Thursday, May 31, 2012

හිරු සඳුට හා ලොවට රහසින් තනාගමු අපි පුංචි ලෝකය...




♫♫ ********************************************
ඔබෙ රුව දුටු විට - හද කිති කැවෙනව සත්තයි
************************************************
♫♫

අයිය අපි බඳිමුද ?

එක පාරටම ඔයා ඇහුවාම මට කියන්න දෙයක් නැතිවුණා...

ඇයි ඒ එක පාරටම..

නෑ ඉතින් එතකොට අපිට පුළුවනිනෙ තුරුල් වෙලා ඉන්න..

ඉතින් දැනුත් ඉන්නෙ..

නෑ මම කිවුවෙ රෑට දොයියනකොට අයියව බදාගෙන දොයියන්න පුළුවනිනෙ..

ආ...ආ....ආ...ආ... ඇත්තද ? මට දැනුයි තේරැණේ අම්මණ්ඩිගෙ කතාව...

හා හා එහෙමනම් බඳිමු..

නෑ නෑ මට අයියත් එක්ක ඉන්න ඔන වුණාට අයිය ආස නෑ මාව බඳින්න..

ඇයි නැත්තෙ සුදු නංගි...

එහෙනම් ඇයි මම ඒහෙම අහපු ගමන් අයියගේ මූණ වෙනස් වෙන්නෙ..

“ මේකනෙ දරුවො බැන්ඳම අපිට ඉන්න ගෙයක් ඕන කන්න ‍බොන්න අඳින්න සල්ලි ඔන

ඉතින් අපි බඳින්න කලින් පොඩි ස්ථාවරයකට එන්න ඔන...

මම එහෙම කිවුවාම ඔයා දුකින් අහක බලාගන්නව... ඒ වෙලාවට මම ගොඩාක් ඇතුලෙන් දුක් වෙනව..

-          තමන්ට කියල ගෙයක් දොරක් වත් නැති කෙනෙක්ට අපේ දුවව දෙන්න‍ෙ නෑ- අපි කැමති නෑ දුව දුක් විඳිනවට “

මම දන්නව ඔයාගෙ හිතේ තියෙන ආසාව ඒත ඔයාගෙ අම්මගෙ වචන මට දොංකාර දුන්න -
“ දොරක් නම් ගත්තැකි අම්ම දැන් වුණත් ගේ තමා පුරස්නේ “ කියන්න හිතට ආවත් මං ගිල ගත්ත ඒ වෙලේ...”

ඔවු ඉතින් මේ වයසට ගෙයක් හදන්න තිබුණ ඉස්කෝලෙ නොයා පුංචි කාලෙ ඉඳන් ජොබක් කලානම්..

බඳින එක ගැන කතා කරන දවසට ඔයා මූල එල්ල ගන්නව මම හිත එල්ල ගන්නව..

අපි තව ටික දවසක් ඉමු නංගො අපිට තව වයස තියෙනවනෙ..

මම ඉක්මනටම බඳින්නම් ඔයාව...

බඳින්නම් තමා - නාකි වුනාමද බදින්නෙ

ඉතින් මොකෝ -  බැන්ඳත් වෙන්නෙ නාකි වෙන එකනෙ...

මේ මට ඔහොම රව‍න්නෙපා හො‍‍ඳේ........

තදින් දත් මිටි කා
හිතින් වෙර වීරිය ගෙන
විසි කරමි දහස් වැනි
ගල් කැටය සයුර වෙත

නුඹේ පෙම හිතට එන
හැම වරම එලෙස මම
විසි කරපු ගලින් ගල
වැදී එන පෙමයි රළ

----- කුරුළු ය -------------------

බෙදා හදාගත් දුකවත් අද නැත - ඒ දුක කොතරම් මිහිරිද සොඳුරිය....



♫♫ ********************************************
ජීවත් වෙන ඩිංගෙදි මට සැනසීමෙන් ඉන්න
එපා මැණිකෙ හිත පමණක් කිසිවෙකුටත් දෙන්න
************************************************
♫♫

ආදරයත් මුහුද වගේ - මෙහෙම මට කිවුවෙ මගෙ යාලු මුතු -

ඔව් හරියට මුහුද වගේ ....
බලන් ඉන්න ලස්සනයි ඔන් තරං වෙලා බලන් ඉන්න පුළුවනි වෙලාව යනව තේරෙන්නෙ නෑ..
වෙරළෙ ඉඳන් බලන කෙනාට ඈතට ඈතට ලස්නට පේනව
ඒත ඇතුලෙ ඉන්න මූදෙ රැලි එක්ක දගලන උන් දන්නව
කොයි තරම් අමාරු දෙයක්ද මේ ආදරේ කියල

සමහර වෙලාවට ආදරයක් පටන් ගන්න එකයි අවසන් කරන එකයි හරිම ලේසි වැඩක් ඒත් එක් පවත්වගෙන යන්න හරිම අමාරුයි..

හ්ම්.. ආදරයත් මුහුද වගේ

හරිම ලස්සනට තිබිල එක පාරටම රැලි ගහල අපේ මූළු ජීවිතේම තියෙන ආදරේ, සතුට ඔක්කොම අරන් යනව
සුනාමියක් වගේ.....
එතැනින් පස්සෙ අවතැන් වූවන් පදිංචි කරනව වගේ වෙන කවුරු ආවත් කලින් තිබුණ විදහට සුනාමියට අහුවෙච්ච හිත හදන්න බෑ.......

ඔව් එහෙම බැලුවාම නම් ආදරයත් මුහුද වගේ....
අපි මූදට යන්න යලින් කට්ටිය කියයි මෙහෙම යන්න මෙහෙම කරන්න අර විදියට එන්න කියල , ඒත් මූදෙ අතරමං වුණ දවසට ඒ කවුරුත් නෑ අඩු ගාණෙ ප්‍රදීපාගාරයක් වුණත් තියෙන්නෙ ගොඩබිමක් පේන කිට්ටුව..
අපි ගොඩක් දුර ආව නංගි වැඩිද මන්දා

මං දැන් මේ තනියම කොටයක් බදාගෙන පීනනව ඉක්මනටම මැරයි....

සමහර වෙලාවට අපි තර‍ෙඟෙට මුහුදට එක එක දේවල් විසික් කරනව
ඒ මුහුදු රැලි ඒ දේවල් අපිට ආයෙත් ගෙනත් දෙන නිසා...

සමහරු බෝතල් විසි කරනව, සෙරෙප්ප, තැඹිලි නා නා දේවල්..
මං විසික් කලේ “ හදවත නංගි “ ඒ ඔයා දිහාවට...

ඒත් ඒක ආයෙ ආවෙ නෑ.. අනික් අයගෙ දේවල් නම් ආව.... මගේ හිත යන්න ගිහින්.. මම අනි් අයගෙන් අහුව... උන් කිවුව...

මෝඩය... ඇයි ඇත්තටම ආදරේ මූදට හදවත විසික් කලේ.... අපි දාන්නෙ අපිට වැඩක් නැති දේවල්..... උඹ මහා මෝඩයක්නෙ.....

ඒ ඇත්තද ?

නිතර නිතරම
සිතට එන පෙම
නතර කරගෙන
ඉන්නෙ කොහොමද ?
අතර මගකට
දමා යන්නට
සසර බැඳි බැමි
තදයි හරියට

.......................................... කුරුළු ය --------------------------

Saturday, May 26, 2012

ඔබ දුරයි නෙතට මා සිටිනා ළවැලි තලාවේ....



♫♫ **********************************************
අපි ආයෙත් හමු නොවුණාම් -  ඉස්සර දවසක මිය ගිය සෙනෙහහස
යළි ඉපැදී මා හද හඩවන්නට - අපි ආයෙත් හමු නොවුණානම්....
********************************************* ♫♫
එදා ඔයාව දැක්කම මට පහුගිය සිද්ධි ඔක්කොම ආයේ මතක් වුණා

කොච්චර අමතක කරන්න හැදුවත් කරන්නම බෑ
ඔයා කොහෙම ඉන්නවද මන්දා....

“ ඇයි මේ ලෝකෙ මිනිස්සු තේරුම් ගන්නෙ නැත්තෙ - පිරිමිත් ආදරේ කරනව කියල ?

හ්ම්.....
දැන් ඕන කෙල්ලෙක්ගෙන් ඇහුවොත්  කියයි -
ඔය ‍ගොල්ලන්ට නම් මොකද ඉතින් අද එක කෙල්ලෙක්
හෙට තව කෙල්ලෙක්
අපි එහෙම නෑනේ.......

අනින්න හිතයි හොම්බට.....

ඔයාගෙ අම්ම මගන් ඇහුව....

“ පුතා ජීවිතේ කියල කියන්නෙ ආදරේ විතරක්ම නෙවෙයි නේද ? “

ඒත් අම්ම,

“ ආදරේ කියල කියන්නෙ මුළු ජීවිතේම....”

හැමොම අහනව සංකල්පනා නොලියන්න හිටියොත් ඒකට හේතු ----
ඇයි ලියන්න හේතු අහන්නෙ නැත්තෙ.... ?

මම මොනව ලියන්නද
♫♫ **************************************
කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි
ගී කියන්න මට කීවේ ඔබේ නෙතයි
****************************************** ♫♫
ඔක්කොටම හපන් ලඟ ඉන්න උන්..
මම සංකල්පනා ලියපු මුල් දවස්වල -

“ නිකං බොරු වැඩ කරන්න එපා බන්.. කාලෙ කන්ඩ එපා අපරාදෙ..
ඕව කවුරුත් කියවන්නෙ නෑ .. අඩු ගානෙ ඒකි වත් කියවන්නෙ නෑ.. පිස්සු උඹට..

හැමොම කිවුව එහෙම - ඒත් මම ලිවුව
මොකද මම දන්නව ඕනම වැඩක් කරන්න ගියාම ඒකට අකුල් හෙලන්නෙ , පස්සට අදින්නෙ ළඟින් ඉන්න කස්ටිය..
බොරු නෙමේ.......

දැන් බලන්ඩ -
බුදුහාමුදුරුවොන්ව වැඩියෙන්ම ප්රතික්ෂේප කලේ ශාක්‍ය වංශිකයො.. තමන්ගෙම අය.. කපිල වස්තුව එන්න දුන්නෙත් නෑ...
යේසු තුමාව වැඩියෙන්ම ප්රතික්ෂේප කලේ යුදෙව්වො....කුරුසියට තියල ඇණ ගැහුවෙ තමන්ගෙ අය...

ඉතිං අපි ගැන තව මොන කතාද ?

ගොඩක් වෙලාවට අපිට තනියට ඉන්නෙ අමම්යි තාත්තයි..
හොදම යාලුවො එකයි දෙන්නයි....

“ මිනිහෙක් ඉනිමගක නගින්න හදනකොට කකුලෙන් අදින්න ඔන තරම් ඉන්නව.. එහෙම නැත්නම් නගින හැටි කියල දෙන්න ඔන තරම් අය ඉන්නව... ඒත් ඒ හෙලවෙ ඉනිමඟ අල්ල ගන්න අර මනුස්සයට සහයොගයක් දෙන්න එකෙක් වත් නෑ...

හැබැයි මට බැනපු සමහරු දැන් සංකල්පනාව හොයන් කියවනව - එහෙම නැත්නම් මම ලියනකන් බලන් ඉන්නව...
ඔයත් එහෙම ඇති.....
 
නුඹේ නෙත මත පතිත පිනි බිඳු
දැක මගේ නෙත අගින් බිඳු බිඳු
කඳුලු එන මේ රහස නොසිතුණු
එකම කොතරම් දුකද මට, ලඳු

------------------------------------- කුරුළු ය -----------------------------------------

Friday, May 25, 2012

අම මාදරෙයි.....




ඇයි අයිය ඔයා මෙහෙම කරන්නෙ මට... ඔයා ඇයි ඔයාගෙ පැත්තෙන් විතරක් හිතන්නෙ

මගේ පැත්තෙනුත් ටිකක් හිතන්කො.. මම කොච්චර දුකෙන්ද ?
අයිය හැමදාම සංකල්පනා ලියනව...
ඒව මට ගොඩක් දැණෙනව හැමදාම මම ඒව කියවල අඬනව..
ඇයි අයිය මට මෙහෙම කරන්නෙ....

අයියම නේද අයියව මට එපා වෙන තැනට වැඩ සිද්ද කලේ....

අනේ ප්ලීස් මට ඉන්න දෙන්න..... මාව අඬවන්නෙ නැතුව ඉන්න....

***************************
අවුරුදු ගාණකට පස්සෙ ඔයා මට කතා කලා.....
‘ආදරෙන්’ ගොඩක් ආදරෙන්..... ඒත් ඇඬුව ඔයා.. ඒක මට දරාගන්න බෑ...

ඔයා එහෙම කියනකොට කොහොමද නංගි මම සංකල්පනා ලියන්නෙ...

මේ මූණු පො‍තේ ගොඩක් දෙනෙක් මගෙන් අහන්නෙ සංකල්පනා කෝ කියල..

මම කොච්චර නම් නොලිය ඉන්න ට්රයි කරන්න ඇද්ද ?.....

♫♫ *****************************************
මං හින්දා ‍ ඔබෙ දෙනෙතින් කඳුලක් නැගෙන්නෙපා
මං හින්දා ඔබෙ හද තුළ සුසුමක් නැගෙන්නෙපා
ගිවිසා ගනිමු අපී... පෙම් යුවලක් සේ කිසිදා එක් නොවනා....
********************************************* ♫♫

ඔයාගෙ අම්ම මට කියපු දේ තාමත් මතකයි නංගි....
ඔය ඒක දන්නෙ නෑ මම ඔයාට කිවුවෙත් නෑ
ඒක පොරොන්දුවක්.....

මං නිකංම්ම නිකං කලාකාරයෙක් විතරයි..
කලා කාරයො කියන්නෙ හිඟන්නොලු
එහෙමයි ඔයාගෙ අම්මල හිතන්නෙ ඇත්ත වෙන්න ඇති
මට සල්ලි නෑ... මම දුප්පත්.... මට, මටම කියල ගෙයක් නෑ.....

ඔයා‍ලගෙ අම්මලට ඕන වුණේ ඔයාව සල්ලි කාරයෙකුට දෙන්න...
හේතුව.. සල්ලි තියෙනකොට
එයාට , ඔයාට දුකක් නොදී බලාගන්න පුළුවන් නිසා..

හ්ම්.........

සල්ලි තිබුණට ආදරේ තියෙනවද ? - ඔයා අහයි....

එව්.. ඔයා එයාව බැඳල ටික කාලයක් යනකොට නිකන්ම ආදරේ එයි...

හැබැයි දුප්තෙක් , ආදරේ වෙනුවෙන් බැන්දොත් මාසයක් දෙකක් යනකොට සල්ලි එන්නෙ නෑ ..
දුක එයි...

මමත් කැමති නෑ ඔයා දුක් විඳිනවට...

එක අතකට මේක මාරම සමාජයක්.......

ඕනම කෙනෙක්
දොස්තර ලඟට - ලෝයර් ලගට - පංතියකට - ඉංජිනේරුවෙක් ලඟට - වැඩිය ඕන නෑ බස් එකේ කොන්ද ගාවට - යන්නෙ සල්ලි අතේ තියන්...

ඒත් කලා කාරයා ගාවට එන්නෙ.. පස්සෙ දෙන්නම්  කියන්න... හිස් අතින්...
මට ඒක වෙනස් කරන්න බෑ......

කලාකාරයො එකතු කරන්නෙ මිනිස්සු - සල්ලි නෙවෙයි.......

“ නංගි - ඔයාගෙ අම්මට ..... කියන්න..... –
ආදරේකදි - සල්ලි ඉස්සර කර ගන්නත් එපා -  සල්ලි පස්සෙන් යන්නත් එපා කියල “...

ආදරේ කරන බව
මම, සඳට දැන දැනත්
සදට කවි ලියන එක
හොදද වෙන කිවි වරුන්

----------------------------------- කුරුළු ය.............................................