Thursday, May 17, 2012

හැන්දැ ක‍රේ අඹ මල් වට බඹරු නටන්නා - නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා....



♫♫ ***********************************
ඔබ නැතිව ඉන්න බැරි තරමට - ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට
ඔබ නොදැක ඉන්න බැරි තරමට - නෙත ඔබව සොයනවා දවසෙම
*************************************** ♫♫

ඔයා කසුන්ගෙ සිංදු වලට ආසයි කිය මම කිවුව හැමෝම දන්නව දැන් ඒක
ඒවයිනුත් ඔයා වැඩියෙන්ම ආස ♫♫ මීදුම් දුමාරයේ ♫♫ සිංදුවට

ඒත් මම ආස ඒ සිංදුවේ ආශා “ නැතිද මාත් එක්ක තනිව හිඳින්න “ කියන කොටසට අහල බලන්නකො ඒ කෑල්ල කසුන් කියන්නෙ ඇත්තටම ඒ හැගිමෙන් - ජොතිපාල “ අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ “ කියල කියන්නෙ තමනුත් අඬන ගමන් - ඒ කියන්නෙ ඔයා අඬනකොටට මට බලන් ඉන්න බෑ මටත් ඇඩෙනවා...

ඉතින් මට කියන්න..
“ අඬන්නෙ ඇයි සුදු මැණිකේ කියන්න පණ මාගේ.....”
----------------------------------------------------------------------
අයිය අපි දෙන්න තරඟයක් තියමුද ?

( ඒ පාර මොකක්ද දන්නෙ නෑ)
හා තියමු මොකක්ද තර‍‍ෙඟෙ ?

අපි දෙන්නගෙන් වැඩියෙන්ම කවුද අනිත් කෙනා ගැන දන්න බලමු ?
අපේ මොනවද වැඩියෙන්ම ගැලපෙන්නනෙ බලමු ?

ආයෙමත් මම පරදින් බව දැන් දැන සෙල්ලම් කරනව ... හ්ම්... මම දන්නව මගේ විස්තර ඔයාට මතකයි.. දැන් පටන් ගනිවි වක්කඩේ කැඩුව වගේ......

මම කොහෙ කියන්නද ඔයාගෙ ඒව... ඒ වෙලාවට අහන් ඉන්නව විතරයිනෙ... මම ම හිතින් බැන ගන්නව මගෙනෙ වැරැද්ද ?

අයිය “ නිස්කලංක කුරුළු “

නංගි ..................................

අයියගෙ උපන් දිනේ “ 1984 ........... “

නංගිගෙ 1987 - ..........

අයිය කැමති පාට - කළු

නංගි - රෝස

“ හූ හූ ඒ ඉස්සර.. දැන් කළු..... අයිය ආස නිසා...

අයිය කන්න කැමති - සෝයා මීට්..

නංගි - ඒවමයි

අයියගෙ ලිපිනෙ -------

නංගිගෙ ----------

අයිය ආසයි ඩෙනිමයි ටී එකටයි
නංගි ආසත් ඒවට - ඒත් මම ආස ගවුම් අඳිනවට

අයියගෙ ලග්නෙ ඔනු

නංගි කන්‍යා නෑ නෑ කටක.....

ඔන්න නංගි වැරදි හොදේ මගේ ලග්නෙ ඔයා එක්ක කලින් යාළු වෙන්න කලින් මම සිංහ ලග්නෙ දැන් නම් වෘෂභ ලග්නෙ

අනේ මේ එන්න එපා හොදේ ඕවට.....

අයිය මේ මාව යාලු වෙන්න කලින් වානර ලග්නෙ යාලු වුණාට පස්සෙ තමා යන්තම් මනුස්ස පාටට ආවෙ - මේ අපි හිංද හොදේ..
හුහ් මෙයා පරදින නිසා අනං මනං කියල ගැලවෙනව නේද කොම හරි......

හ්ම්...........................
වාරනයෙක් මනුස්සයෙක් කලේ ඔයා - ඒක ඇත්ත නංගි
ඒත් ඇයි මනුස්සයව - පිස්සෙක් කලේ..................

හීන දකින මම
නින්දෙන් පිබිදුන
විටෙක නෙතේ අග
- කඳුළු තියේවිද ?-

-------------------------------- කුරුළුය ----------------------

1 comment:

  1. ඔබ නැතිව ඉන්න බැරි තරමට - ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට
    ඔබ නොදැක ඉන්න බැරි තරමට - නෙත ඔබව සොයනවා දවසෙම

    ReplyDelete