Wednesday, February 20, 2019

==== දසිස් 47 =====


( හතලිස් හයවන කොටස හා සබැඳි )
(මෙය බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත.)
-----------------------------------
- රජුනි ඒ යෂ්ටියත් වානර ගෝත්රයත් ගැන මා පැවසුවා මතකැති. ඔහු ඒ තම දිවි හිමියෙන් සුරකිනවා.. යෂ්ටිය අතැර කිසි දිනක ඔහු වෙන ආයුධයක් අතට ගන්නේ නැහැ.. ඒ වගේම යෂ්ටිත් එසේයි..!
+ යෂ්ටිත් එසේයි !
- එසේය..... යෂ්ටිය ඒ දරන්නා හැරුනු කොට වෙන කිසිවකු අත රැදෙන්නේ නැහැ රජුනි... කුමන ලෝකයක ඒ සගවා තැබුවත් වසභසොයා ඒ පැමිණෙනවා..! එයයි වානර ගෝත්ර මායා යෂ්ටිය හා ඒ ගෝත්රය අතර ඇති බැඳීම....
+ මහා පුදුමයි...,!!!
—————————————– අද එතැන් සිට
- පුදුමය එලෙසමයි මහ රජුනි. වානර ගෝත්රෙය් යෂ්ටිය පමණක් නොව එකල ඉන්ද්රජිත් කුමරා අත දැරු ව-ජයද එලෙසමයි. අකුක බලය සගවා ගත හැකි එය නැවත සතුරා වෙත ඒ අකුණ මුදා හැරිය හැකියි. එය ඉතා බලවත් ආයුධයක් වගේම ඒ වජ්රාරවද එකල්හි අත දරන්නා සොයා තුන් ලෝකයේ කොයි ලෝකයක සැගවුවත් නැවත පැමිණෙනවා.
+ ඔහ් එය පුදුම නෙවේද අභය
- එසේයි.. ඉන්ද්ර නම් සුරයාව දිනු පසු අප රාවණ නිරිදුන් පුත් මේඝනාද කුමරු ඉන්ද්රජිත් නමින් නම් කරනවා මහාබ්රහ්මයාණ් විසින්. එපණක්ද නොවෙයි ඉන්ද්රයන් සතුව තිබු වජ්රය අත දරීමේ වරමත් ඔහුට ලබා දෙනවා ඒ ශක්තියත් එක්කම.
+ කොහේ දී හෝ මා ඒ අසා තිබුනා මතකයි
- එපමණක් නොව එලෙස වරම් ලැබූ ඒ කුම ගෝත්රික ආයුධයක් වුවත් ඒ පුද්ගලයා හැරුණු කොට මෙලොව වසනා අන් කිසි ප්රාණියෙකුට ඒ එසවිය නොහැකියි. මහා මෙරුවට වඩා බරකි් ඒ භූමිය දෙසට ඇදී පවතිනු ඇති. එහෙත් ඒ දරන්නා හට කුරුලු පිහාටුවක් දරන්නාක් මෙන් සැහැල්ලුවකි් හැසිරවිය හැක. එහි බලය සම්පුරනයෙන්ම ලැබේ.
+ ඔබපවසනා ආකාරයට එම වජ්රාවත් මේ යෂ්ටියත් රාවණයන්ටවත් දැරිය නොහැකි වුවාද ?
- රජුනි ඒ ගෝත්රිකයන් ගෙන් වරම් ලැබී එක් අයෙකුට පමණක් මේ දැරිය හැකි බව සත්යකි නමුත් මේ සොබාදහමේ ශක්තීන් දිනු පුද්ගලයයෙකුට ඒ මහා කාර්යයක් නොවේ. මහා රාවණයන් දස විදයා ශක්තීන් අවබෝධ කොට ගත්තා සේම මේ ඕනෑම ආයුධයක් දැරිම හැසිරවීම කල හැකියි. මා පැවසුවේ මේ වත්මන වන විට සොබාදහම් ශක්තිය අවබෝධ කර ගත් දස විද්යා දිනු කිසිවෙකුත් නොමැති නිසාවෙන් මේ වරම් ලද අයට පමණක් ඒ හැකි බවකි. මේ ගෙවෙන්නාවු කාල රාමුව අනුව මා පැවසූ දේ සත්යයකි.
රාවණයන් ගැන පැවසීමේදී බ්රහ්මස්රයත් විශ්ණු චක්ර ය හෙවත් සුදර්ශන චක්ර යත් ඊශ්වර ත්රීෂූලයත් එකවර දැරිය හැකි හැසිරවිය හැකි තුන් ලොව කෙනෙකු වේ නම් ඒ රාවණ පමණක්ම බව මා පැවසූවා මතකැති. ඒ රාවයන් ලද වරම් නිසාවෙනි.
+ හ්ම් ඒ හැර මේ කාලය තුල කිසිවෙක් මේ ආයුධ භාවති කලේ නැතිද ?
- එක් අයෙකු සිටිනවා !
+ ඒ කවුරුන්ද ?
- ගෞතම බුදුන් වහන්සේ....
+ බුදු රදුන්ට ආයුධ කුමට අභය.
- නැත රජුනි දස විද්යාවන් සොබාදහමේ නීතීන් අවබෝධ කලා වූ මහා පුරුෂයින්ට ඒ ආයුධ හැසිරවීමේ ශක්තිය සොබාදහම විසින්ම ලබා දෙන බව මා පැවසූවා නෙවේද ?
+ එසේයි ඒ මට මතකයි ඒත් ආයුධ කුමකටද බුදුන් වහන්සේට ?
- ගෞතම බුදුන් සිද්ධාර්ථ තවුස් සමයේදීදි මේ වජ්රාව ඔහුට ලැබෙනුයේ. ඒ යුද්ධය අරභයා නෙවෙයි.
+ එසේනම්..
- රජුනි ඉන්ද්රත් - මේඝනාදත් - රාවණයනුත් මේ වජ්රායුධය භාවිත කලේ යුද්ධය සදහායි. එනම් ඒ දෙකොණ අගිස් විහිදී පැවති සිවු උල් වලින් අහසින් එන අකුනක් ගබඩාකොට හෝ නිපදවා එය තම සතුරා වෙත මුදා හැරීමයි
+ අභය අකුණක් මුදා හැරීමෙන් එක් සතුරෙක් පමණක් නැසේද ?
- නැත රජුනි ඒ බ්රහ්මසරය ට නොදෙවෙනි විනාශයක් ගෙන දෙන්නකි යුධ පිටියක සිටින සියළුම පණ ඇති සතුන් නැසිය හැකි අකුණ බලයක් එහි ඇත
+ සිදුහත් තවුසානන්ට ඒ කුමට
- රජුනි ඒ ආයුධ අත දැරීමේ හැකියාව ලැබිමෙන් අනතුරුව එක් කාලකදී මේ වජ්රාව තවුසානන් අතට පත් වෙනව එයින් පිට වන්නා වු මහා ශක්තිය උන් වහන්සේ දැන ගන්නවා
+ ඉතින්
- ඉති්න රජුනි මහා බෝසතානන් වහන්සේ ඒ යුධ ආයුධ වජ්රාෙව් ‍‍දෙපස සිකු කොණට විහිදුනු අගිස් එකතු කරනවා. ඒ සියපතක පොහොට්ටුවක් මෙන්..
+ ඕහ් මා සතුව ඇති මේ වජ්රාව ලෙසද මෙහි මැද දියමන්තියක් තිබුවත් අගිස් විහිදි නැත නෙළුමක පොහාට්ටුවක් සේ එකතු වී උල් වී ඇත.
- හරියටම හරි ය. සිදුහත් තවුසාණන් එය එසේ වෙනස් කල බවයි සදහන්
+ ඒ ඇයි අභය
- රජුනි ඉන් මහා වෙනසක් සිදු වූවා. අගිස් විහිදුනු වජ්රාවත් මේ අගිස් එක් වුනු වජ්රාවත් වත් බල ගන්නවා බැල කල වෙනස නුඹට පැහැදිලි වනු ඇත. අගිස් විහිදුන වජ්රාව පිටත යුද්ධය නැසීමටය ..! අගිසි එක් කොට සිදුහත් තවුසානන් සෑදූ වජ්රාව ඇතුලත යුද්ධයටය..
+ ඔහ්..
- එසේය ඉන් මේ දරන්නා එසේත් නැති නම් ආයධය හා සම්බන්ධ කාරණ ඉවත් වී එය අත දරන ඕනැම කෙනෙකුට මන්ත්ර හා සූත්ර මගින් තමාගේ භාරයට තමාගේ නතුවට ගත හැකිය. ඉන් පස ඒ තමාගේ ඇතුලත ශක්තිය හා මුහු කල හැකිය
+ පහර දීමටද
- නැත වජ්රායුධය පෙර කී එක දරන්නෙකු ට පමණක් සීමා වන අතර ඒ යුධායුධයකි. එහෙත් අප සිදුහතුන් විසින් නිර්මාණය කල වජ්රාව තමන් උදෙසාය. ඒ ශක්තිය පිට කල නොහැක ඒ ශක්ති ගමනය සිදු වන්නේ භාවනායෝගී ව සිටින යෝගීවරයා තුලටමය. ඒ ඔහුගේ හෝ ඇයගේ චක්ර හා එකතු වේ..
+ ඉන් ලැබනෙ ප්රෙයා්ජනය කිමද අභය..
- රජුනි එකක් කියා නැත... ! ආක්ර්ෂණය ලැබෙන්නේමය - පිරිස් බලය ලැබෙන්නේම ය - දකින දකිනවුන් ගරුකරන්නේමය - මේ අත දරන්නා මැඩලීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවන්නේමය - ඖෂධ සදහාද යෙදිය හැක ...!
+ ඔහ් මා හාට මේ ලැබුනේද මන්ත්ර හා ස්ලෝක ජප කර ලග තබා ගන්නා ලෙස උපදෙස් සහිතවය ඒ ජනතාවගේ ආකර්ෂණය දිනා ගැනීම උදෙසාය...
- හහ් හහ් හහ් එසේය.. මා දිනේක අගිස් විහිදුුනු වජ්රායුධයද ඔබ අත තබන්නම් එවිට එහි බලයද අදුනා ගත හැකි වනු ඇත..
+ වසභයන්ගේ යෂ්ටිය බුදුන් වහන්සේ සතු වුයේ නැතිද ?
- සතු වූවා ඒ එක් ම එක් අවස්ථාවක මා එය පසුවට විස්තර ඇතිව සදහන් කරන්නම්.. ඒ කෙසේ වුවත් බුදු රජාණන් වහන්සේගෙ මාර්ගය බලය හා සැපත සොයා යන ගමනක් නොවුයෙන් උන් වහන්සේට ඒ පිලිබද හඹායෑමක් තිබුනේ නැහැ. සෑම විටම පුද්ගලයා නිවා තැබීමයි උන්වහන්සේ සිදු කලේ..
+ එසෙය.. එසේ නොමැතිනම් එවන් උතුම් දහමක් නොවේනම් උන් වහන්සේ මෙහි වැඩම කල කල්හි අප යක්ෂයන් නාගයන් අසුරයන් රාක්ෂයන් ඒ වළඳ ගනීවිද අභය..
- එසේය එසේය......
--- කුරුළු --
( රාවණ ගැමුණු රජු දස මහායෝධයන් සතුව මෙවන් අසාමාන්ය විදයා / ඉන්ද්රජාල ශක්තීන් ඇතැයි මනංකල්පිතව දසිස් නමින් මා ලබන මේ ප්රභන්ධය කර්තෘ දැනුවත් කිරිමකින් තොරව කතාව ඇසුරින් සිදු කරන්නාවූ කොටස් උපුටාගැනීමක්, අනුකරණය කිරීමක්, ආර්ථික අයිතිවාසිකම්වලට කෘතිය ප්රතිනිෂ්පාදනය කිරීමේ, විකිණීමේ, කුලියට දීමේ, බෙදාහැරීමේ, මහජනයා සඳහා සන්නිවේදනය කිරීමේ සහ පරිවර්තනය කිරීම වැලැක්වීමට බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත. )
#ravana #රාවණ #රාවන #කුරුළු #දසිස්


දසිස් සියල්ල විඳින්න වෙබ් එකට යන පාර -
http://www.kurulu.lk/


- ජංගම දුරකථනයෙන් කියවන්න Android App එක දාගන්න.. -
https://play.google.com/store/apps/details?id=io.kurulu.app

Saturday, February 9, 2019

==== දසිස් 46 =====



( හතලිස් පස්වන කොටස හා සබැඳි )
(මෙය බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත.)
-----------------------------------
+ අමරණිය නිසාද ?
- ඊටත් වඩා මුහුණු හතරක රුද්රාවේ හිමිකරු නිසාය.. චතුර්මුඛි රුද්රාව බලගන්වන්නේ මහාබ්රහ්මයා විසින්මයි ....!!!!
+ අහෝ අභය මේ ශක්තීන්.. නොමනා මනුශ්යන් අතට පත් වුවහොත් කුමක් සිදුවේදැයි සිතාගත නොහැකියි..
- කම්පා නොවන්න රජුනි, රාවණ අණින් අප මේ භද්ර කල්පාන්තය වන තුරු සිටින්නෙමු.
+ නුඹලාටත් මහා රාවණයන්ටත් ස්තුති වේවා ..!!
- රජුනි සියල්ලන්ටම තුලිතයක් අවශ්යය.. බිය නොවන්න සොබාදහම් මැණියන් ඒ සිදුකරනවා ඇති...
—————————————– අද එතැන් සිට
+ සොබාදහමට ඉහලින් කිසිවක් නැත. එය සැබැවකි
- එසේය රජුනි අප නවදෙනාත් , දස විද්යාශක්තීනුත් ඇතුළු මෙකී නොකී සියලු දැ අයිති වන්නේ සොබාදහමටය.. ඒ නිබඳව තුලිතයක පවතින්නේමය. යම් හෙයකින් කවුරන් හෝ එ තුලිතය බිඳින්නෝනම් නොපමාව සොබාදම් මැණියන් විසින්ම එය නැවත තුලිත කරනු ලබන්නෝමය..
+ නොපමාව ..... !
- එසේය... මේ මනුලෝතලයට නොසෑහෙන්න වයසය.. එහිදි අප මනුශ්ය ආයුශයද කාලයාගෙ ඇවැමෙන් වෙනස් වෙමින් යයි ඒ කාල රේඛාවට අනුකුලවය.
+ එසේය මින් පෙර මනු ලොව ආයුෂද ඉතා දීර්ඝ බව අසා ඇත්තෙමි.දිව්යෙලා්ක ආයුෂ මෙන්ම
- එසේය ඒ මේ විශ්වයේ හැකිලීමත් දිග හැරීමත් යන සංසිද්ධියට අදාල කරුණකි. මේ යන්නේ හකුලුවා ගන්නා කාලයයි.. ප්රාස්වාසයයි පිට වීමයි ඉදින් අප ඇතුලු සත්තවයන්ගේ ජීව කාලය අඩුවෙමින් යයි..
+ හ්ම්
- තුලිත කිරීමට සොබාදම් මැණියන් ඇතැම්විට ශතවර්ෂගණනාවක් කාලය ගනිත් එවිට අප වැන්නවුන් මේ ලෝ තලයෙහි ඉපිදෙමින් මිය යමින් සෑහෙන කාලයක් ගෙවන්නෙමු.
+ සසර ගමනක්
- එසේය සොබාදහමේ සිදුවන්නා වු අසමතුලිතයක් වේනම් අපද ඊට මද වශයෙන් හෝ බැදි සිටින්නෙමු ඒ නිසාවෙන් අපද ඊට හසුව ජීවත් වෙමින් ඒ ගෙවා දැමිය යුතු වේ..
+ අභය චතුර්මුක්හි රුද්රාව ගැන සදහනේදි ඔබ විසින් මහා බ්රහ්ම ගැන සදහන් කලා . හින්දුන් පවසන අයුරින් මහා බ්රහ්මයන් විසි්න් මේ ලොව තැනු බවයි මා අසා ඇත්තේ ඒ නිසාවෙන් ඔහු සොබා දහම පාලයනය නොකරන්නේද ? ඔහු ඊට යටත් නැතිද ?
- රජුනි සොබාදම් මෑණියන් ලෙසින් අප හදුන්වන්නේ ඇය ස්ත්රිලිංග ගනයකට ඇතුලත්වය එනම් සියල්ලන්ටම උපත දෙනු ලද්දේ මැණියන්විසින් බැවිනි.
+ මහා බ්රහ්මයන්ටත්
- මා මින් පෙරදි මහා නිකුම්භිලා දේවීන් එසේත් නැතිනම් දස විද්යා මෑණියන් ගැන පැවසු කරුනුත් සිහියට ගන්න රජුනි. හින්දුන් විසින් ස්වයංජාත ලෙසින් මහාබ්රහ්ම හැදින්වුව්ත් අප බුදු දහමේ සදහන් බ්රහ්ම යනු දිව්යලෝක අධිපති පාලකයාය. ඒ හැරත් බහ්ර්ම ලෝකය හා බුදු චරිතය ඇතැම් තැන් වල බැදි පැවතුනි. බ්රහ්මයන්ද බුදු දහම වැළදගත්තෝය. එහෙත් හින්දු දහමේ මහා බ්රහ්ම ලෙසින් හදුන්වනනේ නිර්මාපකයාණවය. ඒ සමගම පවත්වන්නා පාලකයා ලෙසින් මහා විශ්ණු දෙවියන්ද විනාශකරන්නා ලෙසින් මහා දේව ශිව වද හදුන්වයි...
+ පැහැදිලියි..!
- ඉදින් රජුනි මේ හින්දු දහමට අනුව මුහුණු හතර රුද්රාකාහි පාලක දේවතාවා විශ්වයේ නිර්මාතෘ වන දැනුම හා නිර්මාණශීලීත්වයෙහි උතුම් පුද්ගලයකු වන බ්රාහ්මා දෙවියන්ය. ඉගෙනීම බලතල වැඩි දියුණු කරගැනීම මෙන්ම, ඔහුගේ මතක ශක්තිය ද වැඩි වන අතර, එම නිසා ඔහු අත්පත් කරගන්නා ඕනෑම දැනුම රඳවා ගැනීමට ඔහුට හැකි වේ. මෙම රුද්රාක්ෂා පුද්ගලයාගේ කතාවට ධනාත්මක බලපෑමක් ඇති කරයි. එමගින් ඔහුගේ ප්රයෝජනය සඳහා එය භාවිතා කිරීමට ඔහුට හැකි වේ.
+ හ්ම
- එසේම මේ මුහුණු හතරක රුද්රාව දන්නා වු අප ලභිය වසභයන් සම්පාදනය කල ග්රන්ථය වන්නේ රස විද්යායව නොහොත් ලෝහවල විදයාව හා පරිවර්තය පිළබඳව ත්ප ඨවි ආපෝ තේජේා් වායෝ වලට යත් සියළුම දෑ යම් යම් අවස්ථාවන් වලදී වෙනම හැසිරීම පිළිබදව ඒවා ක්රිමවත්ව සකස් කිරීම රිසි පරිදි බාවිත කිර්මේ රහස් ඇතුලත් ග්රන්ථයයි.. ඒ සදහා දැනුම එක් කිරීමත් මතකයේ තබා ගැනීමත් ඒ වැඩි දියුනු කිරීටත් මේ රුද්රාෙවන් සිදු වුනා..
+ එසේද ?
- එසේය ඒ හැරුණ කොට රුද්රාව බල ගැන්වෙනුයේ බුද ගේ ශක්තියෙන්.. ඉතින් එපමණක් නොව රජුනි අප වසභ යෝධයා අත දරනුයේ මහා බල ඇති නව රත්නයන්ගෙන් දහසක් බුුදුන් බුදුවන්නාවුත් දහසක් දෙවියන් වැඩ සිටින්නා වූ ඊසාන ට අධිබල වූ ත් බුද්ධියට අධිපති බුද ගේ ශක්තියෙන් පිරුනාවූත් මරකත පච්ච මැණිකයි...
+ ඔහ් පච්ච මැණික..... !!
- එය පච්ච මැණිකක් සාමාන්ය මනුෂ්යකු අත දැරීමෙන් මතක ශක්තිය වැඩි කර දීම, තරග සදහා එඩිතරව මුහුණ දීමේ හැකියාව ඇති කිරීමත් , දියුණුව සදහාත් බුද්ධිය මෙහෙයවා කරන කටයුතු සාර්ථක වීමටත් මා නසික නිරවුල් කම ලබා දීම ආදී මනස , සිත බුද්ධිය මුල් කරගෙන සිදුකරන්නා වු කටවුත් අභිවුර්ධියක් ලැබිය හැකි බව සදහන් වෙනවා.
+ එහෙත් අභය මට ගැටලුවක් තිබෙනවා
- අසන්න
+ අනෙකුත් ඔබ පෙර පැවසු මාණික්යන් ඒ ඒ යෝධයන් පැලදගෙන සිටිනවා මා දුටුවා එහෙත් මේ වසභගේ අතැගිල්ලක එවැන්නක් මට මතකයක් නැහැ
- හහ් හහ් හහ් හහ් රජුනි ඔබ ඉතාමත් පරික්ෂාකරී වගේම යෝධයන් ගැන විමසිල්ලෙන් සිටින බව නම් පෙනෙනවා.
+ එසේයි මා ඔවුන්ට කවදත් ලැදියි..
- එය මුදුවක පැළද නැති බවකුයි ඔබවහන්සේ පවසන්නේ
+ එසේයි.
- එය මුදුවකම පැළදිය යුතු නැහැ රජුනි..
+ එසෙනම්
- වසභ එය සගවාගෙනයි සිටින්නේ
+ කොහිද
- වසභ එය මා පෙර පැවසූ මායා යෂ්ටියට ඔබ්බවා යි තිබෙන්නේ.. ඔහු ඒ මායා ශෂ්ටිය අතට ගත් විට ඔහුගේ අතට හසුවන තැන ඇති රන්මුවා කොපුව මත කැටයමට ඔබ්බවා ඇත්තේ ඒ බලගතු මරකත පච්චයයි .....
+ ඔහ්...
- එයින් යෂ්ටිය තවත් බලගතු වනවා. ඒ හැරත් වසභ කිසිදු පළදනාවක් පැළද සිටිනු ඔබවහන්සේ දැක ඇතිද රුද්රාව හැර..
+ එයමනේ පුදුමය.. මේකා කිිසිම පළදනාවක් දරා සිටිනවා මා දැක නැහැනේ.. මවිසින් වසභට දුන් රාජ්ය සලකුණ එබ්බවූ පළදනාවවත් දැක නැහැ.
- හහ් හහ් හහ් හ්හ එයත් ඔහු ඔහුගේ යෂ්ටියට එල්ලා තිබෙනවා විමසිල්ලෙන් බැලුවහොත් පෙනේවි..
+ කිමද හැමෙකක්ම යෂ්ටියට ඔබ්බවන්නේ ...
- රජුනි ඒ යෂ්ටියත් වානර ගෝත්රයත් ගැන මා පැවසුවා මතකැති. ඔහු ඒ තම දිවි හිමියෙන් සුරකිනවා.. යෂ්ටිය අතැර කිසි දිනක ඔහු වෙන ආයුධයක් අතට ගන්නේ නැහැ.. ඒ වගේම යෂ්ටිත් එසේයි..!
+ යෂ්ටිත් එසේයි !
- එසේය..... යෂ්ටිය ඒ දරන්නා හැරුනු කොට වෙන කිසිවකු අත රැදෙන්නේ නැහැ රජුනි... කුමන ලෝකයක ඒ සගවා තැබුවත් වසභසොයා ඒ පැමිණෙනවා..! එයයි වානර ගෝත්ර මායා යෂ්ටිය හා ඒ ගෝත්රය අතර ඇති බැඳීම....
+ මහා පුදුමයි...,!!!
-----------------------------------------සෙස්ස පස්සට
--- කුරුළු --
( රාවණ ගැමුණු රජු දස මහායෝධයන් සතුව මෙවන් අසාමාන්ය විදයා / ඉන්ද්රජාල ශක්තීන් ඇතැයි මනංකල්පිතව දසිස් නමින් මා ලබන මේ ප්රභන්ධය කර්තෘ දැනුවත් කිරිමකින් තොරව කතාව ඇසුරින් සිදු කරන්නාවූ කොටස් උපුටාගැනීමක්, අනුකරණය කිරීමක්, ආර්ථික අයිතිවාසිකම්වලට කෘතිය ප්රතිනිෂ්පාදනය කිරීමේ, විකිණීමේ, කුලියට දීමේ, බෙදාහැරීමේ, මහජනයා සඳහා සන්නිවේදනය කිරීමේ සහ පරිවර්තනය කිරීම වැලැක්වීමට බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත. )
#ravana #රාවණ #රාවන #කුරුළු #දසිස්