Wednesday, May 16, 2012

අනේ මං බලාන උන්නා යළිත් නුඹ එතැයි කියා..





‘‘ ඔයා ඔයාගෙ ඇස් දෙක දැකල තියෙනවද ?

මට හිතෙන්නෙ
ඒව දකින දකින දේ
අයිති කරගන්නව කියල .................
හරියට මාව අයිති කරගත්ත වගේ

“ අනේ ඒ හිංද
ඔය ඇස් දෙක වහන්නෙපා
ඇහිපිය ගහන්නවත් ........ ’’

එහෙම කියන්න හිතාගෙන දවස් කීයක් නම්
මම ඔයාගෙ ඉස්සරහට ආවද ?
ඒත් ඔයා ඉස්සරහදි
ඒ ඔක්කොම අමතක වෙන්නෙ ඉබේටම .........

 ඇයි ?

වෙලාවකට ඔයා හරි නපුරුයි
ඒ වෙලේට කවුරු කියන දේ වත්
ඔයා අහන්නෙ නෑ කියල මම දන්නව.....

තවත් වෙලාවකට
මහම මහ පැහිච්ච අම්මණ්ඩි කෙනෙක්
දන්න මඟුලකුත් නෑ
ඒත්  කියවනවා කතුර වගේ
ඒ ඔක්කෝටම වඩා මම කැමති ඔයාගෙ
හිනාවට  .............
ඔයා ගොඩක් වෙලාවට හිනා වෙලා ඉන්නව
හරියට ‘‘ මුරලිදරන් ’’ වගේ

“ බෝලෙට හයක් ගැහුවත්
විකට් ගියත් හිනා වෙනව”

හැබැයි මහ හයියෙන් හිනා වෙන්න එපා
මොකද
“ හයියෙන් හිනාවෙන්නෙ
හයියෙන් අන මිනිස්සු .......

හ්ම්........................ම්
දැන් නම් ඔයා නිදි ඇති
ඒත් මම ?

ඉතුරු ටික හෙට ...............

ඔයා මට අයිති වුණත් නැතත්
මම හැමදාම ඔයාට ආදරෙයි..................
ඔව් ආදරෙයි
සත්තයි...................
                                        ******************************** ♫♫
නිදන නෙතුපිය හෙමින් රිද්දන
සිහිනයද ඔබ නොවුණි නම්
`ඩන හදවත තවත් රිද්දන
දරුණු සිත ඔබෙ නෙවුණි නම්
සිනා වී සිට මගේ හදවත
ඔබ හොරෙන් ගෙන නොගියනම්
අනේ සත්තයි තවත් හිනැහෙමි
එදා ඔබ හමු නොවුණි නම්....
                                              ******************************* ♫♫

3 comments:

  1. හිත කඩාගෙන යන අකුරු ටිකක්!!!

    ReplyDelete
  2. ස්තූතියි නාඩියා ඈ... පුලුවනි නම් දිගටම කියවපන්

    ReplyDelete
  3. "හයියෙන් හිනාවෙන්නෙ, හයියෙන් අඬන මිනිස්සු"
    හ්ම්......... හැමදාම ඔයා එක කියනවා.

    ReplyDelete