Tuesday, May 14, 2013

සිරි මහා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි !!






ඔයාට පුලුවන්ද මට පුතෙක් දෙන්න.. අඳ ගොලු බීරි කොර නැති හොද පුතෙක්..
මට ඕන ඔයාගෙ මොළෙයි මගෙ රූපෙයි තියෙන පුතෙක් නෙවේ !
මගේ මොළෙයි ඔයාගෙ රූපෙයි තියෙන පුතෙක් - අන්න ඒක මතක තියාගන්න !
අවුරුදු 3ක් වත් ඌට කිරි දේන්න ඕන .. කිසිම අඩුවක නොකර බලාගන්න ඕන ඔයා..
මොකද මමත් ගොඩක් කල් අම්මගෙන් කිරි බීපු නිසා...
ඌට මතක හිටන කල් කිරි පොවන්න.. කාටවත් මුකුත් කියන්න බැරි වෙන්න..
ඊට පස්සෙ මම බාර ගන්නම්.. හොද ‍මොන්ටිසෝරියකට දාමු..
ගෙදර වැඩ දෙන්නෙ නැති.. සෙල්ලම් කරන්න විතරක් දෙන.. අත්වැඩ විතරක් දෙන.. චිත්‍ර පොතක් විතරක් අරං එන්න කියන මොන්ටිසෝරියකට දාමු...
ටිකක් දැනුම් තේරුම් එනකොට හැම මාසෙම ගමේ ‍එක්කං යමු..
ආච්චි සීය අත්ත මුත්තව පෙන්වමු ඒ අය එක්ක දවසක් දෙකක් ඉන්න දෙමු..
සතියට පාරක් අර පල්ලෙහා වෙලේ බැහැල මාත් එක්ක පොඩි පිළිගද මාලු අල්ලපු දෙන්.. බය වෙන්නෙපා ජෑම් බෝතලයකට දාල හවස එනකොට ආයෙ ඇලට වීසි කරන්න මම උගන්වන්නම්..
ඉරිදට දහම් පාසල් යන්න ඒන මාත් එක්ක.. මම උගන්වන දිහා බලං හිටි දෙන් ! ඇත්ත මම උගන්වන්නෙ උසස් පෙල වුනාට ඔහෙ අහන් හිටි දෙන්... සරම අන්දනකොට ඉලාස්ටික් සරම් එපා ! ඇග වටේ ඔතන් හරි ගිය දෙන්.. හවස එනකොට කැඩිල තිබුණට බනින්නෙපා කිලුටු වුනාට බනින්නෙපා ! කිලුටු ඇදුම් හෝදන්න පුලුවනි...
පුතා මාත් එක්ක වෙසක් කූඩු හදන කොට ඔයා අපිට පාප්ප හදල දෙන්න - ගේ හැඩි වෙනව තමා ඒත් අස්කරමු අපි එකතු වෙලා පුතා නිදා ගත්තාම..
ඒ එකක්ම එහා ගෙදර අක්කලත් එක්ක පුතා පල්ලියට යවන්න.. ජේසුතුමාවත් බලල එන්න කියන්න..නත්තල් කාලෙට නත්තල් ගහ සරසවන්න බලෙන් හරි යවමු...
චීන වූෂු පන්තියකට හරි ජිම්නාස්ටික් පන්තියකට හරි යවන්න කියල නම් බල කරන්නෙපා-
පුතාව " අංගංපොර " උගන්වන තැනකට දාන්න ඕන මට..
පුතාට අපේ ඉතිහාසෙ රජවරු ගැන කියා දෙන්න අපි මාස තුනකට පාරක් ට්‍රිප් එකක් යමු !
සරුංගල් කාලෙට එයා හදා ගත්තාවෙ එයා අලෝපුවාවෙ.. බිම දිගේ ගියෝත රෝද හයි කරල දෙමු ! උඩ යන්නෙ නෑ කියල විහිලු කරන්නෙපා එයා ඉගෙන ගනිවි..
ගස් උඩ නගිනකොට - සැටියෙ ඔලුවෙන් හිට ගන්නකොට කොල්ලො එක්ක ගහගෙන ලේ පෙරා ගන්නකො‍ට කහට ජාති ගෙඩි ඇදුම් වල ගාගෙන එනකොට "එපා " කියන්නෙපා.. එයාට ඒව විදින්න ඉඩ දෙන්න.. !
හොද නරක පෙන්වන්න බල කරන්නෙපා ! එයා අපි දිහා බලල ඉගෙන ගනීවි...
වැස්සෙ තෙමෙන්න දෙන්න.. නටන හැටි සින්දු කියන හැටි චිත්‍ර අදින හැටි උගන්වන්නෙපා - එයාගෙ නිදහස් ක්‍රමයක් එහා හොයා ගත්තාවෙ... අපි පොත් - පැස්ටල්- බටනලාවක්-බෙරයක් අරන් දෙමු...
ක්‍රිකට් ගහන ගමන් එල්ලෙත් ගහන්න කියල දෙමු! ඒ වෙනකොට කවුරුත් එල්ලෙ ගැන දන්නෙ නැති වෙයි ඒක අලුත්ම දෙයක් වෙයි..!
ගේ ඇතුලෙ බාත් රෑම් එකෙ නෙවේ එලියෙ ටැප් එකෙන් ගමටම පෙන්න ඉර එලියෙ නාන්න පුරුදු කරන්න ! ඌ කොල්ලෙක් නිසා..
කලිසම් අන්දවන්නෙ නැතිව රෑට වත් සරමක් අන්දන්න.. උදේට ඒක හොයල දෙන්න යෙි සතියක් දෙකක්..
ඇති තරම් පැණි රහ කන්න දෙන්න - හැබැයි දත් මදින්න හුරු කරන්න..
ඇපල් - දොඩම් කනවට වඩා ගස් නැගල තැඹිලි -ගස්ලබු ජම්බු කඩල කන්න කියන්න..
වීඩියො ගේම් එකක් තෑගි කරනවට වඩා පුස් බයිසිකල් රිම් එකකුයි කෝට්ටකුය එයාට හොයල දෙන්න.. පැපොල් බට නලාව උණ බට තුවක්කුව රෑං පේත්ත හදන්න කියල දෙන්න..!
ඔයා කියනවනම් ඉන්ටනැෂනල් ඉස්කෝලෙකට දාමු... හැබැයි අපේ කිරි අම්මට කියල වැල්ලෙ අකුරු ලියල අකුරු කියවමු මුලින්ම..!
එයා ලොකු වෙලා කැමති ආගමක් තෝර ගත්තු දෙන්...බල කරන්නෙපා..
ඒ වෙනකොට Kelum Wijewardena Chinthaka Abeyratne Indranatha Thenuwara Chandana Ellewala Leelanath Wickrama Arachchi Jayamal Shamintha Akila Hewage Sanka Buddika Amarasinghe Akila Prasad Tharindu Abesinghe  වගේ මිනිස්සු  වයසට ගියත් එයාලා පුතාගෙ අප්පච්චගෙ යාලුවො බව කියන්න... මේ මිනිස්සු ලෝකෙ පය ගහල ඉන්න මිනිස්සු බව පුතාට කියන්න ... මේ අයගෙ  ළමයි මුනුපුරෝ හිටියොත් බය නැතිව මූණු පොතෙන් ඇඩ් කරගන්න කියන්න... පුතාට කවි ලියන්න "උගන්වන්නෙපා" - ඒක කාටවත් ලේසියෙන් කරන්න බැරි වැඩක්..! ඉන්දික අයියගෙ - රුවන් බන්ධුජීවගෙ - කැලුම්ගෙ - ...... කවි කියවන්න දනේන එයාට එයා ඉගනෙ ගනවී සමාජෙ.. ‍ඒ කවි වලින් ලෝකය දකීවි
නිදහස අත්විඳින්න ඉඩ දෙන්න.. මට එයාගෙන් ඉල්ලන්න තියෙන්නෙ එච්චරයි..!
හොඳයි ඔයාට පුලුවන්ද මේ දේවල් කරන්න !
එහෙනම් මම කැමතියි ඔයාව බඳින්න..!
මොකද මට ඕන මගේ පුතාව මහත්තයෙක් කරන්න නෙවෙයි - මනුස්සයෙක් කරන්න මටත් වඩා !
--කුරුළු---

36 comments:

  1. සුන්දර හීනයක් මල්ලී..... ඒත් ‍මේ මහ ‍පොළ‍වො ‍මේ හීන පැළ ‍වේවිද කියන එකයි ප්‍රශ්‍නෙ......

    කවද හරි දවසක ‍වෙනස්ම විදියක අපූරු තාත්ත ‍කෙ‍නෙක් ‍වෙයි...

    ReplyDelete
    Replies
    1. lassanay
      hugak hoda thaththek ammek wenna me samajaya thula edan puluvan ona wenne mahansiyen hari apita apiva hoyaganna wenava,

      Delete
  2. ඇත්තටම සුන්දරයි... ‍ෙකාච්චරද කියනවනම් හැ‍ෙමා්ටම පන්ඩිත කම් කිය කිය.උජාරැවෙන් ආදරේ ‍ෙමාන බොරැවක්ද කියල.ආද‍ේර විබාග ඔක්කොම පාස් කරපු කල්‍ෙලක්‍ෙගත් ඇතුලටම දැනෙන විදියට කුරැල්ලො මේ කතාව ඔයා ලියල තියනව... ‍ෙම් කියන දෙවල් වලට කැමති වෙන කෙල්ලෙක් හෙයන්න ‍ෙම්ක සිංහ‍ෙලන් තියා පුංශ වලින් ලිව්වත් බැරිවෙයි. සුභ පතනව ඔයාගෙ ලස්සන හීනය සැබෑ වෙන්න කියල....

    ReplyDelete
  3. http://www.facebook.com/KawiKarayaMay 19, 2013 at 12:19 AM

    @ තරුරසී : මේක මේ මහ පොළවෙ පැලවෙනව. පැළ වෙලත් තියනව. පැල හිටවන උන් තමයි මේ කාලෙ අඩු.
    කුරුළු, මම දැන් ඒක පැළ කරන්න දඟලන කාලෙ. උඹ කෙල්ලෙක් හොයාගත්ත දවසක කියපන්. මම කියන්නම් මට වඩා හොඳට ඒක කරන විදිහ.

    අහ්: අනික කැලුමල, චන්දන අයියල අතරෙ මම නෑ නොවැ. එතකොට මගෙ උන්ව උඹේ උන් ඇඩ් කොරගන්න එකක් නෑ................

    kawii



    ReplyDelete
  4. අප්පච්චි...............

    ReplyDelete
  5. ගොඩාක් ලස්සනයි අයියා..... ඔයා මෙතුවක් ලියපුවායින් මං ආසම කරන එක. :)

    ReplyDelete
  6. සුපිරි !!

    ReplyDelete
  7. මම අදයි මේ බ්ලොග් එක දැක්කේ... මේ පෝස්ට් එක ගැන කියන්න වචන නෑ මචන්... ඔය හීනෙ ඉටු කරගන්න උඹට පුළුවන් ෂුවර්... ඔය විදියටම වෙන එකක් නෑ... ටික ටික අඩු වැඩි වශයෙන් ගොඩ දාන්න පුළුවන් වෙයි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතයි යාලුවා එත් පුතා කැමති වුනත් එයා කැමති නෑ..

      Delete
  8. නෙතට කදුලක් එක්කලා සහෝ.....
    මගේ අප්පචිගේ ද්ර්ශනේමයි උබ ගාවත් තියෙන්නේ...උබේ හීනෙ සැබවින්ම අත්විදි එකේ විදියට ඕක වරදින්නේ නැති පාරක් බවට අද්දෙකිමෙන් කියතැහැකි....
    හදපන් උබේ පුතාවත් ඒ විදියටම..... ඌ ලෝකෙම නොදිනුවත් ඕන පොළොවක පයගහලා කාටවත් බරක් නොවී ඉන්න ඉගෙන ගනීවි...

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..ඒත් මේ පවතින සමාජෙදි ඒක බොහොම අමාරුයි මට ඒක ටික ටික තේරුම් යනව දැන ්දැන්

      Delete
    2. අපහසු නැ සහෝ..අරමුනයි වැදගත්..දරුවෙක් ට කැමැති පාරේ යන්න දෙන්න ඕන..නමුත් අපි නිතරම පස්සෙන් හොරෙන් යන්න ඕන මන්ද දරුවන් රවටා වැරදි පාරවල් වල යවන්නන් බෝමයි...

      Delete
  9. අදමයි ආවේ මාරම ලස්සනයි යාළු. ජය පතනවා තවත් ලියන්න

    ReplyDelete
  10. කුරුළුව අදුර ගත්තෙ මේක පෝස්ට් එකක් විදිහට මූණු පොතේ ගිය නිසා. එදා වගේම අදටත් මං ආසම කරන කුරුළුගෙ හීනේ... දැන් ඒක මගෙත් හීනේ..

    ReplyDelete
  11. කවදාවත්ම හැබෑ නොවෙන මගේම හීනය

    ReplyDelete
  12. ලස්සන ආදරනීය සෙනෙහේ වන්ත පැතුමක් ....ම්ම්ම් ඇත්ත දරුවෙක් මනසින් උසස් කෙනෙක් කරන්නයි ඕන ..සුබ පැතුම් කුරුළු අයියේ ...

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. මටත් ඔනි මගෙ පුතා මනුස්සයෙක් කරන්න,, එයගෙ අප්පච්චිටත් මෙහෙම හිතුනොත් ඒ ඇති,,

    ReplyDelete
  15. අපේ පරම්පරාවේ අතලොස්සකට තියෙන සුන්දර හීනයක් මිත්‍රයා..:)

    ReplyDelete
  16. bohoma watina pathumak eya elesama itu wewaa aiye

    ReplyDelete
  17. lassanama lassanai kurulu...kiyawwgena kiyawagena yaddi aaake aththatama jeewath wenawa wagei...es deka ahakata ganiddie therenne...mam aaake jeewath wenawa newei mam oya liyapu aaawa kiyawala witharai thiyenne kiyala

    ReplyDelete
  18. ලස්සනම ලස්සන කථාවක්...
    සුන්දර අතිශය ආදරණීය හීනයක්...
    මෙහෙම හීන දකින අම්මලා තාත්තලා අද හොයා ගන්න හරිම අමාරුයි...
    ඒත් ඉස්සරහට එන පරම්පරාව මේ හීන වලට කැමති වෙයිද කියන එකයි හිතාගන්න අමාරු...

    ReplyDelete