Monday, May 21, 2012

හදේ දොරටු විවර කළෙමි සොඳුර නුඹෙ නමින්......



මගේ මේ ආදරෙත් අමුතුම රසයක් තියෙනව... 
මොකද ‍කාටහරි හොරෙන් ආදරේ කරද්ද හරි අමුතුයි
ඔයාලා හොරෙන් අඹ කඩන් කාල තියෙනවද ?
තැඹිලි ? පේර .....
අඩු ගානෙ ගෙදර හදන කැවුමක් කොකිසක්....හොරෙන් කාල තියෙනවද
සීනි ටිකක්.. සීනියි කිරි පිටියි ටිකක් ?
හොරෙන් කනකොට අමුතුම රසයක් තියෙනව
නැද්ද ?

ඒ වගේ තමා කා‍ට හරි හොරෙන් ආදරේ කරනකොට....
එයා කවද හරි මගේන් ඇහුවොත් ඔයාට වැඩියෙන්ම ආදරේ කලේ කොයි කාලෙද කියල
අනිවාර්යයෙන්ම ඒ මේ කාලෙ... ඔයාටත් හොරෙන් ලෝකෙටත් හොරෙන් ඔයාට ආදරේ කරපු කාලෙ...

ඒත් මගේ අම්මි මට කියල තියෙනව....
“ පුතා කවදාකවත් එක්වෙන්නෙ නෑ කියල දැන දැන ඉරි අඳින්න එපා කියල “

♫♫  *******************************************
තටු ඇවිල්ලා එබ කොහේ යනවා... කොහොම කීවත් නවත්වන්ට බෑ
ප්‍රේරේම ආලිංගනේ - එන්න නවතිමු
පායා ගසා මේ ‍සොදුරු පොළවේ.....
********************************************** ♫♫

අයිය ඔයා මට ඇත්තම කියන්න... ?
ඔයා මට කොච්චර ආදරේද ? ඔන්න බොරු බෑ හොදේ..

මතකද ඔයා මගේ ළගින් ඉදන්ම ඇහුව........

ම්...... ඔයා කොච්චර ආදරේද මට .... ?
මම ඇහුව...

මේ අහස තරම්.. පොළව තරම්. මුහුද තරම්.. මේ ලෝකෙම තරම් මම ම‍ගෙ අයියට ආදරෙයි..

අනේ අයියත් කියන්නකො මම ආසයි අහන්න... ? හැබයි මම කියපුව ඔට්ටු නෑ..
 ඊට වඩා ලොකු දෙයක් කියන්න...

ම්... මම ආදරෙයි ඔයාට... මටත් වඩා..

අනේ ඒ මදි.... ලොකු එකක් කියන්නකො....

මම දන්න ලොකුම දේ තමයි ඒ...
අහසට වඩා පොලවට වඩා මම ලොකුයි.. 
ලෝකෙ මම වැඩියෙන්ම ආදරේ කලේ මට.. 
දැන් මම මටත් වඩා
ඔයාට ආදරෙයි සුදු නංගි...

සුදු නංගි -මට අද වෙනකන් ඊට වඩා ලොකු දෙයක් හොයා ගන්න බැරිවුණා....
ඒත් ඒත් මම තාමත් ඔයාට ආදරෙයි මට වඩා .... සත්තයි.....



ඊයෙ අමතර පැයක කාලෙක
හිටිය වලකුල් පිරුණු ලෝකෙක
කිසිම අඩුවක් නොතිබු වේලෙක
අඩුව දැණුනේ නුඹේ ආලෙක
------කුරුළු-----

3 comments:

  1. සුවඳ රැඳි නුඹ
    මසිත් අරණේ
    නුඹව හොය හොය
    සෑමතැනකම
    තාම දුවනව
    හතිත් දම දම
    රවට්ටන් හිත
    නේන වග නුඹ

    ReplyDelete
  2. හොරෙන් කනකොට අමුතුම රසයක් තියෙනව ;)

    ReplyDelete