Sunday, June 29, 2014

====== සබඳ අපි කඳු නොවෙමු - උනුන් පරයා නැගෙන === === සුනිල දිය දහර වෙමු - එකම ගගකට වැටෙන ======


.
-- Social media day Colombo 2014 -- #SMDAYCMB
කවදාකවත්ම ගිහිල්ල නැති වුණාට මට ඒකට සහභාගී වෙන්න සිද්ද වුණා.. ඒ මට එන්න කියලත් - කුරුලුත් එක්ක ආදරෙන් - බ්ලොග් එක ජනප්‍රියම බ්ලොගයන් අතරට තේරීපත් වීමත් නිසාවෙන්.
ජීවතේ පලවෙනි වතාවට 300ක් විතර පිරිසකගෙන් 10ක් විතරක් අඳුරන එකෙක් බවට පත් වුනා.. මොකද එතැන බහුතරය twitter භාවිතා කරන අය.. මම අඳුරන එවුන්ට එතැන හිටියෙ Buzzරේඩියෝ කට්ටියයි - රස්ත මල්ලියි - රනුක මල්ලියි විතරයි..  බ්ලොග් ලියන මගේ මරණයයි - නලීන් අයියයි - සිකුරාජපති අයියයි - අටම්පහුරයිත් ආව.. ( වැඩිය කතා බහ කරගන්න බැරි වුනත් - බොහොම සතුටක් ආව ඒ අයව එතැන දැකීම ම )
පටන් ගත්ත වෙලේ ටිකක් වෙවුලුවෙ ඉංගිරිසි බැරි නිසා ! එත් අර “ සින්දු කියන කුරුල්ලො “ ආව වෙලේ දැනුන හිතට පුදුම සැහැල්ලුවක් !
අතර මැදදි අදහස් දක්වන්නයි ප්‍රශ්න අහන්නයි දුන්න.. ඇත්තටම මට ඒ දේශන ටිකට වඩා අහපු ප්‍රශ්න තේරුණේ නෑ.. ඒ තරම් වේගෙන් බොහොද පැහැදිලි ඉංගිරිසි කතා කලා ඒ ළමයි...
එතැන සුදු නෝන කෙනෙක්ට හිටියෙ “ ඇමන්ඩා මෙනවිය “ විතරයි .. එයත් අවුරුදු දොලහක් ම ලංකාවෙලු ආමාරුවෙන් මිරීස් ගල කියල කියාග්තතු නිසා එයාටත් සිංහල තේරෙනව ඇති කියල හිතුණ...
බැරි වෙලා හරි මගෙන් මොනව හරි ඇහුවනම් එවෙලෙ..
එතැන හිටිය අර එක සුදු නෝන ගැන නොහිත අනික් 299 දෙනා ගැනම හිතල මම සිංහලෙන් කතා කරනව කියල මම හිතා ගත්ත.. ! මගේ අවාසනාවට උන්ගෙ වාසනාවට ඇහුවෙ නෑ මුකුත්.. !!!
.
එතැන.
අරූගෙ අඩවිය - ලීශාන් මල්ලි - තිලකසිරි සහ මම තේරි තිබුණ ( මතක විදියට තව එකක් තිබුණ )
අන්තමේදි - ජනප්‍රියතම බ්ලෝග් ලියන්නා - විදිහට මට සම්මානයක් ලැබුණ -
ඒ තේරී පත් වෙලා තිබුණ බොලොග් අතරින් එතැන පැමිනිලා හිටියෙ ලිශාන්නුත් මමත් විතරයි..
--
සම්මානය කෙසේ වෙතත් මගේ හිතේ කලින් ඉදලම අකමැත්තක් තිබුන එක සිදුවීමක් නිසා.. මම මේ ගැන දැන ගත්තෙත් මල්ලි කෙනෙක් මාව ටැග් කලාට පස්සෙ.. මම ඒ ගැන මගේ වෝල එකේත් - බ්ලොග් එකෙත් සදහන් කලා.. කාට හරි ඡන්දයක් දෙන්න කියල
එවෙලේ අරූගෙ අඩවිය එතැන අදහසක් දක්වල තිබුණ..
“ කුරුළු.....මමත් ඕක දැක්කේ මගේ පෝස්ට් එකකට ඩිලාන් එවපු කමෙන්ට් එකකින්. මම ෆේස්බුක් නැහැ. මමත් ඒකේ ඉන්නවාලු. මමත් පෝස්ට් එකේ කමෙන්ට් එකක් දැම්මා...ඒ පස්දෙනාගෙන් කාට හරි දෙන්න කියලා. මම තාම ඒ විස්තර තියෙන පිටුවවත් දැක්කේ නැහැ. මට යාළුවෙක් කිව්වා පස් දෙනෙක් ඉන්නවා කියලා. මගේ කැමැත්ත කාටවත් දෙන්න විදිහක් නැහැ. මම ෆේස්බුක් නැති නිසා. උඹට ජයවේවා!!“
.
ඇත්තටම මම එවෙලෙ කඩන් වැටුන. අවාසනාවට මම එවෙලෙ ඒ ලින්කුවට ගිහින් මගේ නමට වෝට් කරල ඉවරයි ! නැත්තං මම ඒක අරූට දෙනව.. ඒ වෙන මොකුත් ලොකු කමකට නෙවෙයි අපි මේ ඉ්නනෙ බ්ලොග් එකක් ලියල අවසාන වටයටත් තේරිලා ඒකට තමන්ට ඡනදයක් ප්‍රකාශ කරගන්න බැරි - සෝෂල් මීඩියා එකක් තියෙන රටක නිසා --
.
ලිශාන්ව නම් මම හොදට අදුරනව ඒ බස් රේඩියෝ එකේ මමත් කාලයක් හිටය නිසාත් උත් හොඳ නිර්මාණ කාරයෙක් නිසාත්.. අනික අපි දෙන්න මුන ගැහෙන ගොඩක් වෙලාවට නිර්මාණ ගැන කතා කරන නිසාත්.. දවස ඉවරවෙලා ආපහු යනකොටත් ලිශාන් මට සුභ පැතුව.. එවෙලෙත් අපි කතා වුනා.. ලිශාන් කිවුව විදියට තිලකසිරි කියන බ්ලොගයත් මරුලු...
.
කොහොම වුණත් මේ සම්මානෙ “ ජනප්‍රියතම බ්ලොග් ලියන්නා මිසක් “ හොඳම බ්ලොග් ලියන්නා නෙවෙයි..!
ඇත්තටම නිර් - මාණ කියන්නෙ මානයකින් තොර දේවල්.. එතැනදි හොඳමයෙක් ඉන්න බෑ.. පහ වසරෙ විබාගෙදි වචන 250ක රචනාවක් ලියල පාස් වෙනව වගේ වැඩක් නෙවේ.. එක එකා ලියන්නෙ එක එකාගෙ මානයෙන් ඉතින් හොදමයෙක් මනින්න බෑ..
“ ජනප්‍රිය “ 2014 දි විතරයි 2015දි වෙන කෙනෙක් ජනප්‍රිය වෙයි..
මම හැම වෙලේම කියනව වගේ - බොහෝ දෙනාට අහසේ පියාසර කල හැක එහෙත් අහසේ රැදී සිටිය හැක්කේ කිහිප දෙනෙකුට පමණි -
.
අවසානෙදි මම මේක තොරාගත්තු හැටිය ඇහවුව සංවිධායකයන්ගෙන්...
මීට ටික කාලෙකට කලින් ඒ සංවිධාකයො අවස්ථාවක් දීල තියෙනව කැමතිම බ්ලොග් අඩවි යෝජනා කරන්න ඒ අතරින් වැඩිම ගණනක් යෝජනා වුන බ්ලොග් තමා මේ අවසාන වටයට අරන් තියෙන්නෙ.. එහෙම නැතිව මේ තේරී පත් වුන කිසිම කෙනෙක් කොහෙවත් ලියාපදිංචි වෙලා තරගයට ඉිදිරිපත් වුන අය නෙවෙයි... ( මට ඒ සංවිධායකයො කියපු විදියට )
(ලියා පදිංචියක් තිබුන - ඒ ඇතුල් වීමට එදා දොරෙන් )
.
මේකෙන් පස්සෙ මට නම් තඹ දොයිතුවක වත් වෙනසක් වෙන්නෙ නෑ.. මේ පොස්ටුව ලිය්නනෙත් පින්තුරය්ක දැම්මෙත් මා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කල සහෘදයන් ඒ ගැන විමසා සිටි නිසා..
මම කොහොමත් ලිවුව.. එදත් අදත් , හෙටත් ලියනව ! ඒ මේ සම්මාන වලට නෙවේ .. මට !
මම දන්නවිදියට අනික් සේරොම එහෙමයි.. ඒ නිසා කිසි එකෙක් වෙනස් වෙන එකක් නැ.. අපි ලිවුව ඒ අය තරගයට අපිව දැම්ම .. එකෙක් දින්න එච්චරයි...
- සින්දු කියන කුරුල්ලො - කිවුව වගේ අපි එදත් නොමිලේ අදත් නොමිලේ අපිට ඉ්නනෙ මේ මිනිස්සු විතරයි --
.
-------------මට මතක් වෙනව චන්දන අයිය කිවුව කතාවක් -----
“ මල්ලි උඹල අපි වගේ ඉගිල්ලෙන්න ආස උන් ඉගිල්ලෙන්න විදිහක් නැතිව ඉන්න කොට කවුරු හරි ඇවිල්ල තටු දෙකක් දෙයි.. අපිත් ඉගිල්ලෙන්න තියෙන ආසාව නිසා උඩ ඉගිල්ලෙයි.. අපේ කරණම් ගහ ගහ.. එතකොට අපිට ආදරේ කරන අය පහලට වෙලා බලාගෙන අත්පුඩි ගහයි.. සතුටු වෙයි.. එත් මතක තියාගනිං උඹ දන්නෙම නැතිව උඹට තටු දීපු මිනිස්සු අන්තිමට අර උඹ දිහා බලාගෙන සතුටු වෙන මිනිස්සුන්ගෙන් ටිකට් කඩයි. අන්න ඒක වෙන්න දෙන්න එපා “ Chandana Ellewala
.
අන්තිමට -
වැඩසටහන සංවිධානය කරපු හැමෝටම ස්තුතයි !
මට දිනන්න උදවු කරපු හැම සහෘදයටම ස්තුතියි.. !
======
සබඳ අපි කඳු නොවෙමු - උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු - එකම ගගකට වැටෙන..
.
වියලි ගිනි දැල් නොවමෙු වනය අවුලා තබන
සිසිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වහින
.
නපුරු හීනය නොවෙමු ළමුන් නිදිි සුව බිඳන
සොඳුරු අඬහැරය වෙමු දනන් නින්දෙන් මුදන
--------------------- විශාරද ගුණදාම කපුගේ ශූරීන්
=======
--කුරුළු---

Friday, June 27, 2014

--------- කවි නෙවේ -----


ඔයාව හැමදාම තෝරගත්තෙ
මලකට ,
මාව - ගලකට,
මම ස්ටේජ් එකේ පැත්තක
ඔයා හරි මැද..
මට තිබුණෙ ගලක් වගේ ඉන්න
ඔයාට තිබුනෙ හිනාවෙන්න,
එහෙට මෙහෙට හෙලවෙන්න..
මම ගලක් වගේ හිටිය...
පාට පාට සමනලයො,
එක එක ජාතියෙ කුරුල්ලො
ඔයාව වටකරන් හිටිය - පැණි බිවුව.. !
මම ගලක් වගෙ හිටිය...
කවදාකවත් මගේ දිහා බැලුවෙ නෑ.,
මට ඔයා ලගට එන්න පුලුවන් කමකුත් නැ..
මම ගලක් නිසා..!
ඔයත්,
බලන් ඉන්න අයට පේන්න
සමනලයොන්ට පැණි බොන්න ඉඩ දුන්න..
මම ස්ටේජ් එකේ හිටියද කියලවත්
කාටවත් මතක නෑ..
මොකද මම  - ගලක් නිසා..!
එත්....
ෂෝ එක ඉවර වුණාම ඔයා..
මගේ ලගට ආව...
අඩාගෙන,
මගෙන්න ඇහුවෙ එක දෙයයි
" ආයෙත් ඒවිද ඒ සමනලයා - මල් වල පැණි බොන්ටා "
මට කතා කරගන්න බැරි වුණා..
--  මම ඇත්තටම ගලක් වුනා ---
ඇත්ත....
සමනල්ලු හොයන්නෙ මල් මිසක් ගල් නෙවේ ..!
මල් හොයන්නෙත් සමනල්ලුව මිසක් ගල් නෙවේ ..!
එත් ගල් ... !!
---කුරුළු---


( පින්තුරය මට අයිති නැත - අන්තර්ජාලයෙන් බාගත කරගතිමි )

===== අද නැතත් ,හෙටත් මේ ලෙස - නුඹ නිසා බලා ඉමි මම..! ===




.
-ඔයා හෙන නරකයි අප්ප..
+මම ? නරකයි ? ඇයි ඒ..
- ඇයි කියන්නෙ? මාව හම්බ වෙන්න එනව කියල ආවෙ නෑනෙ..
+ අනේ සුදු නංගි මට වැඩ වගයක් වැටුනනේ..
- ඉතින් අහුල අහුල හිටියාම සුදු නංගිව බලන්නෙ කවදද ?
+ හ්ම්.. ඒව කරන්නම එපැයි නංගො !
- ආ එතකොට මාව බලන් ඕන නැත්ද ? මට තමා කුඩම්මගෙ සැලකිලි.. !
+ හම්...! මට සමාවෙන්න සුදු නංගි එහෙනම්.. ! මගේ අතින් වැරැද්දක් වුනා.. මම හිතුව ඒ වැඩේ දීපු කෙනාට මාව තේරුම් ගන්න බැරි වුනාට ඔයා මාව තේරුම් ගනි කියල.. මට සමාවෙන් නංගො.,!
- අනේ අයියෙ කමක් නෑ.. එත් ඔයා මගෙන් සමාව ඉල්ලන්න එපා ඔහොම මට දුකයි.. අයිය ඔහොම මූන හදන්නෙපා අනේ මටඇඩෙයි.. ඔයාට අහංසක මූන හරියන්නෙ නෑ.. නපුරු මූණ හොදා.. නපුරා..
+ හ්ම්.. කෝ දැන් අර මට අරන් තියනවයි කිවුව තාත්ත එවපු චොකලට්..!
- අන්න ඒකනෙ මම ඔයාට කිය්නනමයි හිටියෙ .. මාර වැඩේනෙ වුනේ..
+ මොකක්ද වුනේ ගෙදරට ආව එකෙක් කෑවද ? නරක් වෙලාද ?
- නෑ නෑ.. මම ඔයාට චොක්කො 3ක් අයින් කලානෙ ඒව මම පරිස්සම් කලා.. හරිද ? ඔයා ඉතින් පහුවදා අවෙ නැනෙ.. මම බලන් හිටිය ඒ චොකලට් දිහා.. ආවෙ නැති නිසා තරහත් හිතේ තිබුනනනෙ..
+ ඉතින්..
- ඉතින් කියන්නෙ.. අර මම කිවුවෙ කජු දාපු ලොකු එකයි පොඩි එකයි තව නිකං පොඩි එකයිනෙ මම අරන් තිබ්බෙ..
+ ඔවු ඔවු මට මතකයි කජු දාපු එකනෙ මම ආසම..
- ඉතින් අනේ මට තරහයිනෙ ඔයා එක්ක. අනික ලොකු එකත් තියෙනවනෙ පොඩි එකක් ඔයාට මොකටද කියල මම පොඩි එක කෑව...
+ඒකත් එහෙමද.. කමක් නෑ ඉතින් පොඩි එකනෙ කෑවෙ..
-ඉන්නකො කියන්න.. ඒ කාල ටිකක් වෙලා ඉන්නකොට .. මට මතක් වුනා ඔයාට වැඩිය චොකලට් කන්න හොද නැනෙ ඔලුවෙ කැක්කුම හැදෙනව කිවුවනෙ..
+ ඔවු මට වැඩිය හොදනෑ..
- අන්න ඒකනෙ.. ඉතින් මම අර ලොකු එකෙන් බාගයක් කෑව.. ඔයා කෝමත් ඒ සම්පුර්ණ එකම ක්නනෙ නෑනෙ සුදු අයියෙ..
+ආ ඒකට කමක් නැ ඉතින් මම ගොඩක් කන්නෙ නෑනෙ..
- අහන්නකො.. ඉතින් අනේ.. ඔයා මගේ කොල්ලා වෙච්චි බාගයක් කාපු එක්ක මට දෙන්න බැනෙ ඔයාට.. මොනව වුනත් හරි නැනෙ ඒක.. නේද .. එහෙම හිතල අර ඉිතරි බාගෙත් මම කැවා..
+ඔව ඔවු ඒකත් හරි නේනනම් බාගයක් ගෙන්න බැනෙ එනකොට ලජ්ජයිනේ කමක් නැඑක්ත කැවට.. කෝ අනික් අර ඉතිුරු එක..
-දැන් මෙහෙමනෙ.. ඊයෙ රෑ ඔයා එනව කියල කිවුවම මම එ ්බැග් එක බැලුව . ඒ පොඩි එක විතරයි ඉතරු වෙලා තිබුනෙ.. ඉතින් අනෙ මම අයියට පොරොන්දු වුනානෙ චොක්කො 3ක් ගෙන්ව කියල.. දැන් තියෙන්නෙ එකයි.. එහෙම හොද නැනෙ අනේ තුනක් ගේනව කියල එක්ක අරන් එන්න.. ඉතින් ඊයෙ කල්පනා කරල මම ඊයෙ ඒකත් කෑව ..
+ඒක හරි ඔයා කරල තියෙන දේ එහෙම මිනිහෙක්ට දෙන්න බැනෙ... අනේ මගේ කට.. මේකි පෙරේත කමට ගිලල ගිලල මෙතන.. දැන් එනව ඒක හොද කරන්න හුහ්..
- අනේ...........මම බොරු නෙවේ කිවුවෙ.. එහෙම්මම මයි වුනේ..!
+හ්ම් එහෙමද ? කමක් නෑ ඉතින්.. පස්සෙ දවසක හරි ගේනව
- හ්ම් හරි අයියෙ එහෙනම් මගේ හොද අයිය... මේ අයියෙ අර අතන ගහ ගාව අයිස්ක්‍රීම් අංකල්ගෙන් මට අයිස්ක්‍රීම් එකක් අරන් දෙන්කො..!
+ අයිස් ? මේ වෙලාවෙ..
- හ්ම් ඔවු මට ආසාවක් ආව..
+ හා හරි ඉන්න ම අරන් එන්නම්.. මෙතැනම ඉන්නව හොදද .. ලග පාත කොල්ලෙක් එක්ක පැනල යන්නෙ නැතිව මම ටක් ගාල අරන් එන්නම්.
- අපෝ වැඩේමයි.. මේ අයියෙ... අයිස් ක්‍රීම් දෙක්ක ගෙන්න එපා හොදද එකක් ගේන්න ..! අපි දෙන්නම ඒක කමු....
+ ඒ කියන්නෙ මට අයිස් ක්‍රීම්මුත් නෑනේ..
- ඇයි ඒ.,
+ ඇයි යකෝ චොකලට් තුනක් කාපු එකී මට අයිස්ක්‍රීම් දෙයියෑ.... !! කමක් නැ මම දෙකක්ම ගෙන්නම්.. කෝමත් මට හම්බෙන්නෙ බාගයයිනෙ එකහමාරක්ම ගිලිනවනෙ..
- අනේ....................මැට්ට...
***********************************
නුඹ සිතට පැමිණි දා සිට..
නෙතු දකිනු රිසි ඒ රුව
සිත තවම බලා හිදියි
නුඹ අදත් පැමිණ නැතුවට..
.
අරුණ ගෙවී ගොස් නැත
දැන් අඳුර උදා වූ වට
නුඹට හැකිය පෙ ලෙසම - යලි එලිය රැගෙන එන්නට
.
සිත දකින නිතර ඒ රුව
නෙත කලක් නොදැක හිටියට
අද නැතත් ,හෙටත් මේ ලෙස
නුඹ නිසා බලා ඉමි මම..!
=============== සංඛ දිනෙත්
************************************

Saturday, June 21, 2014

සාමාන්‍යෙයන් අසාමාන්‍ය දෙයක් !

මේක මේ ඉතාම අහම්බයක් විදිහටයි මම දකින්නෙ. කොහොම නම තෝරාගැනුනාදැයි දන්නෙ නැ..! ඒත් මටත් මේක එවුවෙ මගේ මිතුරෙක්.. කැමති අය ඉන්නවන්ම පහත ලින්කුවට ගිහින් ඡන්දයක් දෙන්න පුලුවන්.. මට ම නෙවෙයි.. මට වඩා හොදට ලියන තව කට්ටිය එතැන ඉන්නව... ඒ කෙනෙක්ට හරි සහයෝගයක් දෙන්න..
කොහොම වුනත් බ්ලගේ ලියන කෙනෙක්නෙ !!



http://www.socialmediacolombo.com/vote/





-- කුරුලු --

======දිගු කලෙකින් ඇය මුණගැසේවි හසඟනක් වෙසින් ===== වැසි වැටුනොත් ඒ සොදුරු මොහොත අඳුරු වේ සැනින්..=====





.
හැමදාම මේ කියවන පිරිස මට බණිනු ලබන්නෙ මා ලිය්නනේ සෑම දාම දුරකථන සංවාද ම නිසාවෙනි.. ඒ වැඩිපුරම ඇයත් මාත් අතර දුර අඩු කරන්නෙ දුරකථන සංවාද නිසාවෙනි.. ඇයත් මාත් මුණ ගැසේන්නේ ඉතා කලා තුරකිනි.. අප වැන්නවුන් දුරකථන සේවා සපයන ආයතන වල ස්ථීර තැන්පතු ඇති කොටස් කරුවෝ වෙමු.. පෙර කල ඇති ණයක් පියවමින් සිටින්නෙමු.. !
.
- හෙලෝ...
+ ඔවු කියන්න.. නංගි.. අපෝ මොක්ද ඔය ඇහෙන සද්දෙ.. ඔයා මහ පාරෙද ඉ්නනෙ.. නැති නම් බස් එකක ද ?
- ආ මමද මම මේ.. බස් එකක නෙවේ ඉ්නනෙ කෝච්චියක... ඇහෙනවද සද්දෙ කචු කුචු කුචු කුචු හොස් හොස් හොස් හොස් හූ... හූ..
+ ආ.. ආ.. ඇති ඇති නවත්ත ගනින් කෝච්චිය.. ඇයි දැන් කතාකලේ..
- මෙහෙට වහිනවනෙ..
+ හප්පා මෙහෙත් එහෙමයි අප්ප...
- අපිට ගංවතුර ආධාර අරන් එන්ඩැ.. අපි යට වුනොත්..
+ හා අරන් එන්නම්... දැන් තිය්නද එහෙනම් වහිනව කියන්නද කෝල කලේ..
-අනේ නෑ උරෝ.. මෙහෙට හයියෙන් වහිනව සීතලයි..
+ ඉතින්..
- මම නාන්න හද්නනෙ...
+ ඉතින්..
- සීතලයිනෙ...
+ඉතින්
- මොනාද අප්ප ඉතින් ඉතින් ගාන්නෙ ඉතින් කිතුල් මුකුත් නෑ...
+ ආහ්... කියන්න කියන්න ..
- නැ නැ ඕන නෑ...
+ කියනව ඉතින් යකා අවුස්ස ගන්නෙ නැතිව..
- මොකෝ අනේ සැර කරන්නෙ.. මම මේ කියන් හැදුවෙ පොඩ්ඩක් එන්න බැරිද නාල ආව ගමන් මේ පැත්තට
+ ඒ ඇයි !
- ටිකක් බදාගන්න..
+ මොකක්.... යකෝ මාර වැඩක්නෙ .. මම වැඩ...
- අපෝයි ඔවු මම එන්න කිවුවාම තමා බැරි.. මේ අයියෙ සීතල වැඩි නිසා මම නාන්නෙ නෑ ඒකකො.. ඇග සෝදනව...
+ අපෝ ගඳ ගහ ගහ ඉන්නව.. හඩ්ඩි..
- අනේ යනව යන්න.. මගෙ ඔලුව වැදුන ඩිං ගාල... ගෙඩි ගැහිල....
+ ආහ්.. එහෙමද... ඕඩිකොලාන් දා ගන්න.. එහෙනම් නාන්නනෙපා ඇග සෝදගන්න..
- මේ කුරුලු අයියෙ..මගේ මේ මුලු ඇගම රිදෙනව අප්ප ... ඇග සේදුවෝත වැඩි වෙයිද දන්නෙ නැ.. මූන කට සොද ගත්තනම් සේප් නේ..
+ අනේ මේ දුවපිය ඇග හොදගන්න.. බොරු හේතු ඇද ඇද ඉන්නව කම්මැලි කමේ...
- අනේ නෑ මම මේ මගේ සෞඛ්‍ය ගැන හිතලයි නොනා ඉ්නනෙ අනේ..
+ ඔවු නංගි ඒක ඇත්ත පැටියෝ..එ ත් ඔයා ඔයාගෙ ගෙදර අය ගෙ සෞඛ්‍ය ගැනත් හිතන්න.. ඔයා  ඔහොම නොන ඉන්නකොට එක දිගට ගෙදර අය ලෙඩ වෙයි විසබීජ ගිහිල්ලම..
- අනේ....ඊයා........ මැට්ටා... එහෙම නෑ අනේ මම නානව අදත්.. නාල ක්‍රීම් ගාල.. සුවද ගගහ ඉන්නව.. එන්නෙපා ලගට වත් හරිද නංගිගෙ..
+ අපෝ නෑ එන්නෙ නෑ...
- ඒන්නෙ නෑ.. මේ ඒක නෙවේ වැඩ පැත්තකින් තියල ගිහින් නා ගන්නව.. දැන් හෙට හම්බවෙන්න එනව කිවුව නේද.. නාන්නෙවත් නැතිවද එන්න හදන්නෙ හඩ්ඩා..
+ ආහ්... නාන්ම ඕනද.. මේ සීතලයි වගේ නංගි.. ඔලුවත් වැදුන මගේ අද උදේ.. උළුඅස්සෙ..
- මේ මගෙන් ගුටි නොකා ගිහින් නා ගන්නවද .. බොරු හේතු හොයනව මෙතන මෙයත්.. හුහ් මගේ පොත මටම දාන්න..
+ මේ නංගි හෙට එන්නම ඕනද ?
- මේ අයියෙ මේ.. මේ නංගිගෙ යකා අවුස්ස ගන්නෙපා හරිද.. අපි චන්ඩි ඇ.. අන්තිමට කවදද අපි මීට් වුනේ.. අඩු තරමේ මගේ මුනවත් මතකද මන්ද ??? ඔන්න ඔයා ගිය සතියෙ කල් දාපු නිසා මේ සතියෙ එන්නම ඕනෙ හොදද .. බැ බැ.. බැ.. ඔට්ටු නෑ ඔයා නරකයි....
+ මේ ටිකේම වැස්සනෙ දරුවො .. නිකං නාන්න වෙන්නෙ දෙන්නටම.. අනික පාරවල්යටවෙලා.. කාර් එක දාන්න බෑ.. වැස්සෙ නැත්තං එන්නම්...
- බැ.. බැ.. බැ. බැ.. බැ කිවුවොත් බැ.. මට ඔයාව බලන්න ඕන.. හරි වැඩි වෙලාවකට එපා විනාඩි 5කට ඇවිල්ල යන්න.. අනේ එන්නම ඕන.. නැතිනම් මම ඔලුව ගහ ගන්නව බිත්තියෙ..ඩෝං ගාල පැලෙන්න.. එතකොට ඔයාට කෝමත් එන්නම වෙනවනෙ..
+ හා එහෙමද සුදු නංගි.. මෙහෙමයි ඉස්සෙලම ඔයා දොර ගාවට ගිහින් බිත්තියෙ හොද දාරයක් තෙර ගන්න.. ඊට ප්සසෙ අත්දෙකෙන් පුලුවන් තරම් හයියෙන් ඒක දෙපැත්තෙන් අල්ල ගන්න.. ඊටත් පස්සේ පුලුවන් තරම් ඔලුව පස්සට ඇද.......ල.... හයියෙන්....
- හෝවු හෝවු.. දැන් මොකක් ද මේ කිය්නනෙ..
+ අහ් මම මේ ඔලුව බිත්තියෙ ගහන හැටි කියල දේනනෙ හරි ක්‍රෙම්ට...
- අනේ............................ මැටි හරකෙක් ඔයානම්.. මේ හෙට එන්නම ඕන.. මම යනව නානන්න නැති නම් තව හවස් වුනෝත අම්ම බනිවි.. සීතලත් වැඩිවෙයි..
+ හරි හරි දුවන්න දුවන්න.. බුදු සරණයි.. ආදරෙන් ඉන්න..
- ටටා....
.
දැන් කෙසේ හෝ හෙට යා යුතුය.. ඇයට වර්ෂාව ප්‍රස්නයක් නොවේ.. ඇයට උවමනාව ඇත්තේ ලෝකය පෙරලුණත් මා දැක බලා ගැනීමය... හෙට ගොඩ ගැසී ඇති වැඩ කන්දරාව ගැන මතක් වන විටත් ඔලුව කැරකෙයි.. ගිය සතියේ මුණ ගැසීමට තිබු දිනය හෙටට කල් දැම්මේද මම මය..! දිනෙන් දින කල් දැමීමද කල නොහැක්කකි කෙසේ හෝ යා යුතුය.. හෙට ඇයව නොව  වැඩ ටික කල් දමමි...
.
ටිලිං............................ ( කෙටි පනිවුඩයකි )
" sudu ayiye heta wesse neththam witharak enna. mage ayia wessata themila leda wei. mam asa ne oya leda wenawata. oya beth ganneth neheny. heta wessoth passe dwasaka meet wemu. adarei - budusaranai " -- Sudu nangi <3 "
=========================
හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වලාවට කියන්
අද නොපැමින අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඇය මුණගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුනෝත ඒ සොදුරු මොහොත අඳුරු වේ සැනින්..
.
වීදි පුරා වතුර පිරෙයි
හෙමින් හෙමින් මුමුණ මුමුණ ඇවිද යමු කෙසේ්‍
තණ නිල්ලේ ගොහොරු සැදෙයි
කතා නැතිව අනන්තයට ඉගිල යමු කෙසේ
.
අප සමුගත් පසු වසින්න
ගං හෝ වැවු ඉපිල ඉපිල ඉතිර යන තුරා
හෝරා දෙක තුනක් ඉන්න
නෑවිත් වැහි වළා බඳේ කඩ ඉමෙන් මෙහා.
. **** වික්ටර් රත්නායක ශුරීන්
=======================

Friday, June 20, 2014

හැබැයි අපි තාත්ත ගෙන් අහන්නෙ එක ප්‍රශ්නයයි.. “ තාත්තෙ -- අම්ම කෝ ??? “


මගේ අප්පච්චි ඉර වගේ මගෙ අම්ම හඳවගේ..!
ඇයි අප්පච්චිට ඉර කියන්නෙ ?
එයා සැර නිසා ! සේරොම දේවල් වලට ඉහලින් ඉන්න නිසා..! එයා නිැතිව ජීවත් වෙන්න බැරි නිසා..! අපේ හැම දෙයකටම හේතුව එයා නිසා.. ! අපේ ජීවිතේ හැඩ ගස්වල අපිල පාර කියන නිසා..!
ඇයි එතකොට අම්මට හඳ කියන්නෙ.. !
සෞම්‍ය නිසා..! ආදරේ හිතෙන නිසා ! ආදරේ උගන්වන නිසා.,! මහන්සි වුනාම අපිව නිදි කරවන නිසා !
මගේ රෑ ගමන්  ගියත් මට එලිය දෙන්න මගේ ගැන හොයල බලන්න මම යන යන තැනට පස්සෙන් එන නිසා !!!
..
කවුද කියන්නෙ හඳ දවල්ට නෑ කියල !! නෑ හඳ දවල්ටත් තියෙනව.. ඒත් ඉරේ එලිය නිසා අපිට පෙන්නෙ නැති එක විතරයි.. ඉර හවසට ගෙදර යනකොට හඳ අපිට එයාට වැටෙන එලියෙන් ටිකක් අපිටත් දෙන්න පටන් ගන්නව..
..
හඳ හැමදාම එහෙමයි.. ඉර නැති වුණාමයි අපිට දැනේනනෙ එයා ඉන්නව කියල.. ඒත් ඇත්තටම
හඳ හැමදාම හැම වෙලේම අපිත් එක්ක ඉන්නව..!!!
.
මම කොහෙදි හරි දැක්ක හරි අපූරු කතාවක්..
අපි අම්මගෙන් තමයි හැම ප්‍රස්නයක්ම අහන්නෙ..
අම්මෙ මගේ ඇදුම කෝ - මේස් කෝ- ටයි එක කෝ- බෑග් එක කෝ- සපත්තු කෝ- කෑම එක කෝ- ෂර්ට් එක කෝ කියල..
හැබැයි අපි තාත්ත ගෙන් අහ්නනෙ එක ප්‍රශ්නයයි..
“ තාත්තෙ -- අම්ම කෝ ??? “
.
අද මගේ අම්ම ලෙඩ වෙලා.. !
--කුරුළු--