Thursday, May 30, 2013

== සොඳුර නුඹ ලිහිණියක රැයේ අඳුරට අඩන මමද ලිහිනියෙකු වෙමි කැඩුන තටු පිරි මදින == == අහිංසක අප දෙදෙන තටු කඩා මේ ලෙසින සිඳි ගිය ගග දෑල හැර දැමූවෙ කවුද ==


.අවසාන කොටස

අයිය දන්නෙ නෑ මේ නංගි ඊට පස්සෙ වින්ද දුක් කන්දරාව.
පවුලෙම බර තිබුනෙ මට.. පොඩි නංගියි මල්ලියි ඉස්කොල් යවන්න ගෙදර කන්න බොන්න...
සේරොම කලේ මම... මට අම්මට බරක් දෙන්න බෑනෙ..
අම්ම ඒ අතරතුරේ මට බඳින්න එක එක්කෙනා හෙවුව.. එත් හැමෝම දන්නව මම බදින්න හිටයෙ කියල කාඩ් පවා බෙදුව... ගොඩ දෙනේක බලන්න ආවම ගමේ අය එ ්කාතව කියනව ඉතින ්ආයෙ ගියා.... අයියට හිතා ගන්න පුලුවන්ද නංගි හිටිය දුක...
--මම මේ කිසි දෙයක් දන්නෙ නෑනෙ නංගි...ඇයි මට නිකං වත් කිවුවෙ නැත්තෙ..,
මම මුලින්ම හිතුවෙ අයියට කියන්න.. එත් අයිය මාත් එක්කතරහ වෙලා ඇති කියල මම කිවුවෙ නෑ.. අනික මට හයියක් තිබුනෙ නෑ ආයෙ අයිය ඉස්සරහට එන්න.. මම අයියව හැම තැනම හෙවුව.. අයියගෙ කවි හැමදාම කියෙවුව.. අයිය ලියන කතා හැමදාම කියෙවුව.. වෙනද වගේ සංකල්පනා කියවල මම ගොඩාක් ඇඩුව.... මට සමා‍ වෙන්න අයියෙ..
--ඔයාගෙ වැරැද්දක් නෑ නංගි... අපරාදෙ ඔයා මට කිවුවෙ නැත්තෙ..
කමක් නෑ අයියෙ.. ඔයා සතුටෙන් ඉන්න බව දකල මම සතුටු වුනා මට ඒ ඇති.. මම ඔයාට දුන්නු දුක ඇති.. ආයෙ මම ඔයාගෙ වෙලා දුක් දෙන්න මට ඕන වුනේ නෑ....
--මමත් ඔයාව කොච්චර හෙවුවද නංගි ඒත මට දැන ගන්න ලැබු‍නෙ නෑ...
(අවුරුදු ගණනාවකට පසුව පෙර පුරුද ුපරිදි ලෙංගතිව ඈ තුරුල් කර ඇගේ ඉස සිප ගතිමි.. මා මෙතරම් ආදරය කරද්දී ඒ ආදරය මා සොයද්දී ඒ අදරයට මා ලගට එන්න මඟක් නැති වීම කොතරම් දුකක්ද ඒ නැත්ත ඒ බව පසුව ඒ ආදරය කල කෙනාගෙන්ම දැන ගැනීම කොතරම් දුකක්ද )
දුම්රිය ටිකෙන් ටික ඇගෙ ගමනාන්තයට ලගා විය.. ඇය හිස ‍එසෙවුවාය...
අයිය මම හැමදාම ඔයාව හෙවුව.. මම හැමදාම පංසලේ සාදුගෙනුයි දෙයියන්ගෙනුයි ඉල්ලුවේ මගේ අයියව මට එක පාරක් හරි දැක ගන්න ඉඩ දෙන්න කියල.. අයියට මගේ කතාව කියන්න වෙලාවක් දෙන්න කියල අයියට එක තත්පරයක් තුරුල් වෙලා ඉන්න දෙන්න කියල... මේ කෙල්ලගෙ දුක දැකපු දෙයියො ඒ ක අනිත්ම මොහොතෙ හරි ඉස්ට කලා .... මට දැන් ටිකක් හරි සතුටුයි....
--අන්තිම පාරට කිවුවෙ ? ඉස්සෙල්ලත් ඔයා එක් කිවුව....
ඔවු අයියෙ අනිත්ම පාරට.. ආයෙ මයෙ අයියට මේ කෙල්ලව දකින්න වෙන්නෙ නෑ කවදාකවත්ම .. දැක්කත් කතා කරන්න වෙන්නෙ නෑ...මම හෙට බඳිනව....! රෙජිස්ටර් වෙනව...!
--මොනව ?
ඔවු අයිය අම්මල කෙනෙක්ව හොයල... එයා කැමති නෑ මම කොළඹ ඉන්නවටත්.. ඒ නිසයි මම සේරෝම දාල යන්නෙ... අම්මලගෙ සතුට වෙනුවෙන්... මට අයිය නැති වුනාට කමක් නෑ අයිය සතුටෙන් ඉන්න...
(පිරිමියෙක් වුනත් කොයිතරම් අසරණවෙන වේලාවල් ජීවතය තුලදී මුහුන දෙනවාදැයි මම මෙතෙක් නොසිතුවෙමි.. අප ආදරය කරද්දි ආදරය පටන් ගනිත්දී මේ කිසිවක් නොසිතුවෝ වෙමු... පාසැල් ප්‍රේමය-බස් වල ප්‍රෙමය- ගාලු මුව දොර ප්‍රේමය -සිනමාහල් තුල ප්‍රේමය දකින මා ඒ ගැන ඉරිසියා කලෙමි.. එහෙත් ඔවුන්ටද ගැටලු ඇති. ඒ අමතක කර ඔවුහු සැනසෙති.. දැන් මම ඔවුනට ඉත සිතින් සුබ පතමි....)
ඇය ඇයගේ බඩු බාහිරාදිය ලෑස්ති කර ගත්තාය.... අප පසු කර ගිය වඩේ වෙලෙන්දා ඊලග පෙට්ටියට මාරු වූ පසු ඇය වට පිට බලා එක් වරම මා ඉදිරියේ දණ ගැසුවාය..
මගේ සුදු අයියෙ මගේ අතින් වරදක් වුනානම් සමා වෙන්න... මේ කෙල්ල කවදාකවත් අයියට රිද්දන්න් හිතුවෙ නෑ... මට සමාවෙන්න...
--නෑ මගේ නංගි ඔයා කවදාකවත් මට වරදක් කරල නෑ.." අපි කරපු එකම වරද ආදරේ කරපු එක විතරයි"
අයිය මගේ අන්තිම ඉල්ලීම - පුලුවනි නම් හෙට ...... කන්තොරුවට එන්න.. මම කැමතියි ඔයා මගේ විවාහයෙ සාක්ෂි කාරයෙක් විදියට අත්සන් කරනවට.. අනේ ප්ලීස්.. ඒ ක මේ මං වෙනුවෙන් කරන්න....
(දුම්රිය, මහ හූහඩක් දීගෙන නැවතින....)
මම යනව සුදු අයියෙ...
--- බුදු සරණයි නංගි මම එන්නම් හෙට.. අනිවාර්යයෙන්ම.. වෙච්ච දේවල් එච්චර හිතන්නෙ නැතිව ඉන්න..අනාගතේට මූන දෙන්න.. හොදද මගේ හොද නංගිනෙ...
( ඇය පිටව ගියාය.. දුම්රිය නැවත පණ අදින්නේය.. මගේ නැවතුම තව දුම්රිය ස්ථාන දෙකකිනි.. වෙනදා නොදැනෙන මහා පාලුවකින් මා වෙලී ගියෙමි.. මුලු ලෝකයෙන්ම මා තනි වී ඇති යැයි සිතුනි... කෑ ගසා හඩන්නට සිතේ... කර කියා ගත නොහැකි වූ තැන උන් තැනින්න නැගිට. පා පුවරුවේ වාඩි හුනෙමි.. දැන් මට පිටුපස දුම්රිය පෙට්ටිත් පසුපස පෙට්ටිත් හොදින් පෙනේ මම ඉඳ ඇත්තතේ හරි මැදය.... අප පසු කර ආ දුම්රිය මාර්ගයද කදු අතර වංගු ගසමින් මීදුමින් වැසී යති..
කෙසේ හෝ හෙට යා යුතුය.. ඇයට මා සුබ පැතිය යුතුය ඒවෙලෛහි මා ඉටා ගතිමි....
ඇය පැවසූ දේ සියල්ල දැන් මට මතක නැතත් ඇයව මනසේ දෝංකාර දෙයි...
.
"  අහිංසක අප දෙදෙන තටු කඩා මේ ලෙසින
.. සිඳි ගිය ගග දෑල හැර දැමූවෙ කවුද ...
.. සඳට දොස් නොකියන්න සඳ කුමක් කරන්නද
.. බාල වයසින් මැරුන ප්‍රේමයකි තරු එලිය...
.. කටුක දුක් විරහ මැද අතර මං වී ගියද
.. අපි තවම පෙම් කරමු අපේ ජීවත වලට...
.. කියා දෙමු පියඹන්ට අපි අපේ පැටවුන්ට
.. නිදහසේ තටු ලැබුන කුරුල්ලන් වී දිනෙක... "

" අපි කරපු එකම වරද ආදරේ කරපු එක විතරයි" මම නැවත මටම කොඳුරා ගතිමි...... !!!!
---කුරුළු---

== සේද සිහින සුදු දුන්හිද ඔබ - උස සීත නමුණුකුල ගිරිහිස මම == == මූණ බලාගෙන මේ විදියට - මතු ජාති ජාතියෙත් උපදින්නද ==


2.කොටස
.
මඳ වේලාවක් නිස්සදව සිටි ඈ තම කටහඩ අවදි කලාය..
අයිය.. ඔයා හිතනවාද ඇත්තටම ඔයාව මම අමතක කලා කියල ..
නෑ.. මම කවදාකවත් එහෙම හිතුවෙ නෑ නංගි..
ඒ ඇති අයිය මට.. ඔයා මට එක දවසක් හරි ආදරේ කලාද කියන්න..
ඒක ඔයා අහන්න ඔන් ප්‍රස්නයක් නෙවේනෙ නංගි...
( අද දිනයේදී ගමන් මාධ්‍ය සදහා දුම්රිය තොරා ගැනීම ගැන මම මටම දොස් නගමි.. ඒ පරණ තුවාල පෑරෙන නිසාවෙනි.. අපට බෙහෙත් කල නොහැකි නම් අඩු තරමේ තුවාල පාරානොගත යුතුය)
ඇත්තටම අයියෙ මම එහෙම කලේ අ‍පේ අම්මල නිසා.. අයිය නොදන්නව ඇති අපේ අප්පච්චිට ලෙඩක් තිබුන.. ඒක නිසා ඒකට සල්ලි ඕන වුනා බෙහෙත් කරන්න.. අප්පච්චිට සල්ලි නෑනෙ අයිය.. ඒ අයට තිබුන බලාපොරොත්තුව මම.. අයියට තේරෙනවද ??
(මොකෝ මට නො‍තේරේනේ මම බබෙක්යැ.. අම්මල සල්ලි කාරයෙකුට ඔයාව විකිනුව.. මගේ ආදරෙත් එක්කම... යැයි කියන්න ආවත් ඉවසා සිටියෙමි.. ඇත්තය ඒ දවසවල මම හිගන්නෙකුටත් අන්තය අතේ සතේ නැත.. සන්තකේටම තිබුනේ ඇයගේ ආදරය පමණි... ජීවත්වෙන්න අනාගතයක් ගැන සිතීමට පවා බිය වීමි...
"තමන්ගෙ වියදමවත් හොයගන්න බැරි එවුන් කොහෙද පවුල් කන්නෙ පවුලට කන්න දෙන්නෙ.." ඇගේ මවගේ ඒ වචන ටික මෙවේලේත් මගේ කන් ගුල් තුල දොංකාර දෙයි.. ඒ දවස්වල ඇය වෙනුවෙන් මා හට හඩක් නැගීමට නොහැකි විය.... )
ඔවු නංගි මට තේරෙනව...
එක්වරම ඇය නැගිට මගේ මුහුන දිහා කෙලින් බැලුවාය...
අයිය කියන්න මේ සුදු නංගීට සමාව දෙනව නේද ඔයාව දාල ගියාට.. කියන්න.. මා එක්ක තරහ නෑ නේද....
(දුම්රියේ සෙනගක් නැත්තේ හොද වෙලාවටය නැතිනම් මෙය ඉතා දුෂ්රකර වනු ඇත මට)
නෑ නංගි මම එදත් තරහ නෑ අදත් තරහා නෑ ඔයා එක්ක...
අයිය දන්නවද එයා මාව බැන්දෙ නෑ අයියෙ... !
මොකක්... ඒ මොකෝ..
අනේ මන්ද එයා බඳින්න කලින් රට ගියා මගුල්ගෙදර ඔක්කොම ලෑස්ති කරල... ඒත් ආයෙ ආවෙ නෑ පස්සෙ ආරංචි වුනා පිට රටදි කාවද බැඳල කියල...
(ඇය කියාගනෙ කියාගනෙ ගියාය...මා ටිකෙන් ටික රත්වෙනවා සේ දැනුනි.. එහෙත් එක් වරම මාගේ කමීසයේ උරහිස තෙත් වෙනු දැනුන නිසා නිවුනෙමි.. පවු කෙල්ල අඩනවා විය යුතුය... )
හ්ම්.. එහෙම තමයි නංගි සමහරුන්ට ජීවතේ තෙරරෙන්නෙ නෑ.......
ඉතින් ඊට පස්සෙ මොකෝ වුනේ.....
මගේ අප්පච්චි මැරුණ අයිය... (ඈ මගේ අත තද කර උරහිසට මූණ තද කර ගත්තාය)
අප්පච්චිට ඒක දරා ගන්න බැරි වුනා .. එයා නැති වුනා.....
අයියෝ නංගි..... ( එවේලේනම් මට ඇඩුනේය..මගේ ආදරේ හොරකම් කර ගත්තා වුනත් අප්පච්චි වෙනුවෙන් නම් මම හඩමි ඒ ඔහු මනුස්සයෙක් බව දන්නා නිසාවෙනි......)
මිනිසුන්ගේ ජීවිත මොන තරම් කටුකදැයි මම මෙතරම් නොසිතුවෙමි... මා දන්නා අයගේ මෙසේ නම් නොදන්නවුනේගේ කෙසේ විය හැකිද.... !
නුවරට දුම්රිය ලගා වීමට තව පැයක් හමාරක් තිබේ....
එහෙත් ඇය කිසිත් නොදොඩා හඩමින් පසුවන්නීය...
ඇයව සැනසීමට දැන ්මට නොහැකිය.. හැඩීම නැවැත්වීමටද නොහැකිය... ඇය සමග එක් වී හැඩීමටද නොහැකිය....
කලයුත්තේ කුමක් දැයි සිතා ගත නොහැකිව.. දුරින් පෙනෙන අහස සිඹින කදුද - කඳු සිඹින කලු වලාකුලු දෙසද බලා සිටියෙමි....
************ කාතවෙ ඉතරු ටික වෙනම ලියන්නම් දෙවන කොටස ඉවරයි ********
---කුරුලු---

=තියා අතීතය මා ලඟ - පියාඹා ගියාවද උඹ පුරවි කිරිල්ලී ==හිනා අමතකව ගිය මට - හීනයක්ද තාමත් ඔබ කියන්න දේවී =



.1 කොටස
.
මට එක් වරම ඇයව හදුනාගැනීමටත් අපහසු විය..
ඉස්සරට වඩා තරමක් කලුය.. ඈදී ගොසිනි.. වෙනදා නොතිබුන දුකක් සාංකාවක් ඇගේ මුහුනේ කැටයම්ව පෙනුනි..
" පලවන වේදිකාවට දැන් පැමිණි දුම්රිය මහනුවර බලා පිටත් වෙයි......... සිට සෑම දුම්රිය ස්ථානයකම එය නවත්වනවා ඇත.."
ඒ කොටුව දුම්රිය ස්ථානයයි.. නිරන්ත‍රයෙන් දුම්රියෙ ගමන් නොකලත් ඉඳහිට හෝ ගමේ යන දවසක එහි ගමන් කිරීමට මා කැමැත්තෙමි...
ඒ පාඩි වී පැය ගනන් හිත හිතා යෑමට පුලුවන් නිසාවෙනි නැතහොත් පොල්ගහවෙලින් ‍එයට ගොඩවන කුරුට්ටෙකුගෙන් පරණ වුන තම්බපු කඩල ගොට්ටක ආස්වාදය විදීමටය,එද නැතිනම් එයට ගොඩවෙන පිටවෙන විවිධාකාරයේ මිනිසුන් මුණ ගැසීමටය.. කඳු බෑවුම් අසලින් යද්දී පා පුවරුවේ ඉඳගෙන තනියම කවියක් ගෙතීමටය.. කෙසේ වෙතත් මා මේවාට ඇලුම් කරමි...
දුම්රියේ ගමනින් නුඹලාට වැඩක් නැත... ඇය ගැන නම් කිව යුතුය..
ඇයගේ නම නොකියමි..
ඇයත් මාත් පෙම්වතුන් වූහ ඒ බොහෝ කලකට ඉහතදීය.. සැබැවින්ම මා ඇයට පණ දෙවැනි කොට ආදරය කලෙමි..
ඇය සුන්දරය සුදුය මුදුය පැහැපැත්ය ලගන්නීය.. කිසිදු කලබලයක් නැත. ජීවිතය තේරුම් බේරුම් කර ගතහැකි තැනැත්තියකි..වැඩි විලාසිතාත් නැත.. නෝන්ජලුත් නැත.. චාම්ය.. සතුටද දුකද නිහතමානීව විදදරා ගන්නීය.. මා උදෙසාම බිහිවුවා වැනිය....
එහෙත් ඇයගේ දෙමාපියන්ගේ මැදිහත් වීමේන ඇය මා හැර ගියාය..
ඇය දෙමාපියන්ගේ පැත්තටම හිටි නිසා ඉන් එහාට කිසිත් නොකියමි....
දුම්රියපොලේදී ඇයව දුටුත් හදුනාගත්තමුත් ඇය හා දොඩමලුවීමට පසුබට වුනෙමි.. ඒ පරණ මතක අවදි වී නැවත සිත තලා ගැනීම මටවත් ඇයටවත් නුසුදුසු නිසාවෙනි..!
හීන් සීරුවෙ ළගම තිබුන දුම්රිය පෙට්ටියට නැග අසුන් ගතිමි...
මේ...කුරුළු..අයිය නේද.... !
තිගැස්සුනෙමි.. සුපුරුදු කටහඩය.. හැරීබැලුවෙමි..
ආ ........නංගි ඔවු ඔවු අනේ මම දැක්කෙත් නෑ ලගට එනකම්...
අයියට කමක් නැතිනම්.. මම මෙතැනින් වාඩි වෙන්නද....
හා කම්ක් නෑ වාඩි වෙන්න.... ඕක මොකක්ද..... වෙවුලන හඩින් පැවසූවෙමි...
අප අතර විනාඩි කිහිපයක නිශ්ෂබ්දතාවයකි...
ඇයට මටත් - මට ඇයටත් කීමට දෙයක් නොතබුනි ..!
ඇය සතුව විශාල ප්‍රමාණයේ මලු දෙකක් තිබුනෙන් මම එතැනින් කතාව ඇරඹීමට සිතුවෙමි...
නංගි මොකෝ මේ ගම රට දාල යනව වගේ..
හ්ම්.. ඔවු අයියෙ මම නුවර යනව... ආයෙ කොළඹ එන්නෙ නෑ..
ඒ මොකෝ.. ආයෙ එන්නෙ නැත්තෙ.. රස්සාව?
රස්සාවෙන් මම අයින් වුනා අයියෙ... (මෝනාලීසා වගේය අඩනවාද සිනාසෙනවාද සිතාගත නොහැකිය)
අපරාදෙනෙ ඇයි ඒ...
මම ඒක අයියට කියන්නම් පස්සෙ.....
ඉතින් අයියට කොහොමද දැන්.....
වැරද්දක් නෑ... මම හොදන් ඉන්නව නංගි මගේ වැඩ කරගෙන...
අයිය තාමත් කවි එහෙම ලියනවද...?
(ලියන කවි බොහොමයක ඇයද තාමත් සිටින බව පැවසීමට මට සිතුනත් මගේ වචන ඒ තරම් හයිය නැත)
ඔවු සමහර වෙලාවට ලියනව....
අයිය මම ඔයාව ස්ටේසමේදි දැක්ක .. ඒ නිසයි මම අයියව බලන්න මේ පෙට්ටියටම නැග්ගෙ.. අයිය ගාවින් වාඩි වෙලායන්න ආස හිතුන... අයිය එක්ක කතා කරන්න ආස හිතුන... ඉස්සර නම් අයිය මගේ මම අහන්නෙ නෑ මොකවත් .. ඒත් දැන් එහෙම බෑනෙ.... මට අයියව ආයෙ හම්බෙන එකක් නෑ .. මේ හම්බුනෙත් අවුරුදු කීයකට පස්සෙද... ආයෙ හම්බුනත් මට කතා කරන්න වෙන්නෙ නෑ.. ආයෙ ලගින් ඉදගන්න වෙන්නෙ නෑ.. මේ අන්තිම පාර...
මොකක්... අන්තිම පාර.. ඔයාට පිස්සුද ?
( ඇයත් මාත් අතර පෙර තිබු ප්‍රේම සබඳ තාව දැන් නැතියි මට අමතක විය )
සමාවෙන්න මට නංගි ඇයි එහෙම කිවුවෙ...
හ්ම්.... ඒක අයිය දැනගනිවි..... අයිය තරහ නැතිනම් මම දෙයක් ඇහන්නද ?
(ඇය තවම ඇගේ ප්‍රස්නපත්තර කතා විලාසය ඇත් කරගෙන නැත)
හා..
අයියට දැන ්කෙල්ලෙක් ඉන්නව... මම ඇහුවෙ යාලුවෙලා..
(දිග හුස්මක් පිට කලෙමි )
නෑ නංගි.. මට දැන් ඉස්සර වගේ ආදරේ ගැන විස්වාසයක් නෑ....
කුරුලු අයිය.. ප්ලිස් එහෙනම් ‍මේ නංගි එක ටිකක් දුර උරහිසට ඔලුව තියාගෙන යන්නද ඉස්සර වගේ.....
(කරකියාගත නොහැකි වූ තැන බිම බලා ගතිමි.. මා නොදැනුවත්වම මගේ දෑස් මටම චපල වී ඇත... මේ වැඩිහිට සමාජය අපිට අප අහිමි කර ඇත..... )
හ්ම්..... - එපමණක් කීමි...
පෙර පුරුදු පරිදි කිසත් නොකියාම මාගේ උරහිසට ඔලුව හේත්තු කර ගත් ඈ.. මාගේ අතක් ඇගේ අත් දෙකින්ම අල්ලා ගත්තාය....
දුම්රිය තවම ගමනේය...................................................

" පෙරම් පුරාගෙන ආ සංසාරෙ - පැතුමද සුනුවිසුනුව වැටුනේ
කාටද රිදුනේ කවුරුද හැඩුවේ - දුම්රිය මොහොතක් නතර වුනේ ,
************** කාතවෙ ඉතරු ටික වෙනම ලියන්නම් පළමු කොටස ඉවරයි ********
---කුරුලු---

Sunday, May 26, 2013

=== මගේ අන්තීම කැමති පත්‍රය ===



එය මෙසේ සිදු විය හැක....
වෙ න කෙදිනකවත් නොමැති වූ ලජ්ජාවකින් හා නුහුරු නුපුරුදු බවකින් මා සිත වෙලෙන්නට පටන් ගෙන තිබේ...
නිතර නිතර ඇදුම දෙස බලන්නෙමි...
හුරු නැති සපත්තුත් ඔෆිස් අදින වර්ගයේ කලිසමත් අත් දෙක දිගට කර දමා ඇති කමීසයේ බොත්තමත් හැමදාම කොතැනත් එලියේ දමාගෙන සිටින මාගේ මාල ටික වසා ගෙල සිර කැ ඇති ටයි පටියත් ටිකින් ටික වාතයක් වේගෙන එනු ‍දැ‍නේ...
ඒ මදිවාට දාඩිය ගලයි.. මේවැනි ඇදුමකට මම පීරණ කොණ්ඩය ගැලපෙන්නේම නැත. අම්මාට කොතෙක් කීවද මේ ඇදුම අන්දවා ග්තතේ ඇයයි...
මම ඇතුලින් කසන මේස් කකුල අඹරවමින් කමීසයේ බැගී වැටී ඇද්දැයි බැලීමි..
කමීසය වෙනදා මෙන් ඉරි හෝ කොටු හෝ නොව අද අම්මා ප්‍රිය කරන තනි ලා පාටය ඊටම ගැලපෙන කලිසමකි මට හුරු ඩෙනිමද නැත..
සාමාන්‍යප්‍රමාණයට වඩා දිගින් වැඩි මගේ පර්සය එලියට පැන ඇත.. ජංගමය නිසා එක සාක්කුවක් ඉස්සී ඇත.. අනිකේ ලෙන්සුවක්ය..
මටම මා විකාරයක් වී ඇත...
මූණට උදේ අම්මා ගෑ ක්‍රීම් ජාතිය දියවෙන්නට පටන් ඇති බවක් පෙනේ...
හීන් සීරුවේ ලේන්සුව ගෙන පිහදාගතිමි. ඒ පස්වෙනි  වතාවටය..
අම්මාටත් අප්පච්චීටත් කිසිම ගානක් නැත.. ඇලී ගත් කතාවේම පසුවෙයි... ඔවුනේ මුව පුරා සිනාය මට නම් නැගිටින්නේ කොයි වෙලේදැයි බල බල සිටිමි...
බයකටද මන්දා මඩද පෙරලෙයි..
හීන් සීරුවේ මට ඉදිරිපස වාඩිවී සිටින මල්ලි දෙස බැලීමි..
අපතයෙකි ! මෙතෙක් වෙලා මා දෙස බලා සිට ඇත.. දිව දික් කර සිනාසෙයි !
දැන් නාට්ටියේ හොදම හරියයි..
පුතා මොකද කරන්නෙ..
අහ් මම මගේම කම්පැනියෙ ඉන්නෙ...
හොදයිනෙ එහෙමද.. පුතා මොනවද ඉගෙන ගත්තෙ..
(ඉස්කෝලෙ උගන්වන ඒව තමා කියන්නට කටට ආවත් ගිල ගතිමි)
කොමස් නේ අංකල්....
හොදයි හොදයි.. මොකෝ නිකං බය වෙලා වගේ..
නෙද්දකින් විස්කිඹුලා , මමනෙ දන්නෙ මේකෙ ර‍‍ගේ..
වේලාව හරිය.. දැන් ආ කාරය පටන් ගති...
දොර රෙද්ද මෑත් විණ... මුලින්ම වළලු දැමූ අතක්ද ඉන්පසු කෙමින් ගෑනු පරාණයක්ද මතුවිය..
ලා රෝස පාට සාරියකින් හැඩ වුණ ඈ කොන්ඩය තනි ගෙඩියක් සේ පස්සට බැද තිබුනි...
ඇස් දෙක දිගැටිය හීන්ය.. කෙස් නම් කලුම කලුය.. හීනි කෙන්දක් වැනි රත්තරන් මාලයක් බෙල්ලේ රුවාගෙන සිටියාය.. බුලත් හෙප්පුවක්ද  සමග සෙමින් සෙමින් ඈ අප දෙසට ඇදෙන්නීය...
මා දියෙන් ගොඩ දැමූ මාලුවෙකු සේ වෙවුලනු දැනේ...
ඉදිරියට විත් ඈ- මා අසප නතර වූවාය...
කර කියා ගත නොහැක.... මම මොකෝ කරන්නනෙ.. මේකි මේ කන්ඩ වගේ බුලත් හෙප්පුව මට දික්කරන්නෙ මොකෝ..... රෙද්ද
"පුතා ගන්න බුලත්.." ඒ අම්මාය
මම සිනාසී බුලත් කොලයක් ගතිමි...
අම්මට සිරි වෙයි ! ඇගේ මුහුන දැක්කේ දැන්ය... පොලව පලාගෙන යන්න සිතුනි... මේ ඇයය..!
සැබැවින්ම ඇය ය ! මට නෙත් අදහා ගන්නත් බැරි විනි...
ඇය කිසිත් නොදන්නා සේම නැවත හැරී ගියාය..
අන්කලයා මා දෙස හිනාවී කන්න වාගේ බලමින් හිදී.....
මලමගුලකි හැමෝම බලන්නෙ මා දෙසය... කවරදාකවත් අපහසුවක් දැක නැත...
ලජ්ජාව පසෙක ලා කටහඩ අවදි කලෙමි.... කෙලින්ම අන්කලයාව ඇමතුවෙමි.
අන්කල් මට එයත් එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද දැන් !...
සිය්ලලොම බක බක බක ගාති.. මම උඩ බිම බලමි..
හොදයි හොදයි....දුව.... මේ කුරුළුට කතා කරන්න ඕනලු...
එහෙනම් දෙන්න කතා කරපු දෙන් අපි යමු තේ බොන්න ඇතුලට....
ඇය ඇඹරෙමින් ඉදිරියට ආවාය.. මම එලියට ගොස් වත්තේ බංකුවේ වාඩි වුනෙමි... ඇයි ලගින් හිට ගත්තාය....
*කේ ගෙඩිද වාඩිවෙන්න බැරිද ? අසන්නට සිතුනත්...
සමා වෙන්න ! මට මේ ඇදුම් එච්චර හරියන්නෙ නෑ.. මේ මගේ හරි විදිහ නෙවේ.. මම ආස ඩෙනිමටයි ටීෂර්ට් එකටයි...
ඇත්තද ! මාත් මේ සාරියට කැමතිනෑ අම්මනෙ ඇන්දුවෙ.. එ ්නිසා කමක් නෑ..
වැඩේ ගොඩය.......
දුවේ ඉතින්.. ඔයා හරි කැමති නේද රොස පාටට !
දුවේ... ! මගේ නම දුවේ නෙවේ හොදේ මගේ නම ***** .
මම හිතුව දුවේ කියල... ඉතින් *** ඔයා ආසයි නේද රෝස පාටට..
ඔයා දන්නෙ කෝමද !
අයියෝ සිම්පල්නෙ ඔන් කෙල්ලෙක් ආස ඒ පාටටනෙ " කියන්නට සිතූවත්.. ගිල්ලෙමි..
මට කෙලින් කියන්න ඔයාට ආදරවන්තයෙක් ඉන්නවද !
ඇයි උඩ බිම බලුවාය.. ඔයාට පිස්සුද අප්ප..
හා හරි එහෙන්ම් කමක් නෑ... මම විහිලුවට ඇහුවෙ.. ඔයාට මාව ඇත්තටම මතක නැද්ද..
ඇය නැවතත් බිරාන්ත විනි.. නෑ මම ! යාව දන්නෙ නෑනෙ මීට කලින් !
හ්ම්... ඒකත් එහෙමද ! ඇයි ඔයාට මතක නැද්ද ගිය අවුරුද්දෙ කඩවත මහර වෙසක් කලාපෙ 2013 දි අපි හම්බුනා..
අප්පෝ... මට මතක නෑ එදා සෙනගනෙ...
ඒකනෙ මට මතකයිනෙ.. ඔයා එදා ඇදල හිටයෙත් රොස පාට ටී එකයි කලු ඩෙනිමයි.. ඒකට මාර මැචින් ආ... මම ඉ්සසෙල්ලාම දැක්කෙ පාරෙදි එත් මම හිතුවෙ නෑ ඔයා මට ආයෙ හමුබුවෙයි කියල ඒත් ඇතුලෙදිත් බාගයක් දුරට යනකම් ඔයා මගේ ලගින්මයි ගියේ වෙස්ක් කූඩු බලබල..අර නංගි කෙනෙක් හිටයෙ ඔයාගෙ අතේ එල්ලිගෙන.. අම්ම නැතිව හෙවුවෙ අනේ... මමත් එතැන බොරුවට නැවතිලා ඔයා දිහා බැලුවෙ අනෙ මතක නැද්ද අර... අර..අන්නාසි කාරය ලග.... ඔයා හිනාවුනෙ...
ආ............ අම්මෝ එ ඔයාද අර බකමූනෙක් මුලු පපුව පුරාම තිබුන ටීෂර්ට් එකක් ඇදල බේල්ලෙ ප්‍රොසෙසර් එකකුයි තව මොකක්ද ගෙඩියකුයි එල්ලන් හිටියෙ..
ඔය මතක තියෙන්නෙ.... එදා මම ඔයාව කොච්චර හෙවුවාද....මම හිතුව ඔයාව ආයෙකොයි වෙලේ හරි මට එහෙදි හම්බෙයි කියල.. මම හැම තැනම බැලුව එ විතරක් නෙවේ අපි වෙසක් බලන්න ගිය හැම තැනම බැලුව.. මම ගොඩාක් පසුතැවිලි වුනා එදා ඔයාට නොම්බරයක් වත් නොදීපු එකට..
හිහ්.. දුන්න නම් අපි ගනියි..! අපිට වෙන වැඩනෑනෙ වෙසක් බල්න්න එන කොල්ලො දෙන නොම්බර ගන්න..
හ්ම්... ඒකත් ඇත්ත එදා මම එහෙම දුන්න නම් අපි දෙන්නම වැරදි වැටහීම් ඇති කර ගන්නව... එක් මම හිතනව ඔයා දෙන දෙන නොම්බරෙ ගන්නව කියල අනික ඔයා හිතනව මම දකින දකින කෙනාට නොමබර දෙනව කියල... ඒක එහෙම නොවුන එකත් හොදයි...
ඉතින්.. මොනවද මා එක්ක කතා කරන්න ඕන කිවුවෙ.. ඉක්මනට යන්න ඕන තේ මේසේ ලෑස්තියිනෙ...
නෑ.. මුකුත් නෑ...... මම කැමතියි ඔයාව බඳින්න... මම ඇත්තටම කෙලින්මයි කිවුවෙ...
ආහ් ඒකද... හරි මම එහෙමනම් යන්නම්....
කිසිවක් නොපැවසූ ඇය හැරී යන්නට ගියාය.. මම ඇය යන දිහාව බලන් සිටියෙමි.. ඒ පැත්තත් කැතක් නැත...
"මේ ඉතින් ඔයා උත්තරයක් දුනනෙ නෑනෙ... "ඉවසා වදාරා බැරිම තැන උස් හඩින් වැමෑරුවෙමි..
දොර ලග නතරවුන ඈ... නැවත හැරී..
" මම අකමැතිනම් අද එන්න කිය්නනෙ නෑ.." පවසමින් ගෙට දිවුවාය.....
------------------------------------------------------------------------------------
මේ මාගේ අන්තීම කැමති පත්‍රයයි! මෙහි යට කී කාරණා පමණක් සත්‍ය ලෙසම සිදු වු අතර ඉහත කී කාරනා සිදුවීම් පෙල මෙසේ සිදුවනවා දකින්නට මම අන්තීම කැමැත්තෙමි !
-----කුරුළු-----

Saturday, May 25, 2013

සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා


මෙම අදහස මා සිත තුල ලැගුම් ගත්තෙ වෙසක් පුන් පොහෝ දිනයෙ වුවත් එය ලිවීම මඳකට පමා කලෙමි... ඒ වෙසක් විඳීමට තව තවත් ඉඩ ලබා දීමටය...!
මා අපූරු සිදුවීමක් දුටිමි... ඒ මුසල්මානුවන්ගේ දන්සලයි..
එහි වියදම ලක්ෂ ගාණකි..! හිතේ මහත් වූ බුද්ධාලම්භන ප්‍රීතියෙන් පිනා ගියෙමි..
සහෝදර සියල්ලම එකතු වී දන්සල් දී දන් පින රැස් කරති.. විවෘත කිරීම සඳහා පැමිණියේ ද රටේ මුල් පුරවැසියා ලු !...
ඒ කතාව මාධ්‍ය හරහා දැන ගන්නට ලැබිණි.. ඒ නුඹ දන්නා කතාවය.. !
දැන් මට ගැටලුවකි...
මා ඉන්නෙ වෙසක් මාසයේ නොව අවුරුදු මාසයේ අවුරද්දට කලින් යැයි සිතමි... ඒ නිසා මෙසේ ලියමි....
+++++
මුසල්මානු සහොදරයින් කිසිවක් ඔහේ ආවාට ගියාට පිලියෙල කරන්නෙ නැති..
එසේ පිලියෙල කිරීමට ද්නනෙ නැත.. ඔවුන් එය සිදු කරනුයේ ඔවුගේ ම ක්‍රමයටය...
ඒ නම් හළාල් ක්‍රමයටය.. ඔවුන් හළාල් නැති භාන්ඩ මිලදී නොගනිති.. තම ධර්මය අකුරටම පිළිපදින ඔවුන් මෙහිදීද එය අකුරටම ඉටු කලේ යැයි සිතමි.. එසේ නම් දන්සැල් බත හළාල් ය.. !
(‍යොදන අමුද්‍රව්‍ය හා උයනා පිලිවෙල අනුව )
මා එසේ කිය්නනෙ මින් පෙරදි අප මිලදී ගත් සෑම පැකට්ටුවකම තිබු හාලාල් ලකුණ තිබියදී එය ආහාරයට නොගන්නා බව ත් එය අයින් කරීමට කටයුතු කිරීම නිසාත්ය...
මා සතුටට එක් කාරණයක් ‍හේතු විය..
දන්සලක් විවෘත කිරීම යනු නිකම් රිබන් කෑපිමක් නොව පලමු දන්සල් බත අනුභව කිරීමය..
විවෘත කිරීම් බත අනික්වාටද වඩා සුවිහේෂය ඒ මුද්සරස් පලම් කුරුදු සහ කහ බත් ආදී විශේෂාංග එක් වීමය...
එසේ නම් මුල් පුරවැසි ද හළාල් අනුභව කර තිබේ...
++ මෙවේලේ මට තවත් දෙයක් සිහිපත් වේ.. ඒ නම් අයිපී එල් ය....
ඇයි බං මේ ජය ලලිතා කෑ ගහද්දිත් අපේ උන් අයිපීඑල් ගියේ..මම විමසුවෙමි..
නෑ බං.. උන් චෙන්නයි යන්නෙ නෑලු අනික චෙන්නයි කිය්නනෙ ඉන්දියාව නෙවේනෙ බං.. රටවල් දෙකේ එකමුතුවට මේක බලපානව අපේ උන්ට එන්න කිවුවෙ ඉන්දියාව මිස්ක් චෙන්යි නෙවේ.. චෙන්නයි වල ජය ලලිත කෑ ගැහුවට ඉන්දියාව කිය්නනෙ චෙන්නයි නෙවේ...++
ඒ කාරණය නැවත් මට මෙයට ආදේශ වේ...
අර හලාල් වලට කෑගැහුවේ රටේ හැමෝම නොවේ සුලු පිරිසකි.. ඒ නම් රටේ බහුතර මතය වෙනකකි කොටින්ම ප්‍රධානියාගේ මතයද අනෙකකි......
---------
දැන් මේ කියැවූ නුඹලා මෙසේද කියනු ඇත... !,
දැන් හලාල් නැත එ ්සියල්ල අයින් කර ඇත... ඉතින් මොනව දාල ඉවුවත් ඒ හලාල් නොවේ...
අනික රටේ ප්‍රධානියෙක් විදිහට එ‍සේ ‍නොකර බැරිය...
මම නුඹට මෙසේ කියම.....,
ඉවත් කර ඇත්තේ හලාල් ලකුණ පමණි...
අවුරුද්දට කලින් රටේම ඇතිවූ සේනා සංවිධානයක් යමක් - හලාල් - නිසා රට ගඳ ගහන බව කියා කෑ ගැසූහ... ගහ මරා ගැනීම් ඇණ කොටා ගැනීම් පවා සිදු විය.. ඒ මේ ගඳ නිසාවෙනි... ටිකෙන් ටික ඒ ගඳ රට පුරා ව්‍යාප්ත වන බවක් පෙනුනි... ! එනම් හළාල් ගඳය ...
ඒ දැක ගඳ නැති කිරී‍මේ ව්‍යාපරයක් දියත්විය.. එහෙත් එය කල නොහැක්කක් බව පාලකයන්ට වැටහුනි.... එහෙත් ඔවුන් ක්‍රියාමාරගයක් ගෙනාහ..
-- " ඒ කෑ ගසන්නවුන්ගේ නහය මිරිකීමයි " ----
අහා දැන් ගඳ නැත...නැත නැත ගඳ ඇත දැනෙන්නේ නැත...!
දැන් අප නාස් පුඩු මිරිකා ගඳ නැතියි සිතමින් සිටින්නෙමු... ගඳ තිබේදැයි නැත්දැයි දැන ගැනීමට වත් අපට නැවත නාස් පුඩු විවර කල නොහැක.. එතරම් තදින් මිරිකී ඇත...
දයාබර සිංහලයනි----
මා දන්නා කරුණක් ඇත.. ඒ ඕනෑවට වඩා නහය මිරිකා සිටීමේන් " හුස්ම ගැනීමට නොහැකිව මිය යන බවය " ... මම නුඹලාට ආදරය කරමි...
හුස්ම ගැනීමට නොහැකිව මිය යන්නට මත්තෙන් පිළියම් කරන්න....

අප සැමට එකට සිටිය හැක - මේ මුසල්මානු සහෝදරයනේ දන්සලෙන්ද ! කඩවත වෙසක් කලා‍පයේ ඇති "ශුද්ධවූ කන්‍යා රාමය විසින් " ඉදිරි පත් කර ඇති කූඩුවෙන්ද, ඊයේ කැලණියේ වෙසක් කලාපය නැරඹීමට පැමිනි කන්‍යාරාම සොහොයුරියන්ගෙන්ද, හන්දියේ ට්‍රැෆික් එක නැති කිරීමට පොලීසිය නැති බව දැන ඒ සඳහා මුල් තැන ගත් මුස්ලිම් සොහොයුරන්ගෙන්ද, තොටලග තොරණ ලග බිම හිද වෙස් මූනු නලා වෙසක් කාඩ් විකුනූ දෙමළ සොයුරාගෙන්ද  ඒ බව දැක ගත්තෙමි..
නුඹලා පමාද නැත..... බොහෝ දෙනාට නැත්තේ ශක්තිය නොව අධිෂ්ඨානයයි !!
----- කුරුලු---

Thursday, May 23, 2013

වෙන කවුරුවත් නොවී උඹ මට පුතෙක් වුනොත් ඇතී....!



සීය මොකෝ මේ ගේට්ටුව ලඟ..
අහ් දන්නැද්ද පුතේ මේ නිකං බලං ඉන්නව ගම දිහා..
ගම දිහා ? ( එතැනට පෙනෙන දර්ශනය දිහා මමම වටයක් කැරකී බලුවෙමි.. ඒහෙත් ඒ සිටි ස්ථානයට පෙනෙ‍නුයේ ගමේ ඉතා කුඩා කොටසකි ! එද ඉස්සරහා ගෙවල් කිහිපය පමණි )
මේ මුකුත් පෙන්නෙ නෑනෙ සීයෙ.. !
අනේ අනේ දරුවො ඇයි නැත්තෙ... මට නම් පේනව...
අනේ මන්ද සීයෙ සීය කියන දේවල් මට නම් තේරෙන්නෙ නෑ
ඇයි දරුවො කෝ මෙතැන්ට වරෙන්.. දැන් නිස්සද්දව අහන් ඉදහන්... මොනවද ඇහෙන්නෙ..
ම් මුකුත් නෑනෙ සීයෙ..
තොගෙ වයස කීයද කන් ඇහෙන්න‍ෙ නැති වෙන්න.. එක අතකට අද වැරැද්දත් ඒක තමා උඹලට මෙවුව ඇහෙන්නෙ නැති එක.. මට මෙැතන ඉදන් ගම පේනවා..
අහපන් පංසලේ පීකරේ එන කවි බණ සද්දෙ... මට පේනව සුදු ඇදපු මිනිස්සු පන්සලේ පිිල මල් අරන් තෙල් අරන් එහා මෙහා යන හැටි තව සමහරු වදින හැටි... ඒතකොට ටිකක් වම් පැත්තට වෙන්න උඹට ඇහේනනෙ නැද්ද මොහිදින් බෙග් මහත්තයගෙ බුදුනේ සින්දුව. ඒ එකත් එකටම හන්දියෙ දන්සලේ.. ඕක පටන් ගත්තෙ අපි උඹලටත් වඩා පුංචි කාලෙ.. ඒ දවස්වල වගේ ඇති අදත් සෙනග පොර කනව ඇති.. මට ඇහුන ඩෝං සද්දෙ පටන්ගත්තු... එකෙක් පොලිම් හදනව ඇති.. තව උන් බත් බෙදනව ඇති.. එතැන එකම යුද්ධයක්නෙ තියෙන්නෙ වෙසක් පෝයට...
තව දැන් ටිකකට කලින් කොල්ලො දෙන්නෙක් මෙැතනින් බට පතුරු වගයක් උස්සන් ගියා එකත් එකටම ඒ කූඩු හදන්න.. මාත් එහෙමයි බං පොඩි කාලෙ අන්තිම මොහොතෙ තමා වෙසක් කූඩු හදන්නෙ අප්පච්චිගෙන් බැනුම් අහල ඉවරයක් නෑ අන්තිම මොහොතෙ බදාගෙන... එක දවසක් මම කූඩුවක් හදල හැමෝටම හොරෙන් ගෙයින් එලියට ගන්න බෑ දොරට වඩා ලොකුයි...හරි සුන්දරයි කොලුවෙ ඒ කාලෙ...
උඹට පේනවද අර ගස් වලට උඩින පේන බෞද්ධ කොඩිය..
ආ ඔවු ඔවු
ඒ තබා මං හන්දියෙ තොරණ.... වෙනදටනම් ඉතින් අපි ඒක ලගමයි.. යමරෙට වැඩ.. මට මතකයි මම්ත ඕකෙ බල්බ් හයි කලා මේ පාර සාන්තිවාදි ජාතකයලු තියේනනෙ.. මට කොල්ලෙක් කිවුව..
මට මේ වගේ මුලු ගමේම දේවල් කියතැකි...
ඇත්තටම මා හට විසාල දුකකුත් පුදුමයකුත් ඇති වුනි.. ඒ මේ දේවල් දැකීමට තරම් මා පොහොසතෙකු නොවීමත් මෙතරම් වියපත් වීත් මනසින් ඒවා දැක සතුටු වීමට තරම් හයියක් සීයා තුල තිබීමත්ය..
සීයා මාරයිනෙ මුලු ගමම දකින කිවුවෙ එහෙමයි එකොට..
ඔවු පුතේ දැන් මට ඉස්සර වගේ ගම ව‍ටේ යන්න බෑනේ කාගෙ හරි වාරුවක් ඕන...
ඇයි සීයෙ සීයගෙ පුතාල කෝ.. මම දැක්කනෙ මාමල ඊයෙත් ඉන්නව කෝ මාමගෙ පුතා එහෙම..
උන්ට වැඩ පුතේ... උදේම පිටත් වුනා ට්‍රිප් එකක් යනව කියල අතරමග දන්සල් වැඳගෙනම..
ආහ් මම හිතුව දන්සල පැත්තෙ ඇති කියල..
කොහෙද බං උන්ට ඒවයෙ වටිනාකම්ක් .. ගමේ දන්සලට උදව් වෙන්න යන්නෙ ණෑ.. උන් ගමේ නැති නිසා කොළඹ පදිංචි නිසා ගමේ උන්ව අදුරන්නෙ නෑලු..ඒ නිසා බෑ කිවුවෙ.. හැබයි බං දන්සලකට උදවු කන්න එහෙම දැනගන්නම ඕන නෑ...
එතකොට සීයෙ අර දන්සලේ අය ආවෙ නැද්ද සීයව එක්කන් යන්න සීයලනෙ පරණ අය ඒක කරපු..
පුතා මේ පළාතට අලුත්ද ?
ඔවු මම ඇවිල්ල මාල 6ක් ඇති..
ඒක තමා..අනේ නෑබං අපි දැන් වයසයි.. විවෘත කරීම් දෙකට විතර එන්න කිවුව ඒ ගොඩක් කලින් අවුරුදු වල දැන් අපිට එන්න කිය්නනෙ නෑ බං දැන් එන්නෙ මන්තිරිල.. අනික එතැන ඉන්න උන ්අපිව දන්නෙ නෑ..පෝලිම් වල ඉන්න අමාරුයි බං දැන් අපිට..
ඉතින් දන්සල් බත් එකක් එවැන්න එපැයි ගෙදරට
හැමෝටම වැඩනෙ පුතේ... ! හා ඒක නෙවේ යමුද කහට එකක් බොන්න ඇතුලට..
හාකො යමු සීයෙ.....
ගේ ඇතුලට යනකොටම වයසක ආච්චිඅම්මා කෙනෙක් අතේ තේ දෙකක් රැගෙන පැමිණියාය...
මම මේ එලියෙ කතා කර කර ඉන්න නිසා ඇතුලට එන්න කියන්න හැදුවෙ...
මේ මොකෝ සීයෙ මේ.. සාලෙ පුරා සවුකොල... කුවද කූඩු හදන්නෙ දැන් කවුරුත් නෑ කිවුව නේද ගේ..
ඔවු පුතේ මමයි හදන්නෙ.. පුතාලටයි උන්ගෙ පුතාලටයි කූඩුවක් හදන්න වෙලාවක් නෑ..
එත් හවහට ගේ හිස් කරල තියන්න බෑනෙ.. මම මේ ගමේ කුරුට්ටෙක් අල්ලන් හැදුව පොඩි කූඩු දෙකක්..ඒක අලවන්න පාප්ප හදන්න පාං පිටි නෑ.. පොඩි එකාව යැවුව කඩේට ඒ යවල තමා මේ ගේට්ටුව ලග හිටියෙ....
එවේලෙහිම පොඩි එකෙක් රිම් එකක නැගී බ්රූම් ගා ගේ ඉදිරි පිට නැවැත්තුවේය.. පාන්පිට ඔතා තිබු කඩදාසිය විසිකර පොල්කට්ටකට පාප්ප සාදා ගත් ඌ මා ැන කිසිම ගාණකට නොගෙව සීයා ලගින් වාඩි වී කූඩුව අලවන්නට විය...
කොලුලො උඹත් කහට එකක් බොනවද ?
එපා සීයෙ මම කඩේ ගාව දන්සලෙන් සරුවත් එකක් බිවුව..!
මද වේලාවක් කල්පනාවේ නිග්ම මා තුල හටග් ප්‍රස්න සදහා පිලිතුරු සෙවීමට උත්සාහ ගතිමි...
පුතා මේ කොහේ යන ගමන්ද එතකොට..
මම මේ යන්න කියල අද .... පන්සලේ ‍පොඩි වැඩක් කරනවා අපි කට්ටිය එකතු වෙලා අපි ඉස්සර හිටයෙ එහෙ පදිංචි වෙලා ඉතින් අදුරන අය ඉන්නෙ එහෙ...
අනේ හොදයි.... පුතා කූඩු හැදුවද...?
මට ඉස්මොල්ලේ පැන්නේය... ඔ..ඔවු සීයෙ...
ආන් හොදයි......
හරි එහෙනම් සීයෙ මම යනව මට ටික් පරක්කු වුනා.. දඩිබිඩි ගා හුස්මට කහට උගුරු බී මම පැවසුවෙමි
හදිසියෙම හාකො හාකො දැන අදුන ගත්තට සතුටුයි ආයෙ දැක්කොත් කතා නොකර යන්නෙපා ..
අනේ නෑ සීයෙ මම අප්පච්චිටත් කියන්නම්කො සීය එක්ක කතා කරන්න කියල..
අප්පච්චි.. ? පුතාල කොහෙද... !
අපි නුවර..
හ්ම් ඒක තමා මම මේ බැලුවෙ මාත් එක්ක නතර වෙලා කතා කරන්න තඑම් වෙලාවක් තිබුනෙ කෝමද කියල !
සීයටත් ආච්චිටත් සමුදුන් මම ගේට්ටව දක්වා පැමිණියෙමි.. යා යුතු වන්නේ පාර පැත්තට වුණත් දෙවරක් නොහිතම ආපසු නිවෙස දිසාවට හැරුනෙමි....
මා අපේ නිවසේ ගේටුටව හැර හොරෛක් මෙන් එබී දොර හරහා සාලය දෙස බැලීමි..
හිතුවා හරිය .... ! අප්පච්චී තනියම සාලයේ මැද ඉද කූඩු අලවයි.....
මම බිම බලා ගතිමි......!!!
---කුරුළු---

බිත්ති පුරා ඔබෙ සෙවනැලි ඇන්දේ තනිය මකා ගන්නයි !!



අයියා.. මට සනීප නෑ..
ඇය බොහෝ වේලාවල් වලදී මාගේ අවධානය දිනාගැනීම උදෙසා මෙසේ කියනා බව මම දනිමි..
හා ඇත්තද හොදයිනෙ..
හොදයි !!!
ඔයා අපෝ වැඩක් නෑ ඔයා නම් කෙනෙක්ට අසනීපයක් නම් හොදයි කියනවද..!
නැත්තං .. හොදයි තමා එතකොටනෙ අපි දන්නෙ ඒ මනුස්සය ඉස්සෙල්ල ඉදල තියෙන්නෙ හොදින් කියල.. එහෙම නැතතං දැන් එයාට පුලුවන් හොද වෙන්න. එහෙම නැතිනම් ඔය දෙයියොන්ගෙ ලෙඩ එහෙමනම් එක පාරක් හැදෙන එක තමා හොද !
හුහ්.. ! මදැයි මම මේ මිනිහට කිවුව අසනීප..
හරි හරි දැන් මොකක්ද අසනීපෙ කියන්න බලන්න..!
බෑ කිය්නනෙ නෑ.. ඔන නෑ..
එහෙනම් දැන් ඉස්සෙල්ල මැරෙන්න හැදුවෙ..
ඒ ඉස්සෙල්ල දැන වෙනස්.. කිය්නනෙම නෑ මං
ඒ මොකෝ කියන්නෙ නැත්තෙ
ඒ මට ඕන නිසා.. නැත්තං ඔයා ඕකත් ලියයි වොල් එකේ "සංකල්නා"වක් විදියට..
එතකොට කෙල්ලො ලයික් කරයි කොමෙන්ට් කරයි එපා එපා..
මොන බම්බුවක්ද මේ ! මට පිස්සු නෑ මේ ලෙඩ ගැන ලියන්න...
තමුසෙට කියන්න බැරිනම් නිකා ඉන්නව..මට බෑ මේ නාකි ගෑනු හුරතල් කරන්න..
හුහ් ඔවු ඔයාට මාව තමයි නාකි ගෑනු.. අර ෆේස්බුක් එකේ ඉන්න උන් හුරතල් කරන්න හොදයි !
මේ .......... මගෙන් අහගන්නෙපා හරිද...
අපෝ . අපෝ .. ඔන්න මගේ මහත්තයට තරහ ගියා.. ඒකනෙ මම ඔයාට ආදරේ..
ආදරේ.. යකෝ මාරු ආදරයක්නෙ මේක කෙන්ති ගස්සන එකද ආදරේ...
හරි හරි ඉතින් .. මට උණයි හෙම්බිරිස්සාවයි..
හෙම්බිරිස්සාව කෝමද ?
ඇයි මම කිවුවෙ මාව පරණ ඔෆිස් එකට මාරු කලා කියල .. ඉතින් ඔෆිස් ට්‍රාන්ස්පෝට් එක නෑ .. පවු මේ නංගි බස් එකේ යනව.. කොහෙද අපිව ඉතින් කාර් වල එක්කන් යනනේ නෑනෙ..
ආ...... මේ මම ඩ්‍රැයිවර් කියල හිතුවද ඔහෙව ඔෆිස් එක්කන් යන්න.. ඒකනෙ මම කිුවෙ මුලදිම ඔෆිස් වෑන් එකක යන්න කියල.....
මේ අයිය ඒක නෙවේ.... මට ඔයාට ආදරේ කරන්න ‍ඕන... ඔයාගෙන් ආදරේ ලබන්න නම් මොනවද කරන්න ඕන ඔයා හැමදාම මට බනිනවනේ මා එක් රන්ඩු වෙනවවනේ මගේ හොද අයියනේ මට ඔයාට ආදරේ කරන්න ඕන ආදරේ හිතෙන්නම...
හ්ම්..... එහෙනම් පෝලිට එකතු වෙන්න ගිහින්...
පෝලිම්... ??
ඔවු.. මට ආදරේ කරන්නත් මගෙන් ආදරේ ලබන්නත් පොලිමේ ඉන්නව.. යන්න ගිහින් පොලිමට එකතු වෙන්න..
ඉහි ඉහි ඉහි ඉහි ඉහි ඔයා හරී නරකයි.... මටත් පොලිමට එකතු වෙන්න කිවුවා..... මාව වටිනනෙ නැද්ද.. දුක නැතිද ඔයාට මේ නංගිව පෝලිම් වල තියන්න..
නෑ මගේ ආදරේ හරි ගණන්...
හුහ්... ඒකත් එහෙමද ??? බලා ගන්නව...ඊ....ර්ර්ර්..ර්.ගර්..ගර්..ගර්..
මොකෝ බොල ගොරවන්නෙ..
මට ඔයාව මරන්න ඕන...?
මරන්න..?
ඔවු මේ දැන් බෙල්ල මිරිකනව ලග හිටයනම්..
හා හා නංගි කලබල වෙන්න එපා ... ඒකටත් පොලිමක් තියෙනව.. ගිහින් ඒකට එකතු වෙන්න..
හි හි හි හි හි හි හරී.. ජෝක්ලු ඈ මගේ අයිය.... අනේ මේ... මෙයා දැන් ඔන්වට වඩා වැඩියි කෙල්ලො ගැන කියවනව අහුවෙනවකො..
ඇයි අහුවෙන්නෙ වැරදි කලොත්නෙ.. මම වැරදි කරනවනම් මෙලහකටත් ආරංචි වෙලානෙ..
නංගියො මම එකක් කියන්නම් මම මේච්චර ඔයාට ආදරෙයි කියල "කියලම තියෙදද්දි" ආයෙ ආයෙ ආදරේ ඉල්ලන් මගේ පස්සෙන් ඒන්න එපා... මොකෝ මම වෙනස් වෙයි කියල හිතුවද මගේ ආදරේ වෙනස් වෙයි කියල හිතුනද ...!
මට බයයි අයිය..ඒකයි... හරි හරි අයිය වැඩ කරගන්න මම දොයියනව.. මේ මට උණ නෑ හොදේ.. හෙම්බි. විතරයි....
ආ.. එහෙමද... ලග හිටියනම් මිරිකව තොගෙ....
බෙල්ලද.. ?
නෑ.....ඒව වැඩක් නෑ. කොත්තම්ල්ලි ටිකක් බීල නිදියන්න සුදු නංගි..
මේ අයිය..තරහ නැතිව එක පාරක ්කියනවද " ආදරෙන් " මට ආදරෙයි කියල...!!
හ්ම්.. මම ආදරෙයි සුදු නංගි...... !!
-----කුරුළු---

Saturday, May 18, 2013

මට බොහෝ විට මෙසේ සිතේ.....






මට බොහෝ විට මෙසේ සිතේ......
අප යම් යම් කුඩා හෝ නිර්මාණ ඉදි කිරීමේ වෑයම යෙදී සිටින්නෙමු.. !
ඒ නිසාවෙන් හෝ මා, කවියෙක්, නිර්මාණකරුවෙක්, කලාකරුවෙක්,රචකයෙක්, සහෘදයෙක් ඔවුන්  මේ සමාජය විසින් හැදීන් වීමට අරඹා ඇත..
එහෙත් ඒ වචන පෙළ තුල ඇති අරුත මා විසින් කොතරම් සාධාරණි කරනය කරනවාදැයි මා නොදන්නෙමි... ම කවි ලියන්නෙ ඇයටය.. කතා ලියන්නනේ මටය... නමුත් මා කවියෙක් හා රචකයෙක් බව ඔවුන් කියනා නිසා පිළිගනිමි...
කලාකරුවෙකු වීම ලෙහෙසු පහසු නැත... මා සමග සිටින අනෙකුත් කලාකරු සහෘදයන් උදෙසා මෙසේ ලියා තබමි.....
කලුගල් කඩනවා මා දැක ඇත්තේ මා කුඩා කල මාමාගේ ගෙදර යන විට ගම්පොල - ගලත පාරේදීය. බොහෝ වෙලා ඒ දෙස බලා සිට ඇත්තෙමි... පවුලක සියලු දෙනා එතැන සිටිති කුඩා දරුවා පවා කලු ගල් කැබිලිති බවට පත් කරයි...
සුලු දෙයකි ඇත්තේ තවත් කලු ගලක් උඩින් තබා කුළු ගෙඩියකින් තැලීමය.. එවිට විසි වෙන කැබලි ප්‍රමාණය අනුව වෙන් කර ගනු ලබයි...
එහෙත් අපි - කලාකරුවන්ට එසේ කල නොහැක ..
කලාකරුවන් වනාහි කලු ගල් කඩන්නා වූ කොටසක් නොව..
ඔවුන් මැණික් කපන පිරිසකි.. මැනික් ඔපදමන්නෝය..
කිසිවෙකු විසින් තමා වඩා සිටින සහෘද කැල කලු ගල් යැයි සිතා තැලුවොහොතින් ඒ වැඩි කාලයකට නොවනු ඇත..
මැණික් කැපීම කලුගල් කැඩීම තරම් ලෙහෙසි නැත...
ඒ ඒ මැණික් අඳුනාගත යුතු වේ.. ඒ ඒ ගල කැපිය යුතු ඔප දැමිය යුතු ක්‍රමයක් රටාවක් ඇත...
එක‍දු හො පලුද්දක් වුවහොත් මැණිකේම වටිනාකම් නැත බොහෝ සීරුවට මාරුවට ඉටු කල යුතු කරුණයි... මේ සමාජයේ තැන් තැන් හිවැටී ගිලී ඇති මැණික් ‍සොයාගන්නෝ අපය - කලාකරුවෝය..
ඒ සියල්ලෝ එකතු කර ගෙන මහා මැණික් මුදලාලි කෙනෙකු වන්නේද අපමය..
එහෙත් ඒ සියල්ල එක ගොඩක තබා කුලුගෙඩි පහරක් දුන් විට සමාජය ඇද වෙනවා නිසැකය..
ඒ ඒ සීරුවට ඔප දමා නැවත සමාජය වෙත මුදා හල යුතු යැයි මගේ හැඟිමයි....
මම එසේ වන්නට තතනමි... එනම් කලුගෙඩි පහරක් දෙන්නෙකුට වඩා මැණික් ඔප දමන්නෙකු වීමටය...
" මා දකින අවාසනාවත්තම සිද්ධිදාමය නම් මට වඩා ඉතා උස් මේ රටේ කලාකරුවන් හෝ එසේ කියා ගන්නා අය ඒ ගැන නොසීතීමයි.."
ඉදින් මා සබඳ අප තවම දළු දමා ලියැලෙන පැළ වෙමු....
එන්න අපි පැහෙන්න පැහෙන්න පොළවටම බරවෙන වී කරල් මෙන් වෙමු... !!
ඔවුන් අප කපා මිරිකා සහල් පමණක් ගනු ඇත්තාහ.. පිදුරු නැවත පසට එකක්ර පොහොර කරනු ඇත... අපටයි කියා ගෙන යෑමට දෙයක් කලාවේ නොමැත ඇත්තේ දායාද කිරීම පමණි....
අප මෙතැන කවි රචනා නිර්මාණ කරන විට අනෙකුත් දෙනා ධනය එක් රැස් කරනු ඇත..
ඒ ධනය වියදම් කර ‍ජීවත කාලය පුරා දන් පින්ද කර සැප විදිනු ඇත.. ඒ කෙටි කාලයකටය නැතහොත් පරම්පරා එකකට හෝ දෙකකටය..
එහෙත් අප මේ සිදු කරන්නේ .. පුරාවෘත්ත ලීවීමය.. නිර්මාණ කරුවන්ට යුගයක් නැත.. ඔවුහු මහා පිරමීඩ මෙන් කාලයට අභියෝග කරමින් නැගී සිටිති....!
සන්නස්ගල සර්ව මතක් විය-
----මුතු පර පිරි වෙරළට >> මේ පාරෙන් එන්න ----
-කුරුළු--




ඇත්තටම ආදරයක් හිතට දැනුනාම‍ කොහොමද ?
මම හිතන් හිටියෙ මම ආදරෙ කරල ඉවරයි කියල.. මම ආදරේ කරපු කාලෙ ඉවරයි කියල...
මම හිතුව මට ආ‍දරේ දැනෙන්නෙ නැතිව ඇති කියල..
ඒත් එදා !! ජොන් ගෙ සත්තු වත්ත් බලපු දවසෙ ඉදන් මගෙ හිත තාම වෙවුලනව..
ඒ - ආදරෙන් !
ඒ ආදරේ කියල තේරුම් ගන්න මට එවේලෙ බැරි වුන එක ගැන මම මටම දොස් කියා ගත්ත..
ඔවු..! මේ කතාව පටන් ගත්තෙ කැලණිය විශ්ව විද්‍යාලයේ මැයි 16 පෙන්වපු ජෝන්ගෙ සත්තු වත්තේන් !!!
මම එහෙට ගියෙ ජෝන් මගේ හිතවතෙක් සහෘදයෙක් වගේම මල්ලි කෙනෙක් නිසා..
මම හදවතින්ම නාට්‍ය බැලුව වෙනද වගේම ඒ ගමනට මාත් එක්ක ආවෙ Dulan A Dalugama Tharindu Abesinghe Kasun M Anuradha Supun Jayasanka Anuradha සහෘදයො..
අපි නාට්‍ය බලල වෙනද වගේම ගියා ජෝන් එක්ක කතා කරන්න ..!
ආ කුරුළු අයිය කොහොමද ? ( සුපුරුදු ලෙන්ගතු කමින් ඌ මාව බදා ගත්ත)
මම මගේ අනික් මිතුරන්ව හදුන්වනකොට එතැනට ඇවිල්ල ඒ වැඩේට බාධා කලේ එයා..!
** හලෝ ජෝන්අයිය සුභ පැතුම් - හොඳට තිබුණ..
කොළ පාට ලස්සන පොඩි ගවුමක් ඇඳල කොණ්ඩෙ පස්සට තනි කරලට පීරල හිටය එයා..
මට එවෙලෙ වැඩි ගානක් නැති වුණත් මොකක්දෝ සංසාරෙ හුරු පුරුදු ගතියක් දැනුන..
එයා එතැනින් පිට වෙලා ගියත් මම ජොන් එක්ක කතා කලත් මගේ හිතේ හොල්මන් කරන්න එයාට පුලුවන් වුණා....
අවාසනාවට මම කිසි කෙනෙකුට එවේලේ කිවුවෙ නෑ.. ඇත්තටම මම මෝඩ වුනා...
අපි ගෙදර යන්න කැලණිය විශ්වවිද්‍යාලයේ ධර්මාලෝක ශාලාවෙන් එලියට බැස්ස විතරයි මගේ ඇස් දෙක හැම තැනම හෙවුවෙ එයාව.. ඒත වැඩි විශ්වාසයක් තිබුනෙ නෑ මොකද ඒ වෙනකොට මම මුලින් දැකල විනාඩි 20ක් විතර ගත වෙලා..!
දෙයියනේ... ! මෙන්න ආයෙමත් ඒ කටහඩ.. මම හොදට බැලුව.. දොරකඩ ඉස්සරහම තවත් කෙල්ලො ටිකක් එක්ක කතාව.. ! මෙයා හිටියෙ ඩෙස් එක උඩ නැගල.. මම එතැනදිත් මෝඩ් වුනාද මන්ද..
හොරුහින් බලන ගමන් මම හීන් සීරුවෙ පිටත් වෙලා ආව.. හැබැයි පිට්ටනිය පහු කරන්න කලින් මම මාත්තෙක්ක හිටි අයට එයා ගැන කියන්න පටන් ගත්ත....
අපරාදෙනෙ අයිය කලින් කිවුවනම් අ‍පි අහනවනෙ - එහෙම කිවුවෙ කසුන් මල්ලිය. (සුපුන්ද දන්නෙ නෑ උන් දෙන්නම එක වගේ )
මම බිම බලාගෙනම කාර් එක ලගට ආව.. ගේට්ටුව පහු කරනකොටත් ආයෙ හැරිල බැලුවෙ ඒ දිහා.. ඒ වෙනකොටත් හිත ආදරෙන් පිරෙන්න පටන් අරන්..
ඒ එන ගම්න් අපි ටිකක් කතා කලා..
කමක් නෑ අයිය ලැබීම තියෙනවනම් ආයෙ මුන ගැහෙයි..!
එහෙම හිතාගෙන මම ගෙදර ආව.... ආහ් මගදි ජෝන්ට කෝල එකක් ගත්ත විස්තර අහ්නන.. කොහෙද ! ඌ ආන්සර් කලොත් ඉතින් ලොවෙත් නෑ....!
මම ගෙදර ඇවිල්ල මම දන්න කිහිප දෙනෙක්ට කිවුව... අපි ට්‍රයි කරමු.. මම අන්තිමට එදා රෑම හොයාගත්ත මේ කවුද කියල.. රූපෙන් විතරක්.. මොකද ඒ එක පාරක් දැක්ක ඇස් දෙක මට අමතක වෙන්නෙනෑ ජීවිතේට...!
ඒ විසේකාරියෝ නාට්‍යයේ චරිතයක් රගපාන කෙනෙක්...
දැන් හරි අඩියක් ඉදිරියට....
17 වෙනිද උදේ ඉදන් අද වෙනකම් මම හිටයෙ කැලණි කැම්පස් එක අවට... මොකද මට කැම්පස් එකේ යාලුවො නැති නිසා අනික නම්ක නොදන්න මූන විතරක් දන්න කෙනේක ගැන  කොහොම හොයන්නද ?
විස්තර හෙවීමේ මෙහෙයුමක..
මටම පුදුමයි මෙච්චරට මේ කෙල්ලෙක් වෙනුවෙන් වෙහෙසෙන එක !
කවදාක වත් වෙලා නෑ... අන්තිමේදි එයා ආව..
මම ටිකක් පස්සෙන් ගියා.. ගිය පැත්ත නම් මම මෙතැන කිය්නනෙ නෑ....
ඇයි මචං මොකෝ මේ !!! - මගෙන් එහෙම ඇහුවෙ මා දිහා බලං හිටි කොල්ලෙක්...
මම ඇත්තම කිවුව ඌට..
අන්තිමට මට විස්තර ටික්ක ලැබුණ... ස්තුතියි යාලුවා..! උඹටත් ගිනි ගින්දර කෙල්ලෙක් සෙට් වෙය්න් ඈ..
එ ්ලැබුන විස්තර අස්සෙ මගේ හිත කීරී ගස්සන තැනක් තිබුණ.. හීනෙකින්වත් මමවත් නුඹලාවත් නොහිතන දෙයක්...
ඒ තමා එයාගෙ කාඩ් එක ( කැම්පස්) - ඒක BIRD .. මට ඒක දැක්කාම පුදුම හිතුණ..
මම මෙයොගෙ නම නම් කියනනෙ නෑ.. නාට්‍ය අංශයෙ .. අවසන් වසරෛ... මම එහෙම කියන්නම්.. වාසනාවට‍ද අවසනාවටදො මන්ද ඇය මූණු පොත පාවිච්චි කරන්නෙ නැහැලු..
එ ්නිසා කවදාකවත් බාගදා මේක දකින එකක් නෑ...
කුරුළු කියල කෙනෙක් එයා ගැන හෙවුව කියල දැන ගන්න එකකුත් නෑ !
හැබැයි ජෝන් ! උඹ නම් මාරයි.. මම උමේ නාට්ටිය බැලුවෙ දෙපාරයි.. පලවෙනි දවසෙ මාව පුටුවෙන් විස වුනේ උඹ ඒ නාට්ටියෙ ඉන්නව දැකල ! දෙවැනි එක මගේ හදවත තාම ඒ හෝල‍් එකේ නිසා !
ඇත්තටම John Dinesh Sandaruwan මට දැං හිතෙනව සම්බන්ධයක් හදාගන්න ! මෙ ගඳ ගහන දෙකට බෙදිච්ච කාරමරේ පින්තූර රාමු දෙක්ක එක්ක, ට්‍රන්ක පෙට්ටිය එක්ක, වට පිටේ උන් එක්ක හිර වෙලා හිටිය ඇති.. සම්බන්ධය පූසිපැටවු දෙන්නෙකුයි මාල ගිරවු දෙන්නෙකු ඉන්න තරම් ඒක දුර දිග ගෙනියන්න..... !!!
උඹ මට නාට්ටිය බලපු දෙපාරම " ජීවිතේ ගැන හිතන්න " අයෙම ජීවත් වෙන්න " හිතන්න සෙට් කලා බං - සත්තයි.....! !
---කුරුළු--
(BIRDට මේ වෙනකොටත් සම්බන්ධයක් ඇති එහෙම නෑ කියල හිතන්නතරම් ම මෝඩ නෑ.. හැබැයි මටත් ආදරෙ කරන්න අයිතියක් ඇති කියල හිතනව.. මේ ලෝ‍කෙ ආදරෙ කරන්න අවසර ඔන් නෑ..හැබැයි කරුණාකරල ඔයට සම්බන්ධයක් නැතිනම්.... ඔයා ගූගල් සර්ච් එකෙන් අහන්න කුරුළු ගැන... ! මම මෙතැන ඉන්නව !!!)

Tuesday, May 14, 2013

සිරි මහා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි !!






ඔයාට පුලුවන්ද මට පුතෙක් දෙන්න.. අඳ ගොලු බීරි කොර නැති හොද පුතෙක්..
මට ඕන ඔයාගෙ මොළෙයි මගෙ රූපෙයි තියෙන පුතෙක් නෙවේ !
මගේ මොළෙයි ඔයාගෙ රූපෙයි තියෙන පුතෙක් - අන්න ඒක මතක තියාගන්න !
අවුරුදු 3ක් වත් ඌට කිරි දේන්න ඕන .. කිසිම අඩුවක නොකර බලාගන්න ඕන ඔයා..
මොකද මමත් ගොඩක් කල් අම්මගෙන් කිරි බීපු නිසා...
ඌට මතක හිටන කල් කිරි පොවන්න.. කාටවත් මුකුත් කියන්න බැරි වෙන්න..
ඊට පස්සෙ මම බාර ගන්නම්.. හොද ‍මොන්ටිසෝරියකට දාමු..
ගෙදර වැඩ දෙන්නෙ නැති.. සෙල්ලම් කරන්න විතරක් දෙන.. අත්වැඩ විතරක් දෙන.. චිත්‍ර පොතක් විතරක් අරං එන්න කියන මොන්ටිසෝරියකට දාමු...
ටිකක් දැනුම් තේරුම් එනකොට හැම මාසෙම ගමේ ‍එක්කං යමු..
ආච්චි සීය අත්ත මුත්තව පෙන්වමු ඒ අය එක්ක දවසක් දෙකක් ඉන්න දෙමු..
සතියට පාරක් අර පල්ලෙහා වෙලේ බැහැල මාත් එක්ක පොඩි පිළිගද මාලු අල්ලපු දෙන්.. බය වෙන්නෙපා ජෑම් බෝතලයකට දාල හවස එනකොට ආයෙ ඇලට වීසි කරන්න මම උගන්වන්නම්..
ඉරිදට දහම් පාසල් යන්න ඒන මාත් එක්ක.. මම උගන්වන දිහා බලං හිටි දෙන් ! ඇත්ත මම උගන්වන්නෙ උසස් පෙල වුනාට ඔහෙ අහන් හිටි දෙන්... සරම අන්දනකොට ඉලාස්ටික් සරම් එපා ! ඇග වටේ ඔතන් හරි ගිය දෙන්.. හවස එනකොට කැඩිල තිබුණට බනින්නෙපා කිලුටු වුනාට බනින්නෙපා ! කිලුටු ඇදුම් හෝදන්න පුලුවනි...
පුතා මාත් එක්ක වෙසක් කූඩු හදන කොට ඔයා අපිට පාප්ප හදල දෙන්න - ගේ හැඩි වෙනව තමා ඒත් අස්කරමු අපි එකතු වෙලා පුතා නිදා ගත්තාම..
ඒ එකක්ම එහා ගෙදර අක්කලත් එක්ක පුතා පල්ලියට යවන්න.. ජේසුතුමාවත් බලල එන්න කියන්න..නත්තල් කාලෙට නත්තල් ගහ සරසවන්න බලෙන් හරි යවමු...
චීන වූෂු පන්තියකට හරි ජිම්නාස්ටික් පන්තියකට හරි යවන්න කියල නම් බල කරන්නෙපා-
පුතාව " අංගංපොර " උගන්වන තැනකට දාන්න ඕන මට..
පුතාට අපේ ඉතිහාසෙ රජවරු ගැන කියා දෙන්න අපි මාස තුනකට පාරක් ට්‍රිප් එකක් යමු !
සරුංගල් කාලෙට එයා හදා ගත්තාවෙ එයා අලෝපුවාවෙ.. බිම දිගේ ගියෝත රෝද හයි කරල දෙමු ! උඩ යන්නෙ නෑ කියල විහිලු කරන්නෙපා එයා ඉගෙන ගනිවි..
ගස් උඩ නගිනකොට - සැටියෙ ඔලුවෙන් හිට ගන්නකොට කොල්ලො එක්ක ගහගෙන ලේ පෙරා ගන්නකො‍ට කහට ජාති ගෙඩි ඇදුම් වල ගාගෙන එනකොට "එපා " කියන්නෙපා.. එයාට ඒව විදින්න ඉඩ දෙන්න.. !
හොද නරක පෙන්වන්න බල කරන්නෙපා ! එයා අපි දිහා බලල ඉගෙන ගනීවි...
වැස්සෙ තෙමෙන්න දෙන්න.. නටන හැටි සින්දු කියන හැටි චිත්‍ර අදින හැටි උගන්වන්නෙපා - එයාගෙ නිදහස් ක්‍රමයක් එහා හොයා ගත්තාවෙ... අපි පොත් - පැස්ටල්- බටනලාවක්-බෙරයක් අරන් දෙමු...
ක්‍රිකට් ගහන ගමන් එල්ලෙත් ගහන්න කියල දෙමු! ඒ වෙනකොට කවුරුත් එල්ලෙ ගැන දන්නෙ නැති වෙයි ඒක අලුත්ම දෙයක් වෙයි..!
ගේ ඇතුලෙ බාත් රෑම් එකෙ නෙවේ එලියෙ ටැප් එකෙන් ගමටම පෙන්න ඉර එලියෙ නාන්න පුරුදු කරන්න ! ඌ කොල්ලෙක් නිසා..
කලිසම් අන්දවන්නෙ නැතිව රෑට වත් සරමක් අන්දන්න.. උදේට ඒක හොයල දෙන්න යෙි සතියක් දෙකක්..
ඇති තරම් පැණි රහ කන්න දෙන්න - හැබැයි දත් මදින්න හුරු කරන්න..
ඇපල් - දොඩම් කනවට වඩා ගස් නැගල තැඹිලි -ගස්ලබු ජම්බු කඩල කන්න කියන්න..
වීඩියො ගේම් එකක් තෑගි කරනවට වඩා පුස් බයිසිකල් රිම් එකකුයි කෝට්ටකුය එයාට හොයල දෙන්න.. පැපොල් බට නලාව උණ බට තුවක්කුව රෑං පේත්ත හදන්න කියල දෙන්න..!
ඔයා කියනවනම් ඉන්ටනැෂනල් ඉස්කෝලෙකට දාමු... හැබැයි අපේ කිරි අම්මට කියල වැල්ලෙ අකුරු ලියල අකුරු කියවමු මුලින්ම..!
එයා ලොකු වෙලා කැමති ආගමක් තෝර ගත්තු දෙන්...බල කරන්නෙපා..
ඒ වෙනකොට Kelum Wijewardena Chinthaka Abeyratne Indranatha Thenuwara Chandana Ellewala Leelanath Wickrama Arachchi Jayamal Shamintha Akila Hewage Sanka Buddika Amarasinghe Akila Prasad Tharindu Abesinghe  වගේ මිනිස්සු  වයසට ගියත් එයාලා පුතාගෙ අප්පච්චගෙ යාලුවො බව කියන්න... මේ මිනිස්සු ලෝකෙ පය ගහල ඉන්න මිනිස්සු බව පුතාට කියන්න ... මේ අයගෙ  ළමයි මුනුපුරෝ හිටියොත් බය නැතිව මූණු පොතෙන් ඇඩ් කරගන්න කියන්න... පුතාට කවි ලියන්න "උගන්වන්නෙපා" - ඒක කාටවත් ලේසියෙන් කරන්න බැරි වැඩක්..! ඉන්දික අයියගෙ - රුවන් බන්ධුජීවගෙ - කැලුම්ගෙ - ...... කවි කියවන්න දනේන එයාට එයා ඉගනෙ ගනවී සමාජෙ.. ‍ඒ කවි වලින් ලෝකය දකීවි
නිදහස අත්විඳින්න ඉඩ දෙන්න.. මට එයාගෙන් ඉල්ලන්න තියෙන්නෙ එච්චරයි..!
හොඳයි ඔයාට පුලුවන්ද මේ දේවල් කරන්න !
එහෙනම් මම කැමතියි ඔයාව බඳින්න..!
මොකද මට ඕන මගේ පුතාව මහත්තයෙක් කරන්න නෙවෙයි - මනුස්සයෙක් කරන්න මටත් වඩා !
--කුරුළු---