Saturday, February 9, 2019

==== දසිස් 40 =====



( තිස් නවවන කොටස හා සබැඳි )
(මෙය බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත.)
-----------------------------------
මෙලෙසෙ ශරීරයේ ඕනෑම තැනක් කෙරෙහි දක්වන වැඩි අවධානය හරහා අන් අයට වඩා වැටි දෙයක් එම අවයවයෙන් කළ හැකි වෙයි. කුණ්ඩලීනි චක්රය කෙරෙහි වැඩි අවධානය යොමු කරන්නාටද හිමිවන ප්රතිලා්භය එයයි. අන් අයට කළ නොහැකි මූලක කාර්ය හතක් කිරීමේ සරල අවස්ථාව ඔහුනට උදාවෙයි.
( කුන්ඩලීනි යෝගා පිළිබද සටහන් " කුණ්ඩලීනි හෙල යෝගා වෙබ් අඩවියෙනි )
+ හොදයි මේ සදහා මා මූලික භාවනා ක්රම අනුගමනය කලා ඒ් මලය රට දී ලද පුහුණුවෙන්. තව දුරටත් විස්තර සහිතව ඒ ගැනත් කිව හැකිද ?
—————————————– අද එතැන් සිට
- රජුනි භාවනා ක්රම ගැන පසුවට විස්තර අැතිවම පවසන්නම්. ඒ්ඒ ඔබ වහන්හෙසේට ඒ් සිදුකරනාකාරය ගැනම පැහැදිලි කරමින්ම. කුණ්ඩලීනිය අවදි කරගැනීමට අැති ඒකම ක්රමය භාවනා මගින් පමණක් නොවේ
+ ඒසේනම් අභය
- දේව වන්දනාවෙන්, යෝගාසන මගින් , ඔෟෂධ මගින්, මැණික් මගින්, යන්ත්ර මගින්, මන්ත්ර මගින්, ශක්තිය චලනය වන උද්ගමනය වන ශාරීරික අභාස මගින් වැනි ක්රම මගිනුත් කුණ්ඩලීනිය අවධිකරගත හැකියි.
+ බාවනාව අවශම නැතිද ?
- යම් යම් චක්ර අවධිකර ගත හැකියි, කොටස් වශයෙන් නැතිනම් ඒක් ඒක් අවධිවශයෙන් ශක්තිය ලබා ගත හැක. ඒහිදී අපට ලැබෙන විශ්ව ශක්තියද වෙනස් වේ.
+ හොදමයි විශ්ව ශක්තිය ලැබීමත් සමගම කුණ්ඩලීණිය ලැබීඹත් සමගම ඔබ පමසනාකාරයට කල හැකි අසාමාන්ය කි්රියාකාකම් මොනවද ? චක්ර ගැන සදහන් කිරීමේදි ඔබ ඒ් ගැනත් කෙටියෙන් පැවසුවා මතකයි.
- ඒසේය රජුනි කුණ්ඩලිනි බාවනාව මගින් චක්ර අවධි කර ගැනීමමෙන් සාමාන්ය මනුශ්යයෙකුට සිදු කල නොහැකි අන්දමේ විශේෂ සිද්දින් " අනිමා, මහිමා,ලඝිමා,ඝරිමා,ප්රාප්ති, ප්රකාම්ය, වශිත්වම්, ඉෂිත්වම් " ලෙසින් අටවැදෑරුම් වෙනවා..
ඒ් තවත් ලිහිල් කොට පැවසුවහොත් ,
" අනිමා " යනු ශරීරය ඉතා සියුම්, ඉතා කුඩා ස්වභාවයට පත් කිරීම යි,
" මහිමා " යනු ශරීරය ඉතා විශාල කරගැනීම යි,
" ලඝිමා" යනු ශරීරය ඉතා සැහැල්ලු කිරීම යි,
" ඝරිමා" යනු ශරීරය අධික බරක් සහිත කරගැනීමයි,
" ප්රාප්ති " යනු පොලවේ සිට ඉර හඳ ස්පර්ශ කිරීම, සියලු භාෂා වැටහීම ,රෝග සුවපත් කිරීම,
" ප්රකාම්ය" යනු ශරීරයෙන් මනස වෙන් කිරීම, වෙනත් ශරීර තුලට ඇතුළුවීම ,අදෘශ්යමාන වීම,
" වශිත්වම්" යනු මිනිසුන් සතුන් මෝහනය කිරීම යි,
" ඉෂිත්වම්" යනු දිව්යමය ස්වභාවයට පත් වීම, මරණය පාලනය කිරීම, මරණින් මතු කැමති උපතක් ලැබීම යන්නයි.
( කුණ්ඩලීනි යෝග යම් යම් කරුණු උපුටනය "අධිමානසික" පිටුව )
+ අභය ඔය ඔබ පවසන අැතැම් ශක්තීන් තිබුනාවූත් , තිබෙනවා වූත් පුද්ගලයන් ගැන මා කතාන්තර ඔ්නා තරම් අසා තිබෙනවා.
- ඒසේය රජුනි ඉතිහාසෙය්ත් ඒවැනි ශක්තින් තිබු බවට උදාහණ නොමදිව් තිබෙනු අැති
+ ඒසේයි ඔබ පවසන විටම මා සිහියට නැගුනේ රාවණ මහ නිරිදුන් හැරුණු කොට ඔය කියනාකාරයේ දස්කැම් පැ බවට සදහන් වන " හනුමා " නම් වානර සෙන්පතියා වයි.
- හහ් හහ් හහ් හ් ඒසේයි රජුනි " හනුමාන් සෙනවි " කුණ්ඩලිනී ශක්තිය නොමදව තිබුන අයෙක්.. ඔබ වහන්සේට මතක නම් සතුන් මෝහනය කර ඔවුන් මගින් තමන්ගේ පෙනීම ලබාගන්නා සහ තමන්ට රිසි පරිදි සේවාව ලබාගන්නෙකු ගැන කියා සිටියා.
+ අප මහා යෝධ වේළු සුමන නෙවේද ඒ්... තෙවැනි රුද්රාව දරන්නා , අශ්ව කුලයේ අයිතිකරුවා...
- ඒසේයි රජුනි. ඒ් ඔහුයි. මේ සෘද්ධින් අටටත් අමතරව තවත් සෘද්ධීන් ලැබෙනවා
+ ඒ් මෙනාවාද ?
- කුසගින්න පාලනය කිරීම,
අධික උණුසුම, සිසිල දරා ගැනීම,
දුර තිබෙන දේ දැකීම හා ඇසීම,
කාම රූප හෙවත් කැමති රුපයක් මවාගත හැකි වීම,
යතා සංකල්ප හෙවත් කැමති දේ ඉටු වීම,
ත්රිකාල ඥාණ හෙවත් තුන් කල් දක්නා නුවන ,
මුලද්රව්ය පරමාණු වෙනස් කල හැකි වීම ,
වෙනත් ලෝහ රත්තරන් බවට පත් කිරීම
දර්ධුරි සිද්ධි හෙවත්සඳ මතදී ඇවිදින විට මෙන් එක අඩියක් තියා බොහෝ උසට පනිමින් ගමන් කිරීම
තමන්ගේ හා අනුන්ගේ අතීත අනාගත ආත්ම දැකීම
කාමචාරී හෙවත් එක තැනකින් අතුරුදහන් වී කැමති ස්ථානයක පහල වීම
අහසින් ගමන් කිරීම ඉන් සමහරක් ..
+ විශ්මයජනකයි අභය ඉතාමත් විශ්මයජනකයි.. අැතැම් යෝගීන්වරුන් දිනගනන් අාහාර නොගන්නා බවත් මා අසා අැත්තා මෙන්ම අධික උනුසුම හා සිසිලස දරාගැනීම පිළිබදව නම් මා හටත් අත් දැකීම් තිබෙනව, ඒ් වගේම අහසින් යෑම රහතන් වහන්සේලා සිදුු කල බව අසා තිබෙනවා, ඒ් හැරත් ඔව විසින් අප කතාව අාරම්භදී මා හට මහා සෑයක් සෑදීමට රන් හා මුතු මැණික් නිපදවා දෙන බවක් පැවසුවා ඒ්ද මේ කුණ්ඩලිනිය මගින් යැයි සිතන්නෙමි..
- ඒසේය රජුනි ඒ්ලෙසින්ම අනෙක් සෘද්දින් ද මෙ වෙනවිටත් අප දසමහායෝධයන් සතුයි..
+ ඔහ් ඒසේද ?
- ඒසේ නෙවෙන්නම් මා ඔබ වහන්සේට තවමත් ඉතා කෙටියෙන් හෝ පැහැදිලිකලේ අප යෝධයින් තිදෙනෙකු ගැන පමණයි ඔවුන් සතුවත් මා නොකී දැ බොහොමයි...
+ මා මිත්ර යෝධයන් පිළිබදව කාතාන්තර දැන ගැනීමට මා ඉතාමත් අාශාවකින් පසුවනවා අභය..
- මා රජුනි, පිලිවෙලින් සියල්ල පැවසිය යුතුයි ඔබ වහන්සේගේ පෙරැත්තය නිසාම කුන්ඩලිනිය යෝගා ගැන මෙතරම් ඉක්මනින් පැවසූවත් ඒ් තව පමා කල යුතුව තිබෙ ්යැයි මා සිත කියනවා
+ ඒ් කිමද අභය..
- රජුනි මා අවසානයට මේ කුන්ඩලිනිය විස්තර කෙල්නම් මේ මුලු කතාන්තරය තුලම තිබෙන්නා වූ ශක්තීන් නුඹ වහන්සේට ඒකිනෙක පැහැදිලිව වෙන් කර හදුනා ගත හැකි වෙනවා... ඒ් හැරත් ඒය අත් හදා බැලීමෙන් අත් විදීමෙන්ම අවබෝධයක් අැති වෙනවා.. " රජුනි , "දැනුම නොව අවබෝධය ම යි වැදගත් "
+ ඒය නම් සැබැවක්මයි ථේරපුත්තාභයනි..
" සිය වරක් අැසීමට වඩා ඒක් වරක් දැකීම සැපයි " ....
-----------------------------------------සෙස්ස පස්සට
--- කුරුළු --
දසිස් සියල්ල විඳින්න වෙබ් එකට යන පාර -
http://www.kurulu.lk


- ජංගම දුරකථනයෙන් කියවන්න Android App එක දාගන්න.. -
https://play.google.com/store/apps/details?id=io.kurulu.app

No comments:

Post a Comment