Sunday, August 31, 2014

===රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන් - ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන් ==


.
- දැන් හරිද ඉතින්..
+ මොනවද හරි..
- දැන් අර මම දීපු ටෙඩියො ටික පින්තුරෙ දාල දැන් හරිද හුහ්..
+ ඉතින් මම දැම්මනෙ මට ලැබුන ඒව කියල
- එත් අර දැක්කනෙ එක එක්කෙනා ඉල්ලලා දාල තිබුනෙ..
+ ආහ් ඒ ඉතින් ආසවටනෙ..
- අනේ යනව යන්න. දීල තිබුනොත්නෙ.. ඒ මදිවට අර මම ආසම මගේ තඩි බ්‍රවුනිවත් ඉල්ලල හුහ්.. මම ඒයාලව හූරල හූරල දානව.. කොනිත්තනව මම...
+ මාව නෙවෙයිනෙ එයාලවනෙ . එහෙනම් කමක් නැ
- ඔවු එයාලව අයියට මම ආදරෙයිනෙ. අයියට තුවාල වෙනවට මම ආස නැනෙ..
+ මේ ඔච්චර ආසයිනම් මම ඔයාට ඒ බ්‍රවුන් පාට එකාව දෙන්නම්..!
- හා............ං............දෙන්න දෙන්න...
+ හා එහෙනම් ඊලග දවසෙ එනකොට මම අරන් එන්නම්...
- එපා එපා මට එපා
+ ඒ පාර මොකෝ..
- මට ගේන්න වෙනින් එකෙක්..! චොක්කො එකකුත්..
+ ඇයි වෙන එකෙක්
- නැ ඉතින් මේ මෙහෙමයි මම දැන් ඔයාව බැන්දාම ඔයා ගාවට එනව එතකොට එයත් මගෙ බ්‍රවුනිත් මගෙ..
+ අම්මට සිරි නරකම නෑ මෙයත් නේද !!
- මේඅයියෙ දැන් මම ආවම ඔයාගෙ ගෙදර ඔයාට බිම තමා නිදියන්න වෙන්නෙ.. මම ටෙඩියල සේරෝම ටික තියාගෙන ඉ්නෙ ඇද වටේටම මට එයාල නැතිව නැ..
+ මොකක් ? අනේ මේ ඔය වලස්සු වගේද පණ තියෙන වලස්සු !‍
- අනේ මේ යනව යන්න එයාලට මුකුත් නොකියා..
මොකෝ ඒ පාර උඩ බලන්න හිනා වෙන්නෙ..
+ නැමට වෙන දෙයක් කල්පනා වුනා..
- කියන්නකො.. කිය්නනෙකො
+ නැ ඕන නැ මම පස්සෙ කියන්නම්..
- බැ බැ බැ බැ දැන ්කියන්න .. දැන්ම කියන්න හොදේ මම තරහ වෙනවා කියන්න කියන්න ඉතින්..
+ඉන්නව දගලන්නෙ නැතිව.. මට කල්පනා වුනේ ඉස්සර අපි පොඩි කලෙ කියමවක් තිබුණ ගැනු ලමයි පොඩි කාලෙ ආස බෝනික්කොන්ටලු.. පිරිමි ලමයි ආස වීරයොන්ටලු.. ඒත් ලොකු වෙනකොට ‍ඒ දෙක මාරු වෙලා ගැනු ලමයි වීරයෝනට ආදරේ කරනවලු පිරිමි ලමයි බෝනික්කොන්ට ආදරේ කරනවලු..
- හානේ හරී ෂෝක්.. ඉතින් ඇයි හිනා වුනේ.. මට හිනා ගියෙ නෑනෙ..
+ නැ දැන් කාලෙ ඒක වෙනස් නංගි... දැන් කාලෙ පොඩි ගැනු ලමයි ආස පාරෙවල් වල ඉන්න වලස් පැටවුන්ට.. පිරිමි ලමයි ආස කොම්පියුටර් ගේම් වලට.. අවාසනාවට දැන් ළමයි ලොකු වුණාට ඒව මාරු වෙන්නෙ නෑ... පිරිමි ළමයි ලොකු වෙලත් ආදරේ ගේම් වලටමයි.. එත් මම කල්පනා කලේ ඇයි ගෑනු ලමයි ලොකු වෙලත් මේ වලස්සුන්ව බදන් ඉන්නෙ කියල..
- හ්ම්.. මම නම් ඉතින් මගේ වලහව බදා ගන්නෙ මම ආදරේ නිසා..
( ඇය මාගේ දකුණත ඇගේ දෑතින්ම බදා උරහිසට හේත්තු වූවාය )
- අයියෙ ඔයාට ඉතින් මට ආදරෙයිද ?
+ ඔවු..
- හරිනෙ ඉතින් එහෙනම් ඔයා ආදරෙයි බොනික්කෙක්ට.. මේ මම බෝනික්කෙක්..හොදේ.. ඔයා ම‍ගේ වීරයා... හරිනෙ.. අපි පරණ කාලෙ විදියට ආදරේ කරමු..
+ අපෝ මේ බැ බැ.. මම ආස නැ බෝනික්කොන්ට..
- ඇයී උන් සෝයි. අනේ ජිල්බෝල වගේ ඇස්... නිල්ම නිල් පාටයි මටත් ඉන්නව බාබිඩෝල් ල ගොඩක් මම ආසයි උන්ගෙ ඇස් වලට.. උන් නටවනව ඒ ඇස්.. මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම
+හැ හැ හැ හැ කොහොම කොහොමද ??
( ඇය මදක් ඈත් වී මා දෙස බලාගෙන ඇස් කරකවයි..)
- ඔන්න බලන්න ඈ.. මෙහෙම මෙහෙම.. මෙහෙම මෙහෙම..
( මට තනිව සිනාය. මා ආදරේ කරන්නේ මේ හුුරතලයටය.. මා සමඟ ජීවතයේ මහා බර පතල් දේවල් කතා කරන්නේ ඉතා කලාතුරකිනි.. ඒ ඈට තාම ඒවා හුරු නැතිවා හෝ.. මා සැහැල්ලුවෙන් තැබීමට ඈ උත්සාහ දරනීය..)
+ නංගි දන්නවද ඒ බෝනික්කන්ට බෝල ඇස් තියේනනෙ ඇයි කියල.. හරියට ඔයාට වගේ
- නෑනෙ ඇයි ඒ.. මේ මේ මගෙත් ඒව ගේ බෝලද ඈ..
+ ඔවු ... ඔවු.. බොනික්කො ඉස්සලම හැදු‍ෙ ජපානෙ.. ඒ අයගෙ ඇස් පුංචියි.. ලොකෙම මිනිස්සු හිනා වෙනව ජපන් අයගෙ ඇස් වලට.. ඒ නිසා ඒ අය බොනික්කො හැදුව ලොකු ඇස් දාල.. එතකොට පොඩි ලමයි කවදාකවත් දැකල නැති ඒ ලොකු බෝල ඇස් වලට ආදරේ කලා..
- හානේ හරී සෝක්..
+ඒත් මම ආස නැ බොනික්කොන් ඒ උන් ඔයා වගේ නිසා
- ඒ කිවුවෙ... මම ලස්සනයිද ?? මම රෝස පාටයිද.. හුරතල්ද .. කියනවකො...
+අපෝ නෑ.. උන් වයින් කරාම කනක් ඇහෙන්න නෑ.. සමහර උන් අඩනව ඉවරයක් නෑ.. හරියට ඔයා වගේමයි...
- අනේ යනව යන්න නපුරා..!
==================
රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන්..
.
තාරකා සිනා දැලේ රන් කැලුම් දිගේ
ආදරේ ගලා හැලේ සිහිනයක් වගේ
පාලුවේ වෙලී හඩා වැටෙද්දි ජීවිතේ
මා දිහා ලගාව ඉන්න රත්තන් මගේ
‍.
මාරුතේ හමා වනේ මල් උයන් දිගේ
පාවෙනා වලාකුලේ සිසිලසක් වගේ
වේදනා නිවී ඔබේ සුනීල නෙත් විලේ
ජීවිතේ සිනා නගාවි සෙනෙහසින් හදේ
========== ටී. එම් ජයරත්න මහතා
--කුරුළු--



Thursday, August 28, 2014

==== සාගරයක ආදර රැලි හිතට එබී - දිග වුණා තමයි සොඳුරියෙ සසර බැමී.. ==




.
මා බොහෝ වේලාවට වැඩ රාජකාරී බහුල පුද්ගලයකි..
ඒ තියෙන වැඩ අතරතුර මුහුණු පොතේ පෝස්ටු දැමීමද මේ වන විට ජීවිතයේ තවත් එක් රාජකාරියක් වී හමාරය.. ඒ මා නොලියා හිටිය දිනයක.. එක් සහෘදයෙක්
* කුරුළු අද ලිය්නනෙ නැත්ද ?
+ නෑ බං..
* අපෝ කවියක් දාන්‍නකො අන්තිම කවිය දැම්මෙ මීට පැය පහ මාරකට කලින් !
+ මොකක් ඔයාල ඒවත් ගණිනවද ?
* නැතිව මම මේ බලන්නෙ නිදියන්න කලින් ඔයාගෙන් පෝස්ට් එකක් කියවන්න. ලියන ඒව අඩු කරන්නෙපා කුරුළු.. අපි බලන් ඉන්නෙ හිත හදා ගන්න.. දිගටම හැමදාම ලියන්න .. ඔයාට පිනක් ඒක..
---- පිනක් වෙන්න පුලුවන් හැබැයි මේ අන්තර්ජාලයේ බිල පියවාගැනීමටවත් සල්ලි නැත්තං මේ ලියවිලි නුඹලාට පෙන්වන්න වෙන්නේ නැත. ඉතින් මටත් වැඩ කිරීමට සිදුවේ..! හොඳයි මම දිගටම ලිය ලිය ඉන්නම්.. හැබැයි අපේ ගේ ඉස්සරහ පිං කැටයක් තියල... ! කවි බලන ඔයාල කතා කියවන ඔයාල කැමති නම් ඇවිල්ල ඒ කැටේට කීය කීය හරි දාල යනවනම් ම‍ේග වියදම් වලට ඔන්න මම දිගටම ලියන්නම්..!!
-----
ඒ මේ කෙසේ වෙතත් මට මේ ලියවිලි නිසා රාජකාරි නිසාත් අතපසු වෙන්නේ සුදු නංගීවමය..!!
---
- ආ මිස්ට කුළුලු ඉන්නවද ??
+ නැ මිස්ට නෑ තාම -තාම මාස්ටර් කුරුළු
- අනේ යනව යන්න..!
+ මේ කවුද මේ කතා කරන්නෙ ..
- අපිව දැන් අඳුරන්නත් බෑනේද !
+ ම්.. ඉන්න බලන්න.. මේ කමලා වතීද ??
- මොකක් ! නෑ නෑ .. මම දයා වතී..
+ ආං හරි කට නම් ඒ වගේමයි..
- අනේ මේ යනව යන්න පණ්ඩිතය... මේ එක නෙව් මීට පස්සෙ මට නම් දානවනම් දානව හොද ලස්සන නමක් හොදද.. ගොඩේ නම් නැතිව..! එහෙම නැත්තං මාත් දානව ඔයාට සිරිපාල කියල ..
+ සිරි පාල.. ?? ඒ අපේ මල්ලිගෙ ගාව හිටිය ෆයිටර් මාලුවගෙ නමනෙ..!
- අයියෝ අයියටයි මල්ලිටයි දෙන්නටම පිස්සු මාළුන්ට දානවද අනේ එහෙම නම්.
+ඇයි නැත්තෙ ඔය අපි දැම්මෙ !.. ඌ යස අගේට කැමතියි ඒ නමට..
- මේ ඒක නෙවේ.. දැන් දවස් හතරකින් කතා කලේ නැත්තෙ ඇයි මට !
+ මම ? දවස් හතරකින් ඔයාට.. ඇයි ඊයෙත් කතා කලේ !
- ඊයෙ ! ඔවු ඉතින් ඊයෙ කතා කරන්න ඇති වෙන  කෙල්ලෙක්ට? මට නම් කතා කලේ දවස් හතරකට කලින්..!
+ මලා.. මට අමතක වුනානෙ..!
- හනේ හනේ අපිම නිසා හොඳයි..! දවස් හතරක් වෙලත් මේ අසරණිව ඉන්නවද බලන්නෙ නෑ.. ඉන්නව තව ෆේස් බුක් එකට වෙලා ලිය ලිය..
+මම වැඩ අනේ මම ලිය්නනෙ පරණ ඒව.. දැන් ලියන්නවත් වෙලාවක් නැ..
- පරණ ඒව දාන්න එපා අනේ මට ඒව කට පාඩම්.. මම බලන් ඉන්නෙ.. ඒව වැඩක් නැ මට ඔයාට ගහන්නෝන !!
+ මොකක් ! ඒ ඇයි..
- මට කරපු දේට.. මට ආසයි ගහන්න.. ඔයාට.. චටාස් ගාල - කම්මුලට..
+ නංගි ඔයාත් වාරියපොලද ??
- අනේ..... බෑ.. බෑ.. මට ඕනෙමයි ගහන්න.. මට ඔයාට ගහන්න බැරිනම් වැඩක් නැනෙ..!
+ පිස්සද පාර හිටියොත් ..අනික මම කාගෙන්වත් ගුටිකාල නෑ.. කවුරුත් මට අත උස්සල නෑ මේ වෙනකම්..!
- එහෙම බැ.. මට ආසාවක් ආව.. නරක් වෙන්න බැ හොදේ.. හොද ලමය වගේ මගෙන් ගුටි කන්නකෝ.. හරි එහෙනම් මෙහම කරමු.. ඔයත් මට එකක් ගහන්න.. මට අයියල‍ නැනෙ කවුරුත් මට ගහලත් නෑ.. ඔයා ගහන්න මට චටාස් ගාල..
+ අපෝ බෑ ඔයාගෙ මූනෙ පාර හිටියි.. ඔයා සුදුයිනෙ..
- බෑ ඔට්ටුව එහෙම තමා... හරි ආයෙ කිසි කතාවක් නැ හරිද !
+ හරි එහෙනම් ආයෙ හමුබුනාම
-අනේ ඉතින් එහෙනම් කවදාකවත් වෙන්නෙ නෑ.. කණ කැස්බෑව අහස බලනව ව‍ගේ වැඩක් තමා..ඔයා ඉතින් වැඩ ගොඩක් කරන කෙනානෙ.. ඔයා නැත්තං මේ රට වැටිල අනේ...
+අනේ යනව යන්න.. මම ආසයි වැඩ කරන්න..
- කොච්චර වැඩ කලත් සල්ලිත් නෑනෙ අනේ ඔයා ගාව..
+හ්ම් වැඩ කිය්නනෙ සල්ලි නෙවේ සුදු නංගි! ආත්ම තෘප්තිය !
- අනේ මේ එහෙම නෙවේ අපි දෙන්න බිස්නස් එකක් පටන් ගමු මම එන්ම් උදවුවට.. හොද ලාබ තියෙන බිස්නස් එක්ක මට කල්පනා වුනා...අපි ඒක කරමු..
+ මොකක්ද ?
- නෑ.. අර කන්ටේනර් එක.. ඒක ගෙනාව කෙනාට දැන් විකුණ ගන්න බැරිවනෙ ඇත්තෙ.. මම කතා කරල එයාගෙන් බාගයක් ඉල්ල ගන්නම්..
+ කුඩු !
- ඔවු අනේ.. ඊට පස්සෙ අපි දෙන් එකතු වෙලා ඒව පැකට් කරපු අර පොලිතින් වල දාල පොඩියට සැෂේ විදියට.. ඔයා ප්‍රින්ටින් දන්නවනේ ඔයා ප්‍රින්නට් එකක් ගහන්න..
+ ඊට පස්සෙ..
- ඊට ප්සසෙ අපි දෙන්න ගෙයක් ගෙයක් ගානෙ ගිහ්න විකුනමු.. " කුඩු.. කුඩූ... කුඩු.. කුඩූ.." කියල..
+ ඉතින් නංගි දැන් අපි එහෙම ගියාම කවුරුත් ගනිවිද අපෙන්..ඒචච්ර ඔන නැනෙ..‍ෙ ගවල් ගානෙ යන්න..
-ගනී අනේ.. නැත්තං කන්ටේනරයක්ම මොකටද ?
+පිස්සි මෝඩ කතා කියන්නෙපා.. හිරේ යන්නද හදන්නෙ!!
- එහෙනම් දැන් ඔය අනික් අයත් යන්නෙපැයි.. පිස්සුද අනේ එහෙම කාවවත් හිරේ දානනේ නෑ.. අපි වෑන් එකේ ගහමු බෝඩ් එකක් අත්‍යාවශ්‍ය සේවා කියල..
+ ආපෝ මේ මේ තියපිය ෆෙ‍‍ෝන් එක.. මටත් එක්ක ගුටි ක්න්න වේනනෙ මේකිව බැඳ ගත්තොත්..
-හ්ම් තියනව එහෙනම් මැට්ට.. අපේ අදහස් තමා මෝඩ.. නපුරුම නපුරුයි.. ඔය ගෙනාව කනෙත් ගේන්න ඇත්තෙ එහෙම විකුණනන්න තමා.. නැත්තං කන්ටේනරයක්ම ගෙනෙයි යැ.. ගාබෙට අහුවෙන්න ඇති.. එහෙනම් ඒ ගෙනාව කෙනත් මෝඩයි මට වඩා.... මම තියනව... බුදු සරණයි.. කෝල කලේ නැති වුනාට කමක් නැ..මැසේජ් එකක් හරි දාන්න... වෙලාවට කන්න..
+ආදරෙන් ඉන්න නංගි....
-----
ටිලිං........ං....... ( මැසේජ් එකකි..)
- me mam mooda katha kiwata kamak ne oya FB eke dannepa hodey. modaya. ussan yaieta passe eakatat mata thami duka.mata be polici geane enna.
---
මා ආදරේ කරන්නේ හුරතලේටය.. මේ මෝඩ කතා වලටය..! මේ දහසකුත් එක්ක වැඩ අතර මා සිනහ පුබුදන එකම හේතුව ඇයමය..!! අවාසනවට ඇය ජීවත් වන්නෙ මා තුල පමණි.. ඇය මාගේ හිතලුවකි... !
====
අඳුර ඉකි බිඳින තුරු සිටියට සැඟවී
සුවඳ නුඹ ලගයි නුඹ කොතැනද මලවී
නාඬනු දුක් කඳුළ තුරුලටම වඩිමී
සුවඳ තවම හිත ලග නිති නැතිව හිඳී
.
පිවිතුරු පෙම් බිඳකට මුතු කඳුලු වැටී
දෑගිලි මැද සෙනෙහස රන් දෙවොල තැනී
-- සාගරයක ආදර රැලි හිතට එබී
දිග වුණා තමයි සොඳුරියෙ සසර බැමී..
.
මල් පෙති මත නැවුම් සුවඳ වැතිර හිඳි
මින්දදයින් මා බලන්න නිතර එතී
-- හීනෙන් මුදු පොපියන තොල් සඟල සිඹී
ඔබෙ සුවඳින් මිදුනා දුක සසර බැමී..
=====අසංක ප්‍රියමන්ත සහ නිරෝෂා විරාජනී පීරිස් මහත්ම මහත්මින්
---කුරුළු----


Thursday, August 21, 2014

==== මාතෘකාවක් නැති ලියවිලි ! ====



මා සිටියේ ආනාපානා කුණ්ඩලීනියේ දෙවන චක්‍රයේය...
මුලින්ම මදුරු මැසි කරදරය. පසුව වෙනාදට නෑසෙන සියම් ශබ්ද පවා කරදර කරයි.. යම් යම් අදිසි ශබ්ද ඇසීමත් - පුලුටු දුර්ගන්ධයන් පැතිරීමත් සිත තුල සිතිවිලි වේගවත් වීමත් සිරුරට දහදිය දැමීමත් මෙහි හැටිය...
මේ යක්ෂ හා ප්‍රේත ලෝකයෙන් බලපෑමක් එල්ල කල හැකි අවසාන අවධියයි.. මෙම චක්‍රයෙන් එලියට පිනූහොත් කිසිදු බාධකයක් නැත...
දිගින් දිගටම ආස්වාස ප්‍රශ්වාසයේම පසුවීමි... ඒද භාවනා රටාවට අනුවමය...
මඳ වේලාවකින් සියල්ල නිසොල්මන් විය... සමන් මල් සුගන්ධයත් සියම් වූ සීනු නාදයක් පමණකුත් ඇසෙන්නට විය... මා අතෙහි වූ වජ්‍රාව වෙනදාටත් වඩා බරකින් යුක්ත විය.. යම් සෙලැවීමක්ද දැනුනි..
බොහෝ දෙනා සිතනාකාරයට භාවනා‍යෝගී විම යනු මේ පවත්නා ලෝකයෙන් මිදී වෙනත් ලොවකට යෑමක් වැනිය.. ඇස් කන් නාසා සිරුර සිත නැති හිස් කදක් පමණැකැයි සිතති .. නැත.. එවෙ‍ේලෙහිට වනුයේ එකත්පස්ව සිටීමකි.. එනම් ඉදුරන් පහම එකකට කැටි කොට සිත අවදි කිරීමය.. වෙනාදටත් වඩා අනේක් ඓන්ද්‍රයන් සංවේදී වීමය.. නැතහොත් බාවනාව යනු ඓන්ද්‍රයන් මරා දැමීමක් නොව... සියල්ල වැඩි දියුණ වීමක්ය....
‍‍‍..
මා එල්ලාගෙන සිටි රුද්‍රාවද වෙනදා මෙන් නොව එහෙ මෙහෙ පැද්දෙනු දැනින...
මා හිස මුදුනින් ඉතා වේගවත් කිරණ භමණය වනුද දැනින.. කෙසේ වෙතත් හිසට කිසි රුදාවක් නැත... සෞම්‍යයි.. සනීපයි...
.
මා සිටි‍ මාගේ නිදි යහනේම භාවනායෝගීවමය... එය පද්මාසනයයි.. දෑත දෙදණ මතය.. දඹරැගිල්ල හා මාපොටැගිල්ල නවා ස්පර්ෂකරගෙනය.. අතක වජ්‍රාවය...
බාහිර වටපිටාවේ වෙනසක් දැනුන හෙයින් අඩවන් දෑස හැරීමි...
.
මා ඉදිරිපිට කෙනෙකි‍‍.. ! මා මෙන්ම පද්මාසනයෙන්ම හිඳ දෑත දෙදණ මත තබාගෙන හිදියි...
.
බියක් නැත... තැතිගැන්මක් ඇත....
.
+නුඹ කවුද ! මා ඇසීමි
- මා නුඹයි !
+ එසේ කෙසේද ???
- හ්ම්.. ඒ කිය්නෙ නුඹට දැන් මාව ඇහෙනව.. පේනව..!
+ ඔවු මට දැන් නුඹව පේනව ඇහෙනව...
- මම විශ්ණු
+ විශ්ණු කිවුවෙ ! දෙවියොද !
- ඔවු ! නුඹලා කියන්නෙ නම් එහෙම
+ හොඳයි මෙතෙක් දවස් මම නුඹට කතා කලා ඇයි ආවෙ නැත්තෙ.
- මම ආව හැමදාම නුඹටයි නොපෙනුනේ..!
+ ඇයි ඒ
- නුඹ අදයි තෙවැනි චක්‍රයට එලැඹුනේ.. එවිටයි අපව සුසර වෙන්නෙ
+ ඒ කිය්නනෙ නුඹ හැමදාමත් ආවාද
- ඔවු මම හැමදාම ආවා.. මම හැමවෙලේම නුඹ එක්ක හිටියා..
+ එහෙනම් ඇයි මට නුඹව දැන්නෙ පෙනුනෙ ඇහුනෙ නැත්තෙ..
-දරුවා මම මෙහෙම කියන්නම්.. ගුවන්විදුලියක රූපවාහිනි නාලිකා පෙනෙන්නෙ නැ.. රූපවාහිනියක ගුවන්විදුලි නාලිකා ඇහෙන්නෙ නැ.. ඒ කට හේතුව මොකක්ද..
+ ඒ තරංග සංඛ්‍යාත වෙනස් නිසානෙ.. අනික ගුවන්විදුලියක් හදන්නෙ ඒ තරංග අල්ලා ගන්න.. එතකොට රූපවාහිනියක් හදන්නෙ එ් අදාල චැනල් අල්ල ගන්න..
- අන්න ඒක තමයි.. හොදයි මට කියන්න.. නුඹලාගේ ඔය දුරකථන සේවා සපයන සමාගම් වල ඇමතුම් නුඹලාට ඇහෙනවද ? එක ඇමතුමක් ලබාගන්නාවිට තවත් ඇමතුම් ඒ තුල ඇහෙනවද ?
+ අනේ නැ.. අපි කතා කරන කෙනාගෙ හඩ විතරයි..
- හොදයි ඒ වෙලාවෙ කොච්චර දුරකතන සංවාද වෙනවා ඇත්ද ..
+ හ්ම් .. මිලියන ගානක්..කෝටි ගානක්..
- එත් කවදාකවත් ඒවා එකිනෙක සම්බන්ධ වේනනෙ නෑ.. නුඹලයි අපිත් ඒ ව‍ේග .. නුඹලා දෙවියන්ය කියන කොටස - අපි - හැම වෙලේම ඉන්නව හැම තැනමත් ඉන්නව.. හැබැයි නුඹලාට අපිව ඇහෙන්නෙ පෙන්නෙ නෑ.. ඒකයි ස්වාභාවය..නුඹලා අපිට කතා කරනව අපිට ඒක ඇහෙනව..ඒත් අපි කතා කරන එක නුඹලට ඇහෙන්නෙ නෑ.. අපිට නුඹලව පෙනුනට නුඹලට අපිව පේනනෙ නෑ.. ඒක හරියට ගුවන් විදුලියයි රූපවාහිනියයි වගේ.. අන්ක එක කොච්චර නාලිකා තිබුණත් එකට පැටලැවෙන්නෙ නැ.. හරියටම හරියන තුරු ඉන්න වෙනව
+ ඉතින් මොකද ඒකට කරන්න ඕන..
- මේ දැන් වගේ සිත දියුණු කරගන්නෝන.. ඒ කිය්නනෙ දෙපාර්ශවයවම එකම මට්ටමකට එන්න ඕන.. හරියට සංඥා හොයාගෙන කඳුමුදුනකට නගිනව වගේ වැඩක්..!
+ හ්ම් ..හොදයි.. මම කෝමද නුඹ විශ්නු කියල පිලි ගන්නෙ..
- ඒක නුඹේ රාජකාරියක් දරුවා.. පිලිගන්නවනම් පිලිගන්න.. නැති නම් නිස්සද්ද වන්න.. ඒකෙන් අපි දෙදෙනාටම වෙන සෙතක් නැ..
+ නුඹ ට පුළුවනිද මට උදවු කරන්න..
- ඔවු මම උදවු අවශ්‍ය හැමෝටම උදවු කරනව.. හැම‍ෝගෙම ලගින් ඉන්නව.. මට අඩගහන මට උදවු කරන හැ‍මොටම මම උදවු කරනව.. මේක ගනුදෙනුවක් පුතා..
+ හොදයි නුඹ කෝමද මම කතා කරනභාශාව කතා කරන්නෙ.. මේ නුඹේ ඇදුම් පැලදුම් වෙනස්නෙ..
- හ...හ..හ..හ.. නුඹ සිතන්නේ මට කොච්චර වයසයි කියලද.. පුතා නුඹලා අපව සිතුවම් කරන්නෙ නුඹලා තුල තියෙන භක්තියට.. ඒත් අපිත් නුඹලා වගේම කාලයට අනුව වෙනස් වෙනව.. අනික අපට භාෂා ඥානය නිතැතින්ම ලැබෙනව.. ඒ කොහෙම වුනත් දැන් නුඹත් මාත් කතා කරනවා නෙවෙයි අපි සිටින්නේ අදහස් හුවමාරුවකයි....
හොදයි මා යා යුතුයි.. නුඹත් ‍තෘතීය චක්‍රය අවධිකර ගත්තා පමණයි.. නුඹ මේ අවස්ථාවේ සිත පවත්වාගත හැක්කේ සිමාන්තික කාලයකට පමණයි.. නුඹට හැකි නම්.. දිගටම යන්න.. මම උදවු කරන්නම්තත නුඹ පතනා.. තත්වයට සිත ගෙන යාමට.. මා නුඹ්ත සමගම සිටිනවා..
+ හොඳයි.. මා උත්සාහ කරන්නම්...
( මා ඉදිරියේ වූ රුව බොඳ වී යනු දුටුමි....... නැවත දෙනෙත් පියාගතිමි.... ක්‍රමයෙන් සිරුර ලිහිල් කරමින් ධ්‍යානයෙන් මිදුනෙමි.. ඒ හෙටත් ඔහුව මුණ ගැසීමේ අටියෙි.. )
---කුරුළු--

Saturday, August 16, 2014

== මිලින කුසුමෙක මිලින සිහිනෙක මගේ සිහියද සැගව ගත් කල == == සිතනු මත ඔබ ඔබට අවනත හදක් මිහිමත මෙතෙක් රැදි වග == =============== එතෙක් සුහදිනි ================








-අයියා ගෙදර අාවද !
+ ඔවු
-ආහ් ඇති යන්තම් ආව.. දැන් කාලද
+ හ්ම් කාල ආවෙ..
- හොදයි දැන් නිදියන්නද හදන්නෙ
+ නැතිව ඉතින් රෑ වුනාම නිදියන්නෙ නැතිව ඉතිං.. මම ඇඳටත් ඇවිල්ල ඉන්නෙ..
- ආ ඒව ඔට්ටු නෑ.. සුදු නංගි එක්ක කතා කරන්න ඕන.. උදේ පැය බාගෙ මිස් වුනා සුදු නංගිට ක්ලාස් නිසා .. දවල් පැය බාගෙයි රෑ පැයයි සේරොම පැය දෙකයි.. ඩිස්කවුනට් එකක් දෙනව පැය බාගෙක එතකොට පැය එකහමාරක් කතා කරන්න මාත් එක්ක .,!
+ මොකක් ! දැන් එකොලහයි.,! එක වෙනකම් ඉන්නද කියන්නෙ
- ඒව කරන්න දෙයක් නෑ සුදු අයියෙ හොදේ..! සොරි ඇ.. දන්නවනෙ සුදු නංගි වසයි ඇ මමයැ කිවුවෙ නාට්ටි බලන්න යන්න.. හුහ්..! දැන් මොකක්ද බලපු නාට්ටිය..!
+ " බල්ලොත් එක්ක බෑ "
- ඕක ඔයා බැලුවනෙ අනේ දැන් ගොඩ පාරක්
+ හ්ම් මේ දහවෙනි පාර.. ආසයි අනේ ඒක මරු !
- නැ නෑ වෙන හොරයක් ඇති.. මොකෝ ඒකෙ ලස්සන කෙල්ලෙක් ඉන්නවද !
+ අනේ නෑ.. ඒකෙ විහිළු වලට මම ආසයි..
- හ්ම්.. බල්ලොත් එක්ක බැරි වුණාට කෙල්ලොත් එක්ක පුළුවන් නේ !
 +මොනවද ?
-මොනවද තමා හුහ් මම දැක්ක වෝල් එකේ දාල තියෙනව ඒක බලන්න යනව කියල..
+ඉතිං..
- ඉතින් තමා.. ඔවු මෙයා යනව කිවුවාම එනවනෙ කෙල්ලො පෝලිමේ..
+ඇයි ඒ...
-ඔයාව බලන්න..!
+අනේ මේ උන්ට එච්චර පිස්සු නැ.. මගේ ප්සසෙන් එන්න..අනික මම ගියානෙ බිඑම් අයි සි එච් එකේ.. ප්‍රදර්ශනය් බලන්න
- අනේ මද අප්ප ඒ අනික් එක.. හැම සිතියෙම යනව නේද මොකක් තිබුනත් ඔයා බලනව නේ..
+ ඔවු මම ඒකටත් ආසයි මිනිස්සු දකිනකොට මට අදහස් පහල වෙනව
- අනේ... ම‍ෙගේ සුදු අයියෙ.. අපි ඔය බිඑම් අයි සි එච් එකයි නාට්ටි හොල් එකයි මැද්දෙ හරියෙන් ගෙයක් ගමු මයෙ අම්ම.. එත්කොට පැට්රෝල් වියදමවත් ඉතිරි කර ගතැකි.. හොදේ .. මම අරන් දෙන්නම් ඇ..
+ හැ හැ හැ හැ ගමුකො ගමුකො
- ගමුකො නෙවේ ඊලග දවසෙ මාවත් එක්කං යනව.. මටත් බලන්න ඔන මෙයාගෙ හොර ගමන් ටික.. මට හොරෙන් යන්නෙ කියල..
+ආ හොර අල්ලන්නද.. එහෙනම් නොකියම එන්න දවසක එතකොට බලාගන්න පුලුවනි..
-හා මේ ඒව වැඩක් නැ දැන් පාඩම් කලාද !
+මම? මම මොකටද පාඩම් කරන්නෙ ?
- ඇයි දරුවො හෙට ශිෂ්‍යත්වෙනෙ..
+ මළා අමතක වුනානෙ දැන් මොකෝ කරන්නෙ..
- අපි දන්නෙ නැ අපි නම් පාඩම් කලා.,! හු හු ඔයා පේල් වෙයි..
+ හ්ම් මම පහේ පන්තියේ සිසුවෙකු තරම් දක්සයෙක් නෙ‍ාවෙමි..!
- හා මම අහන්නද ප්‍රස්නයක්..!
+අනේ මේ මට දැන් නින්ද යාගෙනයි එන්නෙ...
- එහෙම බැ එහෙම බැ මේකට උත්තර දෙනව..!
මෙම පින්තූරයේ සිටින්නාගේ පියා මගේ පියාගේ පුත්‍රයාය. මගේ පියාට සහෝදරයන් ඇති අතර, මට සහෝදරයන් හෝ පුතුන් නැත. පින්තූරයේ සිටින්නා මගේ කවුද?
+ මොකක්?? ආයෙ අහනව බලන්න.,!
මෙම පින්තූරයේ සිටින්නාගේ පියා මගේ පියාගේ පුත්‍රයාය. මගේ පියාට සහෝදරයන් ඇති අතර, මට සහෝදරයන් හෝ පුතුන් නැත. පින්තූරයේ සිටින්නා මගේ කවුද?
+ ම් ඇයි නංගි පින්තුරෙ ඉන්න කෙනා අදුරගන්න බැරි තරම් සවුත්තු වෙලාද ! ඔයාගෙ නෑයෙක්මයි ඇත්තෙ.. අපි හෙට කලර් ලැබ් එකකට ගිහින් හදා ගමු..!
- ගර්........උෟරා...ඌරා... ඔයා ඌරා.. මරනව ඔයාව.. කොච්චර අමාරුවෙන්ද අද හවස ඉදන් මම මේ ප්‍රස්නෙ හදාගෙන හිටියෙ අහන්න ඔයාගෙන් .. කැව කෑව..
+ හ..හ..හ.... හ....
මට මතක එපමණකි මට එහෙම්මම නින්ද ගොසිනි... නැවත ඇහැරුණේ මැදියම් රැයත් පසුවූ ගොසිනි..!
ඇයගේ ඇමතුම විස්න්ධි වී ඇත.. නොකියැවූ කෙටි පණිවිඩයක් එහි විය..!
" mam thaniyen katha karanwa. ayia doi. kamk ne mahansi athine ayiyata. nidiyaganna.mama adarei godak godak godak. gud nyt. aadaren inna.<3 .="" call="" karanna="" mata="" negittoth="" p="" rea="" wela="">
එහෙත් ඇයව නින්දෙන් පිබිදවීමට මට ලෝබය..
+සුභ රාත්‍රියක් සුදු නංගි.. ආදරෙන් ඉන්න...
=====================
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි මනින්නට තව උගෙන නැත ඔබ
මගේ අවසන් සුසුම පමණද අවැසි ඔබ හට මා දකින්ට//
.
වසර ගණනක යොදුන් ගණනක ගමන් මග අප ගෙවා ඇත්තෙමු
තරු වියන් යට කුසුම් පෙති යට දෑත් පටලා ඇවිල ඇත්තෙමු
එහෙත් සුහදිනි,
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි මනින්නට තව උගෙන නැත ඔබ
.
මිලින කුසුමෙක මිලින සිහිනෙක මගේ සිහියද සැගව ගත් කල
සිතනු මත ඔබ ඔබට අවනත හදක් මිහිමත මෙතෙක් රැදි වග
එතෙක් සුහදිනි
මගේ සෙනෙහස මෙතෙක් වේ යැයි මනින්නට තව උගෙන නැත ඔබ
============ සුනිල් එදිරිසිංහ මහතා
--කුරුළු--

song -