Sunday, June 29, 2014

====== සබඳ අපි කඳු නොවෙමු - උනුන් පරයා නැගෙන === === සුනිල දිය දහර වෙමු - එකම ගගකට වැටෙන ======


.
-- Social media day Colombo 2014 -- #SMDAYCMB
කවදාකවත්ම ගිහිල්ල නැති වුණාට මට ඒකට සහභාගී වෙන්න සිද්ද වුණා.. ඒ මට එන්න කියලත් - කුරුලුත් එක්ක ආදරෙන් - බ්ලොග් එක ජනප්‍රියම බ්ලොගයන් අතරට තේරීපත් වීමත් නිසාවෙන්.
ජීවතේ පලවෙනි වතාවට 300ක් විතර පිරිසකගෙන් 10ක් විතරක් අඳුරන එකෙක් බවට පත් වුනා.. මොකද එතැන බහුතරය twitter භාවිතා කරන අය.. මම අඳුරන එවුන්ට එතැන හිටියෙ Buzzරේඩියෝ කට්ටියයි - රස්ත මල්ලියි - රනුක මල්ලියි විතරයි..  බ්ලොග් ලියන මගේ මරණයයි - නලීන් අයියයි - සිකුරාජපති අයියයි - අටම්පහුරයිත් ආව.. ( වැඩිය කතා බහ කරගන්න බැරි වුනත් - බොහොම සතුටක් ආව ඒ අයව එතැන දැකීම ම )
පටන් ගත්ත වෙලේ ටිකක් වෙවුලුවෙ ඉංගිරිසි බැරි නිසා ! එත් අර “ සින්දු කියන කුරුල්ලො “ ආව වෙලේ දැනුන හිතට පුදුම සැහැල්ලුවක් !
අතර මැදදි අදහස් දක්වන්නයි ප්‍රශ්න අහන්නයි දුන්න.. ඇත්තටම මට ඒ දේශන ටිකට වඩා අහපු ප්‍රශ්න තේරුණේ නෑ.. ඒ තරම් වේගෙන් බොහොද පැහැදිලි ඉංගිරිසි කතා කලා ඒ ළමයි...
එතැන සුදු නෝන කෙනෙක්ට හිටියෙ “ ඇමන්ඩා මෙනවිය “ විතරයි .. එයත් අවුරුදු දොලහක් ම ලංකාවෙලු ආමාරුවෙන් මිරීස් ගල කියල කියාග්තතු නිසා එයාටත් සිංහල තේරෙනව ඇති කියල හිතුණ...
බැරි වෙලා හරි මගෙන් මොනව හරි ඇහුවනම් එවෙලෙ..
එතැන හිටිය අර එක සුදු නෝන ගැන නොහිත අනික් 299 දෙනා ගැනම හිතල මම සිංහලෙන් කතා කරනව කියල මම හිතා ගත්ත.. ! මගේ අවාසනාවට උන්ගෙ වාසනාවට ඇහුවෙ නෑ මුකුත්.. !!!
.
එතැන.
අරූගෙ අඩවිය - ලීශාන් මල්ලි - තිලකසිරි සහ මම තේරි තිබුණ ( මතක විදියට තව එකක් තිබුණ )
අන්තමේදි - ජනප්‍රියතම බ්ලෝග් ලියන්නා - විදිහට මට සම්මානයක් ලැබුණ -
ඒ තේරී පත් වෙලා තිබුණ බොලොග් අතරින් එතැන පැමිනිලා හිටියෙ ලිශාන්නුත් මමත් විතරයි..
--
සම්මානය කෙසේ වෙතත් මගේ හිතේ කලින් ඉදලම අකමැත්තක් තිබුන එක සිදුවීමක් නිසා.. මම මේ ගැන දැන ගත්තෙත් මල්ලි කෙනෙක් මාව ටැග් කලාට පස්සෙ.. මම ඒ ගැන මගේ වෝල එකේත් - බ්ලොග් එකෙත් සදහන් කලා.. කාට හරි ඡන්දයක් දෙන්න කියල
එවෙලේ අරූගෙ අඩවිය එතැන අදහසක් දක්වල තිබුණ..
“ කුරුළු.....මමත් ඕක දැක්කේ මගේ පෝස්ට් එකකට ඩිලාන් එවපු කමෙන්ට් එකකින්. මම ෆේස්බුක් නැහැ. මමත් ඒකේ ඉන්නවාලු. මමත් පෝස්ට් එකේ කමෙන්ට් එකක් දැම්මා...ඒ පස්දෙනාගෙන් කාට හරි දෙන්න කියලා. මම තාම ඒ විස්තර තියෙන පිටුවවත් දැක්කේ නැහැ. මට යාළුවෙක් කිව්වා පස් දෙනෙක් ඉන්නවා කියලා. මගේ කැමැත්ත කාටවත් දෙන්න විදිහක් නැහැ. මම ෆේස්බුක් නැති නිසා. උඹට ජයවේවා!!“
.
ඇත්තටම මම එවෙලෙ කඩන් වැටුන. අවාසනාවට මම එවෙලෙ ඒ ලින්කුවට ගිහින් මගේ නමට වෝට් කරල ඉවරයි ! නැත්තං මම ඒක අරූට දෙනව.. ඒ වෙන මොකුත් ලොකු කමකට නෙවෙයි අපි මේ ඉ්නනෙ බ්ලොග් එකක් ලියල අවසාන වටයටත් තේරිලා ඒකට තමන්ට ඡනදයක් ප්‍රකාශ කරගන්න බැරි - සෝෂල් මීඩියා එකක් තියෙන රටක නිසා --
.
ලිශාන්ව නම් මම හොදට අදුරනව ඒ බස් රේඩියෝ එකේ මමත් කාලයක් හිටය නිසාත් උත් හොඳ නිර්මාණ කාරයෙක් නිසාත්.. අනික අපි දෙන්න මුන ගැහෙන ගොඩක් වෙලාවට නිර්මාණ ගැන කතා කරන නිසාත්.. දවස ඉවරවෙලා ආපහු යනකොටත් ලිශාන් මට සුභ පැතුව.. එවෙලෙත් අපි කතා වුනා.. ලිශාන් කිවුව විදියට තිලකසිරි කියන බ්ලොගයත් මරුලු...
.
කොහොම වුණත් මේ සම්මානෙ “ ජනප්‍රියතම බ්ලොග් ලියන්නා මිසක් “ හොඳම බ්ලොග් ලියන්නා නෙවෙයි..!
ඇත්තටම නිර් - මාණ කියන්නෙ මානයකින් තොර දේවල්.. එතැනදි හොඳමයෙක් ඉන්න බෑ.. පහ වසරෙ විබාගෙදි වචන 250ක රචනාවක් ලියල පාස් වෙනව වගේ වැඩක් නෙවේ.. එක එකා ලියන්නෙ එක එකාගෙ මානයෙන් ඉතින් හොදමයෙක් මනින්න බෑ..
“ ජනප්‍රිය “ 2014 දි විතරයි 2015දි වෙන කෙනෙක් ජනප්‍රිය වෙයි..
මම හැම වෙලේම කියනව වගේ - බොහෝ දෙනාට අහසේ පියාසර කල හැක එහෙත් අහසේ රැදී සිටිය හැක්කේ කිහිප දෙනෙකුට පමණි -
.
අවසානෙදි මම මේක තොරාගත්තු හැටිය ඇහවුව සංවිධායකයන්ගෙන්...
මීට ටික කාලෙකට කලින් ඒ සංවිධාකයො අවස්ථාවක් දීල තියෙනව කැමතිම බ්ලොග් අඩවි යෝජනා කරන්න ඒ අතරින් වැඩිම ගණනක් යෝජනා වුන බ්ලොග් තමා මේ අවසාන වටයට අරන් තියෙන්නෙ.. එහෙම නැතිව මේ තේරී පත් වුන කිසිම කෙනෙක් කොහෙවත් ලියාපදිංචි වෙලා තරගයට ඉිදිරිපත් වුන අය නෙවෙයි... ( මට ඒ සංවිධායකයො කියපු විදියට )
(ලියා පදිංචියක් තිබුන - ඒ ඇතුල් වීමට එදා දොරෙන් )
.
මේකෙන් පස්සෙ මට නම් තඹ දොයිතුවක වත් වෙනසක් වෙන්නෙ නෑ.. මේ පොස්ටුව ලිය්නනෙත් පින්තුරය්ක දැම්මෙත් මා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කල සහෘදයන් ඒ ගැන විමසා සිටි නිසා..
මම කොහොමත් ලිවුව.. එදත් අදත් , හෙටත් ලියනව ! ඒ මේ සම්මාන වලට නෙවේ .. මට !
මම දන්නවිදියට අනික් සේරොම එහෙමයි.. ඒ නිසා කිසි එකෙක් වෙනස් වෙන එකක් නැ.. අපි ලිවුව ඒ අය තරගයට අපිව දැම්ම .. එකෙක් දින්න එච්චරයි...
- සින්දු කියන කුරුල්ලො - කිවුව වගේ අපි එදත් නොමිලේ අදත් නොමිලේ අපිට ඉ්නනෙ මේ මිනිස්සු විතරයි --
.
-------------මට මතක් වෙනව චන්දන අයිය කිවුව කතාවක් -----
“ මල්ලි උඹල අපි වගේ ඉගිල්ලෙන්න ආස උන් ඉගිල්ලෙන්න විදිහක් නැතිව ඉන්න කොට කවුරු හරි ඇවිල්ල තටු දෙකක් දෙයි.. අපිත් ඉගිල්ලෙන්න තියෙන ආසාව නිසා උඩ ඉගිල්ලෙයි.. අපේ කරණම් ගහ ගහ.. එතකොට අපිට ආදරේ කරන අය පහලට වෙලා බලාගෙන අත්පුඩි ගහයි.. සතුටු වෙයි.. එත් මතක තියාගනිං උඹ දන්නෙම නැතිව උඹට තටු දීපු මිනිස්සු අන්තිමට අර උඹ දිහා බලාගෙන සතුටු වෙන මිනිස්සුන්ගෙන් ටිකට් කඩයි. අන්න ඒක වෙන්න දෙන්න එපා “ Chandana Ellewala
.
අන්තිමට -
වැඩසටහන සංවිධානය කරපු හැමෝටම ස්තුතයි !
මට දිනන්න උදවු කරපු හැම සහෘදයටම ස්තුතියි.. !
======
සබඳ අපි කඳු නොවෙමු - උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු - එකම ගගකට වැටෙන..
.
වියලි ගිනි දැල් නොවමෙු වනය අවුලා තබන
සිසිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වහින
.
නපුරු හීනය නොවෙමු ළමුන් නිදිි සුව බිඳන
සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන
--------------------- විශාරද ගුණදාම කපුගේ ශූරීන්
=======
--කුරුළු---

31 comments:

  1. නියමයි.... නිරහංකාර පෝස්ටුවක්...
    දිගටම ජය වේවා

    ReplyDelete
    Replies
    1. හැමෝම දිනන්නොන ! නැත්තං වැඩක් නැ

      Delete
  2. ඉස්සරෝම සුභ පැතුම්..
    ඒත් අරූ අය්ය එෆ් බී නැත්තෙ ඇයි කියල නං මාත් දන්නෑ...
    මාත් වෝට් කලා... ඒක ඇත්ත...
    ඒත් නොදැක්ක වුනත් දන්න කියන එකෙක් දින්න හම ඇත්තටම බොක්කෙන්ම සතුටුයි

    ReplyDelete
    Replies
    1. ස්තුතයි මහේෂ් හැමෝම දිනුම් !

      Delete
    2. මහේෂ්......මට ෆේස්බුක් එක අපූර්වත්වයක් ගේන්නේ නැහැ. ඒ නිසා මම ඉන් ඉවත්වී බොහෝ කාලයක් වෙනවා. ඇත්තටම මම ඒ පිටුව තාම දැක්කේ නැහැ. කුරුළුගේ සම්මාණය අපි හැමෝටම ආඩම්බරයක්!!

      Delete
  3. උණුසුම් සුබපැතුම්. එදා සුළු මොහොතකට ඔබ මුනගැසුනත් එය වටිනා කතාබහක්. ජයෙන් ජය කුරුළු...!!!!

    ReplyDelete
    Replies
    1. ජය එසේමැයි - හමුවීම ම සතුටක් මට !

      Delete
  4. සුබ පැතුම් කුරුළු......

    ReplyDelete
    Replies
    1. ස්තුතයි අයියෙ - ඊයෙ වැඩිය කතා කරන්න බැරි වුනාට සමාවෙන්න !

      Delete
  5. අැත්තටම සතුටුයි කුරුළු.............

    දිගින් දිගට ම ජය පතන අපි කුරුටු ගෑ ගී පවුර

    //සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන//

    ReplyDelete
  6. උණුසුම් සුබපැතුම් කුරුළු.:)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තුතියි වැහි ලිහිණි !

      Delete
  7. කුරුළු......හදවතේ ගැඹුරුම තැනින්ම සුබ පැතුම්. උඹේ නිහතමානී වචනවලට මම ආදරෙයි!!! බ්ලොගක් ලියාගෙන පැත්තකට වෙලා ඉන්න අපි උඹලා වගේ එවුන්ගෙන් කාට ලැබුනත් මට ලැබුනා වගේ. 'මම' සංකල්පයෙන් ඈත්වෙමින් යන්නට උත්සාහකරන මට...උඹත් මමම තමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතයි අරූ - මම බොරුවට ලිවුව නෙවෙයි ඇත්තටම මට මාර අවුලක් ආව එ වෙලාවෙ

      Delete
    2. කුරුළු.....බොරුවට වඩා උඹ ඇත්තට ආදරය කරන කෙනෙක් බව පුන පුනා කිව යුතු නැහැ. උඹලා වගේ තරුනයින්ගේ ආදර්ශය වැඩිහිටියන්ටත් හොඳ මග පෙන්වීමක්. වැඩිහිටියෝත් උඹලා වැනි එවුන් ආදර්ශයට ගන්නවා නම් මේ ලෝකය මීට වඩා සුන්දර තැනක් වේවී. වැඩිහිටිවීම පමනක් පරමාදර්ශයක් නොවේ.

      Delete
  8. ඔන්න ඔහොම ඉදිං බං. තේරුනං එකයි නැතත් එකයි කියලා.. බොට මං සුභ පැතුවා නේද මුණුපොතේදී.. හැක්..

    ReplyDelete
  9. සුභ පැතුම්..

    ReplyDelete
  10. මම වෝට් කලේ අරූට. අරූ මූ මොකා උනාම මොකද? බ්ලොග් ලියන එකෙක්ට සම්මානයක් දීලා අගය කිරීම මුළු සිංහළ බ්ලොග් කළාවටම දෙන සම්මානයක්. සුපැතුම් කුරුළු.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතයි අයියෙ - කාට දුන්නත් කමක ්නැ... කවුරුත් සම්මාන බලන් ලියන්නෙ නැ

      Delete
  11. “ කුරුළු.....මමත් ඕක දැක්කේ මගේ පෝස්ට් එකකට ඩිලාන් එවපු කමෙන්ට් එකකින්. මම ෆේස්බුක් නැහැ. මමත් ඒකේ ඉන්නවාලු. මමත් පෝස්ට් එකේ කමෙන්ට් එකක් දැම්මා...ඒ පස්දෙනාගෙන් කාට හරි දෙන්න කියලා. මම තාම ඒ විස්තර තියෙන පිටුවවත් දැක්කේ නැහැ. මට යාළුවෙක් කිව්වා පස් දෙනෙක් ඉන්නවා කියලා. මගේ කැමැත්ත කාටවත් දෙන්න විදිහක් නැහැ. මම ෆේස්බුක් නැති නිසා. උඹට ජයවේවා!!“

    මේ කතන්දරේ මම දැනන් හීටියේ නෑ කුරුලු කතා කරනකොට කියනකම්, මම එතනින් කියවලා තියෙන්නේ අවංකව බ්ලොග් දෙකයි, එකක් තිලකසිරි මහත්මයාගේ තිලක සිත සහ මේ බ්ලොග් එක. සමාවෙන්න අරූ, මම ඔබේ බ්ලොගය කියවලා නෑ. ඒක ඔබේවත් වෙන කාගේවත් වරදක් නොව මගේ වරදක් නිසා. ඒ කියන්නේ කාලෙක ඉඳන් බ්ලොග් කියවීම අඩු නිසා. [සින්ඩියක් බැලුවම ඔන්ලයින් මනී ගැන තියෙන බ්ලොග් වැහි වැහැලා නිසා වැදගත් යමක් තියෙන බ්ලොග් යට යනවා] තිලක සිත ගැන කිව්වේත් මට මීට මාසේකට විතර කලින් මගේ මරණය විසින්.
    සුභ පැතුම් කුරුළු..!
    තව තවත් රහ ලියමන් ලියවේවා.
    ජය!
    ස්තූතියි.

    ReplyDelete
  12. ඒ වෙලාවෙ හිටියද ? මම දැක්කෙ නැනෙ

    ReplyDelete
  13. මම ඕක දැක්කේ #SMDayCMB ඊමේල් එකෙන්. කොහොම වුනත් සතුටුයි. අනික ඔවුන් ඒ තේරීම කරලා තිබුන ආකාරයත් හොඳයි. අසනීපෙන් උන්න නිසා එන්න වුනේ නෑ. දුලාන්ගේ මිතුරෙකුට අවස්ථාව දීලා ගෙදර හිටියා. සුබපැතුම් මිත්‍රයා. ජය...!

    ReplyDelete
  14. සුබ පැතුම් මල්ලී... මම වැඩියම කැමතියි ඒ අතර තිලකසිරි බ්ලොග් අඩවියට... නමුත් ඔයාගෙ දිනුම ගැනත් සතුටුයි...

    ReplyDelete
  15. මට හිතුන කුරුල්ල කප් එක ගහයි කියල.

    මමත් වෝට් කලේ උඹට සහෝදරයා

    ජය වේවා!!! දිගටම ලියමු

    ReplyDelete
    Replies
    1. ජය වේවා සහෝදරයා - ස්තුතියි හයියට!

      Delete