Sunday, July 13, 2014

=== ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී.. -== හුදෙකලාව අවනඩුවක් ගෑනු ලමයෝ..! ===



 

.
-අයිය කාලද ඉන්නෙ
+ නෑ
-ඇයි ඒ .. දැන් වෙලාව කීයද ? කාල ඉන්නව ගිහින්
+ අම්මි නැ ගෙදර බෙදල දෙන්න කවුරුත් නෑ..
- යකඩෝ මේකා නම්...! උයල තියෙන දේ බෙදන් කනන් බැරිද  ?
+ බෑ.. කෙ‍ාහෙ තියෙනවද දන්නෙ නැ..
- ඒකනෙ ඒකනෙ අපි වගේ කෙනෙක්ව ගෙදර ගෙනාවනම් අපි කරල දෙනවනෙ සේරොම වැඩ ටික මහත්තයගෙ.
+ ආහ් ඔවු දැන් ඔයා වගේ කෙනෙ‍ක් ගෙන්න තමා හදන්නෙ..
- ඒ කිවුවෙ.
+ මම වැඩකරන්න කවුරු හරි ගන්නව ගෑනු කෙනෙක්
- මේ මරනව හොදද ඇයි මාව ගෙන්න ගන්නවකො නොමිලේම සේරොම කරල දෙන්නම්...
+ අපොයි ඔවු වැඩ නොමි‍ෙලේ කරයි.. මට ගෙවන්න වෙන්නෙ පස්සෙනෙ..
- හරි හරි ඒක වැඩක් නැ අම්ම එනකම් මැගී එකක් වත් හදන් කන්න
+ මම දන්නෙ නෑ..
- මොකක් ඒකක්වත් හදන්න දන්නෙ නැතිද ! අයියෝ ඔයාව බදින කෙල්ලට නම් දෙයියන්ගෙම පිහිටයි..
+ඉතින් ‍ඒ කෙල්ලගෙ දෙයිය මමනේ ඒ නිසා අවුලක් නැ..
- ඔය කිවුවෙ කට නම් තියෙනව ඉතින් මොකක්ද වගේ..
+මොකක්ද වගේ නැ කට - කට වගේ..
-මේ එක නෙවේ මම කියන්න ගත්තෙ..
+ එහෙනම්
- මම හැදනව මරු කෑමක් ...
+අ‍ා මරුනෙ මොනවද ?
- වටලප්පන්... අද ගෙදර හැමෝටම මගේ ගානෙ වටලප්පන්
+ දෙයියන්නෙම පිහිටයි මයෙ අම්මෙ.. අද දවල්ට කන ටික අපරාදෙ ඒ මිනිස්සු
- ඇයි ඒ
+ ඇයි අහන්නෙ දැන් බඩ අප්සට් යන‍වනේ. .ඔව කාපුවාම .. අනික ඔයා දන්න වටලප්පන්..
- අනේ නැ හදන්න හරිම ලේසියි.. ඉන්න මම අයියටත් කියල දෙන්න..
+ අනේ එපා නංගි ඕන නැ .. මට වටලප්පන් කන්න ආස නැ..
- නැ නැ දැන්ම මේව කියල දුන්නාම මටත් ලේසියි
+ හ්ම් ඒකත් එහෙමද
- හරි දැන් අහගන්න.. අපට අවශ්‍ය වෙනව බිත්තර හයක්, හකුරු, බටර්, පිටි..
+ පිටි...!! ඒ මොකටද ?
- ආ ඒක ඔන අහගන්නවකො හුහ් දන් දෙයකුත් නැ ප්‍රස්න කරන්න වෙනව..දැන් මෙහෙමයි.. මුලින්ම අපි හකුරු ටික හීනියට කපා ගත යුතු වෙනව..
+හකුරු හීනියට කිවුවෙ පොතු ගානවද ?
- අන්න ළමයට තේරුණා.. ඊලගට බිත්තර ටික දාල හොදට ගහන්න කිවුවෙ...
+ ගහන් කිවුවෙ ලග ඉන්න කෙනෙක්ටද ?
- නැ මැට්ටො බීටර් කරන්න හොදට.... හ්ම හා..
+කො ඉතින් සද්ද නැත්තෙ මොකෝ ඒ පාර....
- ඉන්නව ටිකක් වෙලා බීටර් කරන්න ඕන හොදට.... ඒකයි මම සද්ද නැතිව හිටියෙ..
+හ..හ...හ...හ..හ...හ. නියමයි ඉතින්..
- ඊට පස්සෙ වැනිලා වතුර ටිකක් එකතු කර ගන්නොන..
+ අන්න ඒක නම් මට කරන්න බැ ඔයා තරම් හොදට..
- ඒ මොකෝ මම තරම් හොදට බැරි ?? වැනිල වතුර එකතු කරන්න...
+ ඇයි ඉතින් ඔයා තරම් වැනෙන්න පද්දන්න මට බෑනෙ.. ඔයා නම් හොදට වැනි වැනී වතුර එකතු කරයි..
- අනේ...බෑ අප්ප.. මැට්ට... මම කිවුවෙ අනේ අර වැනිල රස තියෙන වතුර අන්න ඒව අප්ප...
+ ආ හරි හරි....
- ඊට ප්සසෙ තරමක ප්‍රමාණයේ සාස්පානක් ලිපේ තියන්න... ටිකක් රත් වේන්න... වතුර දාන්න
+ හරි..... තියමු..
- අයියෙ පොඩ්ඩක් ඉන්න අම්ම කතා කරනව හොදේ....
+ හා හරි නංගො..
- අප්පච්චියේ... මම යනෝ බායි බායි.....
+ ඇයි ඇයි මොකෝ වුනේ..
- මම ලිපේ තිබ්බ බාජනේ රත්වොල කර වෙනවලු අම්ම බනිනව මම තියනව ටක් ගාල....
+  හැ හැ හැ හැමට කියවන්න ආවෙ දැන් මැට්ටිට අමතක වුනාද ඒක ලිපේ කියල...
- හරි හරි අපි දුවනො... අරකෙ ඉතිරිය පස්සෙ කියල දෙන්නම් ‍දැනට වළද ලිපේ තියල තියා ගන්නෝ......
=============
ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලෙ
මට හදිස්සියෙන් වාගේ හමුවූ
පායන්න දෑස මානේ උනුහුමට ගින්දරී
ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී..
දිගු දැසෙ බැල්ම ඇයි සොදුරු ඔය හැටී..
.
ඇස් පියෙන් අදී කෑලි කපන රලු රාත්‍රියේ
කීරි ගැහෙන හිත අනුහස අයදී ප්‍රේමයේ
එය පමණක් ශේෂය වීනම් පූර්වාත්මයේ...
ඔබ ගැවසෙන මා සිත අවිනීතයි
අවනත නැති නෙතටද අවිවේකයි..!
-හුදෙකලාව අවනඩුවක් ගෑනු ලමයෝ..!
.
ඉටි රූපෙ අපුරුව විදින්න මං හරි ආසයි
පින්තුරෙ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයි
අහිතක් හිත්නනෙ නැතිනම් මං හරි ආදරෙයි
කියාගන්න බැරි කමෙන් හිත බරයි..
ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි
- හුදෙකලාව අවනඩුවක් ගෑනු ලමයෝ...!
----- අමරසිරි පීරිස් මහතා..
===============
----කුරුළු---

7 comments:

  1. මේ වගේ බොළඳ ප්‍රේම සාහිත්‍යකට ඉල්ලුමක් තිබ්බේ ඉස්සර. දැන් මේවගේ බොළඳ ප්‍රේම ගීත වලට විශේෂයෙන් ගෑනු ළමයි වහ වැටෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ හිටි අය දැන් ලොකුයි

      Delete
  2. ane palayan yako yanna

    ReplyDelete
  3. අමරසිරි පිරිස් කියන ගායකයාගේ ගීතයට කුරුළු අයියාගේ සිතුවිලි ටිකත් එකතු කරලා හදපු සටහන අපුරුයි..

    ReplyDelete
  4. Kauru mona kiuwath lassanai aiye oyage hitha..elama..thada ah..

    ReplyDelete