Saturday, May 25, 2019

==== දසිස් 53 ====



( පනස් දෙවන කොටස හා සබැඳි )
(මෙය බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත.)
- රජුනි සමාවුව මැනව නොකියන්නෙමියි සිතා සිටි කාල රාමුවක් නුඹට කියන්නෙමි...
+ පවසව
- නමුත් නුඹ මා හට දිවුුරුම් දිය යුතුයි ඒ කාල රාමුව වෙනස් කිරීමට මැදිහත් නොවන ලෙස මක් නිසාද කාල රාමු වෙනස් කිරීමෙන් මහා විපත් සිදු වේ..!
+ ඔබගේ මුහුනේ ආකාරයට මේ ඉතා බැරැරුම් ලෙස පෙනේ, හොදමයි දිවරමි.. එහෙත් ජයසේනයන් උපරිමයෙන් රකිමි
- රජුනි කාල රාමුවට බාධා නොකරන්න, ජයසේනයන් මිය යන්නේ ද්වන්ධ සටනකිනි
+ කවුරුන් හා සිදුකරන ද්වන්ධයක්ද අභය, කවුද අප ජයසේනයට අභියෝගය කරන්නට තරම් ඉදිරිපත් වන්නා.. ඇරත් හිස වෙන්වන්නට පා පහරක්..
- රජුනි... ඒ අප " ගෝඨයිම්බර " ගේ පා පහරකි !
+ අහෝ........................!
—————————————– අද එතැන් සිට
+ අහෝ ථේරපුත්ථභයනි කිමද මා සේනාවේම සෙන්පතියන් එකි නෙකා යුධ වදින්නේ
- රජුනි සමාවන්න මා හට ඒ තරම් දුරට විස්තරයක් කල නොහැකියි ඒ කාල රාමුව සම්බන්ධව. සිදුවන්නට නියමිත දැ සිදුවේවි අපට ඒ වැලැක්විය නොහැකියි..
+ ඇයි අපිට අතීතය වෙනස් කල නොහැකියි ඒත් වර්තමානය වෙනස් කිරීම මගින් අනාගය වෙනස් කල හැකියි නෙවේද අභය..
- රජුනි යම් කිසිවෙක් ඔහුගේ දෛවය මග හැරීමට උත්සාහ කිරීමක් ලෙස වෙනත් මාර්ගයක් තෝරාගන්නේද ඒ තෝරාගනු ලබන මාර්ගයේදීම ඔහුට දෛවය හමුවන්නේමය ..!!
+ එසේනම් බුදු රදුන්
- රජුනි නිවන් මාර්ගයට පිවිසීම වෙනත් කාරනාවකි වෙනස් කිරීමට අවැසි නම් නිවන් මාර්ගයට පිවිසිය යුතුමය..
+ හ්ම්
- මා රජුනි ඒ නිසාවෙන්ම්යි අප මහා ගෞතම මුනිදුන් තුන් කල් බලා ධර්මය දේශා කල යුතු පුද්ගලයන් සොයා ගොස් හෝ දේශනා කලේ .. ඒ වගේම යමෙකුගේ දෛවෝපගත අනාගත කාල රාමුවේ නරකාදිය හෝ අකුසලට යොමු වේ නම් පමණක් ඔහුව සුගති ගාමි කිරීමට නිවන් මාර්ගය උදෙසා ධර්මය දේශනා කලා. ඡත්තමානවක ගාථා, අංගුලි මාල දමනය , වැනි අවස්ථා ඊට උදාහරණයි .. දේවදත්ත තෙරුන් සම්බන්ධව එසේ වුවත් ඔහුගේ දෛව කාල රාමුව වෙනස් කිරීමට බුදුන්ටත් නොහැකි වුවා ඒ තරමට අකුසල ක්රියා බලවත් ගැමුණු රජුනි..
+ හ්ම්.. එසේ නම් අපට අනාගත කාල රාමුවක වර්තමානයේදි බාධා පමුනුවන්නේනම් ඒ කුසල් මාර්ගයට පිවිස නිවන් අවබෝධය කරා මෙහෙයවීමෙන්ම පමණයි නෙවෙද
- එසේය ඒසේ වුවත් ඇතැම් අකුසලයන් විපාක දේ..
+ පැහැදිලියි
- ඒ නිසාවෙන්ම රජුනි දිවුරා පොරොන්දු වුවා මෙන්ම ඒ පොරොන්දුව රකිනු මැනවි. ගෝඨයිම්බර හා රිටිගල ජයසේනයන් ගේ ඒ සිදුවිමට මැදිහත් වීම නොකරනු මැනවි. ඒය සිදුවියි යුතු අයුරින් සිදු වේවි.
+ හොදයි එසේනම් අභය මා හට මෙයවත් පවසන්න .. ඔබ මේ තරම් බලගතු යැයි පැවසු මහ සොහොනා පාතීර්භුත කරන්නාවු ජයසේනයන්ව පැරදවීමට තරම් බලයක් අප ගෝඨයිම්බර සතුවීද ?
- රජුනි මා සිතා සිටියේ සයවන රුද්රාව දරන්නා වු මහාසෝනගේ විස්තරය කිරීමටයි ඉන්පසුවයි සප්ත මුකී රුද්රාව දරන්නා වූ ගෝඨයිම්බරයන් ගේ විශේෂත්වය පැවසිමට සුදානම් වූයේ.
+ හොදමයි එසේනම් ඒ පිලිවෙලට සිදුකරන්න..
- සම්පුර්ණ විස්තර පවසන්නේනම් අප රිටිගල ජයසේනයන්ගේ විස්කම් හැකියාවන් ගැනද මහසොහොනා ගැනද තවත් විස්තර කල යුතුව තිබේ එහෙත් එයත් පසුවට තබා ගනිමි. සියල්ලම නැතත් මෙතැනට අදාල යැයි හැගෙන නිසාවෙන් මා ගෝඨයිම්බරයන්ගේ බලය ගැන එක කරුණක් පවසන්නම්
+ හොදමයි
- රජුනි ජයසේනයනුත් ගෝඨයිම්භරයනුත් අතර වන්නා වු යුද්ධයේදි ජයසේනයන් විසින් මහසොහොනාව පාතර්භුතකරන්නාවු කල්හි ගෝඨයිම්බරයන් අනික් පසින් පාතිර්භුත කලේ කුමක්දැයි සිතිය හැකිද ?
+ නැත... අවතාරයන්ද ?
- නැත රජුනි.. ගෝඪයිම්බරයන්ගේ අණසකින් මෙලොවට පාතිර්භුත කලේ සන්නි යකුන් දහ අට දෙනායි ..!
+ මහසොහොනාට එදිරිව සන්නි යකුන් දහ අට දෙනා යුද්ධයට .... !
- එහෙමයි
+ එහෙත් අභය මා දන්නා තරමින් සන්නි යකුන් දහ අට දෙනා ලෙඩ රෝග දුරු කිරීමට පැවතෙන්නක් නොවැ.
- රජුනි මා මින් පෙරත් ඒ පැවසුවා .. පසුකලෙක
සන්නි යකුම,
රට යකුම,
සූනියම් කැපිල්ල,
මහසොහොන් සමයම.,
කුමාර සමයම, ගොපලු සමයම
ලෙසින්මේ ලකෙහි පැවතේන්නේ යකුන් උදෙසා සිදුකරන පහත රට ශාන්ති කර්ම විධි ක්රම ලෙසිනුයි..
ඒ ලෙසින්ම තවත් හෙල යක් කොඨ්ටාශයක් ඉරමුදුන් සමයම, දහඅට සන්නිය , මංගල සමයම ,දේව තොවිලය ඒ ඒ පලාත අනුව යකුන් උදෙසා සිදුකරන ශාන්තිකර්ම ලෙසින් සිදු කරනවා..
ඒ සියල්ල බිහිවන්නේ පසුකලෙකයි .. එනම් මේ ශක්තීන්ගේ පූර්ණ ශක්තිය නොමැතිව පාතීර්භුත කිරීමේ හැකියාව නොමැතිව එසේ හැකියාව පැවති අයවලුන්ගනේ පැවත එන්නාවු පරම්පරවල් ජීවත් වන්නාවු ග්රාමයන් ආශ්රිතව සිදු කරන්නා වු හෙල ශාන්ති කර්මයි. වර්තමානයේ අප ගෝඨයිම්බරයන් දහ අට සන්නිය යකුන් එලෙසින්ම පාතිර්භුත කිරිමේ හැකියාව ඇති අතර මහසොහොනා ව එලෙසින්ම පාතීර්භුත කිරීමට රිටිගල ජයසේනයන්ට හැකියි.
+ ඔහ්
- එසේ පූර්ණ වහයෙන් පාතිර්භුත කල කල්හි ඒ අවතාර යකුන්ගේ බලය පුර්ණයි රජුනි එය පුර්ණව පාතිර්භුත කරන්නවු පුද්ගලයාට ලැබේ. ඒ නිසාවෙන්මයි ඔබ වහන්සේගෙන් මා අසා සිටියේ ජයසේනයන්ට මිනිසුන් බිය වන්නේ ඇයිදැයි කියා.
+ හහ් හහ් හහ් හහ් පුදුමාකාරයිනේ අභය
- රජුනි සිතා බලන්න රෝග දුරු කිරීමට සමත් වන අර්ධ පාතිර්භුතයක්වත් නැති යකුන් පූර්ණ ලෙස පාතිර්බුත වූ කල කෙසේ ශක්තියක්ද ??
+ හ්ම් .... සන්නි යකුන් දහ අට දෙනා මහසොහොනාට වඩා බලවත්ද අභය..
- රජුනි යක්ෂයා බලවත් වු පමනින්ම සටනක් දිනිය නොහැකිය. ඒ බලය නිසියාකාරව මෙහෙය විය යුතුවන්නේය.. අනෙක ගොඨයිම්බරයන් ගේ දස්කම් එපමණක්මත් නොවේ අමතක නොකරන්න ඔහු අප රාවණ පුරුකකි ..
+ එසේයි එසේයි..
- හොදමයි සන්නි යකුන් දහ අට දෙනා පිළිබදවත් මා යම් විස්තරයක් කරන්නම්..
භූත සන්නිය, අභූත සන්නිය , අමුක්කු සන්නිය , ව්යාධි සන්නිය , වාත සන්නිය, බිහිරි සන්නිය, ගෝල සන්නිය, කණ සන්නිය
පිත් සන්නිය, කෝල සන්නිය. මුර්තු සන්නිය, දෙමළ සන්නිය, නාග සන්නිය, කොර සන්නිය , ගිනිජල් සන්නිය , ගුල්ම සන්නිය, ජල සන්නිය‍ , දේව සන්නිය ලෙසින් ඔවුන් වත්මන නම් වේ.මේ වන විට නම් අප ‍‍වෙස් මුහුණු සේනාංකයේ මොවුන් පිළිබිඹු වන්නා වු වෙස් මුහුණුද ඇත.
+ දනිමි දනිමි අභය මා ගේ යුධ සේනාවේ වඩාත්ම මා ප්රිය කරන්නාවු සේනාංකයකි වෙස්මුහුණු සේනාංකය. ඔවුන් ඉතා රණකාමීන්ය බලවත්ය.
- එසේය රජුනි.. මේ දහ අටක් වු සන්නි යකුන් පිලිබද ඉතා ඈත අතීත කතාවක් ඇති..
+ පවසව..
- ඒ අප ගෞතම බුදුන් සමයේදිය..!
+ අහා.....!
--------------------- කුරුළු -- ( සෙස්ස පස්සට)
.
පසුගිය කතාන්තරත් - ඉදිරි කොටස් බලන්නත් " කුරුළු " පේජ් එකටම එන්න. පේජ් එක ලයික් කරල තියාගන්න. !
( රාවණ ගැමුණු රජු දස මහායෝධයන් සතුව මෙවන් අසාමාන්ය විදයා / ඉන්ද්රජාල ශක්තීන් ඇතැයි මනංකල්පිතව දසිස් නමින් මා ලබන මේ ප්රභන්ධය කර්තෘ දැනුවත් කිරිමකින් තොරව කතාව ඇසුරින් සිදු කරන්නාවූ කොටස් උපුටාගැනීමක්, අනුකරණය කිරීමක්, ආර්ථික අයිතිවාසිකම්වලට කෘතිය ප්රතිනිෂ්පාදනය කිරීමේ, විකිණීමේ, කුලියට දීමේ, බෙදාහැරීමේ, මහජනයා සඳහා සන්නිවේදනය කිරීමේ සහ පරිවර්තනය කිරීම වැලැක්වීමට බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත. )
#ravana #රාවණ #රාවන #කුරුළු #දසිස්

Tuesday, May 21, 2019

==== දසිස් 52 ====




( පනස් එක් වන කොටස හා සබැඳි )
- නැත රජුනි මහසෝන ඒ සිදු නොකරයි. එහෙත් ඔබ දන්නා වෙනකෙකු විසින් මහසොහොන් අවතාරය ප්‍රාතිර්භූත කරයි.. මේ කාලයේදී මහසොහොනා ඔහු සතුය...
+ මා දන්නා අයෙකු..... ! යෝධයන්ගෙන් කෙනෙක්ද ?
- නැත රජුනි ඔහු ජයසේනය .., රිටිගලට අධිපතිව අංගං සේනාවක නායක රිටිගල ජයසේනය.. අප සේනාවට ඔහු වහා කැඳවිය යුතුය.. මහසොහොන් යක්ෂයා ප්‍රාතිර්භූත කිරීමේ හැකියාව ඇත්තේ ඔහුටම පමණි. !
+ රිටිගල ජයසේන මා ඔහු හදුනමි අභය .... !!
—————————————– අද එතැන් සිට
- එසේනම් පහසුය. ඔහු අප යුධයට මහත් සේවාවක් සිදු කරන්නෙමය.
+ ඒ කෙසේද 
- රජුනි දසමහයෝධයන් ගෙන් පමණක්ම මේ දිනිය නොහැක්කකි අප අප ලකෙහි වෙසෙන අනෙකුත් ශීල්පයන්ගේ කෙළපැමණියවුන්ගෙන්ද උදවු ලබා ගත යුතුමය. එලෙස ගණනය කරන විට " ජයසේන " ඉදිරියෙන්ම සිටියි.
+ ඔහු එතරම් බලවතෙක්ද , එහෙත් මා හට ඔහු මුන ගැහුනේ එක් වතාකදී පමණකි. ඒද මා මලය රට සිටිත්දී ය. හේ මාගේ දිවි ගලවා දුන්නේය.
- එසේය ඔහු සැබැ බලවනත්ය, අංගං සටන් නායකයෙකි ඔහුගේ සේනාව ද සටන් ශුරයෝය වෙනම ම බල ඇණියක් අප හේවායන්ට ඈදිය හැකිය. ඒ හැරත් විශ්වාසිතයන්ය දැහැමිය. හෙල යක් පරපුර ය. රාවණයන් ගුරු කොට අදහති. එපමණක්ද නොව මහසොහොන් අවතාරය රිටිගල ජයසේනයන්ගේය... අනෙකුත් අවතාරද ඔවුන් අතරම බෙදී පවතී. 
+ එහෙත් අප පලමු මුණ ගැසීම මා මලය රටේ මා මිත්‍ර ව පිරිසට පැවසු විට ඔවුන් ඇතැමුන් පැවසුවේ ජයසේනයන්ගෙන් ඈත්ව සිටින ලෙසය. ඔවුන් ජයසේනට මහත් බිය වූහ.
- හහ් හහ් හහ් හහ් බිය නොවන්න රජුනි අනාගතයේදී ඔහු පුදන්නෝය. රට වැසියන් බිය වන්නේ ජයසේනට නොව මහසෝනා ටය. හහ් හහ් හහ් හහ් 
+ මහසෝන් අවතාරය කොතරම් බලවත්ද අභය ?
- රජුනි යක්ෂ අවතාර අතර බලවත්ම අවතාරය ලෙස ලකෙහි වැසියන් පිලිගනු ලැබේ. යක්ෂ ආරුඪ ගැන අසා ඇත්නම් රජුනි මිනිස් සිරුරකට යක්ෂයෙකුට බලෙන් ඇතුලු වීම ආරූඪ වීම සිදු කල නොහැකිය ඒ සදහා ඒ පුද්ගලයාගෙන් අවසරය තිබිය යුතුමයඑහෙත් මහසෝන් අවතාරයට ඒ අවැසි නැත . ජයසේන විසින් මුදා හල කල්හී ඇසට පෙනෙනෙ තමන් කැමති ඕනැම කෙනෙකුට ආරුඪ වීමට මහසෝනාට පුලුවන. වළසෙකුගේ හිසක්ද මිනිස් සිරුරක්ද ලෙසින් පෙනි සිටින අවස්තාව බහුලය. ශරීරයද ලෝම වසා පවති. නියමාකරයෙන් නම් වලසෙකු දෙපයින් සිට ගත්තතාක් වැන්න. එහෙත් ඒ එක් අවස්ථාවක් පමණි..
+ එක් අවසථාවක් යැනු කිමෙක්ද ?
- රජුනි අනාගත වාක්‍යක් පවසන්නෙමි. මා මින් පෙර පැවසුවාක් මෙන් අවතාර උදෙසාද එක එක් අවස්තාවලදී වෙනස් කම් තිබේ එනම් ප්‍රාතිර්භුත කරන්නාවු පුද්ගලයා හො අවස්ථාව අනුව අවතාරයේ ස්වරූපය පෙනුම බලය වෙනස් වේ
+ ඔහ්... එසේනම් වලස් රුව
- හ්ම්.. අනාගත වාක්‍ය එයයි, කාලයාගේ අවෑමෙන් ජයසේනයන්ගේ මරණයෙන් පසු ලකෙහි වැස්සන්ට හමු වන්නේ වලස්රුවැති මහසොහොන් අවතාරය පමනි. මහසෝනාගේ අනෙකුත් අවතාර ප්‍රාතීර්භුත කිරීම ජයසේගෙන් පසු සිදු නොවන්නකි. එතරම් ප්‍රභලයෙකු ඉන් අනතුරුව මේ කල්පය තුල ලකෙහි උපදින්නේ නැත. සිටියත් මහසොහොනා යනු බියකරු අවතාරයක් ලෙසින් සලකා ඒ පාතිර්භූත කිරීමට තරම් කෙනෙකු ඉදිරිපත් නොවේ..
+ එසේ වන්නේ කිමද ජයසේන තමන්ගේන් පසු පරම්පරාවට මහසොහොන් අවතාරය පවරන්නේ නැතිද ?
- රජුනි ජයසේනයන් මිය යන්නේ ඊට පෙර ය, නොසිතු අයුරිනි. ජයසේන මිය යන සටනේදී ඔහු මෙලොවට ප්‍රාතිර්භුත කර තිබෙන්නේ වළස්හිසැති මහසොහොන් අවතාරයයි. රජුනි අවතාරය මුදා හල පසු එය ප්‍රාතීර්ත භුත කරන්නා නැතහොත් පාලනය කරන්නා අයිතිය ඇති තැනැත්තා මිය ගියහොත් එය නිදහසේ සැරිසරන්නට පටන් ගනි..
+ වෙන ත් කෙනෙකෙුට නතු කර ගත නොහැකිද 
- ගැමුනු රජුනි, මහසෝනා යනු බල සම්මපන්ම යක්ෂ අවතාරයක් ලෙසින් මා නුඹට නොපැවසුවේද ? ඔහු නතු කර ගැනීම අපටවත් සිදු කල නොහැකි. ඒ වෙනනම මානයකි. 
+ හ්ම්
- ඒ හැරත් රජුනි ප්‍රාතිර්භුත කිරීම් ගැන ඔබවහන්සේ ගේ දැනුම ඉතා අල්පයැයි සිතමි. 
+ එසේය පිලිගනිමි
- ප්‍රාතිර්භුත කල සත්තවලොක වේවා අවදාර දෙව් යක්ෂ ප්‍රේත ලෝක වේවා ඒ ප්‍රාතිර්භුත කරන්නාවු අයිතිය ඇති පුද්ගලයා හා ඇති බැදීම වදන් වලින් විස්තර කල නොහැකිය. ඔවුන් එකිනෙක බැදි පවතී. ඇතැම් අවස්තාවල ප්‍රාතිර්භුත කරන්නා වු පුද්ගලයා රැකගැනීමට තමා මරණයට ඉදිරිපත් වන්නෝමය
+ ඔහ් එසේද
- එසේය , ජයසේනයන් මිය ගිය පසු මහසෝන් යක්ෂයා ඔහුගේ සිරුරට ආරූඪ වනවා රජුනි... 
+ නොතේරුනි
- සටන මැද හිස ගැලවී යන ලෙසින් පා පහරක් ලද පසු ජයසේන ඇද වැටෙනු ඇති. ඉන් පසු ජයසේනයන්ට මහත් ලැදියාවෙන් පසුවන මහසෝන් අවතාරය තමන්ගේ කාර්යය පසෙක ලා නැවත මනු ලොවින් නොයා ජයසේනගේ ශරීරය තුලට ආරූඨ යක් ලෙසින් ඇතුලු වනවා. බලා සිටින අපට අනාගතයේ පෙනෙනුයේ ජයසේනයන්ගේ සිරුරට වළස් හිසක් සවිකලාක් ලෙසිනුයි. එතැන් පටන් ඔහු මනු ලොවින් දුරින්භුත වන්නේත් නැවත මනු ලොවට ප්‍රාතිර්භුත වන්නේත් ජයසේයන්ගේ සිරුරත් තමන්ගේ හිසත් ඇති වළස් අවතාරය පමණයි..
+ ඉදින් අභය ඔබ පෙර පැවසු පරිදි ප්‍රාතර්භුත කරන්නෙකු නොමැති නිසා නැවත ඒමක් තිබිය නොහැයි නෙ
- රජුනි ! ජයසේන යන් සටන් බිමේදි මහසෝනා ප්‍රාතර්භුත කල නමුත් දූරිංභුත කිරීමට පෙර මිය යනවා ඒ නිසාවෙන් ඔහුට මනු ලොවට යාම හා ඒම දොරවල් දෙකම විවෘත වෙනවා.
+ හ්ම්.... අප බලමු කවදා හෝ ඊට පිළියමක් කල හැකිද කියා. එහෙත් අභය මා හට දැන් ගැටලුවකි
- අසන්න
+ ජයසේනයන් ඔබ මුලින් පැවසූ තරම් බලවන්ත නම් මහසෝනාත් බලගතු යක්ෂ අවතාරයක් නම් ජයසේන මිය යෑමට තරම් පා පහරක් එල්ල කරන්නේ කවුරුන්ද ? අප එළාර හා කරන්නාවු සටන් බිමේදීද ?
+ හ්ම්.. නැත රජුනි එළාර හා යුද්ධය දිනුවායින් පසුය ඒ..
- කිමෙක්ද ථේරපුත්ථාභයනි..... එළාර හා යුද්ධය දිනු පසුත් මේ රටෙහි සටන් ඇවිලේද ??? ඒ සටන කුමක්ද මා සේනා වේ බලගතුම සෙන්පතියකුගේ හිස කඳින් වෙන් වන්නට පහර දීමට සමත් තවත් සතුරෙක් බිහවේද ?
- රජුනි සමාවුව මැනව නොකියන්නෙමියි සිතා සිටි කාල රාමුවක් නුඹට කියන්නෙමි...
+ පවසව
- නමුත් නුඹ මා හට දිවුුරුම් දිය යුතුයි ඒ කාල රාමුව වෙනස් කිරීමට මැදිහත් නොවන ලෙස මක් නිසාද කාල රාමු වෙනස් කිරීමෙන් මහා විපත් සිදු වේ..!
+ ඔබගේ මුහුනේ ආකාරයට මේ ඉතා බැරැරුම් ලෙස පෙනේ, හොදමයි දිවරමි.. එහෙත් ජයසේනයන් උපරිමයෙන් රකිමි
- රජුනි කාල රාමුවට බාධා නොකරන්න, ජයසේනයන් මිය යන්නේ ද්වන්ධ සටනකිනි
+ කවුරුන් හා සිදුකරන ද්වන්ධයක්ද අභය, කවුද අප ජයසේනයට අභියෝගය කරන්නට තරම් ඉදිරිපත් වන්නා.. ඇරත් හිස වෙන්වන්නට පා පහරක්..
- රජුනි... ඒ අප " ගෝඨයිම්බර " ගේ පා පහරකි !
+ අහෝ........................!
--------------------- කුරුළු -- 
පසුගිය කතාන්තරත් - ඉදිරි කොටස් බලන්නත් " කුරුළු " පේජ් එකටම එන්න.. !
( රාවණ – ගැමුණු රජු – දස මහායෝධයන් සතුව මෙවන් අසාමාන්ය විදයා / ඉන්ද්රජාල ශක්තීන් ඇතැයි මනංකල්පිතව ” දසිස් ” නමින් මා ලබන මේ ප්රභන්ධය කර්තෘ දැනුවත් කිරිමකින් තොරව කතාව ඇසුරින් සිදු කරන්නාවූ කොටස් උපුටාගැනීමක්, අනුකරණය කිරීමක්, ආර්ථික අයිතිවාසිකම්වලට කෘතිය ප්රතිනිෂ්පාදනය කිරීමේ, විකිණීමේ, කුලියට දීමේ, බෙදාහැරීමේ, මහජනයා සඳහා සන්නිවේදනය කිරීමේ සහ පරිවර්තනය කිරීම වැලැක්වීමට බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත. )
#ravana #රාවණ #රාවන #කුරුළු #දසිස්

Wednesday, May 15, 2019

==== දසිස් 51 =====



( පනස්වන කොටස හා සබැඳි )
මෙය බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත.)
.
- එසේය... රජුනි උපදෙසක් දෙන්නෙමි
+ පවසව
- යම් හෙයකින් අප කච්ච දේවයන් යුධ බිමේදි මිනටෝර් ගවරා ප්රාර්තිර්භුත කලහොත්
+ ඔවු අභය, කලහොත්
- ඔබ වහනසේ සේනාවත් රැගෙන නොපෙනනා මානයක් දක්වා පසුබසින්න...
+ ඒ කිමද ?
- ඒ මිනටෝර් ඇසට පෙනෙනා මානයේ ඇති සියල්ල සුනු විසිනු කර දමන්නාවු බැවිනි.
—————————————– අද එතැන් සිට
+ හ්ම් එසේනම් යුධය එතරම් දරුණු නොවේ යැයි අප සිතමු අභය.. හහ් හහ් හහ් හහ්.
- මාද එසේම සිතන්නෙමි ඒ ඇයිද පවසනවානම් රජුනි මේ නව දෙනා තමන්ගේ ප්රාතිර්භුත සතත්ව ලෝක මෙහි ගෙන ඒමට තරම් යුද්ධයක් වුවහොත්...... හ්ම්......
+ කිමද අභය
- ඒ නම් සතුරා ඒ තරම් ම බල සම්පන්න වීමය
+ හ්ම්.. එළාර රජුන් සතුවද යෝධයන් සිටිනා බව අසා ඇත්තෙමි
- එසේය තිහකටත් වැඩිය
+ අභය එවුනටත් මෙසේ ශක්තින් තිබේද
- එසේය රජුනි ඔවුන්ද මේ හෙළයේ ඉපිද ශිල්ප හදාරා කෙලපැමිණියවුන්ය. වඩා බල සම්පන්නයෝ අප වුවත් අප යෝධයන් හා කරට කර නැග යුධ කිරීමට තරම් ඔවුන් බලවත්ය
+ හ්ම් පිලියම ?
- රජුනි බොහෝ විට මා සිතනා යුරින් මේ යුධ බලයෙන්ම දිණිය නොහැක්කකි. මේ නැණ බලයෙන් ම දිනිය යුත්තකි
+ එසේ පැවසුවේ
- යුද්ධ යට යනවානම් ඔබ පියාණන්ට වුවද ඔවුන් හා යුධ කිරීමට හැකියාව තිබුනි එහෙත් ඔහු ඔබ හට මේ පැවරුවේ ඔබ සතු ශක්තින්ද අවදි කොට ගෙන ඥානාන්විතව යුධ කිරීමටයි. යුද්ධයක් සිදුකිරීමේදී දෙපසට වී තම සේනාවන් කඩින් කඩ යුධයට යැවීම ත් ශක්ති බලයෙන් බාහු බලයෙන් සේනා බලයෙන් යුධයක් දිනිමත් තරම් නොවේ. අප උත්සාහ කල යුත්තේ අවම මිනිස් හානියකින් මේ දිනිමටයි.
+ ඉදින් මා අභියෝග කරන්නම් එලාරයන්ට ... අප දෙදෙනාගෙන් ජය ගන්නා කෙනා එවිට යුධය ජයගනු ඇත
- හ්ම් එය සේම වන්නේය එහෙත් නුඹ වහන්සේ තවම එයට සුදානම් නැත මා මේ සිදු කරන්නේ ඒ සදහා සුදානම් කිරීමයි රජුනි
+ හොදමයි
- අනෙක් අතට එළාරයන් එක වරම ද්වන්ධ සටනකට නොඑළබෙනු ඇත පළමුව සේනාබලයෙන් යුධයට එළැඹ අප පිරිිස් ශක්තිය මැන බලනු ඇත. එහෙත් මා දන්නා කරුණක් තිබේ
+ ඒ කිමෙක්ද
- මා මින් පෙර පැවසුවාක් මෙන් එළාරයන් අප දේශය දිනීමට තනනු විනා ඔහුගේ සේනාව හෝ පිරිස යටත් වැසියන් පෙළිම ඔහුගේ අභිප්රාර නොවේ. ඔහුද ඊට එක හෙලාම අකමැත්තෙකි බාදගදා ඔහුම ද්වන්ධ සටනකට එළඹෙනු ඇත. කෙසේ වෙතත් අප ඕනැම අවස්ථාවකට මුහුන දීමට සුදානම් විය යුතුය.
+ එසේය අභය.. මේ බලන්න අප දැන් මනු කාලයෙන් පෑ ගනනාවක් කතා බහ කලා එහෙත් තවම අපගේ යෝධයන් පස්දෙනෙකු ගැන පමණයි විස්තර කල හැකි වුනේ දැන් අප නැවැත්විය යුතුයැයි ඔබ සිතන්නෙද ?
- නැත රජුනි මා පෙර පැවසුවාක් මෙන් මාද ඔබද සිටින්නේ මනු කාලය තුල නොව බඹු කාලය තුලය එහි අනුව මනු ලොව තවම ගත වී ඇත්තේ ඉතාම කෙටි කාලයකි ඒ ගැන කම්පා නොවන්න. මේ ඇරඹු කතාව යම් අවසානයක් හෝ වෙත හෝ ගෙන යනු කැමැත්තෙමි
+ හ්ම්
- ඔබට අපහසුවක් දැනේ නම් පවසන්න මක් නිසාද මා දන්නා තරමට මේ ඔබගේ පලමු බඹු කාලාන්තරයේ සැරිසැරීමයි
+ හහ් හහ් හහ් හහ් හහ් හහ් මා ථේරපුත්තාභයනි, ඔබ කෙතරම් බලවත්දැයි මා නොදැන්නෙමි එහෙත් සිහියේ තබාගන්න මා පිළිබදවද ඔබ නොදන්නා බොහෝ කරුනු ඇත ..
- හහ් හහ් හ් එසේය මහ රජුනි එසේය ..
+ පලමුව ඔබගේ කතාව දෙවැනුව මගේ ගැන මා පවසන්න්ම් මා දැන් සිදු කරනුයේ ඔබ පවසන දැ සමග මා නොදන්නා මගේ කතාන්තරයේ හිස් ව තිබු තැන් පුරවා ගනිමින් අවස්ථා ගලපාගැනීමයි
- හොදමයි එසේමන් කච්චදේවයන් ගැන ඔතැනින් නවත්වන්නමි..
+ හොදයි එසේනම් සයවෙනි රුදාක්ෂය. නැතිනම් මුහුණු හයක් ඇති රුද්රාක්ෂය
- හ්ම් මහා සෝන... රජුනි මහා සෝන....
+ අභය මේ පෙර කියවීම් අනුව මා හටද ගැටලුවක් ඇත. අප මහාසෝන හා මහසෝනා යැයි කියන්නා අවතාරය අතර සම්බ්ධයක් ඇතිද
- නැත රජුනි මුල් නම සෝන ය.. එහෙත් පසු කාලයක මහා සෝන නමින් හැදුන් විය. එයටද හේතුවක් විය.. ඒ මුහුනු හයක රුද්රාවමය ඒ රුද්රාව බල කරන්නාවු දේවයන් නිසාවන්මය.
+ ඒ කවුරුන්ද
- කාර්තිකේය රජුනි එසේත් නැතිනම් කතරගම දෙවිය.. නැතහොත් මහසෙන් නමින් ද මහාසෝන නමින්ද අප හදුන්වන්නා වූ අසම සම බල ප්රාක්රමයක් හිිමි විටෙක මෙ රාවණ රජුන්ගේ ස්වරුපයක්ය යනුවෙන් වැදුම් පිදුන් ලබන්නාවූ දේවයන්ය.
+ ඔහ්... මුහුණු සයක්ද අත් දොලසක්ද ඇත්තාවූ යුධයට අධිපති සැවුල් ධජය දරන්නාය ...!!
- එසේය රජුනි මහාසෝනා නම් අවතාරය වෙනෙකෙකි... ඒ ගැනද කතාන්තර ඇත
+ එය සත්යක්ද ?
- රජුනි මේ තුන් ලොව ගැන මා මුලින්ම සදහන් කලා මතකැති. පෙරේත තිරිසන් අමනුස්ස අසුර මනුශ්ය බ්රහ්ම දිව්ය ආදි නොආදි බොහොමයක් මෙහි වෙසෙති ඒලෙසින්ම ඒ හා බැදුනු මනු ලොව වැස්සන්ද සිටිති.
+ යකැදුරන්ද
- එසේම ත් නැත අමනුස්ස තිරිසන් ප්රේත යන් නරකක් නැත නරක ඇත්තේ අප මනු ලොව වැසියන් ඔවුන් ව යොදා ගන්නා ආකාරයනි
+ යොදාගන්නා ආකාරය යැයි පැවසුවේ ?
- රජුනි කලුකුමාර , මොහනි , මහසොහොන්, කිඳුරි, රීරි යක්ෂ,උළමා, මහ කොළ සන්නි යකා, බෝදිලිමා ආදී නොයෙකුත් අවතාර ගැන කතාන්තර අසා ඇති ... බැයවැද්දීම් , ආවේස වීම් , ලෙඩ කිරීම්, මරණයට පත් කිරීම් ආදිය අසා ඇති...
+ එසේය අබය එසේය
- හොදමයි ඒ අවතාර කාණ්ඩය ප්රාතිර්භුත කරන්නාවු බව ඔබ දැන සිටියාද ?
+ අවතාර ප්රාතිර්භත කල හැකිද ??
- ඉතින් ගැමුනු රජුනි විශ්නු සතුවද දස අවතාර තිබෙනවා නොවැ අවතාර ලෙස බලනා මානය වෙනස් කල යුතුය මක් නිසාද අපට ඒ උදවුවද අවැසි තැන් තිබෙනවා
+ හ්ම් දැන් කවුරුන්ද ඒ ප්රාතිර්භුත කරනුයේ අප මහාසෝන ද ?
- නැත රජුනි මහසෝන ඒ සිදු නොකරයි. එහෙත් ඔබ දන්නා වෙනකෙකු විසින් මහසොහොන් අවතාරය ප්රාතිර්භූත කරයි.. මේ කාලයේදී මහසොහොනා ඔහු සතුය...
+ මා දන්නා අයෙකු..... ! යෝධයන්ගෙන් කෙනෙක්ද ?
- නැත රජුනි ඔහු ජයසේනය .., රිටිගලට අධිපතිව අංගං සේනාවක නායක රිටිගල ජයසේනය.. අප සේනාවට ඔහු වහා කැඳවිය යුතුය.. මහසොහොන් යක්ෂයා ප්රාතිර්භූත කිරීමේ හැකියාව ඇත්තේ ඔහුටම පමණි. !
+ රිටිගල ජයසේ මා ඔහු හදුනමි අභය .... !!
--------------------------------- සෙස්ස පස්සට
--- කුරුළු --
පසුගිය කතාන්තරත් - ඉදිරි කොටස් බලන්නත් " කුරුළු " පේජ් එකටම එන්න.. !
( රාවණ ගැමුණු රජු දස මහායෝධයන් සතුව මෙවන් අසාමාන්ය විදයා / ඉන්ද්රජාල ශක්තීන් ඇතැයි මනංකල්පිතව දසිස් නමින් මා ලබන මේ ප්රභන්ධය කර්තෘ දැනුවත් කිරිමකින් තොරව කතාව ඇසුරින් සිදු කරන්නාවූ කොටස් උපුටාගැනීමක්, අනුකරණය කිරීමක්, ආර්ථික අයිතිවාසිකම්වලට කෘතිය ප්රතිනිෂ්පාදනය කිරීමේ, විකිණීමේ, කුලියට දීමේ, බෙදාහැරීමේ, මහජනයා සඳහා සන්නිවේදනය කිරීමේ සහ පරිවර්තනය කිරීම වැලැක්වීමට බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත. )
#ravana #රාවණ #රාවන #කුරුළු #දසිස්