Friday, May 6, 2016

===== සිත නිවන සිත ======= .




ලිපිය නොලියා සිටීමටත් අනේක වාරයක් සිතීමි.
එනමුත් සිතට දැනෙනා අනෙකුත් සියල්ල ලියා තබන අතර තුර මේ දැ ද නොලියා අතහැරීම අඩුපාඩුවකැයි වරෙක සිතීමි.

ලැබෙන නිවාඩුවක නින්දට පෙර භාවනාවකට හිත යොමු කිරීමත් ඒ හරහා යම් යම් දේ මෙනෙහි කිරීමත් කලකට පෙර සිටම හුරු කලෙමි.
ආස්වාස ප්‍රාස්වාසයෙන් ඇරඹි කුණ්ඩලීනියත් ඕම්කාරයෙන් ඇරඹි නාඩි පිරිසිදු කිරීමත් ක්‍රමයෙන් සිරුරේ රිද්මයට හුරුකලෙමි.
මුලදී උදරය මූලිකව හුස්ම පිරවීමත් සිත ඒ හා එක් කොට හුස්ම නාස් පුඩු හරහා පිට කිරීමත් සිදු කරමින් ක්‍රමක්‍රමයෙන් උදරෙය් සිට පපුව , ගෙල, නාසය, නළල් තලයෙහි මධ්‍ය දක්වා සුසුම සමග සිත ගෙන ආවෙමි. දැන් සිරුර නිසලය.
ආස්වාස ප්‍රාස්වාසයද මනාය, සිත ද නළලත මැද දෑසට ඉහලින් මදක් බරව දැනේ.... කලුවරකි.......
විදුලි කෙටීම්, මනෝභ්‍රාන්තික රෑ, ශබ්ද, සිතිවිලි මතක ඇදෙන්නෙ මෙවිටය, ඒ මද වේලාවකට, සියල්ල අනතුරුව නිහඩවෙයි....
සුදුය... මුදුය... නැවත නිසලය... නුඹ මනස ශක්තිය වෙත විවරවන වෙලාවය.විශ්වීය දැනුමට ඉඩ දුනහොත් සියල්ල නුඹ වෙත ගලා එනු නිසැකය......
නිර්වාණය ගැන සිතීමි..
නිවන් මගට පිලිපන්නෙකු බැදීම් අත් හල යුතුය, ලෝභ වශයෙනුත් ද්වේශ වශයෙනුත් අල්වා නොගත යුතුය.මේ හොදය ඒ නරකය යැයි නොසිය යුතුය. දුටු දෑ දුටු පමණින්ද , ඇසූ දෑ ඇසූපමණින්ද , රස බැලු දෑ රස බැලුපමණින්ද , ස්පර්ශ වූ දෑ ස්පර්ශ වූ පමණින්ද , කියවූ දෑ කියවූ පමණින්ද නතර විය යතුය. සරළවම පවසන්නේනම් ඒ ඒ පංචේන්ද්‍රියන් ගෙන් ලැබෙනා අරමුණු වලට සිත එකතු නොකල යුතුය.
ඇස කන නාසය දිව ශරීරය හරහා සිතට ලැබෙන සංඥා නැවතීම කල නොහැක්කකි, කල යුතු වන්නේ නොලැබුනා සේ පැවතීම පමනි.
අපත් රහතන් වහන්සේ කෙනකුත් වෙනස් වන්නේ එතැනනි.
අප කැමරාවක මෙමරි චිපය වැනිය.. දකිනා සියල්ලම පාහේ ගබඩා කර ගන්නෙමු. ඒ නිසාවෙන් කොයි යම් මොහාතක නැවත ක්ෂණිකව උඩට මතුවී අපට කරදර කරනු ඇත.
රහතන් වහන්සේ කෙනකු කැමරාවක කාචය බදුය සියල්ල දකිනා මුත් ග්‍රහණය කර ගැනීමක් නැත. 'සේවු' ( මතක )කර ගැනීමක් නැත.
මුලදී කීවාක් මෙන් නිව්න් මගට පිලිපන් තැනැත්තා කෙමින් කෙමින් අත් හැරීම පුරුදු කරනු ලබයි. දුටු දැ දුටු පමණින් - ඇසු දැ ඇසු පමනින් - කියවු දැ කියවු පමණින් ආදි ලෙස නවතා දමයි එනම් ඔහු වර්තමානයේ ජීවත් වන්නට පටන් ගනී. උදාහරණයක් ලෙස උදෑසන ආහාරයට ගත් දෙය ඒ ආහාරය අවසන් වන විට ඔහු මතක තබා නොගනී. ඔහුට එය තවත් එක් ආහාරයක් වනු ඇත. එලෙස එතැනින් මතක තබා ගැනීමක් නොමැති නිසා මතකයක් නැත. එනම් අතීතයක් ඔහු තුල නැත.
එදිනෙදා ජීවිතයේද සරළව ජීවත් වන පුද්ගලයෙකු අපට දැකිය හැක. ආහාර ගන්නා විට ආහාර ගනී ඉන් එහාට ඔහු තුල දෙයක් නැත, ඇවිදින විට ඇවිදියි.. සරළ වෙයි... වර්තමානයේ ජීවත් වීම යනු එයයි..
කෙමන් කෙමෙන් ඔහු භාවනා යෝගී වන්නට පටන් ගනු ඇත. මේ අවධියේදී බාගදා සමාජය තුල ජීවත් වීම ඔහුට අසීරු වනු ඇත. ඒ පෙර කී මතක තබා නොගැනීම නිසාත් සරළ දිවි පැවැත්ම නිසාත් සමාජය ඔහුට හිරිහරයක් විය හැක.
--
භාවනා යෝගී වීමෙන් ඔහුගේ පැවතුම් තවත් සංවර වනු ඇත. එදිනෙදා ජීවිතයේදී භාවනාවක නියෙලන අපට වඩාත්ම කරදරකාරීදෙයනම් අපෙග් ' මතකය'යි. අප දෑස් අඩවන්ව භාවනාකරන විට සිහියට එන්නේත් සිත එහෙ මෙහෙ ගෙනයන්නෙත් තර්ක කරනු ලබන්නෙත් අපෙග් පෙර උගත් දැනුමෙනි.
එහෙත්, මතක තබාගනීමකින් තොරව කිසිවක් හා නොඇලී සිටින්නොකුට දැනුමක් වුවද තිබිය නොහැක ඒ කියවන දකින අහන දෑ එතැනින් නතර කරන නිසාවෙනි. ( වරදවා තේරුම් නොගන්න , දැනුම එකකි - අවබෝධය වෙනනමම එකකි. 
දැනුම නොව අවබෝධය යි වැදගත්. දැනුම කොතෙක් තිබුණද අවබෝධය නොමැතිව පලක් නැත.) 
පෙරකී භාවනායොගියාගේ මනස බොහෝ සෙයින් හිස්ය ඒ මතකය - දැනුම ගබඩාවක් නැතිව ඒවා හා නොඇලී ඔහු බොහෝ කලක් ගෙවා ඇති හෙයිනි.
තර්කනය අඩු මනසක් ඉක්මනින් නිසල වනු ඇත.
--
දැන් මෙසේ ලියමි, නිවන ඇත්තේ කොහිද ?
විවිධාකාරයින් විවිධාකාරයට නුඹට පවසාවි. එය නුඹ තුලම ඇති බවටත් පවසාවි. ඇත්තය එය ඇත්තේ නුඹ තුලය. නමුත් එතැනට ලගා වන්නේ කෙසේද ? 
මා මෙසේ ලියමි ,
නුඹ කවුරු සමග හෝ කෝප වන්නේ නම් එයට යම් යම් ප්‍රමාණ ඇත. සිනහ වන්නේ නම් එයටද ප්‍රමාණ ඇත. ඒ අප සිත තුල නැගෙන හැගීම්ය. අප ඒවාට ප්‍රමාණ නියම කරගෙන පාලනයක් කරන්නෙමු. එපමණක් නොව අපට අවශ්‍ය විට අවශ්‍ය අයුරින් ඒ හැගීම පිට කිරීමටත් නවත්වාගැනීමත් සිදුකරන්නෙමු. අනෙක්කුත් හැගීමුත් එසේමය.සිතා බලන්න මනුශ්‍යන් වන අප මේ ගත කරන සෑම තත්පරයක්ම ගෙවන්නේ අපගේ සිත මත නැගෙන හැගීම් මතය. එහෙත් එයින් වෙනස් වන හැගීමක් ඇත. 
ඒ ' ආදරය 'යි.... අප යමෙකුට ආදරේයැයි පවසන්නේ යම් ප්‍රමාණයකට නොව මුලු සිතින්මය. අදටත් මනුශ්‍ය සත්වයන්ට ආදරය පාලනය කරගත නොහැක. පාලනයට යටත් කරගත හැක්කේ යම් මට්ටමකට වුවත් අප ආදරේ නම් ඒ මුළු හදවතින්මය !
මා දැන් නුඹට මෙසේ කියමි.. 
මාගේ අත්තා ජීවත්ව සිටිනා කාලයේදී කුඹරු වැඩ අවසන්ව නිවසට පැමිණ පිලේ හිද ගන්නේ ' හම්මේ .. නිවන් ගියා වගේ" යැයි පවසමිනි...
අද කාර්යාල වලත් නොසෑහෙන්න වෙහස වූ ඇතැමෙක් විරාමයක් ලද විටෙක ' නොසිතාම ' නිවන් ගියා වගේ ' යැයි පවසනු අසා ඇත්තෙමි.
ඒ ඇයි ????????? 
ඒ වෙන කිසිවක් නිසා නොව නිවන යනු අමුතු දිව්‍ය තලයක්වත් බ්‍රහ්ම තලයක්වත් නොව අප සිත තුල ඇතිවන උතුම් හැගීමක් නිසාවෙනි.
නිවන යනු ආදරයටත් එහා සිතෙහි වූ සියලුව ලෞකික සිතුවිලි වලින් එහා අල්ලා ගැනීම් වලින් වූ වෙහෙස තුරන් වූ පසු දැනෙන නිහඩ - නිසල - මහා නිස්සද්ද තාවයේ හැගීමයි.. !
------ ඒ හැගීමට පත් වීමට සියළු දැ අත් හැරිය යුතුය , සියලු බැදීම්, මතකයන් , දැනුම, අතහැර මහා නිශ්ෂබ්දතාවයට පත්විය යුතුය.අල්ලාගැනීම් අංශුමාත්‍රයක් හෝ වේනම් නිවන යන හැගීම අපට නොදැනේ. 
----- නුඹලාට මට තේරෙන බොහෝ දෙනා විදවන ආදරය සිතට ඇතුලු වීමටත් කොතරම් කල් ගත වනවාද ඒ වගේම එය ඉවත් කර ගන්නත් කොතෙක් කල් ගත වෙනවාද ? එසෙ ්වුනත් එය සම්පූර්ණයෙන් ඉවත් වෙනවාද ?
----- ඉදින් සියළු බැදීම් අත් හැර - ද්වේශයත් ලෝභයත් මුදා හැර ලබා ගන්නා නිවන නම් ඒ හැගීම තුල නැවත හැරීමක් නැත. නැත ලෞකික ජීවතයට නැවත අල්ලා ගැනීමට ඒමක් නැත. එක වරක් ඒ හැගීම සිතට ඇතුලු වූ පසු දුක කෙලවර වෙයි....... !
------විස්වාස කරන්න මට අනුව , නිවන කියන්නෙ උතුම් හැගීමක් !
දැනුම නොව අවබෝධයි වැදගත් !
( මේ ඉහත සදහන් සියල්ල මාගේ ම අදහස් වන අතර කියවන නුඹලා ඉන් නිදහස්ය )
----- කුරුළු-----
( විශේෂ ස්තුතිය Chandana Ellewala අයියාට , නිවන කියන්නෙ හැගීමක්ය කියල හිතන්න පෙළඹුවාට 

5 comments:

  1. ගොඩක් ගැබුරු දෙවල් ...හොදට තෙරුම් ගන්න පුලුවන් විදිහට කියල තියෙනවා

    ReplyDelete
  2. ගොඩක් ගැබුරු දෙවල් ...හොදට තෙරුම් ගන්න පුලුවන් විදිහට කියල තියෙනවා

    ReplyDelete
  3. ඔබ මේ ලියල තියෙන දේවල් ගැන තව දුරටත් දැන ගැනීමට කැමති නම් මේ වීඩියෝ ටික බලන්න
    https://www.youtube.com/watch?v=R601Bm10ROU

    ReplyDelete