Tuesday, May 15, 2012

ඔච්චම් කර කර හංකිති කවනා ආදරේ...




 මේ මේ හිතන්නෙපා මට වෙන කෙල්ලො නැතුව කියල හරී....

මම ඔන තරම් කොල්ලො කෙල්ලො ආදරේ කරනව දැකල තියෙනව.. ඒ වගේමඅවුරුදු ගාණකට පස්සෙත් එව කැඩිල බිදිල යනව දැකල තියෙනව.. සමහරු කේන්දර බලල වෙන්වෙනව... සමහරු බැන්ඳටත් පස්සෙ වෙන් වෙනව..
ලොකෙ හැටි... බොරුද ?

මටත් ප්රස්නෙ මම එයාට මෙච්චර ආදරේ කරන එක.. මෙච්චර කෙල්ලො ඉඳලත් වෙන?,

මගේ යලුවො කියනවිදිහට නම් " හිත ගිය තැන මාලිගාව"
අප්පච්චි කියන්‍ෙ " මෝඩ කමට බේත් නෑ කියල"

ඉස්සර අපි හොදට හිටිය කාලෙකුත් තිබුණ
" ඇස් දෙක වාගෙ හිටිය දෙන්නට මේ මොකද වුනේ "
ඒහෙම කිවුවට ඒක තමයි ඇත්ත...
අපි තාමත් ඇස් දෙක වගේ ,වෙනස් වෙලා නෑ තාමත්...
ඇස් දෙකට කවදාකවත් දෙන්නට දෙන්න පේන්නෙ නෑ
මොකද මැදින් නහය තියෙන නිසා
ඇස් දෙකට පුළුවන් හැමදාම අනුන් දිහා බලාගෙන වෙන්න විතරයි.. අනුන්ට ඇස් ගහන්න විතරයි.. ?
*******************************
හිතන්නෙපා මා ගැන උඹ -  වැරදිම තාලෙට -
මම එහෙම ඇහුවෙ උඹ ගැන මට - ඇති වුණ ආලෙට
*******************************
මේ යකාට පිස්සුද කොහෙද ?

මගේ මේ සංකල්පනා දකින කොට ඔයාටත් එහෙම හිතෙනව ඇති

ඔව් මට ඒ දවස්වල පිස්සු
ඔයාටත් පිස්සු - මට " දැන් පිස්සු නෑ"
හැබැයි ඔයාට තාමත් පිස්සු.....

ඇයි හිනා වෙන්නෙ -?  හිනාවෙන්න තව පාරක් මම ආසයි ඔය හිනාවට
ඔයා ‍ඔහොමමයි''''''''''''''''''

ඉස්සර මම ඇස් දෙක වහගන්න කිවුවම - ඇස් ලොකු කරන් මා දිහා බලන් ඉන්ව
මම කියන එකේ අනික් පැත්තමයි කරන්නෙ

දවසක්....
 ඒ මුල්ම දවසෙ
මම ලියුමක් ලියල ඒක ලස්සනට කවරෙක දාල ඔයාට දුන්න
ඔයා ඒක ගුලි කරල විසිකලා
නිකං වත් දිග ඇරල බැලුවෙ නෑ හෙණ ගණං
ඒත් ඊලග සතියෙ මම ඒ ලියුමම කොලේ පොඩි කරල ගුලි කරල ඔයා පන්ති ඇරිල එන ඉස්සරහට විසි කරල යන්න ගියා....
හුහ් .. ඔයා මම යනකන් ඉඳල ඒක ඇහිඳල දිග ඇරල කියවල හිනාවෙනව මම දැක්ක....
පුදුම ළමයෙක් තමා... මීට පස්සෙ මම ගුලි කරලම දෙන්නම්....

ආ මේ......
 අපේ අම්ම කිවුව ඔයා ගිරවි වගේ කියෝගෙන කියෝ ගෙන යනව කියල එයා එක්ක
ඇත්තද ඒක........

ඒහෙනම් ඇයි මං ඉස්සරහදි විතරක් ඔයා ගොළු....
බකුසි වගේ එක වචනයක් එළියට ගන්ඩ තියෙන අමාරුව...
අපරාදෙ ඔයාට ලෝයර් කෙනෙක් වෙන්ඩ තිබුණෙ-
ඒ අයට කතා කරනවට සල්ලි දෙනව..........
****************************
 සිහිනයක් වී ඇවිත් ඔබ මගේ - දෙනෙත් අභියස මැවෙනවා
දරාගනු බැරි හදේ තනිකම - මොහොතකකට හෝ නිවෙනවා "
****************************
-------------------------------------සෙස්ස පස්සට - මම.. කුරුළු..... -----------

1 comment:

  1. මාත් කියන්නේ, මෝඩ කමට බේත් නෑ කියල... එත් එහෙම කිව්වම අපේ බට්ටෙක් කිව්ව, තියෙනවලු බෙහෙතක්......
    -
    -
    -
    වෙවැල් කසාය ;)

    ReplyDelete