Tuesday, May 15, 2012

- නිදි නැති මගෙ හිත -





ඔයාට මතකද අපි මුලින්ම මුණ ගැහුණු දවස - ඔයා අහිංසක විදියට හිනා වෙලා
මගේ මූණ දිහා බැලූවා - ඇයි එහෙම කලේ....

දන්නවාද එදා ඉදන් හැම දාම
මම ඔයාව දකින්න ගොඩාක්
ආස කලා
හැම වෙලාවකම..... ඒ හැම වෙලාවකම ඔයා මාව මගඇරියා

ඔයා මට අකමැතිද මන්ද.... මම එච්චර ලස්සන නෑ තමයි
ඒත් මාත් එක්ක යන්තම්වත් හිනා වුණේ නැත්තෙ ඇයි?

අපි අහම්බෙන් හරි මුණ ගැහුණු වෙලාවට
ඔයා මාව නොදැක්ක වගේ ගියා

මම මට පුළුවන් හැම වෙලාවකම
ඔයා ල`ගින්ම හිටියා...
ඒත් අවාසනාවකට වගේ ඔයාට මාව පෙනුනෙ නෑ
නෑ නෑ ඔයා මාව බැලූවෙ නෑ
ඔයාට  ඕන වුනේ සල්ලි තියෙන කෙනෙන්
අනේ මගේ ළ`ග සල්ලි තිබුණෙ නෑ
මට ඒ නිසා ඔයා ඉස්සරහට එන්න
හිත දුන්නෙ නෑ............

මම හරිම අමාරුවෙන් සල්ලි
එකතු කරගත්ත - මහ ගෙඩක් නෙමෙයි ටිකක්..............

ඔයත් දැන් ඉස්සර වාගේ නෙමෙයි
මගේ දිහා බලනවා - මාත් එක්ක හිනා වෙනව
කථාකරනවා

අනේ ඒත් මගේ හිතේ
මහා ලොකු අමුත්තක් තියෙනවා
මගේ හිත කියනවා
ඔයා .......  ඔයා මගේ නෙමෙයි
වෙන කෙනෙකුගෙ කියල.....
සමහර විට ඒක ඇත්ත වෙන්න ඇති....

මම දන්නවා ......මට වඩා මේ ලෝකෙ
සල්ලි තියෙන අය - ගොඩාරියක් ඇති

ඒත් ඔයාට ගොඩාරියක් ආදරේ
කරන්නෙ මම.......

එහෙම කිව්වම අයෙත් ඉස්සර වගේ
මගෙත් එක්ක ……. හිනා නොවී - කතා නොකර ඉන්න එපා
මට සමා වෙන්න - මට ඒක නවත්වන්න බෑ

ඔයා මට අයිති වුණත් නැතත් - මම හැම දාම ඔයාට ආදරෙයි.....
ඔව්
මම
ඔයාට ආදරෙයි
සත්තයි....................
--------------------------------------------
"නිදන නෙතුපිය හෙමින් රිද්දන 
සිහිනයද ඔබ නොවුනි නම්
සිනහ වී සිට මගේ හදවත 
ඔබ හොරෙන් ගෙන නොගිය නම්
අනේ සත්තයි තවත් හිනැහෙමි
 එදා අප හමු නොවුණි නම්"
© කුරුළු


1 comment:

  1. ඔයා මට අයිති වුණත් නැතත් - මම හැම දාම ඔයාට ආදරෙයි.....

    ඔව්
    මම
    ඔයාට ආදරෙයි
    සත්තයි....................

    ReplyDelete