Monday, July 28, 2014

=========මං ආවේ බුදු සාදුගෙ මූණ දකින්නයි====== මූණ දැකලා හිතේ සතුට ඇති කර ගන්නයි========




.
පූජාව විෂ්ණු දෙවියන්ටය..
මාගේ බාරයක් නිසා කිසිදු පලතුරක් කෑමට මට අවසර නැත එබැවින් එලියේ පන්සලේ මලුවේ අවිදිමින් සිටි පිරිස වෙත පලතුරු වට්ටිය බෙදා දීම සදහා ගියෙමි..
ඇතැම් ආච්චි අම්මලා මා එනතුරු බලා සිටියාක් මෙන් පැමිණ ඇතැම් පලතුරු තෝර තෝරා ගත්හ..
- දෙන්නෙපා මල්ලි ඔය ආච්චිල තෝර තෝර ගන්නෙ කපල නැති පලතුරු ඕව ආයෙ විකුනනව..
එතැන දේවාලයේ අසල සිටි බැතිමතෙක් පැවසීය
+ විකුණල?
-සල්ලි අරගන්නව අරන් මුනුපුරන්ට කැම ගෙනියනව
+හරි ෂෝක්නෙ අයියෙ ! අද මගේ ගානෙ ඒ අයට කෑම කියල හිතා ගන්නමකො... අයිය ඔය කිවුවට පලතුරුත් ගිහින් දෙනව ඇති..
- උඹල වගේ උන් නිසා තමා මේ වගේ ආච්චිලව එලවගන්න බැරි.. උන් හැදෙන්නෙත් නැ උඹල හැදෙන්නෙත් නෑ
+ ඇයි අයියෙ මේ පූජාව දෙයියො කන්නෙ නැනෙ දෙයියොන්ගෙ කොටහ කපු මහත්තය ගත්ත.. අනික මට හැදෙන්න තමා අද පූජාව තිබ්බෙ ඒ නිසා මම හැදෙයි.. මම දෙන දෙවල් කාල හරි විකුණල හරි ආච්චි අම්මත් හැදෙයි.. !! එතකෙට අයිය තමා....
- ආ..හරි හරි...
තව දුරටත් එතැන රැදෙනු අපහසු නිසාවෙන් මළුවට පැමිණි පෙරපාසල් ළමයි පේලිය දිහාවට ඇවිද ගියේ ඔවුනට ඉතිරිය බෙදා දිමටය
+ ආ මල්ලි ල ගන්න ආස දේවල් තියෙනවනම්
වෙන පොඩි උන් වාගේ නොව පේලියට පැමිණි ඔවුහු ඉතිරිව තිබු දෑ එක එක අතට ගත්හ කිසිම කලබලයක් නැත.. ගුරුවරියක් ඇත්තේද මඳක් දුරිනි..
තවත් දරුවන් 8 දෙනෙක් පමණ ඉතිරිව උන්හ.. එහෙත් වට්ටියේ ඉතිරිව තිබුනේ කෙසෙල් ගෙඩි කිහිපයක් හා දොඩම් ගෙඩියක් පමණි..
මම මෙසේ කීමි..
+අ‍නේ දරුවො මදි වෙනව නේද ! මොකෝ අපි කරන්නෙ බෙදාගෙන කමුද ?
එවිටපේලියේ සිටි අන්තිම සිසුවා ඉදිරියට ආවේය.. ඔහු කතා කලේය..
- මේ දැන් පලතුරු ඉවරයි තව ටිකයි තියෙන්නෙ අපි බෙදාගෙන කමු නේද ? අනික් අය ගත්තු ඒව දැන් කනවනෙ ඒ අයගෙන් ඉල්ල එක හොද නැනෙ අපි බෙදාගෙන කමු නේද !
සියල්ලෝම හිස වැනුහ..
මට හිනාය.. මා නිහිඩවම බලා සිටියදී ඔහු එකින් එක දෙදෙනාට බැගින් දුන්නේය.. ඔවුන් කිසිවක් කතා නොකරම ගත්හ දෙදෙනා බැගින් පැත්තකට ගොස් කෙසෙල් ලෙලි ඉවත් කර දෙකට කඩා කෑහ..
අවසානයට ඉතිරි වූයේ දොඩම් ගෙඩිය පමණි.. එයද බෙදා දුන් පෙර කී පොඩ්ඩා සිනාසී මා දෙස බැලිය.. ‍ගොඩක් ස්තුතියි අයියෙ !
හරි මල්ලියො.. ඔයාටත් ගොඩක් ස්තුතියි ... මම යන්නම් එහෙනම්... යන්නට ආපසු හැරැනත් යමක් මතක් වී ආයෙමත් හැරුනෙමි !
+ අනේ මල්ලියො මල්ලියාට නෑ නේද ??
ඔහු සිනාසීය..
- මට ඔනැ නැ අයියෙ .. මේ අය කනවනෙ ඒ ඇති..
මට මං ගැනම දුක සිතුනත් පෙර පාසල් දරුවෙකුගෙන් මෙතරම් ආදරයක් මම බලා පොරොත්තු නොවුනෙමි.. මම ආදරෙන් හිස අතගා මෙසේ පැවසීමි..
+මට සමාවෙන්න මල්ලි.. මගේ ගාව පලතුරු නෑ..
-අයියට පින් අපේ පන්තියෙ අයට කන්න දුන්නට...
එවිටම දෙදෙනෙක් අප දෙසට ආහ..! ඒ කෙසෙල් ගෙඩියක් ගත් දෙදෙනෙකි ! කෙල්ලක් සහ කොල්ලෙකි .. තවම එය ලෙලි ගසා නැත..!
කතා කලේ පෙර කි පොඩ්ඩාය !
-ඇයි නංගියො..
කතා කලේ දෙදෙනාගෙන් කොලුවාය.!
* අයියෙ නංගිට කෙසෙල් කන්න බෑලු..
- ඉතින් මොකෝ කරන්නෙ අපි..
* දොඩම් කන්න ආසයිලු.. මම ගිහින් දොඩම් ගත්ත කෙනාගෙන් ඉල්ලව.. දෙන්න බැ කිවුව..
- හ්ම් හරි මම ගිහින් ඉල්ලන් එන්නම්.. ඔයාල ඉන්න..
‍පොඩ්ඩා ගියේ දොඩ්ම් ගෙඩිය ගත් දෙදෙනා පැත්තටය..
ඒ අවස්ථාවෙන් ප්‍ර‍ොය්ජන ගත් මා පෙර කි කෙල්ලත් කොල්ලත් ඇමතීමි..!
මල්ලියො කවුද ඒ.. ඇයි එයා විශේෂ.. ඇයි එයා කියන දේ අහ්නනෙ ඔයාල.. ඇයි ඔයාලට දෙන්නෙ නැති දොඩම් එයා දෙන්නෙ..! මම එක හුස්මට ඇසීමි..!
උත්තර දුන්නෙ කෙල්ලය..!
= එයා අපේ පංතියෙ නායකයා.. අපි හැමෝම එයා කියන දේ අහනව.. එයා ඉස්සර හරියට ගහ ගන්නව  රණ්ඩු කරනව.. ඉතින් ටීචර් එයාට පංති නායක කම දීල අපිව බලා ගන්න කිවුව.. දැන් එයා ඇරෙන්න අපි සේරොම දග කරනව.. එත් අපි හැමෝම එයාට බයයි .. අපි එයා කියන දේ අහනව.. එයා අපිට ආදරෙයි.. ‍ගොඩා...රියක් ආදරෙයි මට .. මම එයාගෙ නංගි වගේලු.. අයිය දන්නවද දෙයක්.,!
+ නැනෙ
= එයාගෙ තාත්ත නැලු.. අපේ අම්ම නම් කිය්නනෙ එයා එක්ක කතා කරන්න එපා කියල .. ඒත මමත් ආදරෙයි එයා මගේ අයිය වගේ.. මට‍නෙ දොඩම් ඕන කිවුවෙ අයිය ඉල්ලන් එයි.. අපි එතකොට මගේ කෙසෙල් කෑල්ල මම ඒ ලමයට දෙනව..
මම ගොලු වීමි..! ජීවිතයේ මා ගොලු වී ඇත්තේ අවස්ථා කිපයකදි පමණි.. ඒ සියල්ලක්ම මේ මිනිස්සුන්ගේ ආදරය දරා ගැනිමට නොහැකිවය.. මේ දරුවනුත් පාසලේ ගුරුතුමියත් මට අද බොහෝ දේ ඉගැන්වීය...දේවාලයේ පූජාවෙන් අද මම බොහෝ දැ උගතිමි..
ඇත්තය ‍නායක පොඩ්ඩා පැමිනියේ දොඩම් පලුවක්ද රැගෙනය..ඇවුත් මෙසේ කීය..
- නංගියෝ ඔයාගෙ කෙසෙල් කෑල්ල එයාට දෙන්න මම පොරොන්දු වුනා ඒක කඩල දෙන්න මම ඒක ගිහි්න දෙන්නම්..
පොඩි කෙල්ල හිනා වෙලා කෙසෙල් කෑල්ලක් කඩා දුන්නාය.. නායක පොඩ්ඩා එය රැගෙන ගියේ දොඩම් පලුවේ පෙර අයිති කරුට දීමටය.. ඒ අතර තුර කෙල්ල දොඩම් බික් පහකින් තුනක් ගලවා කමට පටන් ගති...
නායක පොඩ්ඩා ආ පසු.
= ආ අයියෙ ඔයා කෑවෙ නෑනෙ මම බලන් හිටයෙ මේ බික් දෙක කන්න ඔයා..
මට තවත් එ‍තැන සිටිය නොහැකිව දෑස බොද වෙනු දැනුනු නිසාවෙන් එතැනින් ඉවත් වීමට තීරණය කලෙමි.. මම මේ දරුවන් තරම් පොහොසත් නැත.
මල්ලිලා නංගියො මම ගිහින් එන්නම් පරක්කු වුනා..
- හා අයියෙ..
ඔවුහු දණ ගසා මට වැන්දහ.. පුදුමය නම් මේ කිසිවක් වන තුරුත් ගුරුතුමිය නොපැමිණිමය.. ඇය සියල්ලොම එකතු කරන් පන්සිල් දෙති.. මේ දරුවනුත් එදෙමට ඇදුනහ.. මම එතැනින් ඉවත්ව නැවත දෙවාලය තුලට පිය නැගුවෙමි...
එතැන තිබු ම‍ගේ බඩු බාහිරාදිය අස් කරගෙන නැවත පැමිණියෙමි..
එහෙත් මා දුටුවේ පෙර කී දැරිය කඳුළු පෙරාගෙන සිටිනුය.. ඇයගේ මව යැයි සිතිය හැකි ගැහැනු කෙනෙක් බනිනු දුටිමි... අතෙහි බෝධියට වත් කරන පැන් කලයෙකි
- ආයෙ එහෙම කන්නෙ නෑ ඕක දෙන ඒව.. මම කොච්චර නම් කියල තියෙනවද කතා කරන්න එපා කියල..මම බෝධිය නාවන්න ගිය ටිකත් ඇති..
ගැහැණිය එක දිගට අර දැරිවියට බනිනු ලබයි.. මම එදෙසට ගියෙමි.. දැරිය මා හදුනා ගත්තාය..
+ ඇයි අම්මෙ මෙයාට බනින්නෙ .. මේ පන්සලේ උඩ මලුවනෙ.. බලන්කො මෙයා ෂෝක් එකට ඉස්සරල හිනා වුනා දැන් අඩනව..
- නැ මල්ලි මම කියලතියෙනව එක එක්කෙනා දෙන ඒව කන්නෙපා කියල.. අහන්නෙ නැ මම බලනකොට දොඩම් කනව.. කවුද දුන්නෙ ඇහුවාව පන්තියෙ නායකයලු දුන්නෙ..
+ අනේ නෑ අම්මෙ මමයි දුන්නෙ.. මගේ පුජාව ඉවර වෙලා මම දුන්නෙ.. ඒ මල්ලියා කලේ මගේ වට්ටියෙන් අරන් දුන්නු එක විතරයි !
- අනේ සමාවෙන්නමම දැනන් හිටයෙ නැ.. ඒත් ඒකා අරන් දෙන්නෙ ඇයි ඔයාට අත නැද්ද ගන්න.. මම කියල තියෙනවනෙ තාත්ත නැති උන් එක්ක කතා ඔන් නෑ.. මොක්කුන්ගෙ දරු‍වොද කියල කවුද දන්නෙ.. චීචර්ලටත් උන් ලොකුයි අපේ එවුන් පැත්තට දාල කෙහෙවත් යන එකෙක් මොනිටර් කරල..
+තරහ වේනනෙපා අම්මෙ.. මම ඇහුවාම ඒ මල්ලිටත් නංගි කෙනෙක් ඉන්නව කිවුව ඒ නංගි මගේමලු මෙයා ඒ නිසයි එච්චර ආදරේ.. මේ නංගි විතරයි ‍නේද ඉන්නෙ එයාට අයියෙක් නැති එකේ .. ඒක කම්ක් නැනෙ.. අනික මේ නංගිත් ආදරෙයි‍..
- අපෝ ඕන නෑ මල්ලි.. අපේ අයට අයියල ඕන නැ මෙයාලට තාත්තල ඉන්නව ඒ ඇතිනෙ..අයියල මොකටද !
+ හ්ම්.. මට තේරෙනව.. හැබැයි දුකයි අම්මෙ.. මේ දරුවො දෙන්න අතරෙ තියෙන අදහස් ඔයාල ලග නැති එකට.. මම කතා කරන්න යන්නෙ නැ මේක ඔබ තුමියගෙ ප්‍රස්නයක් නිසා.. නංගි කෙනෙක් ඉන්න නිසා ඒ දරුවා ද්න්නව අයිය කෙනෙක් නැති නංගි කෙනෙක්ගෙ දුක..!
තාත්ත ඉන්න දන්න නිසා මේ නංගි දන්නව තාත්ත කෙනෙක් නැති දුක..
එත් මට දුක..
ඒ දුකවල් දෙකම වයසින් මොරපු ඔයාලට නොතේරෙන එක.. දවසක් ආවොත් අයිය කෙනෙක් නැති  මේ නංගිගෙ දුක ඔයාට දැනෙන - තාතතෙක් නැති ඒ මල්ලිගෙ දුක දැනෙන අන්න එදාට මේ නංගිටයි මල්ලිටයි ඉඩ දෙන්න එකට ඉඳගන්න..!
අම්මෙ! බෝධිය නාවන්නෙපා බෝධිය දැන් හොදට හේදිල තියේනනෙ.. අම්මගෙ හිත හේදෙන්න නා ගන්න.,!
===========
මං ආවේ බුදු සාදුගෙ මූණ දකින්නයි
මූණ දැකලා හිතේ සතුට ඇති කර ගන්නයි
.
දූවිල්ලෙන් සිවුර පිරිල මකුල දැලින් මුහුණ වැහිල
ගමේ අයගෙ හිත්වල හැටි - මේ ඩිංගෙදි මං දැක්කා..
.
මහා පොලව සේ නොසැලි ඉවසීමේ ගුණය කියල
දහම් පොතෙන් කියෙවුව හැටි - මේ ඩිගෙදි මං දැක්කා..
.
------------- හර්ෂණ දිසානායක
==================
----- කුරුළු-----

Wednesday, July 16, 2014

==== කොයි ලොව යන්නේ මරණින් පස්සේ - == පින් පවු එනවා අපි පසු පස්සේ .. ===



සෑම දහසය වැනිදාම මුර දානනයි !
ඒ නම් ලියා බාර ගත් දැනට අවුරුදු 3කටත් වැඩි කාලයකට සිට පූජා කරන හීල් දානයයි.. !

.
වෙනදා වාගේම අදත් උදේම මා අවදි කරවාගත්තේ අම්මාය..! ඕ එය නොවරදවා ඉටු කරන්නෙ දහසය වෙනිදාවක ඇයගේ උපන් දිනයද යෙදීම නිසාවෙනි...
පිළියෙල කර ගත් දානාමානාදියද ගෙන අප විහාරස්ථානය වෙත ගියෙමු...
බුද්ධ පූජාව පිළිගැන්වූයේත් මා ය..
.
එතැන් පටන් පහල වූ චෛතසික දාමයන් අමුණා මෙය ලියමි.. !
.
මා මේ බුදධ පූජාව පවත්වන්නේ ඇයි දැයි සිතීමි...
වෙනදාට නම් අම්මා දෙන දේ ගිල දැමීම පුරුද්දය.. එහෙත් අද විශේෂය.. ඒ අද කෑම පන්සලට නිසාවෙනි..
හාමුදුරුවන්ට කන්න ගේන එක ඉස්සෙල්ලාම ඉඳුල් නොකර බුද්ධ පූජාව ලෙස බුදු් වහන්සේට බෙදා වෙන් කරනු ලබයි.. එය උන්වහන්සේට පූජා කර අවසර ගෙන තමන් වහන්සේට ලැබෙන දානය වළදති.. ගමේ පන්සලට දානය ලැබෙන්නෙ හාමුදරුවන්‍ේගේ ඇති ගුණේකට නොව බුදු හාමුදුරුව‍න්ගේ ගුණයකටැයි සිතුණත්.. හාමුදුරුවන් නරක නම් මිනිසුන් මේ සා විසාල දන් බාර ගන්නේද නැත...
කල්පනා කල යුතු වන්නේ මා මේ පුජා කරන වෙලාවේදී මේ ලංකාද්වීපය තුල සෑම විහාරස්ථානයකම කුමන හෝ හැකි අයුරින් පිළියෙල කර ගත් ආහාරයක් බුදුන් වහන්සේට පුජා වීමයි... ඒ සා වෙනත් රටත් මෙලොව ඇති බවක් නොදනිමි...!
.
තමන්ට කෑමට ලැබෙන ආහාරයේ අග්‍ර කොටස බුදුන්ට දෙන පූජකවරුන්ද ‍වෙන නොදනිමි..!
එපමණක් නොව.. බුදුන් වහන්සේ කිසිවක් ආහාරයට නොගන්නා බව නුඹත් මාත් දනිමු.. ඒ මේ වන විට පුදනු ලබන්නේ ගල් පිලම වලට නිසාවෙනි... දළදා වහන්සේට පමණක් අති මහත් ව්‍යාංජන සංඛාවක් ඉතා පිරිසිදුව දිනපතා පිලියෙල කර පුදනු ලබයි...
අපරාදෙ.. නිකං අහක දානව නැති බැරි පවුල් වලට දෙන්න තිබුනා යැයි ඇතැමෙක් පවසනු ඇත....
නැත ඒ නැති බැරි කමද ඔවුනගේ කර්මයයි.... ! පෙර දුන් හැටියට මෙවර ඔවුනට ලැබී ඇත..
මේ ලැබෙන්නෙ වෙන දේකට නොව බුදු්න වහ්නසේ පිරූ දාන පාරමිතාවේ බලයටය...
ඒ හොද ආදර්ශයකි.. නුඹ දුන්නොත් කෙදින‍ක හෝ නැවත ලැබෙනු ඇති.. එහෙත් ලැබයි සිතා නොදනේන... දිය යුත්ත දෙන්න.. ලැබිමට තිබේ නම්  ලැබෙනු ඇත.....
.
ඒ සිතා වතාවත් අහවර කල බෝධිය දෙසට පිය නැගුවේ අම්මා වන්දනා කරනා තුරු මඳක් භාවනාවකට සිත යොමු කිරීමටය...
.
බෝදි මලුවට ඇතුලු වී ඊසාන දෙස සෙවුවෙමි... මුහුණ ලා හිද ගත යුත්තේ ඒ දෙසැටය.. ඒ පැත්තේම කොනක බැල්ලක තම පැටවු තුරුලු කරන් තවම නිදිය.. ඊට අඩි දෙකක් තුනක් මෙහායින් හිද ගතිමි.. බැල්ලට බාදා කිරීමක් මට නුවමනා විය...
.
- මල්ලි ඔතන ජරාව ඇති.. ( මට ඉදිරියෙන් වන්දනා කරමින් සිටි දස දෙනෙකුගෙන් පමණ යුතු වු වන්දනා නඩයේ අයෙක් මට අනතුරු ඇගවීය )
+ නැ මේ බැල්ල ඉන්නෙ එහායින්නෙ...
- කවුද දන්නෙ මල්ලි... ඔතැනට මැක්කො එනව ඇති..
+ කමක් නැ මොනව කරන්නද .. මේ බැල්ලයි පැටවුනුයි පන්සලේමයි.. උන් ඉනනෙ නැති තැනක් හොයගන්න අමාරුයි.. ගිය මුර දානෙ ඉවරවෙලා මම එනකොට බැල්ලයි පැටවුනුයි හිටියෙ ඔතැන..
------- ඔවුන් කතා නැවතුහ.. මුහුනු වල නුරුස්නා ස්වාභාවක් පමණක් පෙන්වූහ..
හිද ගත් ගමන් එකත්පස්ව සිටීමට නොහැකි නිසා මදක් නිසොල්මන්ව බලා සිටියෙමි.. එකතපස් වීම කියා දුන්නේ මගේ ලොකු අප්ච්චීය...
.
එකත් පස් වීම යනු මා හට නම් මගෛ් පසිදුරන් එක් අරමුණකට ගෙන ඒමය නැතිනම් පහම දුබල කර මනසැට ඉඩ දීමය..... ඇස පියා ගනිමි - කන පියා ගනිමි- රස නවතමි- ගන්ධය ඉවසමි - සිරුර සැහැල් කරමි ... සිත පමණක් .. නිදහස්ය.....
.
උදෑසනම බෝධි පාමුල තැබූ කිරිබත් ගිල දැමීමට කාකයන් සහ ලේනුන් පොර කති.. ‍සිත පහදවා ගතිමි.. මේ බුද්ධ පුජාවෙන් සතුන් කී දෙනෙක් නම් මේ ලංකා ද්වීපය තුල රැකෙනවා ඇතිද ???
.
ඔවුනට ඉස්පාසුවක් නැතිය ලෙහෙනෙකු මාගේ කකුලක් උඩිනුත් දිවුවේය... කොහේදෝ සිට ඉගිල ආ කාපුටන් කාක් නාදය දසත පතුරවති..!
කෙනෙකුට භාවනාවට භාධාවක් ලෙස දැනුනත් ට නම් මෙය මහා කමටහනකි.. සොබා සෞන්දර්ය නම් එයයි...
දසත විචිත්‍රව්ත වෙද්දි දෑස් අඩවන් කලෙමි....
-- .. සෝ... සෝ.....( එක්වරම ඇසුණි)
නැවත දෑස හැරියෙමි...
පෙර කී වන්දනා නඩයමය....
ඔවුනගේ බෝධි පුජා පිංකම් සඳහා තැබූ කිරිබත් සහ ගිලන් පස වලට සතුන් ඉව කරති.. නඩයේ ඇතුමුන් ඔවුන් එලැවීමට සු සූ- සො සො හඩ නගති......
..
කපුටන්ද ඉගිල ගොස් නැවත එතැනම රැදෙති... ලෙහෙනුන් නම් සෙල වෙන්නෙවත් නැත..
වන්දනා කරන කිහිප දෙනෙක් පමණක් බෝදි පූජා කවි කියති.. අනික් පිරිස කුඩා ගල් කැබලිති ගෙන ලෙහෙනුන්ට දමා ගසන්නට පටන් ගති....
.
විනාඩි කිහිපයකට විසිර යන සතුන් නැවතත් ඇදෙති.. එකම සිදුවීම නැවත නැවතය.. !
වරෙක මාගේ ඇග උඩින් පැන ගිය ලෙහෙන පැටවාගේ හිස ලගින්ම ඇදීගිය ගලක් ඔවුන්ගේම ගිලන්පස වීදුරුවේ වැදී ගිලන් පස ඉහිරුනි..
.
සතුන් වෙනුවෙන් මම හඩ අවදි කලෙමි... !
.
+ මල්ලි.. ගල් ගහන්නෙපා.... කුඩාම දරුවා ඇමතීමි.... ( සියලු දෙන කවි ගායනාව නවතා මදෙස බැලුහ )
- නැ උන් අපේ කිරිබත් කනව..
+ ඉතින් බඩගිනි ඇති කාපුදෙන්..
- අපි තාම වැදල ඉවර නැ .. අපි වැදල ගියාම කාපු දෙන්..
+ වෙනසක් නැනෙ මල්ලි.. කොයි වෙලේ කෑවත් ක්නනෙ ඒ අයනෙ ඔන්න ඔහෙ ඔයාල වදින්න ඒ අය කාපු දෙන්..
- එහෙම කොමද පුතා.. උන් මෙතැන ජරා කරනව.. අනික අපි මේ උදේ මහන්සියෙන් ගෙනාව බුද්ධ පුජාව.. ඔන්නම් පූජාව ඉවර වුනාම කාපු දෙන් ( ඒ අම්මා කෙනෙකි )
+ අම්මෙ උන් කන්නෙ බඩගිනි වෙලාවට උන්ට බඩගිනි නැතිනම් කන්නෙ නැනෙ...
- උන්ට බඩගිනි කියල අපේ පුජාව..
+අම්මෙ .. මිනිහෙක්ට වුනත් තිබහක් නැති වෙලාවට ලිදකට එබුවත් වතුර බොන්නෙ නෑ හැබැයි තිබහ වෙලාවට වතුර පිරුණ දිය කඩිති හොයන් බඩගාගෙන එන්නෙ..
" දානය කියල කියන්නෙ දීම නෙවෙයි අම්මෙ - දිය යුතු දේ අවශ්‍ය කෙනාට අවශ්‍ය වෙලාවට දීම " ...
මම දන්න බුදු සාදු නම් මේ බුද්ධ පුජාව වලදන්නෙ නැ.. එක් හැමදාම අයිති මේ සත්තු කීප දෙනාට... හැබැයි බුදු සාදු තරහ වෙන්නෙ නෑ... එයා කැමති ඇති අහක දාන්නෙ නැතිව කවුරු හරි කනව නම්.... අනික අම්මෙ මේ සත්තු දන්නෙ නැ අද අම්මලගෙ බුද්ධ පුජාව කියල.. එයාල හැමදාම මෙතැනට එනව.. හැමදාම කනව.. අම්මලයි මමයි අනික් අයයි තමයි ඉද හිටල මෙැතනට එන්නෙ..
බුදු හාමුදරුවො දානය කිවුවෙ හිතේ ඉතිරි කරගන්නෙ නැතිව දෙන්න කියල.. අම්මල එක හිතින් බුදු සාදුට කිරිපත් පිලිගැනුනවනම් ඒ මොහොතෙම ඒ පින අනුමොදන් වෙනව.. ආයෙ මේ ගාථා ටික ඉවර වෙනකම් පිරිත් ටික ඉවර වෙනකම් ඉන්න ඕන නැ.. සිතුවිල්ලක් කියන්නෙ තත්පරේකින් වත් මනින්න බැරි දෙයක්..
-හ්ම්...
+ දැන් බලන්න අපි කතා කරන අතරෙ ඒ අය නිස්සද්දව කන බොන හැටි.. කවුද දන්නෙ අම්මෙ කාල ඒ අය අම්මලට පින් අනුමෝදන් කරනවද කියල හිතින්.. සමහර වෙලවට දවස් ගානකින් වෙන්න ඇති මේ කන්නෙ ඒ අය.. ඒ නිසා එල වන්නෙපා...
අම්මෙ - මල්ලියො - ගිහි ගෙයි ඉන්නවනම් සුජාතා දේවිය වගේවත් වේනන.. - දෙනවනම් දෙන්න නොදෙනවනම් නොදනේන , දුන් දෙය ගැන ආසාව අතහරින්න - නුදුන් දෙයක් වේ නම් රැක ගන්න...
- තේරුණා.....
එවේලෙහිම මගේ අම්මා පැමිණ මට අඩ ගැසීය... භාවනාවෙන් කම් නැත දැන් යා යුතුයි.. නැගිට්ටෙමි...
---පුතා කවුද ...!
-- මම කුරුළු-------
==============
පිපෙනා මලකට - ගලනා දොලකට
දැනෙනා බුදුගුණ - නොදැනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ මරණින් පස්සේ
පින් පවු එනවා අපි පසු පස්සේ ..
.
කලු ගල් කුලකට බොල් මැටි පිඩකට
දැනෙනා බුදු ගුන නොදැනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ මරණින් පස්සේ
පින් පවු එනවා අපි පසු පස්සේ ..
.
ඉරහද දෙපොලට මේ ‍මහ පොලවට
දැනෙනා බුදු ගුන නොදැනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ මරණින් පස්සේ
පින් පවු එනවා අපි පසු පස්සේ ..
=============
---කුරුළු--
https://www.youtube.com/watch?v=FV-MzIB2Uy8

Sunday, July 13, 2014

=== ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී.. -== හුදෙකලාව අවනඩුවක් ගෑනු ලමයෝ..! ===



 

.
-අයිය කාලද ඉන්නෙ
+ නෑ
-ඇයි ඒ .. දැන් වෙලාව කීයද ? කාල ඉන්නව ගිහින්
+ අම්මි නැ ගෙදර බෙදල දෙන්න කවුරුත් නෑ..
- යකඩෝ මේකා නම්...! උයල තියෙන දේ බෙදන් කනන් බැරිද  ?
+ බෑ.. කෙ‍ාහෙ තියෙනවද දන්නෙ නැ..
- ඒකනෙ ඒකනෙ අපි වගේ කෙනෙක්ව ගෙදර ගෙනාවනම් අපි කරල දෙනවනෙ සේරොම වැඩ ටික මහත්තයගෙ.
+ ආහ් ඔවු දැන් ඔයා වගේ කෙනෙ‍ක් ගෙන්න තමා හදන්නෙ..
- ඒ කිවුවෙ.
+ මම වැඩකරන්න කවුරු හරි ගන්නව ගෑනු කෙනෙක්
- මේ මරනව හොදද ඇයි මාව ගෙන්න ගන්නවකො නොමිලේම සේරොම කරල දෙන්නම්...
+ අපොයි ඔවු වැඩ නොමි‍ෙලේ කරයි.. මට ගෙවන්න වෙන්නෙ පස්සෙනෙ..
- හරි හරි ඒක වැඩක් නැ අම්ම එනකම් මැගී එකක් වත් හදන් කන්න
+ මම දන්නෙ නෑ..
- මොකක් ඒකක්වත් හදන්න දන්නෙ නැතිද ! අයියෝ ඔයාව බදින කෙල්ලට නම් දෙයියන්ගෙම පිහිටයි..
+ඉතින් ‍ඒ කෙල්ලගෙ දෙයිය මමනේ ඒ නිසා අවුලක් නැ..
- ඔය කිවුවෙ කට නම් තියෙනව ඉතින් මොකක්ද වගේ..
+මොකක්ද වගේ නැ කට - කට වගේ..
-මේ එක නෙවේ මම කියන්න ගත්තෙ..
+ එහෙනම්
- මම හැදනව මරු කෑමක් ...
+අ‍ා මරුනෙ මොනවද ?
- වටලප්පන්... අද ගෙදර හැමෝටම මගේ ගානෙ වටලප්පන්
+ දෙයියන්නෙම පිහිටයි මයෙ අම්මෙ.. අද දවල්ට කන ටික අපරාදෙ ඒ මිනිස්සු
- ඇයි ඒ
+ ඇයි අහන්නෙ දැන් බඩ අප්සට් යන‍වනේ. .ඔව කාපුවාම .. අනික ඔයා දන්න වටලප්පන්..
- අනේ නැ හදන්න හරිම ලේසියි.. ඉන්න මම අයියටත් කියල දෙන්න..
+ අනේ එපා නංගි ඕන නැ .. මට වටලප්පන් කන්න ආස නැ..
- නැ නැ දැන්ම මේව කියල දුන්නාම මටත් ලේසියි
+ හ්ම් ඒකත් එහෙමද
- හරි දැන් අහගන්න.. අපට අවශ්‍ය වෙනව බිත්තර හයක්, හකුරු, බටර්, පිටි..
+ පිටි...!! ඒ මොකටද ?
- ආ ඒක ඔන අහගන්නවකො හුහ් දන් දෙයකුත් නැ ප්‍රස්න කරන්න වෙනව..දැන් මෙහෙමයි.. මුලින්ම අපි හකුරු ටික හීනියට කපා ගත යුතු වෙනව..
+හකුරු හීනියට කිවුවෙ පොතු ගානවද ?
- අන්න ළමයට තේරුණා.. ඊලගට බිත්තර ටික දාල හොදට ගහන්න කිවුවෙ...
+ ගහන් කිවුවෙ ලග ඉන්න කෙනෙක්ටද ?
- නැ මැට්ටො බීටර් කරන්න හොදට.... හ්ම හා..
+කො ඉතින් සද්ද නැත්තෙ මොකෝ ඒ පාර....
- ඉන්නව ටිකක් වෙලා බීටර් කරන්න ඕන හොදට.... ඒකයි මම සද්ද නැතිව හිටියෙ..
+හ..හ...හ...හ..හ...හ. නියමයි ඉතින්..
- ඊට පස්සෙ වැනිලා වතුර ටිකක් එකතු කර ගන්නොන..
+ අන්න ඒක නම් මට කරන්න බැ ඔයා තරම් හොදට..
- ඒ මොකෝ මම තරම් හොදට බැරි ?? වැනිල වතුර එකතු කරන්න...
+ ඇයි ඉතින් ඔයා තරම් වැනෙන්න පද්දන්න මට බෑනෙ.. ඔයා නම් හොදට වැනි වැනී වතුර එකතු කරයි..
- අනේ...බෑ අප්ප.. මැට්ට... මම කිවුවෙ අනේ අර වැනිල රස තියෙන වතුර අන්න ඒව අප්ප...
+ ආ හරි හරි....
- ඊට ප්සසෙ තරමක ප්‍රමාණයේ සාස්පානක් ලිපේ තියන්න... ටිකක් රත් වේන්න... වතුර දාන්න
+ හරි..... තියමු..
- අයියෙ පොඩ්ඩක් ඉන්න අම්ම කතා කරනව හොදේ....
+ හා හරි නංගො..
- අප්පච්චියේ... මම යනෝ බායි බායි.....
+ ඇයි ඇයි මොකෝ වුනේ..
- මම ලිපේ තිබ්බ බාජනේ රත්වොල කර වෙනවලු අම්ම බනිනව මම තියනව ටක් ගාල....
+  හැ හැ හැ හැමට කියවන්න ආවෙ දැන් මැට්ටිට අමතක වුනාද ඒක ලිපේ කියල...
- හරි හරි අපි දුවනො... අරකෙ ඉතිරිය පස්සෙ කියල දෙන්නම් ‍දැනට වළද ලිපේ තියල තියා ගන්නෝ......
=============
ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලෙ
මට හදිස්සියෙන් වාගේ හමුවූ
පායන්න දෑස මානේ උනුහුමට ගින්දරී
ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී..
දිගු දැසෙ බැල්ම ඇයි සොදුරු ඔය හැටී..
.
ඇස් පියෙන් අදී කෑලි කපන රලු රාත්‍රියේ
කීරි ගැහෙන හිත අනුහස අයදී ප්‍රේමයේ
එය පමණක් ශේෂය වීනම් පූර්වාත්මයේ...
ඔබ ගැවසෙන මා සිත අවිනීතයි
අවනත නැති නෙතටද අවිවේකයි..!
-හුදෙකලාව අවනඩුවක් ගෑනු ලමයෝ..!
.
ඉටි රූපෙ අපුරුව විදින්න මං හරි ආසයි
පින්තුරෙ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයි
අහිතක් හිත්නනෙ නැතිනම් මං හරි ආදරෙයි
කියාගන්න බැරි කමෙන් හිත බරයි..
ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි
- හුදෙකලාව අවනඩුවක් ගෑනු ලමයෝ...!
----- අමරසිරි පීරිස් මහතා..
===============
----කුරුළු---