Thursday, May 31, 2012

හිරු සඳුට හා ලොවට රහසින් තනාගමු අපි පුංචි ලෝකය...




♫♫ ********************************************
ඔබෙ රුව දුටු විට - හද කිති කැවෙනව සත්තයි
************************************************
♫♫

අයිය අපි බඳිමුද ?

එක පාරටම ඔයා ඇහුවාම මට කියන්න දෙයක් නැතිවුණා...

ඇයි ඒ එක පාරටම..

නෑ ඉතින් එතකොට අපිට පුළුවනිනෙ තුරුල් වෙලා ඉන්න..

ඉතින් දැනුත් ඉන්නෙ..

නෑ මම කිවුවෙ රෑට දොයියනකොට අයියව බදාගෙන දොයියන්න පුළුවනිනෙ..

ආ...ආ....ආ...ආ... ඇත්තද ? මට දැනුයි තේරැණේ අම්මණ්ඩිගෙ කතාව...

හා හා එහෙමනම් බඳිමු..

නෑ නෑ මට අයියත් එක්ක ඉන්න ඔන වුණාට අයිය ආස නෑ මාව බඳින්න..

ඇයි නැත්තෙ සුදු නංගි...

එහෙනම් ඇයි මම ඒහෙම අහපු ගමන් අයියගේ මූණ වෙනස් වෙන්නෙ..

“ මේකනෙ දරුවො බැන්ඳම අපිට ඉන්න ගෙයක් ඕන කන්න ‍බොන්න අඳින්න සල්ලි ඔන

ඉතින් අපි බඳින්න කලින් පොඩි ස්ථාවරයකට එන්න ඔන...

මම එහෙම කිවුවාම ඔයා දුකින් අහක බලාගන්නව... ඒ වෙලාවට මම ගොඩාක් ඇතුලෙන් දුක් වෙනව..

-          තමන්ට කියල ගෙයක් දොරක් වත් නැති කෙනෙක්ට අපේ දුවව දෙන්න‍ෙ නෑ- අපි කැමති නෑ දුව දුක් විඳිනවට “

මම දන්නව ඔයාගෙ හිතේ තියෙන ආසාව ඒත ඔයාගෙ අම්මගෙ වචන මට දොංකාර දුන්න -
“ දොරක් නම් ගත්තැකි අම්ම දැන් වුණත් ගේ තමා පුරස්නේ “ කියන්න හිතට ආවත් මං ගිල ගත්ත ඒ වෙලේ...”

ඔවු ඉතින් මේ වයසට ගෙයක් හදන්න තිබුණ ඉස්කෝලෙ නොයා පුංචි කාලෙ ඉඳන් ජොබක් කලානම්..

බඳින එක ගැන කතා කරන දවසට ඔයා මූල එල්ල ගන්නව මම හිත එල්ල ගන්නව..

අපි තව ටික දවසක් ඉමු නංගො අපිට තව වයස තියෙනවනෙ..

මම ඉක්මනටම බඳින්නම් ඔයාව...

බඳින්නම් තමා - නාකි වුනාමද බදින්නෙ

ඉතින් මොකෝ -  බැන්ඳත් වෙන්නෙ නාකි වෙන එකනෙ...

මේ මට ඔහොම රව‍න්නෙපා හො‍‍ඳේ........

තදින් දත් මිටි කා
හිතින් වෙර වීරිය ගෙන
විසි කරමි දහස් වැනි
ගල් කැටය සයුර වෙත

නුඹේ පෙම හිතට එන
හැම වරම එලෙස මම
විසි කරපු ගලින් ගල
වැදී එන පෙමයි රළ

----- කුරුළු ය -------------------

6 comments:

  1. අනේ....කුරුළු.....සෝ ස්වීට් අප්ප....

    ReplyDelete
  2. රෑට දොයියනකොට අයියව බදාගෙන දොයියන්න පුළුවනිනෙ..

    ReplyDelete
  3. ගෙයක් තියෙන කෙල්ලක් හොයමු .. එක කොච්චර සිම්පල් ප්ලෑන් එකක් ද ..

    ReplyDelete
  4. සිතුලි හැමදාම එනවා කියවන්න.. කවුද කියලා හොයන්නෙපා..

    ReplyDelete
  5. හොඳා හොඳා කුරුල්ලෝ බලමුකෝ නේද?

    ReplyDelete