Tuesday, May 15, 2012

" ඔයයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක් ??? "




සංකල්පනා පටන් ගන්නෙ නැත්තෙ ඇයි කියල හුග දෙනෙක් අහනව ?


ඇත්තටම පටන් ගන්න මං මුකුත් නවත්තල තිබුණෙ නෑ..... මට මුකුත් අමතක නම් නෑ හැබැයි මතක් කරන්න බැරි වෙලා..... එක හුස්මට සංකල්පනා ලියපු කාලෙ වගේ නෙවෙයි දැන්.... එන්න එන්න අපි වෙනස වෙනස් වෙනව.. එන්න එන්න අපි වයසට යනව.... කර කර හිටි දේවල් ඈත් වෙනව... අලුත් දේවල් ලං වෙනව..
ඒක මේ ලෝකෙ හැටි කියලයි මට නම් හිතෙන්නෙ...

මට ගොඩක් වෙලාවට ඇහිල තියෙනව , මොනව හරි වැඩක් කරන්න ගියාම සමහරු කියනව 

"ඉස්සර නම් මට පුලුවන් - දැන් තමා අමාරු කියල "

ඒක ක්‍රියා කාර කම් වලදි වගේම නිර්මාණ වලදිත් පොදුයි..

හැබැයි මටම පුදුමයි...එන්න එන්න වයසට යනවත් එක්කම අපි අත්දැකීම් බහුල වෙනව- අලුත් දේවල් ඉගෙන ගන්නව.. දැනුමෙන් මුහුකුරා යනව.. ඒත් හැබැයි අපිට අර අපි කලින් කරපුව කරන්න බැරි වෙලා... ඇයි ඒ....

අනේ මංද
කොහෝම වුණත් මම සංකල්පනාව ආයෙමත් පටන් ගන්නව. මට පුලුවන් කියල මට හිතෙනව...
ඒත් එක්කම සංකල්පනාව කියවල නැති අයට කියවන්න ආයෙමත් යුනිකේත වලින් පලකරනව.... රසය නම් අඩු වෙයි .. ඒත් දැන් යුනිකේත වලට හුරු වෙලා ( ඉස්සර නම් පුලුවන් දැන් බෑ)....

කියවන අය කියවන්න.. කියවපු අය ආයෙ කියවන්න....


ඇත්තටම මට හිතෙනව -

" ඔයයි මමයි ඉන්නා තැන කොහෙද තනිකමක් ??? "



---- කුරුලු-----

1 comment: