Monday, September 30, 2013

කැමති නමක් දා ගන්න.....!!


-හෙලෝ කුරුළු..
=ඔවු කියපන් මචං
-මට රස්සාවක් හම්බුනා ..
=ෂහ් මරුනෙ බං.. ඉතින් කොහෙද ?
- නුවර..
= අම්මට සිරි නුවරද ?
-නෑ බං මහ නුවර..
= ආ ඇත්තද.. මං හිතුව අම්මට සිරි නුවර කියල..
- ඒක නෙවේ.. උඹෙන් ලොකු උදවුවක් ඉල්ලන්නයි කෝල් කලේ..
= කියපං ඉතින් මොනවද ..
- උඹලෑ ගම නුවරනේ.. මට නුවර බෝඩිමක් හොයල දියන්කො ටවුම කිට්ටුව..
= යකෝ අපේ ගම නුවර වුනාට දැන් අවුරුදු විසි ගාණක් අපි මේ කොළඹ.. ගමේ එකෙක්වත් අපිව අදුරන්නෙවත් නෑ..
- අනේ එහෙම කියන්න එපා බං.. උඹලැ මාමට කියල බලහංකො .. නෑයෝ දන්නව ඇතිනෙ..
= හරි දැන් කොහොම එකක්ද ඕන..
- අඩේ වැඩි ගනන් එපා බං තාම ගෙදරින් දෙන දිරි දීමනාවෙන්නෙ බං දුවන්නෙ..
එලියෙන් දොරක් තියෙන එකක් නම් හොදයි.. දන්නෙ නැද්ද අපි ඉතින් කොහෙ ගියත් රවුමෙනෙ බං.. දොරවල් වැහුවාම ආයෙ අරින්න බෑනෙ ඒ මිනිස්සුන්ට..
= හ්ම්...
- තව ඉතින් මගේ ගැන කියල දාපං නැත්තං ඒ යක්කු මාව දැක්කාම බය වෙයි.. කෝන්ඩෙ රැවුල වවලනෙ ඉතින්..
= අඩේ ඉිතින් ඒකට ජොබ ලැබුන තැනින් මුකුත් කිවුවෙ නැතිද..
- තාම ගියෙ නෑනෙ ගියාම කියයි.. කිවුවෝත කපනව ඒත බං පට ගාල වැවෙනවනෙ..
= හරි තව මොනවද ? කෑම එහෙම..
- ම්...කෑම දෙන්න පුලුවන් නම් හොදයි බං.. මම කඩවල් වලින් කන්නෙ නෑනෙ.. අම්ම එක්ක රන්ඩු වෙවී හරි ගෙදර ඒව කනව බං ඒ තරං රහ නෑ බං වෙන කොහෙන් වත්..
= හරි මම බලල පනිවිඩයක් දෙන්නම්.....මම ලබන සතියෙ නුවර යනව මාලිගාවට ඒ ගමන් බලන්නම්.. සෙට් වුනෝත උඹත් යං විසිට් එකකට..
- තැන්කියු කොල්ල ඇහ්...
****************
- අඩේ මේ කොහෙද හම්බුනේ විස්තර ටිකක් කියපංකො බං...
= හරි බං කට වහන් ඉදහං දැන් යනවනෙ ගිහින්ම බලාගන්න බැරියැ..
- අඩෝ රහ කරන්නෙ නැතිව කියහන්කො..
= දිගන කිට්ටුව එච්චරවත් දුර නෑ...
- අඩෝ මම දන්න විදියට දිගන දුරයිනෙ බං
= පිස්සුද බං තනි බස් එක...
- අනේ පල කොළඹ ඉදලත් නුවරට තනි බස් එක තමා...
= පොඩි අවුලක් තියෙනව බං.. කෑම දෙන්න ගෙදරින් කැමති නෑ වගේ.. මාම නම් කිවුවෙ එහෙමයි..
- හ්ම් කමක් නෑ බං ඉතින් මොනව කරන්නද ?
----- මේ කියනා ස්ථානයට නුවර දිගන පාරේ කිලෝමීටර 3ක් ගිය පසු මහ පාරෙන් හැරී මද දුරක් පයින් යා යුතු විය (බසයේ යන විට) වෙල් යායක් මැදින් පාර වැටී තිබිනි ---
- අඩේ සිරා පැත්ත බං මට හොද සීනරි ටිකක් ෂුට් කරතැකි උදේට උදේට..
= ඔවු බං එහෙ කොයින්ද මේවා..
---- අපි නිවස ඉදිරි පිට වාහනය නැවැත්වීමු.. උණ බට කඩුල්ල පැන්නුවේද මා මිතුරාය.. ගෙදර සුදු වැලි මිදුලක් සහ වත්තේ මැද අඹගසක් තිබුනි.. පිළිවෙලකට තිබුන ගෙවත්ත පුරාම නොයෙකුත් මල් වර්ගය... ඉස්සරහට වෙන්න මයිනර් වර්ගයේ මෝටර් රථයක්ද පැත්තකට වෙන්න හොන්ඩා බෙන්ලි වර්ගයේ මෝටර් බයිසිකලයක්ද නවතා තිබිනි.. එ දෙකෙම ඉතා හොදින්නඩත්තු කරන බවක්ද පෙනුනි... නිවැසයන් තරමක් රදල පැලැන්තියේ බව දැනගැනීමට මේ සලකුනු කිහිපය අපිට ඇතිවිය...
* අහ් පුතාල රෑවෙයි කියල හිතුව අපි.. හොද වෙලාවට හවසම ආවෙ.
( අපව පිලිගත්තේ ගෙහිමි කාන්තාවයි.. පිළිවෙලකට රෙද්දය හැට්ටය ඇද සිටි ඇය දුටු මට පැරණි රජ කාලයේ ගම්වැසියන්ගේ පින්තුර සිහිපත් විනි )
= අනෙ ඔවු නැන්දෙ අපි උදෙන්ම ආවනෙ. මම ආයෙ කිරිබත් කුඹුරට යන්නෝන ලොකු අප්පච්චිලගෙ ගෙදරට අද රෑ එහෙ...
* අහ් ඒක හොදයි රෑ වුනාම පාරවල් හොයන්නත් බෑනෙ පුතාදට මේ නොදන්න පැති වල.. පාර හොයන්න අමාරු වුනාද ?
= නෑ නැන්දෙ ලොකු මාම කිවුව විදියටම ආව අමාරු වුනේ නෑ...
* කාටද බලන්නෙ මේ පුතාටද ?
= අනේ නෑ මගේ මේ යාලුවට එයාට අලුත් රස්සාව ලැබිල තියෙන්නෙ මෙහෙ..
* හා හොදයි එහෙනම් මේ තියෙන්නෙ කාමරේ මෙන්න යතුර පුතාල බලල එන්නකො..
( එය නිවසින් වෙනමම වත්තේ කොනක පිහිටා තිබුන කුඩා නිවසකි.. නාන කාමරයක්. වැසිකිසිලියක් . ද ඇතුලත්ව තනි පුද්ගලයෙකුට වාසය සදහා ඕනවට වඩා ඉඩකඩක්ද සහිත නිවසක් විය 0
- අඩෝ මේ ගෙයක්නෙ මාර ප්ලේස් එක බං... කීයක් වෙයිද දන්නැ පටට් ගානක් වෙයි..
= මාම කිවුව විදියට 3000යිලු කෑම නැති නිසා
- අඩේ හෙන ලාබයි බං මං කැමති කියපං.... කී මනි කීයක් ඉල්ලයිද ? නො කී මනී කියක් ඉල්ලයිද ?
= වරෙන්කො යන්න ඒව කතා කරගන්න..
( අපි කාමරය බලා එන විට ඒ කාන්තාව කහට තේ වේලක් පිලියෙල කර හමාරය..)
- අප්පහ් නැන්ද තේත් හදල ?
* අනෙ පුතේ තේ නෙවේ.. මේ කහට ටිකක් හැදුව...
= ෂහ් හකුරුත් එක්ක නේද නියමයි ..
* කොහොමද පුතේ බැලුවද හොදද ?
= කාමරෙ නම් බැලුව නැන්දෙ හොදයි යාලුවත් කැමතියි... නැන්දල කීමනී කියක් ඉල්ලනවද ?
* එවනම් දුවලගෙ අප්පච්චිගෙන් තමා කතා කරගන්න වෙන්නෙ ... මම එක කාත කරන්නම්කො අප්පච්චි එක්ක..
= හා හොදයි නැන්දෙ එහෙනම් අපි ගිහින් එන්නම්.. රෑ වුනෝත කරදරයි..
( ඉක්මනට ලොකු අප්පච්චිලගෙ ගෙදර යෑමට සිතා නැගිට්ටෙමි)
* පුතේ මට අහන්න දෙයක් තියෙනව...
= ඔවු නැන්දෙ ?
* මේ පුතා බැඳලද ?
- නෑ නැන්දෙ කොහෙ බදින්නද දැනුයි රස්සාවක් ලැබුනෙ .. කල් තියෙනව ඒවට... ඇයි නැන්දෙ එහෙම ඇහුවෙ..
* අනේ පුතේ මුකුත් හිතන්නෙපා.. අපි ඉති්න ගං වල මිනිස්සුනෙ.. අපෙ ගෙදරත් දුවෙක් ඉන්නවනෙ.. ඉතින් අපි තීරණය කරල තියෙන්න බැඳපු නැති අයට මේ ගෙදර දෙන්නෙ නෑ කියල.. අද ලෝකෙ හැටි පුතාල දන්නවනෙ... පුතාලගෙ මාම මට කිවුවම මම හිතුවෙ බැඳපු කෙනෙක්ය කියල... ඒ නිසා අපි කැමති නෑ..
( මා පුටුවේ යලිත් ඉන්දවුනේ .. දුකටත් වඩා කෙන්තියටය.. මෙහෙමත් ලෝකයක් මා මිතුරා අසරණව මා දෙස බලා සිටියි...  කිව හැකි දෙයකුත් කල්පනා නොවෙයි )
= හ්ම් කමක් නෑ එහෙනම් මොනව කරන්නද / මාම කිවුව නිසයි අපිත ආවෙ කලින් එ බව කිවුවනම් අපිත් දැනුම් දෙනව... කමක් නෑ නැන්දෙ අපි ගිහින් එන්නම්...
 ( මම එලියට බැස සෙරෙප්පු දෙක පයලා ගතිමි.. කාරය වටා වටයක් කැරකී... නැවත නැන්දා ඉදිරියේ නතර වුනෙමි.. මුකුත් නොකියා යෑම සුදුසු නැත. මිතුරා නම් කාරයේ වාඩි වී අවසන්ය )
* අනෙ මුකුත් හිත්නනෙපා පුතේ.. අර පුතුාටත් හිත රිදිලද ද්නනෙ නෑ
= කමක් නෑ නැන්දෙ.. අද රටේ හැටි ඔහොමයි.. නැන්දල ගමේ නිසා ඒක වැඩි පුර බලපානව.. මොනව කිනරන්ද වැරදි කරන්නෙත් අපේම මිනිස්සු... රස්සාවට ඉස්සුලු කරද්දිත් පලපුරුද්ද අහනව නැන්දෙ.. පල පුරුද්ද නැතිනම් රස්සාවක් නෑ.. පලපුරුද්ද දෙන්නෙ කෝමද අපි.. එහෙනම් අපිත් ඉස්කෝලෙ ය්නනෙ නැතිව රස්සාවක් කරන්න තිබ්බ.. අවුරුදු 5ක පල පුරුද්ද ඉල්ලනව.. නැන්ද හිත්න්න අවුරුදු 5ක පල පුරුද්ද තියෙනව කිය්නනෙ වයස 30කට කිට්ටු වේනනෝන... තනිකඩයව කවරුත් විස්වාස කරන්නෙ නෑ...නැන්දෙ.. වගකීම් දෙන්න බයයි... මට මතකයි මම පත්තරේ රස්සාවක් ඉල්ලන් ගියාම කිවුව මේ ලියන දේවල් අලුත් වැඩියි.. හොදට පරිනත වෙලා එන්න කියල.. ඉිතන් නැනදෙ අපිට අවස්ථාවක් දෙන්නෙ නැතිව කෝමද අපි ඉදිරියිට ය්නනෙ.. මේ සමාජයට ඔනෙ පිපුණු මල් මිසක් මල් පොහොට්ටු නෙවේ... මල් පොහෝට්ටු වලට අවස්ථාවක් නෑ.. පිපිනු මල් ඒ පෝහෝට්ටු මරල දාන්න හදනව... හ්ම්... කවුරු හරි ඒ පොහෝට්ටුව රැක බලා ගන්නවනම් එ ්මලත් කවදා හරි මලක් වෙලා සමාජෙ සුවඳ කරාවි.. මම නැන්ද දෝස ්කිය්නනෙෑ.. අපිට කාමරේ හම්බුනේ නැති වුනාට කම්ක නෑ.. නැන්දට කැමති නම්.. “ නංගිව තනිකඩයෙක්ට දෙන්නෙපා බඳපු කෙනෙක්ටම දෙන්න“ ගෙදර කාමරයක් තනිකඩයෙක්ට දේන බය ගමේ මිනිස්සු තම්න්ගෙ දුවව තනිකඩයෙක්ට දෙන්නෙ කෝහොමද ? මිනිස්සු මොනව නොකියයි ද ?
අපි ගිහිල්ල එන්නම්... බොහොම අමාරුවෙන් මගේ යාලුව රස්සාව ගත්තෙ.. ඉන්න තැනක් නැති නිසා ඒක නැති වෙන්න දෙන්නෙ නෑ මම... බඳින්න කලින් හැම කෙනොම තනිකඩයි නැන්දෙ.. මම ගිහින් එන්නම්...
*
( නැන්දා කිසිත් නොකියා බලා සිටියා පමණි..)
* පුතාගෙ නම මොකක්ද ? ( අවසානයේදි ඈ විමසුවාය )
= මම කුරුළු.. කුරුළු නිස්කලංක..
( කාරය හරවන ගමන් මම කීමි )
* හරි අපූරු නමක්නෙ ඒක ඇත්තම නමද පුතාගෙ...
= නැන්ද කැමති නම් විස්වාස කරන්න , නැතිනම් එපා.. මොකද ඒ දෙකින් කෝක වුනත් අපි දෙන්නට වෙනසක් වෙන්නෙ නෑ.. නම වැඩක් නෑ නැන්දෙ මිනිහෙක්ට.. මේ හිටපු ටික කාලෙන් මම නැන්දව දැනගත්ත නැන්ද මාව දැනගත්ත.. මම ගිහින් එන්නම් බුදු සරණයි..
( කාරය ඕනවටත් වඩා වේගයෙන් හරවා ගතිමි... මහ පාරට එනකම්ම කිසි කාතවක් නොකලේ මට දුකත් තරහත් වැඩි නිසාවෙනි )
- උමට පිස්සුද බං මොනවද අර ඇන්ටිට කිවුවෙ . වැඩක් නෑනබෙං එවුවඋන් කැමති නැතින්ම යන්නනෙ තිබුනෙ..
= එම් කෝමද ඇයි බං තිනකඩයො එච්චර පහත්ද ?
( පැය බාගයක් පමණ ගතවිනි - කොහොම හරි අපිට කිරිබත් කුඹුරට එන්නට ලැබුනෙ ්නැත... ජංගම දුරකථනය නාද වුනි )
= බලපං කවුද කියල මම ඩ්‍රයිව් කරනව පස්සෙ ගන්න කියහං..
- හෙලෝ... ආ..හ් පොඩ්ක් ඉන්න ----- මේ අර නැන්ද බං අර ගෙදර...
= ස්පිකර් දාහං බනීද දන්නෙ නෑ මිනිහත් එක්කම..
= හෙලෝ නැන්දෙ කියන්න.... ?
* මේ කුරුළු පුතාද ?
= ඔවු කියන්න නැන්දෙ ඩ්‍රයිව් කරන ගම්න්
* හා පුතේ එහෙනම් මම ඉක්මනට තියන්නම්.. මම මේ පණිවිඩය් දෙන්න ගත්තෙ.. පුතේ අපි කැමතියි අර පුතාට කාමරේ දෙන්න... කීමනී මුකුත් එපා කියල මාම කියන්න කිවුව...
= හා නැන්දෙ ගොඩක් ස්තුතයි...
* ආ මේ තව පුතේ... කෑම දෙන්නම් කියන්න මං.. සල්ලි එපා කෑම වලට.... එ ්පුතා එන දවසට කෝල ්එකක් දීල එන්න කියන්න... මම තියන්නම් බුදු සරණයි..
= හරි නැන්දෙ මම කිය්නනම්.. අනෙ නැන්ද තරහ වෙන්නෙපා මම කියපුවට..
* තරහ වෙන්න දෙයක් නෑ පුතේ .. ඇස් වල තියෙන කුණු රොඩු පිහදැම්මට පින්.. මේචචර කල් ඒ රොඩු අයින් කරන් බැරිව අපි ඇස් රිද රිදි හිටියෙ... දැන් තමා ඇස් රිදෙන එක නතර වුනේ...මම තියන්නම් පරිස්සමෙන් වාහනේ එලවන්න පුතේ..
= හරි නැන්දෙ බුදු සරණයි....
( මිතුරා මා දෙස බලා සිනා සුනා පමණි )
මම ද කිසිත් කතා වක් නොකරම දිගටම වාහනය පැදවීමි....
- ගොඩක් පින් මචං උඹට.....
( යාන්තමට මට ඇසින )
-------------------------කුරුළු----

Saturday, September 21, 2013

==ළං වෙන්නට විදිහක් නෑ හිතෙන් විතරමයි == ==සුවඳක් මිස ඔබ ලඟ නෑ හීනයක් වගෙයි...==

 
.
-අයිය මට දුවෙක් ඕන ඉස්සෙල්ලම....
=ඇහ් ඒ මොකෝ ඒ..
-මොකෝ අහන්නෙ ... මට ඕන ලස්සන රෝස පාට මං වගේම දුවක්..
= දැන් මට කියන්න‍කො මේ හදිස්සිය මොකක්ද කියල එක පාරටම
- නෑ හදිස්සියක් නෑ ඉතින්. ඒ වුනාට දැන් ඉදලම මේව කතා කරල තියන එක හොදයි..
= ඇහ් ඒ මොකෝ..
- එවුව එහෙම තමා..
= එත් මම හිතන්නෙ පලවෙනිය පුතෙක් වුනොත් හොදයිනේ... දෙවැනියට දුවෙක් හදමු
- බෑ බෑ එහෙම බෑ නොම්බර එක දුව... නැත්තං මෙයයි පුතයි එකතු වෙලා මට පාට් දාන්න එයි..
= දැන් එතකොට ඔයයි දුවයි එකතු වෙලා මට පාට් දැම්මොත්..
- ඒව ඉතින් අම්මලගෙ දුවලගෙ වැඩ තමා එවුව එහෙමයි... අනේ මගේ හොද අයියනෙ ඉස්සෙල්ල මට දුවෙක් දෙන්න ඊට පස්සෙ මම ඔයාට පුතෙක් දෙන්නම්.. මට අපි හදමු මම වගේ ලස්සන රූපෙ තියෙන ඔයා වගේ මොලේ තියෙන බබෙක්..
= හිකස්... මට කියන්න තියෙන්නෙ අර අයින්ස්ටයින් කිවුව වගේ තමා..
- ඒ මොකක්ද..
= කොහොමද බැරි වෙලා හරි මගේ රූපෙයි ඔයාගෙ මොලෙයි තියෙන බබෙක් ආවෝත් ??????
- අනේ මේ යනව යන්න .. නරක් වෙලා තියෙයි මගේ මොලෙත්...
= අපෝ නෑ මම මේ කිවුවෙ මගේ රූපෙ ගැන..
- අන්න එහෙම එන්න හරිද ?... දැන් මොකක්ද බබාට තියෙන නම අපි ?..
= කොල්ලට නම් මම හිතල ඉවරයි..
- මට කිවුවෙ නෑනෙ.. මොකක්ද නම..
= " කුරුළු නිස්කලංක "
- ඒ ඔයානෙ ඉතින්
= නෑනෙ.. ඒ නම පුතාට තියමු එතකොට ඒක හොදයි..
- අපෝ ඒක හරි නෑ අප්ප නිකං අප්පච්චියි පුතයි එකම නම වෙනකොට කරදරයි නේ..
= නෑ මම අනික් තාත්තල වගේ පොහොසත් කෙනෙක් නෙව්.. අර කේයස් කවියා මැරෙන වෙල් කිවුව වගේ පුත්තුන්ට " මම උඹලට අකුරු 3ක් ඉතිරි කරල තියෙනව මගේ ලග වෙන සම්පත් නෑ උඹලට දෙන්න . උඹල මැරෙනකම් ඒ ඇති ජීවත් වෙන්න"
- දැන් ඔයත් එහෙම කිය්නන ද කල්පනාව..
= අපෝ මම කවියෙක් යෑ.. එහෙම කිය්නන... ඒත මම ආසයි ඒ නමට.. ඒක මම බොහොම අමාරුවෙන් ගොඩ නගාගත්තු නමක්.
- ඉතින්
= මම කැමතියි පුතා ලොකු වෙලා ඒ නම පාවිච්චි කරනවට..
- ඒ ඇයි..
= එතකොට මමත් හැමදාම පුතත් එක්ක ජීවත් වෙනව... මේ මගේත් එක්ක ඉන්න මිනිස්සු එදාට ගොඩක් වයස වෙයි.. ඒ අය කියාවි පුතාගෙ තාත්තව දන්නව කියල.. අර මම කලින් දවසක කිවුව වගේ පුතාව හැදුවොත් ඒ හැමෝම පුතාට ආශිර්වාද කරයි...
- හ්ම්..
= ඔයාට මම කියල තියෙනවනෙ නංගි මම හැම වෙලේම බලන්නෙ මිනිස්සුන්ට උදවු කරන්න.. මිනිස්සුන්ගෙ හිත නිවන දේවල් ලියන්න කියන්න.. පුතාත් ඒක පුරුදු වෙයි...
මේ වටේ ඉන්න මගේ හිතවත්තුගේ දරුවෝත් අපි ආස්සරේ කරපු හැමෝගෙම දරුවෝත් එදාට පුතාගෙ වයසෙම ඉදීවි.. ෆේස් බුක් එකේ ඒ අයත් යාලුවෝ වෙයි.. එදාට මම මේ ලියපු කියපු දේවල් සේරෝම දේවල් පුතාට අයිති වෙනව.. මගෙන් පස්සෙ මේ කුරුළු ගිණුම පුතාට දිගටම අරන් යන්න පුලුවන්.. එහෙම වුනොත් ඊලග පරම්පරාවෙත් කුරුළු ජීවත්වෙයි මිනිස්සු අතරෙම...නොමැරී.. නොමැකී..
- ඇත්තනේන්නම්..
= සමහර වෙලාවට මාව මතක තියෙන මිනිස්සු පුතාගෙන් අහයි ඒ ඔයාද කියල.. නැතිනම් පුතාට ඒ අය උදවු කරාවි.. මට පුතාට දෙන්න පුලුවන් ලොකුම දේ මේ නම කියල මට හිතෙනව.. ඒක එයා රැකගනීවි... මම නැති කාලෙකත් මගෙ වටේ ඉන්න මේ මිනිස්සු පුතාව බලාගනීවි මාව බලාගන්න විදියටම මට ආදරේ කරන විදියටම පුතාටත් ආදරේ කරාවි.. ඉතින් ඒක බොහොම කලාතුරකින් කෙනෙක්ට ලැබෙන අවස්ථාවක්..,
- මගේ හොද අයිය..... අපි පුතාට අයියගෙ නම තියමු.. මම ආසයි ඒකට... මේ එතකොට දුවට.. ?
= මම ඒක හිතුවෙ නෑ.. හිතල බලන්නම්...
- ඉක්මනට හිතල මට කියන්න හොදේ..
= මොකෝ බොල ඉක්මන . හෙට අනිද්ද බබා ලැබෙයිද ?
- අනේ මේ.. අහගන්නෙපා හලිද මගෙන්.. නෑ ඉතින් මට ආස හිතුනා..
= හරි මම හිතල කියන්නම්කො... දැන් ගුටි නොකා නිදියන්නකො රෑ වෙලානෙ..
- හරි හරි මම නිදියන්නම් අපෝ එලව‍නවනෙ නපුරා.. ඇයි අයිය නිදියන්නෙ නැතිද ?
= නෑ මට වැඩක් තියෙනව..
- බෑ එහෙනම් මාත් ඉන්නව ඇහැරන්.....
= අනේ නිදියන්නකො දරුවො.. මම රෑ‍ වෙයි නිදියනකොට...
- හරි එහෙනම් අයියත් රෑ නොවී නිදාගන්න හොදේ.. බුදු සරණයි...
= හරි බුදුසරණයි.. මම ආදරෙයි...
- ආ... මේ ඒක නෙවේ.. මොකෝ අර මම ගත්තු අලුත් ඇදුමට හිනා වුනේ.. ඒකෙ පින්තුර බලල ?..
= නැතිව ඒක ඔයාට ගැලපෙන්නෙ නෑ... ඔයා තෝරන්නෙම මහ ගොන් ඒව.. මොඩ ඒව.. ඔයාගෙ තේරීම් ඔයාට ගැලපෙන්නෙ නෑ...
- ආ ඇත්තද අයියෙ.. එහෙනම් මේකත් මතක තියාගන්නව හොදා.. " ඔයාවත් තෝර ගත්තෙ මම කියල " හුහ්...
= අපෝ ඇති ඇති නිදියන්න කිවුවෙ....ගුඩ් නයිට්..
- හු.. හූ.. ගුඩ් නයිට්....ඇද්ද..... නරියට...
= මේ............ඒ..............

****************************************
සක්මන් සඳ ඉක්මන් කර පෝය දා පෙනෙයි
ගොම්මන් හිත පහන් එලිය පිළිබඳ සිතමයි
ළං වෙන්නට විදිහක් නෑ හිතෙන් විතරමයි
සුවඳක් මිස ඔබ ලඟ නෑ හීනයක් වගෙයි...
.
නින්ද යාය පුරා දුවන කන්දෙ හෙවනැලී
දුවනවා වගෙයි නුඹ ගැන මගේ හිතිවිලී//
නාන තොටේ නුඹ හිනැහී දෑස මුනගැසෙයි
යන්න බයයි ඒ දන්ඩෙන් හිතත් කලබලයි
.
බින්දු පොදට පිල් කඩේට මං දිව එන්නම්
පිල්කඩේ ටිකක් ඉදලා ඇතුලට එන්නම්//
සද්ද නොකර හිටියෝතින් ඉද්ද ගැසූ මෙන්
දෙතොලේ සුසුමක් තියලා ආපහු යන්නම්
. - අමරසිරි පීරිස්
*****************************************
---කුරුළු---

Wednesday, September 11, 2013

=== මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා.....===




අප දෙදෙනාට හමුවීමට ලැබුන ඉඩ කඩ ඉතා අල්පය..
.
ඒ දෙදෙනා - දෙදෙනාට බොහෝ සේ දුරින් වාසය කිරීම ම නොවේ...
දෙදෙනාගේම රැකියාවල ස්වාභවය නිසාවෙනි..
ඇය නිතර කාර්‍යිබහුල වුන අතර මා  ඊටත් වඩා කාර්‍යබහුල වීමි...
දෙදෙනා දෙපැත්තකය. විටකෙ පුදුමත් සිතේ..
ඇය රජයේ රැකියාවක් කරන්නීය... මා පෞද්ගලික ව්‍යාපාරක නිරත වෙමි..
මා නිතරම මුහුනු පොත පරිහරණය කරන නුමුත් ඇයට එයට එබී බැලීමටවත් ඉඩ ලැබනේනේ සති අන්තයකදීය..
මා ඇසුරු කරන්නන් කියනා පරිදි මා කාව්‍යකරණයේ සහ ලේඛනයේ නිර්මානකරුවෙකු ලෙස පෙනී සිටියි..
ඇය ඒ කිසිවකට ඉසිඹුවක් නැත..
දෛවයේ සරමටදෝ මන්දා.. ඇයට මා ලියනා කිසිවක් බැලීමට කාලයක් ලැබෙන්නේද නැති..
ඇයද මාද මුණ ගැසුනේ ඉතා අහම්බයකිනි....
ඒ ගැන නුඹලාට කීම කාලය කා දමන්නැකැයි සිතා නොලියා ඉඳිමි..
කෙසේ වෙතත් මා අසා තිබෙනා අන්දමට ඒ “ මුරලිදරන් සහ මදිමලර් “ මුණ ගැසුනු අවස්ථාව හා ගැලපේ යැයි සිතේ...
ඔවුන් දෙදෙනා මුනගැසන විටත් ලෝක ප්‍රසිද්ධ මුරලිදරන් ගැන මදිමලර් එතරම් දැන සිටියේ නැත.. ඈ ඒ ගැන උනන්දුවක්ද නැත...
මා එතරම් ජනප්‍රිය චරිතයක් නොවූවත් තරමක් ප්‍රසිද්ධ චරිතයක් වන බව පහුගිය වසර කිහිපය තුල හැගී ගියේ මේ මූනු පොතින් එපිට මග තොට හමුවන මිනිසුන්ගේ කතා බහ නිසාවෙනි..
අවාසනාවට හෝ වාසනාවට - ඇය ! මා මුල්වරට කතා බහ කර හදුනා ගන්නා විට , ඇය මා කවුරුන්ද යැයි නොදැන සිටියාය.. මා නම් ඇ ගැන සියලු දේම පාහේ දැන සිටියත් නොදන්නා සේ පෙනී සිටියෙමි...
කෙසේවෙතත් දෙපැත්තක විසූවත් අප දෙදෙනාතුල තවමත් ඇතැම් සමානකම් ඇති බව අප දෙදෙනාම විස්වාස කරන්නෙමු..
ඒ නම් සහෘද වීමය.. අර ජයලාල් රෝහන ගුරුපියානන් පැවසුවාක් මෙන් දෙදෙනාම ඉතා හොද සාක්ෂරතාව ඇත්තෝ වූවෙමු.. එනම් ඇයට මාවත් - මට ඇයවත් “ දැනීමයි “ හැගීමයි “..
විෂයන් දෙකක අන්ත දෙකක කටයුතු කලත් අප දෙදෙනාට ඒවා පටලවා නොගෙන මෙතෙක් සිටීමට හැකි වූයේ එබැවින් බව විස්වාස කරමි..
ඇයගේ විෂය වුයේ කතා කිරීමයි - මාගේ විෂය වූයේ සිතිමයි..
“සිතිමේ අඩක් කියැවීමෙන් නසා දමයි“ යැයි මා අසා තිබුනත් අප දෙදෙනා සම්බන්ධව නම් එය මුසාවක් බව දැනුදු සිහිපත් වේ...
““ මම අයියට මම කරන දේ ගැන අපි හම්බුනාම කියන්නම්කො..““ බොහෝ විට ඈ පැවසුවාය...
ඇයට මා නොතරෙන අවස්ථාවන් වලදී මාද,
“ ඒක මම හම්බුවෙලා කියල දෙන්නම් මෙහෙම කිවුවට ඔයාට තේරෙන්නෙ නෑ... !““
පැවසූවත් .. අප මුණ ගැසී බොහෝ කල් ගෙවී ගියත් .. ඇයට එම කී දේවල් වත් මට මා ඒ කී දේවල් වත් පැහැදිලි කිරීමට තවම අවස්ථාවක් නොලැබිනි...
ඒ මා පෙර කීවාක් මෙන් අප දෙදෙනා සිටින දුරස්ථභාවය නිසාවේන මුන ගැසෙන වාර ගනන සහ එක්ව ගත කරන කාලය අඩු නිසාවෙන්.. කතා කිරීමට සහ තීරණ ගැනීමට පෙර කී දේවල් වලට වඩා දේවල් අප හමුවේ වූ බැවිනි....
අප දෙදෙනා බොහෝවිට අන් අය ගැන කතා කරනුයේ අඩුවෙනි.. අප - අප ගැනම අප අනාගතය ගැනම පමණක් කතා කරන්නෙමු.. එහෙත් අප හමුවූ පසුගිය දින අප ගෙවූ කාලයෙන් බොහෝ වේලාවක් කතා කලේ අනෙකෙකු ගැනය.. ඒ Chandana Ellewala ගැනය... මේ සංකල්පනාව මෙසේ ලියන්නේද ඒ වෙනුවෙනි...
“ අයිය.. ඔයා හරි නරකයි..!
- ඔවු ඔයා හරි හොදයිනෙ..
+ නැ නැ එහෙම නෙවෙයි... ඔයා මට අර “ දැලි පිහියෙන් කිරි කන“ කතාව කියන්නම් කියල එදා ෂේප් වුනා.. තාම කිවුවෙ නෑනෙ..
- ආ ඔවු ඒක එච්චර දෙයක් නෙවයි...
+ ඒච්චර දෙයක් නෙවෙන්නෙ කොහොමද ? හැමෝම කතා වෙනවනෙ ඒ ගැන..
- ඒක මේ පොතක් එලි දැක්වීමක්නෙ...
+ කාගෙද ?
- අර චන්දන අයියගෙ...
+ මොන?
- අර රෑ සදෑවෙ අනේ අර කලු .. කොන්ඩෙ ටිකක් ක්‍රේල් ලොකු බඩක් තියෙන්නෙ .. අර නිතරම හිනාවෙලා ඉන්නෙ... අර මං කියන්නෙ අනේ හැම තිස්සෙම....
+ ආ ඔවු ඔවු.. ඉතින් ඒ අයියගෙ පොතක් නම් ඒක සුලු දෙයක්ද ? මට කියන්න එපැයි..අ ැයි ඔයා විස්තර දන්නෙ නැද්ද..?
- දන්නව. සැප්තැම්බර් 22 වෙනිද.. දෙහිවල බීච් එකේ... තියෙන්නෙ..
+ ඉතින් ඔයා යන්නෙ නැද්ද ?
- යනව..
+ කෝ ඉතින් මට කිවුවෙ නෑනෙ....
- ඔයාට කිය කිය ඉන්න ඕනයැ මම යනව..
+ එහෙම බෑනෙ.. මම ඉන්නකොට මට කියල පර්මිෂන් අරගෙන යන්න ඕන..
- දැන් ඔයා හිතන්නෙ ඔයා පර්මිෂන් නොදුන්නොත් මම නොයා ඉදියි කියලද ?
+ හ්ම් ඒකත් ඇත්ත.. ඔයා කොහොමත් යනවනෙ යන්න එපැයි .. චන්දන අයිය යාලුවනෙ..
- ඒකනෙ ඒ නිසා පණ්ඩ්ත කම් නොකිය පැත්තකට වෙලා ඉන්නව.. මම යනකොට කියන්නම්..
+ දැන් මොනවද එය පොතේ තියේනනෙ... !
- බයිල...
+ බයිල ??? චන්දන අයිය බයිලද ලියන්නෙ..
- නෑ .. ඔයාට මගේ කවියක් වත් තෙරෙන්නෙ නැති කොට.. චන්දන අයිය ලියන ඒව බයිල තමා.. ඉතින් ඒව ඔයාට විස්තර කරනවට වැඩිය මට ලේසයි ඒව බයිල කියල ඔයාට කියන එක...
+ අපෝ ඔයා නම් හෙන නරකයි අයියෙ....
- ඉතින්.. මම නැ කිවුවයෑ.. මම ඒක දන්නව.. නිතරම කෙල්ලොත් කියනව..
+ කෙල්ලෝ? මොන කෙල්ලොද.. ෆේස්බුක් එකේ උන්ද...
- නැතිව...
+ ඒකනෙ ටිකක් හිනාවලො පොටෝ එකක්වත් දානවකො මෙතන හැම එකේම ඔරවගෙන බුම්මගෙන ඉන්නෙ නැතිව.. ඉන්නකො මම මල්ලිට කියන්න හොද පොටෝ ටිකක් අරන් දෙන්න කියල මෙයාට හිනාවෙලා ඉන්න.. ෆේස් බුක් එකට දාන්න කෙල්ලොන්ට පෙන්න..
- අන්න ඒක හොද අදහසක්...
+ අනේ මේ මගෙන් මුකුත් අහගන්නෙපා.. කෙල්ලොන්ට පේන්න හිනා වෙලා පොටෝ දාන්න.. හහ් හිතුව මදි.. ඔය ඉන්න විදිහ හොදයි.. නැත්තං මට මේකව බේර ගන්න වෙන්නෙ නෑ...
- ඇයි මාව බේරන්න මම පොඩි එකෙක්ද මේ බෙරිල ඉන්නෙ හොදට..
+ ඒක නෙවේ අයියෙ .. හොද අයියනෙ.. එදාට මාවත් එක්කන් යන්නකො... අයිය කවදාකවත් මාව එක්කගෙන යන්නෙ නෑනෙ.. එවු ඉිතන් ඔයාට එක්කගෙන ගියොත් පාඩුයිනෙ කෙල්ලොන්ගෙන්...
- අනේ මේ මගෙන් අහගන්නෙපා මුක්ත්... පන්ඩිත කතා නම් කියනව එනව එහෙනම් එදාට.. මම එක්කන් යන්නම්...
+ අනේ බෑනේ සුදු අයියෙ.. මට රෑවොල ගෙදර යන්න බෑනේ.. හ්ම්... අපි දෙන්න එකට ඉන්න දවසක අපි දෙන්නම එකට යමු හොදේ. එතකොට නම් මාව දාල යනව බොරු...
හා හොදයි සුදු නංගි අපි එහෙම දවසක එකට යමු...
*****
අනේ ඉක්මනට ඒ දවස එනවනම්.....
************************************
ඉකි ගසා හඩන අතීතයක - කඳුලු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා.....
.
හීනෙන් හිනැහී තුන් යම මා රවටා..- මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කලුවරේම යලි සොයනා..
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...
.
රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා - සුසුමින් විතරක් නිරතුරුවම පිරිමදිනා
උහුලනු බැරිතැන උණු කදුලුම වගුරවනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...
මගේම ආදරයක් තිබුණා...
*************************************
---කුරුළු--