Friday, June 20, 2014

හැබැයි අපි තාත්ත ගෙන් අහන්නෙ එක ප්‍රශ්නයයි.. “ තාත්තෙ -- අම්ම කෝ ??? “


මගේ අප්පච්චි ඉර වගේ මගෙ අම්ම හඳවගේ..!
ඇයි අප්පච්චිට ඉර කියන්නෙ ?
එයා සැර නිසා ! සේරොම දේවල් වලට ඉහලින් ඉන්න නිසා..! එයා නිැතිව ජීවත් වෙන්න බැරි නිසා..! අපේ හැම දෙයකටම හේතුව එයා නිසා.. ! අපේ ජීවිතේ හැඩ ගස්වල අපිල පාර කියන නිසා..!
ඇයි එතකොට අම්මට හඳ කියන්නෙ.. !
සෞම්‍ය නිසා..! ආදරේ හිතෙන නිසා ! ආදරේ උගන්වන නිසා.,! මහන්සි වුනාම අපිව නිදි කරවන නිසා !
මගේ රෑ ගමන්  ගියත් මට එලිය දෙන්න මගේ ගැන හොයල බලන්න මම යන යන තැනට පස්සෙන් එන නිසා !!!
..
කවුද කියන්නෙ හඳ දවල්ට නෑ කියල !! නෑ හඳ දවල්ටත් තියෙනව.. ඒත් ඉරේ එලිය නිසා අපිට පෙන්නෙ නැති එක විතරයි.. ඉර හවසට ගෙදර යනකොට හඳ අපිට එයාට වැටෙන එලියෙන් ටිකක් අපිටත් දෙන්න පටන් ගන්නව..
..
හඳ හැමදාම එහෙමයි.. ඉර නැති වුණාමයි අපිට දැනේනනෙ එයා ඉන්නව කියල.. ඒත් ඇත්තටම
හඳ හැමදාම හැම වෙලේම අපිත් එක්ක ඉන්නව..!!!
.
මම කොහෙදි හරි දැක්ක හරි අපූරු කතාවක්..
අපි අම්මගෙන් තමයි හැම ප්‍රස්නයක්ම අහන්නෙ..
අම්මෙ මගේ ඇදුම කෝ - මේස් කෝ- ටයි එක කෝ- බෑග් එක කෝ- සපත්තු කෝ- කෑම එක කෝ- ෂර්ට් එක කෝ කියල..
හැබැයි අපි තාත්ත ගෙන් අහ්නනෙ එක ප්‍රශ්නයයි..
“ තාත්තෙ -- අම්ම කෝ ??? “
.
අද මගේ අම්ම ලෙඩ වෙලා.. !
--කුරුළු--

6 comments:

  1. ඔහ්..
    කුරුළු වගෙ අම්මට ඉක්මන් සුවය ලැබේබා

    ReplyDelete
  2. අම්ම ලෙඩ උනහම ගෙදරම පාළු වෙනව.ඒ පාළුව ඉක්මනින්ම නැති වේවි.කුරුළුගෙ අම්මා ඉක්මනින්ම සුව වේවි.ඒ සදේ එළිය තව තවත් වැඩි ‍වේවි ........

    ReplyDelete
  3. ඇසට කඳුලක් ගෙනාවා අන්තිම පේලිය නිසා කුරුළු,

    ඒකේ අමාරුව මං හොදට ම දන්නවා. අම්මා ඉස්පිරිතාලේ ඇදක් උඩ අවුරුද්දක් දුක් වින්දා.. මං ඒ ලෙවල් කරන කාලේ. හැමදාම පාන්දර ගිහිං අම්මට කවලා. මූණ හෝදලා. රෙදි ටික ගෙදර ගෙනත් හෝදලා. ආයෙම හවසට යනවා කෑම අරන්... ගෙදර නෙමෙයි ජීවිතේ තිබුණේ ඉස්පිරිතාලේ...... අම්මා එතන නිසා. කොහොම හරි අපි අම්මව ගෙදර ගෙනල්ලා ඇවිද්දුවා. අද මටත් වඩා හොදට ඉන්නවා.

    හිතට හයිය ඇති කරගන්න. අම්මා නැගිටිනවා සත්තයි..............................

    ReplyDelete
    Replies
    1. මගෙ අම්මා - අපේ අම්මා වීම සතුටකි - ඈ දැන් සුවෙනි !

      Delete