Friday, May 18, 2012

ආදරේට කියන කතා බොළඳ වුණාට - සාගරේක ගැඹුර දැනෙයි නොවෙද ඔයාට....



නංගි.....
ඔයාට මතකද ඉස්සර අපි
මුහුද බලන්න යනව..
ඔයා ගොඩක් ආසයි මුහුද දිහා බලන් ඉන්න....
ඇත්තටම මාත් ආසයි.....

කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නෑ....
මුහුදත් ඔයාගෙ මූණ වගේ මයි මට.....

ඒ කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නැති නිසා නෙමෙයි....
ඔයාට තරහ ගියාම මූණ ඇද කරන්නෙ....
හරියට මූදෙ රැලි වගේ..........

මතකද මම ඒක ඔයාගෙ මූණටම කිවුව.......


අයිය..... අයියට තියෙන මගෙ ආදරේ හරියට මේ මුහුද වගේ.....

ගොඩා........... යි

ඒ දවස් වල ඔයා ඒක නිතරම කිවුව....

ඒත් මට ඒක තේරුනේ නෑ.....

දැන් තේරෙනව.....

ඔයාගෙ ආදරෙත් මූදෙ රැලි වගේ....
එක එක වෙලාවට එක එක විදිහ.....


වෙලාවකට වැල්ල තෙමන්න විතරක් ඇවිල්ල යනව හරියට මට ඕනවට වගේ....
වෙලාවකට අයිනෙ තියෙන ගල් වලත් එක්ක වැදිල ඈතට විසිවෙන්න තරම් වේගෙන් එනව
දරා ගන්න අමාරුයි.....
වැල්ලෙ හදන සෙල්ලම් මාලිගා ඔක්කොම හෝද ගෙනයනව.....

අඩු ගානෙ අපි ඇවිද ගෙන ගිය අඩි පාරවත් අපිට ඉතුරු නොකරම........
හරියට අපි ඇවිද්දෙ නෑ වගේ....
හ්ම්....
ඒ අතින්නම් ඔයා හරි......

ආදරේ මුහුද වගේ කිවුවෙ ඇයි ඔයා....?

අපි ඒ දවස වල එක එක දේවල් මුහුදට විසිකරනව මතකද.......

ආයෙ ඒව අපි ගාවට පාවෙලා එනව....


ඉතින් අපි ආයෙ ආයේ විසි කරනව.....


ඒත එක පාරටම මුහුද ඒක අපිට ඒක නොදී ඈතට ඈතට අරගෙන යනව.....

අපි බලන් ඉන්නව ආපහු එනකම්......


සමහර වෙලාවට ආයෙ ජීවිතේටවත් එන එකක් නෑ......

ඒක වෙන කවුරු හරි ඇහිද ගනීවි.......

ඔයා මුහුදක්ද
?

"නුඹ ගැන සොවින් නිරතුරුවම දෙනෙත පිරී
කඳුලැලි ගලනවා කම්මුල මතට එබී
නවතනු රිසිව හදවත ඉකි, මුනින් හැරී
හද ගිනි සුසුමකට හරවා පිටට පිඹී..

පිටවෙන සුසුම් වැල් සුළගක අතේ එතී
දැනටත් නුඹව සොය සොය මග එනව ඇතී
දුන්නොත් එයට නුඹ, එන්නට ලඟට හිතී
සත්තයි සුසුම් කවනව නුඹෙ, හිතම කිතී"
 ----කුරුළු------

1 comment:

  1. ඇත්තටම මාත් ගොඩක් ආසයි මුහුද දිහා බලන් ඉන්න......... කොච්චර බලන් හිටියත් එපා වෙන්නෙ නෑ....

    ReplyDelete