් තොරයි නම් ඒ ශක්තිය මේ විශ්වයටම විනාශකාරී විය හැකිය.
මහා ශක්තීන් පාලනයට මහා විදයාවන් දැන සිටිය යුතුමයි. නැති නම්ස්වාභාවික ශක්තියක් ම අවදි වී ඒ නාසලනවා ලොව තුලිත කරීමට.
+ හ්ම් ඉතින් කච්ච දේව අරඹයා කුමක්ද ?
- දේව යන් කුඩා කල සිටම අසීමිත ශක්තියකින් යුක්ත වුවා ඔබ වහන්සේ පැවසුවාක් මෙන් ගවරුන් වලගයෙන් අල්ලා පොලවේ ගැසීම ඔහුගේ විනෝදාංශයක් ම වුවා. තමාට මෙල්ල කල නොහැකි හෝ ඔහුගේ වචනයට මෙල්ල නොවන ඕනැම ගවරෙකු ඔහු පොලවේ ගැසුවා.
+ අහෝ..
- එවිට ස්වාභාව දහමේ ශක්තිය ඉදිරියට පැමිනියා. ඔහු නොැදැනුවත්වම මහිෂ ගෝතත්රෙය් සිටිනා බලගතුම ගවරා ප්රාතීත්භුත වූවා ඔහු නසා ලීමට.
+ ඉතින් ඉතින් අභය
- රජුනි ඔහුට ඒ ගවරා නුදුරු ගම්මාන වලට වැදි වගා පාලු කරමින් ගෙවල් බිද දමනින් යන බව සැල වූ වහාම එහි ගොස් ගවරා මෙල්ල කිරීමට පිටත් වුවා. නමුත් එදින ඔහු තම පාලනයකින් තොරව දැනුමක් නොමැතිම ශක්තියෙන් පමණක් ප්රාතීර්භුත වූ ගවයා මෙල්ල කිරීමට සැරසුනේ නම් ඒ කාත්නයෙන්ම කච්ච දේව ගේ වීරත්තවය එතැනින් අවසන් වනව.
+ එසේ නොවුනේ .. ?
- එසේ යන අතර මගදි මා ඔහුව මුණ ගැසුනා රජුනි
+ අහෝ අභය ඔබ නම්.....
- මා පෙර දින භාවනාවෙන් ඒ දැක සිටියා ඉතින් මා පිටත් වුනා හිමිදිරියේම ඔහුව වලක්වන්න.
+ එසේ නම් කච්ච දේවයන්ගේ දිවි රකුයේ නුඹයි. නුඹ දස දෙනා ගැනම එසේ බලා සිටියාද
- එසේයි රජුින මුලින්ම ලක පහල වන්නේ මායි ඉන්පසුවයි අනෙකුත් නව දෙනා පහල වන්නේ ඔවුන් සිටින්නේ කොතැනකද කරන්නේ මොනවාදැයි මා හොදින් දැන සිටියා සැබවින් ම කියනවා නම් ඔවුන් උඵද්ද වන්නේ පාතිර්භුත කරන්වන්නේ මමයි.
+ මා මිත්ර ථෙරපත්ථාභයනි නුඹට ස්තුති වේවා....
- එදිනත් අතර මගදි මා දේව යන් මුන ගැසි ඔහුට ඔහු ගැන පවසා අවබෝධ කරදුන්නා. එදිනමයි මා ඔහුට ඔහුගේ පස්වැනි රුද්රාව ලබා දුන්නේ.
+ හොදිය එදින ප්රාතීර්භුත වුයේ කවුද
- ඉතිහාසගතව පවසන්නේනම් ඔබ වහන්සේ අසා නැතිව ඇති ග්රීක නම් වැසියන් විසින් අදහනු ලැබුවා “ මිනටෝර් නම් මේ ගවරාව. ගවයෙකුගේ විශාල කුලුහරකෙකුගේ උඩු කයක්ද මින්සෙකු මෙන් දෙපා හිමි එහෙත් ඒද ගව කුර සේ පිහිටියාවුද දෙපැත්තෙහිම ඉතා තියුනු තල ඇති දෙපැත්ත කැපෙන පොරෝ තලයක් සහිත ඔහුටම විශේෂ වුන ආයුධයක් ඇති අයෙක්.
+ ඉතින්
- මිනටෝර් පෙනි සිටින්නේ ඔහුගේ සාමාණ්ය ස්වරෑපයෙන් එහෙත් සටන සංකීර්ණ වත්ම ඔහු ඔහුගේ සැබෑ ස්වරූපය ආරූඩ කර ගන්නවා එවිට මෙලොව කිසිවෙකුටත් මෙල්ල කල නොහැකියි. ශිව නන්දි ඔහු හා බැදී සිටිනවා..
+ ඉතින් ඔබව අප දේවයන්ට කියාදුන්නා මෙල්ල කරනා හැටි..
- මා නම් කියා දුන්නා එහෙත් ඔහු මුලි්න් ඒ ගැන තැකුවේ නැහැ. මනුශ්ය භව යේ ස්වාභාවය අනුව තම ශක්තිය පිළිබදව ඒනැවටත් වඩා මදයින් උන්මාදව පසුවුවා....
+ ඉිතින්..
- ඉන් ලැබුන ත්යාගය තමා ඔය කකුලක කොරය..... !
+ හහ් හහ් හහ් හහ් හහ්... අනේ මගේ කච්ච දේව... ඔබ හරිම බලවතෙක් නොවැ.
--------------------------------- සෙස්ස පස්සට
--- කුරුළු --
( රාවණ ගැමුණු රජු දස මහායෝධයන් සතුව මෙවන් අසාමාන්ය විදයා / ඉන්ද්රජාල ශක්තීන් ඇතැයි මනංකල්පිතව දසිස් නමින් මා ලබන මේ ප්රභන්ධය කර්තෘ දැනුවත් කිරිමකින් තොරව කතාව ඇසුරින් සිදු කරන්නාවූ කොටස් උපුටාගැනීමක්, අනුකරණය කිරීමක්, ආර්ථික අයිතිවාසිකම්වලට කෘතිය ප්රතිනිෂ්පාදනය කිරීමේ, විකිණීමේ, කුලියට දීමේ, බෙදාහැරීමේ, මහජනයා සඳහා සන්නිවේදනය කිරීමේ සහ පරිවර්තනය කිරීම වැලැක්වීමට බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත. )
#ravana #රාවණ #රාවන #කුරුළු #දසිස්

Monday, March 25, 2019

==== දසිස් 48 =====




(
හතලිස් සත්වන කොටස හා සබැඳි )
මෙය බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත.)
.
+ වසභයන්ගේ යෂ්ටිය බුදුන් වහන්සේ සතු වුයේ නැතිද ?
- සතු වූවා ඒ එක් ම එක් අවස්ථාවක මා එය පසුවට විස්තර ඇතිව සදහන් කරන්නම්.. ඒ කෙසේ වුවත් බුදු රජාණන් වහන්සේගෙ මාර්ගය බලය හා සැපත සොයා යන ගමනක් නොවුයෙන් උන් වහන්සේට ඒ පිලිබද හඹායෑමක් තිබුනේ නැහැ. සෑම විටම පුද්ගලයා නිවා තැබීමයි උන්වහන්සේ සිදු කලේ..
+ එසෙය.. එසේ නොමැතිනම් එවන් උතුම් දහමක් නොවේනම් උන් වහන්සේ මෙහි වැඩම කල කල්හි අප යක්ෂයන් නාගයන් අසුරයන් රාක්ෂයන් ඒ වළඳ ගනීවිද අභය..
- එසේය එසේය......
—————————————– අද එතැන් සිට
+ පස්වැනි රුද්රාව කාගේද අභය ?
- රජුනි පස්වැන්න මහා ශීව විසින් තමාම නියෝජනය කරනු ලබන්නකි. මේ මුහුුනු පහ රුද්රාව ඉතා බහලු ලෙස දක්නට ලැබුනත් බලය පිහිටුනු රුද්රා අල්පය. සාමාන්ය ජීවිතයේදි මේ රුද්රාව නම් ඕනැම කෙනෙකුට ගෙල ලා ගත හැකිය.
+ එහි ඇති ප්රෙයා්ජන.
- මුහුනු පහක රුද්රාවක් පැලදීම මගින් මනුශ්ය සතත්වයා තුල වු නුගුන පහක් දුරු කරයි. එමගින් පිරිසිදු මනසක් සාමකාමි සන්සුන් සිතක් ද ඇතිවේ. භාවනා යෝගී වරුන්ට නම් කියාපු රුද්රාවකි
+ සිත තැන්පත් කරන නිසාවෙන්ද ?
- එසේය මුලදි පැවසුවාක් මෙන් භාවනායෝගින් අත ඇති ඇට එකසිය අටක ජප මාලය සාදනුයේද පංචමුඛි හෙවත් මුහුනු පහක් ඇති රුද්රා එකට අමුනමිනුයි. එපමණක්ද නොව මෙය ගුරු හෙවත් බ්රහස්පති ග්රහයා නියෝජනය කරන්නේය..
+ හ්ම් ගුරු ග්රහයාද නුවනට අධිපති යැයි අසා ඇත්තෙමි.
- එසේය ගුණ නුවනින් සේම ශරිර සොබාවෙන්ද අංග සම්පුර්ණය . ගුරුගේ මුල්වීමෙන් ඉගෙනීම, බුද්ධිය, යානවාහන, ගේදොර, ඉඩකඩම්, ගුණගරුක බව, දරුඵල, යහපත් විවාහය, ආගම ධර්මය කෙරෙහි ඇති නැඹුරුව, සැප සම්පත් විඳීම, ප්ර‌ීතිමත් ජීවිතයක් ගත කිරීම ආදි සැප සම්පත් ජීවිතයට ලගා වේ. මෙයට අධිපති මහා බලගතු මානික්ය නම් පුෂ්පරාග කහ පුෂ්පරාගයයි.
+ සතත්ව ලෝකය ගැන කෙසේද ?
- වෘෂභ නැති නම් මහිෂ ලොවයි. ගෝත්රයි.
+ හහ් හහ් හහ් හහ් වෘෂභයන්ටත් ගෝත්රක් තිබේද ?
- සිනහ නොගන්න රජුනි ඔබවහන්සේ නන්දි නම් ගවයා ගැන අසා නැතිද ?
+ අප ජාතක කතාවක විස්තර කරන්නාවු නන්දි ද ?
- ඔහු්ත් එකෙකි මා ඇසුවේ ඊෂ්වරයාගේ නන්දි ගැනය.
+ කටු රූප වල දැක ඇත්තෙමි ඊෂ්වරයන්ගේ වාහනය යැයි අසා ඇත්තෙමි. නාමය නන්දි ලෙසින්ද අසා ඇත්තෙමි එපමණකි.
- හ්ම්. ඊෂ්වරයන් විසින් තමාන් විසින්ම පාලනය කරන්නාවු බලය දෙන්නා වු පස්වැනි රුද්රාව දරන්නාගේ ගෝත්රය ලෙසින් වෘෂභ ගෝත්ර ලෙස පැවතීමටත් ප්රදානම හේතුව නන්දි වේ. මහා ඊස්වරයන් න්නදි ට එතරම් ආදරයක් ගෞරවයකින් පුදනු ලබයි.
+ හින්දු දහම රකින්නන් ගව මස් කෑම නොකරන බව අසා ඇත්තෙමි.
- එසේය ඔවුන් ගව මස පමණක් නොකෑම සිදු කරයි ඒද මේ හේතුවමය. නන්දි නම් ගවයා වෙනුවෙන් වෙනම රූපයක් සෑම දේවොලකම පාහේ ඉදි කරනු ලබයි එපමනක් නොව මහත් ගෞරවයිකින් පුදනු ලබති ඔවුන්ගේ දහමට අනුව කිරෙන් ද නහවනු ලබයි.
+ අභය අපද ඒ මස් කෑම නතර කිරීමට නිතියක් ගෙනෙමුද ?
- රජුනි ? මවිත වෙමි මේ වන විට මේ ලකෙහි මස් අනුභව කරන්නෝ කවුරුන්ද ?
+ නොදන්නෙමි. මා නොකමි...
- එසේනම් නීතියක්
+ මා සිතන්නේ කවුරුන් හෝ අනුභව කරන්නේ නම් ඊෂ්වරයන්ට ගෞරවයක් ලෙසින් අපද ඒ තහනම් කර නිති පැනවිය හැකියි.
- දැනටමත් නොකෙනෙ දැයකට නීති කුමට
+ ඒ පනවා තැබීමෙන් අනාගතයේදි වීම නවත්වාගැනිමටත් හැකිය
- ගැමුනු රජුනි , ගවයා යනු සැබැවින්ම වන්දනා මාන කිරීමට සුදුසු සතෙකි ඒ ඊෂ්වරයන්ගේ නියමයකින් නොව අප හට බත සපයා දීමට මූලිකවම කැපවන්නා වු සතත්වයකු වන්නා හෙයිනි.බත්කැඳකිරිබත්තෙලින් පිසූ බත්අඹුල් බත්සීනි සමග පිසූ බත්හකුරු සමඟ පිසූ බත්මී පැණි සමග පිසූ බත්වෙඩරු සමග පිසූ බත්තැඹ්ලි වතුරවෙඩරු හා කුළුබඩු යොදා පිසූ බත් සහ. මුංකොල්ලුයොදා පිළියෙළ කරනු ලබන කිරිබත්එළවඵ වර්ග දමා තෙලින් තෙම්පරාදු කරගත් බත්ඇඹුල් දියර යොදා සාදන කර ගත් බත්රාත්රි සිසිල් දියෙහි බත් දමා තබා පසුදා උදේ ඒ බත් මිරිකා ජලය ඉවත් කොට ඵෑණුමිරිස්පොල් කිරිලූණූදෙහි ඇඹුල් යොදා පිළියෙල කර ගන්නා බත්දියෙන් කිරෙන් සහල් හෝ හුන්සහල් යොදා පිළියෙල කරගන්නා බත්අමුමෙනේරියවකුරක්කන්ඉරිගු ආදී ධාන්ය වර්ග යොදා සකස් කළ බත් සහ හීල් බත්කහ බත්මුං බත්ඇගිටි හාල් බත්කුඩු බත් ආදි මහා ගුන ඇති අප හෙලයන්ගේ ප්රධානම ආහාර වන වගාවන් සදහා තම දිවි දෙවැනි කොට වෙහෙස වන්නෙකි.
දැනටත් අප ගොවි ජනයාගේ් වන්දනට පාත්රවන්නෝය.
එපමනක්ද නොම මහා ගුණ පිරි
කිරි,
දිකිරි,
මෝරු,
වෙඩරු,
ගිතෙල් වන පස්ගෝ රසයන් ලබා දෙන්නෙද ඔවුන්ය.
+ සැබෑවක්ම නේවෙන්නම් මා හට ඒ අමතක වුනි.
- රජුනි නුඹ දන්නේද ,
කිරි ආහාරයේන් ආයු ද
දිකිරි ආහාරෙයෙන් වර්ණ ද
මෝරු ආහාරෙයෙන් සැප ද
වෙඩරු ආහාරෙයෙන් බලය ද
ගිතෙල් ආහාරෙයෙන් ප්රඥා ද ලබන්නේය.... !
+ සැබවින්ම වැදු පුදා නිති රැක බලා ගත යුත්තෙයි නේ අභය
- එසේය රජුනි හොද නීති පැනවෙනුයේ නරක සිරිත් නිසාවෙනි , එහෙත් දැනට එවැනි සිරිතක් නැත එබැවින් එවැනි නිතියක් අවශ්ය නොවේ යැයි සිතමි. මාංශ අනුභවය හෙලයෝ නිතැනින්ම අවමය. කෙසේ වෙතත් කාලයාගෙ ඇැවැමෙන් මේ රට තුල සත්ත්ව මාංශ අනුභවය වැඩි වන කාලකදි එවැනි නිති පැනවෙනු ඇත.
+ හොදමයි අභය එසෙම වේවා ! ඉදින් මේ මහිෂ ගෝත්රය ගැන කියව..
- රජුනි ඔබ වහන්සේ ගවරා දැක තිබේද ?
+ දැක තිබේද ? අභය පුදුමයකි ඔබ මා ගැන අසා නැතිද ? මා කී දෙනෙකු නම් මෙල්ල කර ඇතිද ? මා තරම් ගවරුන් මෙල්ල කරන්නා වු සමතෙක් ගැන අසා ඇතිද හහ්...
- හහ් හහ් හහ් හහ් දනිමි දනිමි. එසේ නම් මා ආරාදනා කර සිටින්නම් අප කච්ච දේව ප්රාතීර්භූත කරන්නාවූ ගවරා මෙල්ල කරන ලෙසට..
+ අහ් කච්ච දේව... දේව නේද ඔහුගේ උපන් නාමය
- එසේය කච්ච යැයි එකතු වුවේත් ඔහුගේ පාදයක කොරය නිසාවෙනුයි.
+ ගවරෙකු මෙල්ල කිරීමට ගොස් කුඩා කාලයේදි ඇති වු කොරයක් බව ඔහු පැවසුවා මතකයි...
- හහ් හහ් හහ් එසේයි කුඩා කාලයේදි නම් සැබැවක්. ආන්න ඒ ගවරා ම තමා මම ඔබවහන්සේටත් මෙල්ල කරන්න යැයි ආරාධනා කලේ..
+ ඒ කිය්නනේ කච්ච දේව ඒ ප්රාතීර්භුත කල ගවරා මෙල්ල කරන ලද්දේ කුඩා කලදීද ??????
--------------------------------- සෙස්ස පස්සට
--- කුරුළු --
( රාවණ ගැමුණු රජු දස මහායෝධයන් සතුව මෙවන් අසාමාන්ය විදයා / ඉන්ද්රජාල ශක්තීන් ඇතැයි මනංකල්පිතව දසිස් නමින් මා ලබන මේ ප්රභන්ධය කර්තෘ දැනුවත් කිරිමකින් තොරව කතාව ඇසුරින් සිදු කරන්නාවූ කොටස් උපුටාගැනීමක්, අනුකරණය කිරීමක්, ආර්ථික අයිතිවාසිකම්වලට කෘතිය ප්රතිනිෂ්පාදනය කිරීමේ, විකිණීමේ, කුලියට දීමේ, බෙදාහැරීමේ, මහජනයා සඳහා සන්නිවේදනය කිරීමේ සහ පරිවර්තනය කිරීම වැලැක්වීමට බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත. )
#ravana #රාවණ #රාවන #කුරුළු #දසිස්