Sunday, July 6, 2014

==== මිනිසුන් නැති හිස් තැනක් සොයා - තනි වී ඉන්නට සිත කීවා ==




.
ඒක මහා හිස් බැල්මක්..!
.
මම හිටියෙ දියත උයනෙ අර ලී වැට ලගින්ම තියෙන තණකොල බිස්සෙ හිටගෙන ඈතින් පේන රාජගිරිය ටවුම දිහාත්.. ඈත පාලම හදන දිහාත්.. ඊට ටිකාක් මෙහායින් යන කලුම කලු දුම් වලලු දිහාත් බලාගෙන..
- ඔයා මොනවද කල්පනා කරන්නෙ කුරුළු
+ මුකුත් නෑ..
- මුකුත් නෑ ..! එහෙනම් ඔච්චර මූණ බර ඇයි..!
+ නෑ අැයි මිනිහෙක්ට කිසිම හැගීමක් නැතිව ඔහේ බලාගෙන ඉන්න බැරිද !
- පුලුවන් ! එත් ඔච්චරටම හිස් !
+ ඔවු .. මම දැන් හිටියෙ හැගීමක් නැතිව.. වට පිටාව එක්ක සම්බන්ධයක් නැතිව.. ඇත්තෙන්ම මට ඕන වුනේ භාවනාවක් කරන්න.. මම ඒක කලා...
- හිටගෙන ?
+ ඇයි හිටගෙන භාවනා කරල නැතිද ! මිනිහෙක් හිස්ම හිස් බැල්මකට පස්සෙ - හිස්ම හිත් මිනිත්තුවකට පස්සෙ කොච්චර අලුත් වෙනවද ? කොච්චර වෙනස් වෙනවද ?? ඔයා අත්විඳල නැතිද ??....
( එවෙලෙ මම ලගට ආව කෙනෙක් මගෙන් එහෙම ඇහුවනම් මම මේ කයපු විදියට මම උත්තර දෙනවමයි )
ඇත්තටම මම හිටයෙ හිස්ම හිස් විදිහට..  මට ඕන වුනේ සැහැල්ලු වෙන්න.. අනික් අය පින්තුර ගනිද්දි ... කච කච ගගා කතා කරද්දි.. සෙල්ලම් කරද්දි.. අතින් අල්ලගෙන යද්දි.. මට ඔන වුනේ තනි වෙන්න..
මෙච්චර මිනිස්සු ගොඩක් මැද තනි වෙන්න ?????
ඔවු එච්චර මිනිස්සු ගොඩක් මැද්දෙ තනි වෙන ක්‍රමය දන්නෙ කිහිප දෙනයි.. හුග දෙනෙක්ට බෑ එහෙම තනි වෙන්න.. තනියෙම ජීවතේ විඳින්න..
- ඒ කිය්නනෙ තිනියෙම ජීවතේ විදිනවද දැන් ඔයා.. !
+ ඔවු..
- ඇයි..
+ අද මම " ගුටි කෑමට නියමිතයි බැලුව " ටවර් එකේ.. ඒ නිසා..
- ඒ මොකෝ..
+ ඒක මට හිතන්න දෙයක් ඉතිරි කලා..
- ඒ කිවුවෙ..
+ ඒ කිවුවෙ ... මිනිසුන්ගෙ යහපත වෙනු වෙන් ධර්මය කියා දුන්නු මනුස්සයෙක්ව කුරුසියකට තියල ඇණ ගහන වෙලාවෙ ඒ මිනිස්සු හිටිය හැටි.. සොක්‍රටීස් වහ බොනකොට මිනිස්සු නිස්සද්දව හිටිය හැටි.. ‍සෝලියස් කලයි කියන දේ හරි පින්සල් විසික් කරල ගගේ පනින්නයි ඕන... රටේ බ්ලා බ්ලා බ්ලා වෙනකොට සෝමාවතියෙ රැස් බලන්න දුවන හැටි.. බ්ලා බ්ලා බ්ලා බ්ලා වෙනකොට හයිවේ විවෘත කරන හැටි වරායවල් විවෘත වන හැටි බලාගෙන ඉන්න හැටි මට කල්පනා කරන්න වෙනව.... මේ ව්‍යුහයේ ජීවත් වෙනවද නැත්තං ඒක කඩාගෙන වෙනත් ව්‍යුහයක් නිර්මාණය කරගන්නවද කියල හිතන්න වෙනව....
- මට මුකුතු තේරෙන්නෙ නැ කුරුළු
+ඇත්ත මටත් කිසිම දෙයක් තේරෙන්නෙ නෑ.... අපිට කරන්න දෙයක් නැ .. ඒ අය සියල්ල නිර්මාණය කරල ඉවරයි අපිට තියේනනෙ  ඒ අනුව ජීව්ත වෙන්න ... මේ අපිට හදල දීල තියෙන විදියට ඔහේ ජීවත් වෙලා මැරිල යනවද ? නැත්තං වෙලාවට කලින් කලාවෙන් ඊට විරුද්දව නැගිටල කලින්ම මැරිල යනවද කියල ???
- අනේ මන්ද බං මං යනව උඹට පිස්සු...
+ ඔවු බං මට පිස්සු.. උඹ එන්නෙපා මෙතැනට බෝ වෙයි..
( ඔහු තව දුරටත් මගෙන් එසේ ප්‍රශ්න කලා නම් පිලිතුරු එසේ වනු ඇත.. )
.
මා මෙසේ සටහන් තියමි.... !!!
මම කලාකරුවෙක්මි.. ! ඒ කවි වැනිදේ ලියන දේ නිසාවත් කතා වැනි දේ ලියන දේ නිසාවත් නොව.. මාගේ රාජකාරිමට්ටමින්ම මා කලාකරුවෙක් බව මට හැගී ගොස් හමාර නිසාවෙනි..
.
කලාකරුවෙකුට ඇත්තේ මහජනයාට ආතල් දීමය... ආතල් දීම මගේ ආතල් එක කරගෙන මම නුඹලාට ආතල් දෙමි.. නුඹලාට එය ආතල් වන තාක් කල් මට මාව ආතල් වනු ඇත...
.
ඉදින් සදා ජය.. !
===================
මිනිසුන් නැති හිස් තැනක් සොයා
තනි වී ඉන්නට සිත කීවා
පාලුව තනිකම රැදෙන තුරා
තනි වී ඉන්නට සිත කීවා
.
ගහකොල මැලවුන හදවත් වියලුන
වැලෙපන මිනිසුන් හමුවූවා
තද හරු එලියෙන් නිලංකාර වු
දෑස් තෙමන්නට දිය සෙවුවා
.
සැනසුන පහනේ එලිය බලන්නට
නැවතත් මා ආපිට ආවා
තෙල් මද හන්දා පහන නිවුන බව
පෙරමග රැදි සලකුණු කීවා
=====ගුණදාස කපුගේ ශූරීන්
--කුරුළු

http://www.youtube.com/watch?v=fjqQDsf1NU0 

2 comments:

  1. උඩුගං බලා පීනන්න හදන හැමෝමව..
    මිනිස්සු .කලින් දැක්කේ... පිස්සෝ , උන්මත්තකයෝ වගේ තමා .. :D

    එල

    ReplyDelete