Saturday, February 9, 2019

==== දසිස් 34 =====




(මෙය බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත.)
-----------------------------------
( තිස් තුන්වන කොටස හා සබැඳි )
- ඒ හෙතෙම මේ යැයි පැවසුව නොහැක්කකි. සෛන්ධවයින්ද? ආජානේය යන්ද ඉතා වටිනේයයි පවසමි. එහෙත් මහා දුර්ලභ ය්න වර්ගයක් සිටිති. මේ වන විට නම් ඔවුන් දකින්ට නොමැත එහෙත් මේ අශ්වන් අතර කුලයන්ගේන්ද උස් පහත් කමක් ඔවුන් අතර ඇත..
+ එ කුමක්ද ?
- ඒ කලු අශ්වයාට වෙනමම තලයකි, සුදෝ සුදු ධවල අශ්වයාට වෙනනම තැනකි.. අනෙකුත් අශ්වයන්ගෙන් ඔවුනට ප්රධාන තැනක් හිිමිවේ එයිනුත් එය පදවන්නා අනුවද බලය බෙදි යයි..
+ වඳ වුවෝ කවරුන්ද ?
- කඟ වේනුන් පිළිබඳ අසා ඇත්ද ???
+ කඟවේනුන් ??
—————————————– අද එතැන් සිට
- එසේය ගවයන් වර්ගයක් යැයි කියූවත් අශ්වයන්ට සමාන වේ බොහෝ ශක්තිසම්පන්නයෝය. ප්රමාණයෙන්ද ශක්තියෙන්ද බලයෙන්ද සාමාන්ය අහ්වයන්ට වඩා උසස්ය
+ වෙනස කුමක්ද
- ඔවුනගේ නලලත මැද අඟක් පිහිටා ඇත. ඒ ඉතා වටිනා බවකුයි සඳහන්. එය ඉන්ද්රජාල මයා ශක්තියෙන් යුක්ත වූවක්.
+ එසේද
- එසේමැයි. කඟවේන අඟක් සතුව ඇත්තෙකුට කල හැකි මායා බන්ධන සාස්ත්ර බොහෝමයි. එලෙසින්ම එම කගවේනුන්ද ඉතා පිරිසිදු පවිත්රත්වයෙන්ද සත්ය වෙනුවෙන්ම පෙනී සිටින්නන් ගේ සංකේතයක් ලෙසින් හදුන්වනවා.
+ අප වේළුසුමන යන්ට කඟවේනුන් ප්රාතිර්භුත කල නොහැකිද ?
- මා එය නොදනී ඔබ වහන්සේටම එය අසා දැන ගත හැකියි
+ මා හට පවසාවිද ?
- වේළුට පැවසිය හැකි දේ පවසාවි. අවසර නොමැති දැ පැවසිය නොහැකියි
+ හ්ම්.. ථේරපුත්ථාභයනි
- රජුනි ?
+ මේ වන විටත් මා මැණියන්ගේ පුරවරයේ දේවත්වයෙන් අදහන්නාවූ බලගතු විභීෂණයන් ගේ සත්තවයා ලෙසද අශ්වයන් සලකනු ලබනවා නොවේද ?
- එසේයැ. මා පෙර පැවසූ පරිදි අප සූනියම් අප්පච්චි ගේද විභීෂණ දේවයන්ගේද සතත්වයා ලෙස අශ්වයා සලකනු ලබයි. දෙදෙනාම ධවල අශ්වයන්ය. අජානේය අශ්වයනන්ය.
+ විභීෂණයන් නාග ගෝත්රික නෙවේද ඔහුටත් නේත්ර අදුනට අමතරව අශ්වයන් හා සම්බන්ධයකුත් ඇත්ද ?
- රජුනි , නාග ගෝත්රික වන්නේ විභීෂනයන්ගේ මෑණියන්ය. පියා ණන් වහන්සේ අප රාවණ නිරිඳුන්ගේ යක්ෂ පියාණන්මය.
+ හ්ම් එයත් සත්යක් නේවෙන්නෙම්. වේළු අශ්වයන් පාතීර්භුත කරනවා පමණක්ද ?
- නැත රජුනි පෙර පැවසු පරිදි ඔහු පැලද සිටින මුහුනු තුනේ රුද්රාව නිසාවෙන් ඔහු ලබන්නාවූ තුවාල වලින් ඉක්මනින් සුවපත් වෙනවා ඒ නිසාම ඔහු සතත්වය්න් හීලෑ කිරීමට හපනෙක් අශ්වයන් පමණක් නොව අලි ඇතුන් පවා. සතත්ව ලෝකය තුල වෙසෙන බොහොමයක් වර්ගයන් වේළු ට අවනත ව හිස නමනවා. ඔහු ඔවුන් හා අදහස් හුවමාරු කරනවා.
+ ඔහු සතුන් හා කතා කරනවාද ඒ කියන්නෙ
- කතා කිරීමක් සිදුවන්නේ නැ නමුත් අදහස් හුවමාරුවක් වනවා.
+ අහා අප මේ සිදු කරන්නාක් වාගේ මනසින් , සිතින්
- එසේයත ඒ ලෙසින්ම වේළු ට තමාට යටත්ව සිටින ඕනෑම සතෙකුගේ නෙත් හරහා ලෝකය දැකිය හැකියි.
+ ඒ කිමෙක්ද ?
- මෙසේ සිතන්න.. ඔහු රාජාලියෙකු අවනත කරගතහොත් ඉන් පසු අවැසිනම් ඒ රාජාලියා අහසට මුදා හැර ඔහු පියාසර කරන සියළු ඉසව් ඔහු දකින සියළු දෑ තමන්ගේ දෙනෙතින් දකින්නාක් ලෙසින් දැකීමේ හැකියාව, මෙසේද සිතමු අප මෙහි සිට ඔබ මෑණියන්ගේ පුරයට වේළුගේ අශ්වයකු පමණක් පිටත් කලත් ඒ අශ්වයාගේ මුළු ගමනත් එහි ලගා වු පසු එහි සිදුවන්නා වූ සියළු අශ්වයා දකින අසන සියළු දේ දැකීමත් ඇසීමත් මෙහි සිට වේළු සුමනට කල හැකියි.
+ විශ්මයජනක හැකියාවක් එයනම්..
- එසේය .. ඔහු අවනත කර ගන්නා ඕනැම සතත්වයෙකු හරහා ඔහුට ඒ බලය ක්රියාත්මක කල හැකියි.
+ සතත්වයන් යැයි පැවසුවේ මනුශ්යන්ද ඇතුළුවද ?
- නැත මනුශ්යන් හීලෑ කර අවනත කර ගත නොහැක.
+ ඒ ඇයි..
- ඒ බුදු වරයෙකු පමණක් සතු වන පුරිසධම්මසාරථී ගුණයයි. ඒ අපට පිහිටන්නේ නැත
+ එසේනම් ?
- අපට දමනයක් අමනුශ්යන් පේ්ර්තයන් කුම්භාණ්ඩයන් දමනය කල හැක. සුරයන් අසුරයන් රාක්ෂයන් නාගයන් ආදි අනෙකුත් ලෝ තල සතත්වයන් දමනය කල හැක එහෙත් මනුශ්යන් දමනය කල නොැහැක.
+ සැබැවින්ම එය නොවන්නේද ? එහෙත්මලය රටදී පුද්ගලයන් දමනය කරන්නාවූ මායාකරුවකෙු දුටිමි..
- රජුනි ඒ දමනය කරනුයේ පුද්ගලා නොව ඔහු ඇග තුලට ආවේෂ වී සිටින පේරේතයාය, අමනුශ්යාය..
+ හ්ම් .. මනුෂ්යා දමනය කල නොහැකි එකත් හොදයි..
- රජුනි මනුශ්යකු දමනය කිරීම කල හැක්කේ බුදු වරයෙකුට පමණයි. ඒද ඔහුගේ ම සිතුවිලි දමනය කිරීමට සැලැස්වීමෙන්. එහෙත් අපට වශියක් ඉනාවක් අඳුනක් ගුරුකමක් මගින් නම්මා ගත හැක. ඒ වෙනමම ශාස්ත්රයකි
+ එසේද ?
- එසේත් නැතිනම් වෙනත් තලයක සිටිනා වූ ආත්මයක් ගෙන බන්ධනය කල හැක එයින් පසු මනුෂ්යාව පාලනයක කල හැක. මහා භරණ සතු නාග ඇස් වල ශක්තිය ගැන මා නුඹට පැවසුවා මතකැති
+ ඔහ් එසේය නේත්ර අඳුන
- නේත්ර අඳුන එසේය. එමගින් මනුෂයකු බන්ධනයකට යටත් කල හැකිය. එහෙත් ඒ දමනය කිරීමක් නොවේ. වේළුසුමන සතු හැකියාවේ සීමාව සතත්වයන් තුල නතරවන්නේය. කුඩා පක්ෂියෙකු , මූෂිකයෙකු, මණ්ඩුකයන් පමණක් නොව, දියෙහි සිටිනා මසුන්, උරගයන් වැනි සතත්වයන්ද, අලි ඇතුන්, වලසුන් , දිවියන් ආදීන්ද කී නොකී සතත්වයන් දමනය කර යටත් කර ඔවුන් හරහා ලෝකය දැකිය හැකිය.
+ එය යුද්ධයට නම් ඉතා සහයෝගයක් වනු ඇත
- එහෙත් එහි දුර්වල කමක් ඇත..
+ ඒ කිමෙක්ද අභය
- වේළුසුමන වෙනත් සත්තවයකු හරහා ගමන් කරන්නා වූ වට ලෝකය දකිනා විට ඔහු ලඟ අවට ඇති දෑ නොපෙනේ. නොදැනේ. එබැවින් ඔහුගේ සිරුරට හානි වීම වලකා ගත යුතුය. එවේලෙට වේළු ට බාහිර ලෝකය පිළිබඳ දැනීමක් නැත
+ ඔහ් එය එසේද එසේනම් ඔහු යුද්ධයට සෘජුය සම්බන්ධ කර නොගත යුතුයැයි සිතමි..
- නැත බිය නොවන්න රජුනි .. මා සිතනා අයුරින් එසේ සිදුවන්නේ මේ මනුෂ්ය ශරීරය නිසාවෙන්. මේ සිරුර සෑදී ඇති පංචේනද්රයන් හට දැරිය හැකි සීමවන් තිබේ. ඉන් එහාට දරන්නේනම් ඒ ඒ ඓන්ද්රීන් පුහුණු කල යුතුය.
+ පැහැදිලි නැත
- ම්.... මෙසේ සිතන්න උපතේදී පංචේන්ද්රයන් බොහෝ විට සියල්ලන්ගේම එක හා සමාන වේ, එහෙත් වෙහසෙී වැඩ කරන්නාවූ මනුශ්යන්ගේ ශරීරය හැඩිදැඩිව රලුව වෙනස් වේ, ධාවකයන්ගේ සියළුම ශක්තිය ඇත්තේ දෙපා තුලය අනෙකුත් අවයව සියල්ලටම වඩා පාද ශක්තිමත් වන්නේ ඔවුන් ලබන පුහුණුවෙනි ඊට අනුව හදවත මොලය හා ලේ ගමනය සදහාද අවයව වෙනස් වනු ලබයි, ජලයේ පිහිනන්නෙකු, බර ඔසවන්නෙකු , පොත පත කියවන්නෙකු ආදී ඒ ඒ අයුරින් පුහුනු කරවන්නන් ගේ ඒඒ අවයව වෙන වෙනම ශක්තිමත් වෙයි.
+ සැබෑවකි
- ඕනම මනුශයකුට හුරු අතක් හා පාදයක් ඇත. එය අනෙක් අතටත් පාදයටත් වඩා මදක් ශක්තියෙන් වැඩිය, ප්රමාණයෙන් විශාලය..
+ ඒද නම් සෑබෑවකි මා වමතෙහි වූ මුද්දත් වලලත් දකුණතට නොගැලපේ
- එසේය රජුනි මේ මනුශ්ය සිරුර අපට අවශ්ය අයුරට හැඩගැස්විය යුතයි එවටි අපට අවශ්ය අයුරින් මෙහෙය විය හැකිය
+ එය කල හැකිද ?
- සිදු කල හැකිය, ඒ ඒ දෙට අදාල පුහුණුවීම් පුහුණු කිරීම්, ආහාරපාන ආදී දේ සිරුරට සැපයිය යුතුය. එවිට තමාට තම සිරුර දමනය කල හැකියි අවනත කර ගත හැකියි. ඒ නිසාවෙනුයි වෙනත් අයකෙුට ඒ දමනය කල නොහැක්කේ.
+ බුදුවරයකු දමනය කරන්නේ ??
- රජුනි බුදුවරයකු දමනය කරනුයේ ඔබගේ කය නොව ඔබගේ සිතයි. අප දන්නේ කය අවනත කර ගැනීම පමනි. සිත දමනය කිරීම දන්නේ බුදුන්ය. ඒද පෙර කී ආහාර පාන පුහුණු වීම් ආදී කමටහන් ලබා දීමෙනි මිස බලහත්කාරයෙන් නොවේ.
+ ඔහෝ.. සිත දමනයටත් ආහාර පාන පුහුණුවීම් තිබේද ?
- එසේය රජුනි, එසේය දෙආකාරයටම ව්යායාම තිබේ,
එහෙත්,
" කය තැනීමට කය වෙහෙසිය යුතුය... සිත තැනීමට නම් සිත එක්තැන් කොට නිෂ්චල කල යුතය"
-- සිතට ව්යායාමය භාවනාවයි --
------ කුරුළු------
( රාවණ ගැමුණු රජු දස මහායෝධයන් අලලා දසිස් නමින් මා ලබන මේ ප්රභන්ධය කර්තෘ දැනුවත් කිරිමකින් තොරව කතාව ඇසුරින් සිදු කරන්නාවූ කොටස් උපුටාගැනීමක්, අනුකරණය කිරීමක්, ආර්ථික අයිතිවාසිකම්වලට කෘතිය ප්රතිනිෂ්පාදනය කිරීමේ, විකිණීමේ, කුලියට දීමේ, බෙදාහැරීමේ, මහජනයා සඳහා සන්නිවේදනය කිරීමේ සහ පරිවර්තනය කිරීම වැලැක්වීමට බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත. )
-----------------------------
දසිස් සියල්ල කියවීමට -
http://www.kurulu.lk/category/%E0%B6%AF%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%8A/


- කුරුළු Android App එක දාගන්න.. -
https://play.google.com/store/apps/details?id=io.kurulu.app

No comments:

Post a Comment