Friday, June 27, 2014

--------- කවි නෙවේ -----


ඔයාව හැමදාම තෝරගත්තෙ
මලකට ,
මාව - ගලකට,
මම ස්ටේජ් එකේ පැත්තක
ඔයා හරි මැද..
මට තිබුණෙ ගලක් වගේ ඉන්න
ඔයාට තිබුනෙ හිනාවෙන්න,
එහෙට මෙහෙට හෙලවෙන්න..
මම ගලක් වගේ හිටිය...
පාට පාට සමනලයො,
එක එක ජාතියෙ කුරුල්ලො
ඔයාව වටකරන් හිටිය - පැණි බිවුව.. !
මම ගලක් වගෙ හිටිය...
කවදාකවත් මගේ දිහා බැලුවෙ නෑ.,
මට ඔයා ලගට එන්න පුලුවන් කමකුත් නැ..
මම ගලක් නිසා..!
ඔයත්,
බලන් ඉන්න අයට පේන්න
සමනලයොන්ට පැණි බොන්න ඉඩ දුන්න..
මම ස්ටේජ් එකේ හිටියද කියලවත්
කාටවත් මතක නෑ..
මොකද මම  - ගලක් නිසා..!
එත්....
ෂෝ එක ඉවර වුණාම ඔයා..
මගේ ලගට ආව...
අඩාගෙන,
මගෙන්න ඇහුවෙ එක දෙයයි
" ආයෙත් ඒවිද ඒ සමනලයා - මල් වල පැණි බොන්ටා "
මට කතා කරගන්න බැරි වුණා..
--  මම ඇත්තටම ගලක් වුනා ---
ඇත්ත....
සමනල්ලු හොයන්නෙ මල් මිසක් ගල් නෙවේ ..!
මල් හොයන්නෙත් සමනල්ලුව මිසක් ගල් නෙවේ ..!
එත් ගල් ... !!
---කුරුළු---


( පින්තුරය මට අයිති නැත - අන්තර්ජාලයෙන් බාගත කරගතිමි )

2 comments:

  1. පට්ට..

    //// ෂෝ එක ඉවර වුණාම ඔයා..
    මගේ ලගට ආව...
    අඩාගෙන,
    මගෙන්න ඇහුවෙ එක දෙයයි
    " ආයෙත් ඒවිද ඒ සමනලයා - මල් වල පැණි බොන්ටා "
    මට කතා කරගන්න බැරි වුණා..
    -- මම ඇත්තටම ගලක් වුනා ---
    ඇත්ත....
    සමනල්ලු හොයන්නෙ මල් මිසක් ගල් නෙවේ ..!
    මල් හොයන්නෙත් සමනල්ලුව මිසක් ගල් නෙවේ ..!
    එත් ගල් ... !! //////


    හැමදාම ඉතිං ගල් වලට උරුම එක තැන බලාගෙන ඉන්න එක තමයි -_-

    ReplyDelete