Saturday, May 25, 2019

==== දසිස් 53 ====



( පනස් දෙවන කොටස හා සබැඳි )
(මෙය බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත.)
- රජුනි සමාවුව මැනව නොකියන්නෙමියි සිතා සිටි කාල රාමුවක් නුඹට කියන්නෙමි...
+ පවසව
- නමුත් නුඹ මා හට දිවුුරුම් දිය යුතුයි ඒ කාල රාමුව වෙනස් කිරීමට මැදිහත් නොවන ලෙස මක් නිසාද කාල රාමු වෙනස් කිරීමෙන් මහා විපත් සිදු වේ..!
+ ඔබගේ මුහුනේ ආකාරයට මේ ඉතා බැරැරුම් ලෙස පෙනේ, හොදමයි දිවරමි.. එහෙත් ජයසේනයන් උපරිමයෙන් රකිමි
- රජුනි කාල රාමුවට බාධා නොකරන්න, ජයසේනයන් මිය යන්නේ ද්වන්ධ සටනකිනි
+ කවුරුන් හා සිදුකරන ද්වන්ධයක්ද අභය, කවුද අප ජයසේනයට අභියෝගය කරන්නට තරම් ඉදිරිපත් වන්නා.. ඇරත් හිස වෙන්වන්නට පා පහරක්..
- රජුනි... ඒ අප " ගෝඨයිම්බර " ගේ පා පහරකි !
+ අහෝ........................!
—————————————– අද එතැන් සිට
+ අහෝ ථේරපුත්ථභයනි කිමද මා සේනාවේම සෙන්පතියන් එකි නෙකා යුධ වදින්නේ
- රජුනි සමාවන්න මා හට ඒ තරම් දුරට විස්තරයක් කල නොහැකියි ඒ කාල රාමුව සම්බන්ධව. සිදුවන්නට නියමිත දැ සිදුවේවි අපට ඒ වැලැක්විය නොහැකියි..
+ ඇයි අපිට අතීතය වෙනස් කල නොහැකියි ඒත් වර්තමානය වෙනස් කිරීම මගින් අනාගය වෙනස් කල හැකියි නෙවේද අභය..
- රජුනි යම් කිසිවෙක් ඔහුගේ දෛවය මග හැරීමට උත්සාහ කිරීමක් ලෙස වෙනත් මාර්ගයක් තෝරාගන්නේද ඒ තෝරාගනු ලබන මාර්ගයේදීම ඔහුට දෛවය හමුවන්නේමය ..!!
+ එසේනම් බුදු රදුන්
- රජුනි නිවන් මාර්ගයට පිවිසීම වෙනත් කාරනාවකි වෙනස් කිරීමට අවැසි නම් නිවන් මාර්ගයට පිවිසිය යුතුමය..
+ හ්ම්
- මා රජුනි ඒ නිසාවෙන්ම්යි අප මහා ගෞතම මුනිදුන් තුන් කල් බලා ධර්මය දේශා කල යුතු පුද්ගලයන් සොයා ගොස් හෝ දේශනා කලේ .. ඒ වගේම යමෙකුගේ දෛවෝපගත අනාගත කාල රාමුවේ නරකාදිය හෝ අකුසලට යොමු වේ නම් පමණක් ඔහුව සුගති ගාමි කිරීමට නිවන් මාර්ගය උදෙසා ධර්මය දේශනා කලා. ඡත්තමානවක ගාථා, අංගුලි මාල දමනය , වැනි අවස්ථා ඊට උදාහරණයි .. දේවදත්ත තෙරුන් සම්බන්ධව එසේ වුවත් ඔහුගේ දෛව කාල රාමුව වෙනස් කිරීමට බුදුන්ටත් නොහැකි වුවා ඒ තරමට අකුසල ක්රියා බලවත් ගැමුණු රජුනි..
+ හ්ම්.. එසේ නම් අපට අනාගත කාල රාමුවක වර්තමානයේදි බාධා පමුනුවන්නේනම් ඒ කුසල් මාර්ගයට පිවිස නිවන් අවබෝධය කරා මෙහෙයවීමෙන්ම පමණයි නෙවෙද
- එසේය ඒසේ වුවත් ඇතැම් අකුසලයන් විපාක දේ..
+ පැහැදිලියි
- ඒ නිසාවෙන්ම රජුනි දිවුරා පොරොන්දු වුවා මෙන්ම ඒ පොරොන්දුව රකිනු මැනවි. ගෝඨයිම්බර හා රිටිගල ජයසේනයන් ගේ ඒ සිදුවිමට මැදිහත් වීම නොකරනු මැනවි. ඒය සිදුවියි යුතු අයුරින් සිදු වේවි.
+ හොදයි එසේනම් අභය මා හට මෙයවත් පවසන්න .. ඔබ මේ තරම් බලගතු යැයි පැවසු මහ සොහොනා පාතීර්භුත කරන්නාවු ජයසේනයන්ව පැරදවීමට තරම් බලයක් අප ගෝඨයිම්බර සතුවීද ?
- රජුනි මා සිතා සිටියේ සයවන රුද්රාව දරන්නා වු මහාසෝනගේ විස්තරය කිරීමටයි ඉන්පසුවයි සප්ත මුකී රුද්රාව දරන්නා වූ ගෝඨයිම්බරයන් ගේ විශේෂත්වය පැවසිමට සුදානම් වූයේ.
+ හොදමයි එසේනම් ඒ පිලිවෙලට සිදුකරන්න..
- සම්පුර්ණ විස්තර පවසන්නේනම් අප රිටිගල ජයසේනයන්ගේ විස්කම් හැකියාවන් ගැනද මහසොහොනා ගැනද තවත් විස්තර කල යුතුව තිබේ එහෙත් එයත් පසුවට තබා ගනිමි. සියල්ලම නැතත් මෙතැනට අදාල යැයි හැගෙන නිසාවෙන් මා ගෝඨයිම්බරයන්ගේ බලය ගැන එක කරුණක් පවසන්නම්
+ හොදමයි
- රජුනි ජයසේනයනුත් ගෝඨයිම්භරයනුත් අතර වන්නා වු යුද්ධයේදි ජයසේනයන් විසින් මහසොහොනාව පාතර්භුතකරන්නාවු කල්හි ගෝඨයිම්බරයන් අනික් පසින් පාතිර්භුත කලේ කුමක්දැයි සිතිය හැකිද ?
+ නැත... අවතාරයන්ද ?
- නැත රජුනි.. ගෝඪයිම්බරයන්ගේ අණසකින් මෙලොවට පාතිර්භුත කලේ සන්නි යකුන් දහ අට දෙනායි ..!
+ මහසොහොනාට එදිරිව සන්නි යකුන් දහ අට දෙනා යුද්ධයට .... !
- එහෙමයි
+ එහෙත් අභය මා දන්නා තරමින් සන්නි යකුන් දහ අට දෙනා ලෙඩ රෝග දුරු කිරීමට පැවතෙන්නක් නොවැ.
- රජුනි මා මින් පෙරත් ඒ පැවසුවා .. පසුකලෙක
සන්නි යකුම,
රට යකුම,
සූනියම් කැපිල්ල,
මහසොහොන් සමයම.,
කුමාර සමයම, ගොපලු සමයම
ලෙසින්මේ ලකෙහි පැවතේන්නේ යකුන් උදෙසා සිදුකරන පහත රට ශාන්ති කර්ම විධි ක්රම ලෙසිනුයි..
ඒ ලෙසින්ම තවත් හෙල යක් කොඨ්ටාශයක් ඉරමුදුන් සමයම, දහඅට සන්නිය , මංගල සමයම ,දේව තොවිලය ඒ ඒ පලාත අනුව යකුන් උදෙසා සිදුකරන ශාන්තිකර්ම ලෙසින් සිදු කරනවා..
ඒ සියල්ල බිහිවන්නේ පසුකලෙකයි .. එනම් මේ ශක්තීන්ගේ පූර්ණ ශක්තිය නොමැතිව පාතීර්භුත කිරීමේ හැකියාව නොමැතිව එසේ හැකියාව පැවති අයවලුන්ගනේ පැවත එන්නාවු පරම්පරවල් ජීවත් වන්නාවු ග්රාමයන් ආශ්රිතව සිදු කරන්නා වු හෙල ශාන්ති කර්මයි. වර්තමානයේ අප ගෝඨයිම්බරයන් දහ අට සන්නිය යකුන් එලෙසින්ම පාතිර්භුත කිරිමේ හැකියාව ඇති අතර මහසොහොනා ව එලෙසින්ම පාතීර්භුත කිරීමට රිටිගල ජයසේනයන්ට හැකියි.
+ ඔහ්
- එසේ පූර්ණ වහයෙන් පාතිර්භුත කල කල්හි ඒ අවතාර යකුන්ගේ බලය පුර්ණයි රජුනි එය පුර්ණව පාතිර්භුත කරන්නවු පුද්ගලයාට ලැබේ. ඒ නිසාවෙන්මයි ඔබ වහන්සේගෙන් මා අසා සිටියේ ජයසේනයන්ට මිනිසුන් බිය වන්නේ ඇයිදැයි කියා.
+ හහ් හහ් හහ් හහ් පුදුමාකාරයිනේ අභය
- රජුනි සිතා බලන්න රෝග දුරු කිරීමට සමත් වන අර්ධ පාතිර්භුතයක්වත් නැති යකුන් පූර්ණ ලෙස පාතිර්බුත වූ කල කෙසේ ශක්තියක්ද ??
+ හ්ම් .... සන්නි යකුන් දහ අට දෙනා මහසොහොනාට වඩා බලවත්ද අභය..
- රජුනි යක්ෂයා බලවත් වු පමනින්ම සටනක් දිනිය නොහැකිය. ඒ බලය නිසියාකාරව මෙහෙය විය යුතුවන්නේය.. අනෙක ගොඨයිම්බරයන් ගේ දස්කම් එපමණක්මත් නොවේ අමතක නොකරන්න ඔහු අප රාවණ පුරුකකි ..
+ එසේයි එසේයි..
- හොදමයි සන්නි යකුන් දහ අට දෙනා පිළිබදවත් මා යම් විස්තරයක් කරන්නම්..
භූත සන්නිය, අභූත සන්නිය , අමුක්කු සන්නිය , ව්යාධි සන්නිය , වාත සන්නිය, බිහිරි සන්නිය, ගෝල සන්නිය, කණ සන්නිය
පිත් සන්නිය, කෝල සන්නිය. මුර්තු සන්නිය, දෙමළ සන්නිය, නාග සන්නිය, කොර සන්නිය , ගිනිජල් සන්නිය , ගුල්ම සන්නිය, ජල සන්නිය‍ , දේව සන්නිය ලෙසින් ඔවුන් වත්මන නම් වේ.මේ වන විට නම් අප ‍‍වෙස් මුහුණු සේනාංකයේ මොවුන් පිළිබිඹු වන්නා වු වෙස් මුහුණුද ඇත.
+ දනිමි දනිමි අභය මා ගේ යුධ සේනාවේ වඩාත්ම මා ප්රිය කරන්නාවු සේනාංකයකි වෙස්මුහුණු සේනාංකය. ඔවුන් ඉතා රණකාමීන්ය බලවත්ය.
- එසේය රජුනි.. මේ දහ අටක් වු සන්නි යකුන් පිලිබද ඉතා ඈත අතීත කතාවක් ඇති..
+ පවසව..
- ඒ අප ගෞතම බුදුන් සමයේදිය..!
+ අහා.....!
--------------------- කුරුළු -- ( සෙස්ස පස්සට)
.
පසුගිය කතාන්තරත් - ඉදිරි කොටස් බලන්නත් " කුරුළු " පේජ් එකටම එන්න. පේජ් එක ලයික් කරල තියාගන්න. !
( රාවණ ගැමුණු රජු දස මහායෝධයන් සතුව මෙවන් අසාමාන්ය විදයා / ඉන්ද්රජාල ශක්තීන් ඇතැයි මනංකල්පිතව දසිස් නමින් මා ලබන මේ ප්රභන්ධය කර්තෘ දැනුවත් කිරිමකින් තොරව කතාව ඇසුරින් සිදු කරන්නාවූ කොටස් උපුටාගැනීමක්, අනුකරණය කිරීමක්, ආර්ථික අයිතිවාසිකම්වලට කෘතිය ප්රතිනිෂ්පාදනය කිරීමේ, විකිණීමේ, කුලියට දීමේ, බෙදාහැරීමේ, මහජනයා සඳහා සන්නිවේදනය කිරීමේ සහ පරිවර්තනය කිරීම වැලැක්වීමට බුද්ධිමය දේපල නීතියේ ප්රකාශන අයිතිය යටතේ ආරක්ෂා කර ඇත. )
#ravana #රාවණ #රාවන #කුරුළු #දසිස්

No comments:

Post a Comment