Thursday, May 30, 2013

=තියා අතීතය මා ලඟ - පියාඹා ගියාවද උඹ පුරවි කිරිල්ලී ==හිනා අමතකව ගිය මට - හීනයක්ද තාමත් ඔබ කියන්න දේවී =



.1 කොටස
.
මට එක් වරම ඇයව හදුනාගැනීමටත් අපහසු විය..
ඉස්සරට වඩා තරමක් කලුය.. ඈදී ගොසිනි.. වෙනදා නොතිබුන දුකක් සාංකාවක් ඇගේ මුහුනේ කැටයම්ව පෙනුනි..
" පලවන වේදිකාවට දැන් පැමිණි දුම්රිය මහනුවර බලා පිටත් වෙයි......... සිට සෑම දුම්රිය ස්ථානයකම එය නවත්වනවා ඇත.."
ඒ කොටුව දුම්රිය ස්ථානයයි.. නිරන්ත‍රයෙන් දුම්රියෙ ගමන් නොකලත් ඉඳහිට හෝ ගමේ යන දවසක එහි ගමන් කිරීමට මා කැමැත්තෙමි...
ඒ පාඩි වී පැය ගනන් හිත හිතා යෑමට පුලුවන් නිසාවෙනි නැතහොත් පොල්ගහවෙලින් ‍එයට ගොඩවන කුරුට්ටෙකුගෙන් පරණ වුන තම්බපු කඩල ගොට්ටක ආස්වාදය විදීමටය,එද නැතිනම් එයට ගොඩවෙන පිටවෙන විවිධාකාරයේ මිනිසුන් මුණ ගැසීමටය.. කඳු බෑවුම් අසලින් යද්දී පා පුවරුවේ ඉඳගෙන තනියම කවියක් ගෙතීමටය.. කෙසේ වෙතත් මා මේවාට ඇලුම් කරමි...
දුම්රියේ ගමනින් නුඹලාට වැඩක් නැත... ඇය ගැන නම් කිව යුතුය..
ඇයගේ නම නොකියමි..
ඇයත් මාත් පෙම්වතුන් වූහ ඒ බොහෝ කලකට ඉහතදීය.. සැබැවින්ම මා ඇයට පණ දෙවැනි කොට ආදරය කලෙමි..
ඇය සුන්දරය සුදුය මුදුය පැහැපැත්ය ලගන්නීය.. කිසිදු කලබලයක් නැත. ජීවිතය තේරුම් බේරුම් කර ගතහැකි තැනැත්තියකි..වැඩි විලාසිතාත් නැත.. නෝන්ජලුත් නැත.. චාම්ය.. සතුටද දුකද නිහතමානීව විදදරා ගන්නීය.. මා උදෙසාම බිහිවුවා වැනිය....
එහෙත් ඇයගේ දෙමාපියන්ගේ මැදිහත් වීමේන ඇය මා හැර ගියාය..
ඇය දෙමාපියන්ගේ පැත්තටම හිටි නිසා ඉන් එහාට කිසිත් නොකියමි....
දුම්රියපොලේදී ඇයව දුටුත් හදුනාගත්තමුත් ඇය හා දොඩමලුවීමට පසුබට වුනෙමි.. ඒ පරණ මතක අවදි වී නැවත සිත තලා ගැනීම මටවත් ඇයටවත් නුසුදුසු නිසාවෙනි..!
හීන් සීරුවෙ ළගම තිබුන දුම්රිය පෙට්ටියට නැග අසුන් ගතිමි...
මේ...කුරුළු..අයිය නේද.... !
තිගැස්සුනෙමි.. සුපුරුදු කටහඩය.. හැරීබැලුවෙමි..
ආ ........නංගි ඔවු ඔවු අනේ මම දැක්කෙත් නෑ ලගට එනකම්...
අයියට කමක් නැතිනම්.. මම මෙතැනින් වාඩි වෙන්නද....
හා කම්ක් නෑ වාඩි වෙන්න.... ඕක මොකක්ද..... වෙවුලන හඩින් පැවසූවෙමි...
අප අතර විනාඩි කිහිපයක නිශ්ෂබ්දතාවයකි...
ඇයට මටත් - මට ඇයටත් කීමට දෙයක් නොතබුනි ..!
ඇය සතුව විශාල ප්‍රමාණයේ මලු දෙකක් තිබුනෙන් මම එතැනින් කතාව ඇරඹීමට සිතුවෙමි...
නංගි මොකෝ මේ ගම රට දාල යනව වගේ..
හ්ම්.. ඔවු අයියෙ මම නුවර යනව... ආයෙ කොළඹ එන්නෙ නෑ..
ඒ මොකෝ.. ආයෙ එන්නෙ නැත්තෙ.. රස්සාව?
රස්සාවෙන් මම අයින් වුනා අයියෙ... (මෝනාලීසා වගේය අඩනවාද සිනාසෙනවාද සිතාගත නොහැකිය)
අපරාදෙනෙ ඇයි ඒ...
මම ඒක අයියට කියන්නම් පස්සෙ.....
ඉතින් අයියට කොහොමද දැන්.....
වැරද්දක් නෑ... මම හොදන් ඉන්නව නංගි මගේ වැඩ කරගෙන...
අයිය තාමත් කවි එහෙම ලියනවද...?
(ලියන කවි බොහොමයක ඇයද තාමත් සිටින බව පැවසීමට මට සිතුනත් මගේ වචන ඒ තරම් හයිය නැත)
ඔවු සමහර වෙලාවට ලියනව....
අයිය මම ඔයාව ස්ටේසමේදි දැක්ක .. ඒ නිසයි මම අයියව බලන්න මේ පෙට්ටියටම නැග්ගෙ.. අයිය ගාවින් වාඩි වෙලායන්න ආස හිතුන... අයිය එක්ක කතා කරන්න ආස හිතුන... ඉස්සර නම් අයිය මගේ මම අහන්නෙ නෑ මොකවත් .. ඒත් දැන් එහෙම බෑනෙ.... මට අයියව ආයෙ හම්බෙන එකක් නෑ .. මේ හම්බුනෙත් අවුරුදු කීයකට පස්සෙද... ආයෙ හම්බුනත් මට කතා කරන්න වෙන්නෙ නෑ.. ආයෙ ලගින් ඉදගන්න වෙන්නෙ නෑ.. මේ අන්තිම පාර...
මොකක්... අන්තිම පාර.. ඔයාට පිස්සුද ?
( ඇයත් මාත් අතර පෙර තිබු ප්‍රේම සබඳ තාව දැන් නැතියි මට අමතක විය )
සමාවෙන්න මට නංගි ඇයි එහෙම කිවුවෙ...
හ්ම්.... ඒක අයිය දැනගනිවි..... අයිය තරහ නැතිනම් මම දෙයක් ඇහන්නද ?
(ඇය තවම ඇගේ ප්‍රස්නපත්තර කතා විලාසය ඇත් කරගෙන නැත)
හා..
අයියට දැන ්කෙල්ලෙක් ඉන්නව... මම ඇහුවෙ යාලුවෙලා..
(දිග හුස්මක් පිට කලෙමි )
නෑ නංගි.. මට දැන් ඉස්සර වගේ ආදරේ ගැන විස්වාසයක් නෑ....
කුරුලු අයිය.. ප්ලිස් එහෙනම් ‍මේ නංගි එක ටිකක් දුර උරහිසට ඔලුව තියාගෙන යන්නද ඉස්සර වගේ.....
(කරකියාගත නොහැකි වූ තැන බිම බලා ගතිමි.. මා නොදැනුවත්වම මගේ දෑස් මටම චපල වී ඇත... මේ වැඩිහිට සමාජය අපිට අප අහිමි කර ඇත..... )
හ්ම්..... - එපමණක් කීමි...
පෙර පුරුදු පරිදි කිසත් නොකියාම මාගේ උරහිසට ඔලුව හේත්තු කර ගත් ඈ.. මාගේ අතක් ඇගේ අත් දෙකින්ම අල්ලා ගත්තාය....
දුම්රිය තවම ගමනේය...................................................

" පෙරම් පුරාගෙන ආ සංසාරෙ - පැතුමද සුනුවිසුනුව වැටුනේ
කාටද රිදුනේ කවුරුද හැඩුවේ - දුම්රිය මොහොතක් නතර වුනේ ,
************** කාතවෙ ඉතරු ටික වෙනම ලියන්නම් පළමු කොටස ඉවරයි ********
---කුරුලු---

No comments:

Post a Comment