Wednesday, May 23, 2012

ඔබ මගේ වෙලා මගෙ ලඟට වෙලා - කියා දෙන්න ආදරෙයි කියා.........


♫♫ ඔබ මගේ වෙලා මගෙ ලඟට වෙලා - කියා දෙන්න ආදරෙයි කියා
*************************************************** ♫♫
ඉස්සර වගේම එන්න මගේ ඉස්සරහින් වාඩි වෙලා කියන්න ඔයාට කියන්න තියෙන ඔක්කොම

ඔයා ගැන ඔයාගෙ දේවල් ගැන.. අම්ම තාත්ත ගැන.. නැන්දල මාමල පුංචිල ගැන..
ඒ අයගෙ පවුල් ගැන.. ඒ අයට වුණ වැඩ ගැන.. ඔයා කරපුව ගැන.. ආදරේ කරන සත්තු ගැන..
කියන්න ඔක්කොම කියන්න මම ආයෙ අහන් ඉන්නම්...

ඔයා කතා කරන්නෙ පුංචි දරුවෙක් වගේ.. හරියට ටොට්ටො චං වගේ....

***************************************************** ♫♫
වැහි පිට වැහි හැලෙන රාත්‍රියේ - උණුහුම් වෙමින් තුරුලට වෙලී
මුදු රස විඳින සඳ ඔබයි මමයි - හිරිකඩ පවා - දැනෙන හැටි පුදුමයි
*************************************************♫♫

මට ඔයා එක්ක ඉන්නකොට වෙලාව යන්නෙ නෑ.. දැනෙන්නෙ නෑ.. හැමදාම එහෙම ඉන්න තිබුණනම්

සමහර විට ඔයාටත් එහෙම වෙන්න ඇති..

ආ.... තව එකක් මම ගොඩක් ආසයි ඔයාගෙ හදන තේ එක බොන්න
ඒක හරියට අර...
“ ක්ලෝගාඩ් ඇඩ් “ එක වගේ....

හිනා නෙවෙයි අප්ප...

මතකද දවසක් ඔයා අළුත් කෑමක් හදනව කියල මට කාල යන්න ඉන්න කිවුව...

හහ් හහ් හහ් හහ්....
අන්තිමට එදා මම හිස් බඩින් ගෙදර ගියා..........


ආදරේ මහ පිස්සුවක් නංගි.....

ආද‍රේදි ගැහැණු ගොඩක් ලබා ගන්න අඬනව..
පිරිමි - තමන් ඉස්සරහට එන ඕන දෙයක් එක්ක සටන් කරන්ව ආදරේ වෙනුවෙන්

එක්කො අපිට පිස්සු නැත්නම් අපේ ආදරේට පිස්සු

ආදරේදි විශේෂයෙන් ගැහැණු , තමන් ආදරේ කරන කෙනාව ඕනවටක් වඩා විශ්වාස කරනව
බොරුද ?

අවුරුදු ගාණතක් ආදරෙන් හදා ගත්තු දෙමව්පියන්ට වඩා
අවුරුදු දෙක් තුනක් හතරක් කලින් හම්බවුණු කෙනාට ආදරේ කරනවා..
විශ්වාස කරනව..
අම්මට තාත්ට නොකියන දේවල් කියනව... නැත්නම් ගෙදරට කියන්න කලින් ඉස්සෙල්ලාම කියනව..
අම්ම තාත්ත එකක් ඉන්නවට වඩා ලඟින් ඉන්නවා....

මේ ආදරේ මහ පිස්සුවක්...
මාව පිස්සු වැට්ටුවේ ඔයා.....
ඔයත් ඒක දන්නව.. මාත් ඒක දන්නව...
එත් ඔයා නොදන්නව වගේ ඉන්නව
හ්ම්..................................................

********************************** ♫♫
දුක හිතුනම ආද‍රයෙන්
ළඟින් තියන් බලන් ඉන්න
ලස්සන ඔය නිල් ඇස්දෙක
තෑග්ගකට මට දෙනවද ?
-------- කුරුළු --------

2 comments:

  1. "ආදරේදි විශේෂයෙන් ගැහැණු , තමන් ආදරේ කරන කෙනාව ඕනවටක් වඩා විශ්වාස කරනව
    බොරුද ?

    අවුරුදු ගාණතක් ආදරෙන් හදා ගත්තු දෙමව්පියන්ට වඩා
    අවුරුදු දෙක් තුනක් හතරක් කලින් හම්බවුණු කෙනාට ආදරේ කරනවා..
    විශ්වාස කරනව..
    අම්මට තාත්ට නොකියන දේවල් කියනව... නැත්නම් ගෙදරට කියන්න කලින් ඉස්සෙල්ලාම කියනව..
    අම්ම තාත්ත එකක් ඉන්නවට වඩා ලඟින් ඉන්නවා...."



    සහතික ඇත්ත කුරුළු.....ගොඩක්දෙනෙක්ට වරදින්නෙත් එතන......

    ReplyDelete
  2. මේ ආදරේ මහ පිස්සුවක්...
    මාව පිස්සු වැට්ටුවේ ඔයා.....
    ඔයත් ඒක දන්නව.. මාත් ඒක දන්නව...
    එත් ඔයා නොදන්නව වගේ ඉන්නව
    හ්ම්..................................................

    ReplyDelete