Monday, July 22, 2013

===කර ගල ගගා එන්න කරගල ගගා එන්න - කරණවෑමි සොහොයුරාණනේ.. === ==කරදර තැවුල් බරින් මා හිස මුදාලන්න -කරණවෑමි සොහොයුරාණනේ.. ===



" පුතා ලොකු වුනාම කවුරු වෙන්නද කැමති " ?
-- බාබර් කෙනෙක් වෙන්න...
අපි සැවොම මහ හඩින් සිනාසුනෙමු.....
මතක හැටියට ඒ හය වසරේදීය... ටීචර් ලොකු වුනාම කවරු වෙන්න කැමති ඇසුවාය..
ඒ ඔහු දුන් පිළිතුරය...
ඔහුගේ අප්පච්චි බාබර් කෙනෙකි.. ඒ ඔහු දුටු දැවැන්තම චරිතයයි..
එතැනින් එහාට ඔහුට ලෝකයක් නොතිබුනි...
තිබුණත් ගණන් නොගත්තේය...
එදා අපි සියල්ලෝම එක හඩින් සිනාසුනේ ඔහුගේ තාත්තා බාබර් කෙනෙකු වු නිසාවෙනි...
ඔහු බිම බලාගති.. ටීචර්ද මොනවාදෝ කිවා මතකය..
" පුතේ තාත්ත වගේ කොණ්ඩෙම කප කප ඉන්නෙ නැතිව ලොකු රස්සාවක් කරන්න බලන්න... "
කාලය බොහෝ සෙයින් ගෙවී ගොස්ය....
වෙනදට වඩා වැඩ කටයුතු අධික වීම නිසා කොණ්ඩය කපා ගැනීමට සුපුරදු සැලුනය වෙත යාමට ඉඩක් නොලැබුණි..
එහෙත් කෙසේ හෝ කොණ්ඩය කපා ගත යුතු නිසාම බොරැල්ලෙ පිහිට වෙනත් සැලුනයකට ගොඩ වැදුනෙමි...
සැලකිය යුතු ආකාරයක දියුනු සැලුනයක පෙනුම එහි වුනි.. කලු පාට පුටු කලු පාට උපකරණ සහ කොණ්ඩය කැපීම මුහුණට දමන සියලු සත්කාර සිදු කරන්නො වූ සුපිරි සැලුනයකි...
" වෙනාදාට නම් කොණ්ඩය කප්නනේ රුපියල් 400කටය.. අද නම් 1000ක් වත් යයි යි සිතමින් මගේ වාරය පැමිනෙන තුරු සිටියෙමි....
මහත්තය එන්න.....
- වාරය පැමිනියෙන් මා හට පෙන්වූ අසුනේ වාඩි වුනෙමි..
කලු පා සිල්ක් රෙද්දක් ගෙල වටා දමන ගමන් ඔහු මගෙන් මෙසේ ඇවේය...
- මහත්තය ගියේ ඩී එස් ද ?
+ ඔවු
- 2003 බැජ් එකේද ?
+ ඔවු ( මම මවිත වී ඔහුගේ මුහුන දෙස බැලීමී.... )
අම්මට සිරි ගජ යකෝ මේ උඹනෙ....... ( මේ ඔහුය- එදා බාබර් වෙන්නට සිහින මැවූ ඔහුය )
- හහ් හහ් හහ් හ්හ ඒකනෙ බං උඹලට අපිව අදුර ගන්නත් බෑනේ ....
+ අදුරන්නෙ කොහොමද බං කොච්චර කාලයක්ද .. ඉතින් ඉතින්...
- වරදක් නැ බං- තාත්ත නැතිවුනාට පස්සෙ මම සැලුන් එක කරන් යනව...
+ ඔවු ඉතින් උඹ ඒ වදස් වලත් කරන්න හිතන් හිටියෙ ඕකනෙ...
- හැහ් හැහ්... තාත්ත වගේ නෙවේ බං මම ටිකක් වෙනස් කලා .. දැන් මට සැලොන් 8ක් තියෙනව ලංකාව පුරාම... සෑහෙන්න මහන්සි වුනා බං
+ යකෝ .. සතුටුයි ඈ.. ඇයි බං එහෙනම් සල්ලිත් තියාගෙන උඹ කොණ්ඩෙ කපන්නෙ...
- ඒකට හේතු දෙකක් තියෙනව බං...
එක්ක තමා මේක මගේ තාත්තගෙ රස්සාව.. මම දියුනු වෙලා ඉන්නෙ එයාගෙ මේ රස්සාවෙන්.. මම ආසාවෙන් මේක කරන්නෙ...
අනික බං විස්වාසය...
+ විස්වාසය කිවුවෙ බං .. තේරුනේ නෑ...
- උඹලට එදත් තේරුනේ නෑනෙ බං.. මම එදා බාබර් කෙනෙක් වෙනව කියලපංතියේදි කිවුවෙ මගේ තාත්ත කියන දේවල් නිසා....
විස්වාසය තමා බං වැදගත්ම දේ....
මේ ලෝකෙ කිසිම කෙනෙක් වෙන කෙනෙක්ට තමන්ගේ ඔලුව අල්ලන්න දෙන්නෙ නෑ විස්වාස වන්තයකෙටු ඇරෙන්න... ඒක මහ පුදුම දෙයක් බං...
ඒක ඇති කර ගන්න බෑ වෙන කාටවත් බාබර් කෙනෙක්ට ඇර..
දැනටත් ලංකාවෙ ලොු ලොක්කො එනව මගෙන් කොන්ඩෙ කපන්න .. ඒ ඇවිල්ල.. මං ගැන සීයට සීයක්ම විස්වාස කරල බෙල්ල දෙනව බං... සමහරුන් නිදා ගන්නව ..
පොඩ්ඩක් හිතපං එච්චර ලොකු විස්වාසයක් අපි හම්බ කර ගත්තු එකම මදිද...?
දැං බැරි වෙලා හරි මගෙ අතින් උඹෙ කනක් ලග කැපෙන්න පුලුවන් බෙල්ල ලග කැපෙන්න පුලුවන්... සමහර විට උඹට නම් උඹේ කොන්ඩෙ කොහොම කැපුනත් කමක් නැතිව ඇති...
+ පිස්සුද බං .. මට කපන්නෙ එකම ස්ටයිල් එකකට... එ ්විදියට ඕන නිසා තමා මං හැමදාම එකම සැලුන් එකකට යන්නෙ .. වෙන ඒවයින් කපන්න බයයි...
- එන්න එක් තමා බං විස්වාසෙ.. කියන්නෙ... උඹ මට බයෙන් කොන්ඩෙ දුන්නට උඹ හැමදාම යන තැනට විස්වාස කරල බෙල්ල දෙනව... හිතපං ලොකු දේසපාලකයෙකුට හර ිනලුවෙකුට හරි මේ පෙනුම කොයි තරම් වැදගත්ද කියල... අද මම කොන්ඩෙ කපන්නෙ ඒ වගේ මිනිස්සුන්ගෙ.. අනික තව වාසියක් තියෙනව බං.. ඒ මිනිස්සුන්ට කියල මට ඕන වැඩක් කර ගන්න පුලුවන් හැදුනුම් කමක් තියෙනව...
+ හ්ම්...... ( එදා බාබර් කෙනෙකු වීමේ සිහිනය ගැන පවසද්දි සිනා වුන අපට දැන් ඔහු සිනා සෙයි.... )
ඇත්තටම සතුටුයි බං උඹ ගැන..... කීයද ගාන..... ( පිටත් වීමට සූදානම් වෙමින් ඇසුවෙමි )
-- උමට පිස්සුද ඩෝ එකට කාල හිටපු බැඡාලගෙන් සල්ලි ගන්න තරම් මම දුප්පත් කියල හිතුවද.. ඕකත් අරන් පලයන් හැබැයි ආයෙත් වරෙන් ඈ... ආසයි බං කතා කරන්න අපේ උන් එක්ක....
+ හරි බන් එහෙනම් මම ගිහින් එන්නම් ගොඩක් ස්තුතියි ඈ.. උඹ ලස්සනටම කොන්ඩෙ කැපුව.......
මගටවන් වේලේසිටම කල්පනාව තවම ඔහු ගැනය.. හොද සල්ලි කාරයෙකි.. එහෙත් වැඩ කරයි.. කීවත් වාගේ කතාව ඇත්තය.. එදා හිනාවුන එක මතක තියන් ඉඳල කණ ලග වත් කැපුවනම් !!!!
ඒකත් හැටිය... එදා අප සමග සිටි බොහෝ මිතුරන් අද ලොකු ලොකු තැන් වල ලොකු ලොකු රස්සා කරති.. එහෙත් උන්නාද මළාද නැත.. කිසිම උදවුවක් වත් වචනයකින් වත් නැත.... හ්ම්..... ඇත්තටම අපි සිනාසුනේ මොහුටය... අද මට ඔහු කෙරෙහි විස්වාසය තබන්නට සිදුව ඇත.... හ්ම්.. කරණවෑමියා යනු අප ජීවිතයේ සිටිනා වඩා විස්වාසවන්තම පුද්ගලයන්ගෙන් කෙනෙකු ලෙස සටහන් තබා ගතිමි...
පුදුම වැඩේ ඒක නොවේය... හය වසරේදී බාබර් වෙනවා කියූ මොහු දැන සාප්පු 8ක බාබර් කෙනෙකි..
එහෙත් සිනාසුනු මම !!!!! ලොකු වෙලා කවුරු වෙන්න කැමතියි කිවුවදැයි දැන් මට මතකවත් නැත...... !!!!
*****************
කර ගල ගගා එන්න කරගල ගගා එන්න
කරණවෑමි සොහොයුරාණනේ..
කරදර තැවුල් බරින් මා හිස මුදාලන්න
කරණවෑමි සොහොයුරාණනේ..
.
නමනා සිරස ඔබට ඉසුරින් පිරුනු දනට
නුඹ හිස රැගෙන යතැයි බිය සැක නැතිවා
පාමින් ඔබට නිකට ඔච්චම් කල එවුන්ට
අහිතක් නැත ඔබ සිතුවා....
.
බීඩිය දමා බිමට ගඳ දුම් දී බුදුන්ට
ඔබ පිල් කඩට වෙලා බලා ඉන්නවා
මගුලැතු ඇවිත් නුවට ඔබගේ සැලුන් දොරට
හීනෙන් දෙදන නමනවා.. - ( කපුගේ )
********************
--- කුරුළු--

Wednesday, July 10, 2013

====සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා - වලා රොදක සැගවිලා ==== ====අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා......=====


.
"අනෙ මන්ද අනේ ඔයාගෙ අයියලටත් බෑනෙ ටිකක්වත් ඔයාට නිවි සැනසිලල්ලෙ ඉන්න දෙන්න..
අපිත් කොච්චර අමාරුවෙන්ද ජීවත් වෙන්නෙ.. !"
ඒ ගෝතමීගේ හඬය....
"එක්කෝ ඔයා කෙලින්ම කියන්න ඒ අයට සල්ලි නෑ කියල.. ඇයි අනේ ඔයා කියල ත මිනිහෙක්නෙ.. ඔයාටත් වැඩ තියෙනව.. ඒව කියන්න එපැයි "
ඇය නවතින පාටක් නැත.. මම දුරකථනය විසන්ධි කලෙමි...
දහසකුත් එකක් ගැටලු මැද මාගේ එකම සහනය එකම ගැලවුම් කාරිය වන ගෝතමීගෙන් වුවද එක දිගට මෙසේ බැනුම් ඇසීමට මා කැමති නැත..
කීමට කිසිවෙකුත් නොමැති නිසාවෙන් ඇයට කාරණය කීවෙමි..
ඇය ගැටලුව තේරුම් ගන්නවා වෙනුවට ලබා දුන්නේ මා බලාපොරොත්තු වූ පිලිතුර නොවේය..
ගැටලුව මෙයය..
හවස අයියා ඔෆීසියට ආවේය..
ඒ වෙන කිසි හේතුවකට නොව මුදල් හදිසියකටය..
අයියා පමණක් නොව අක්කාද අතමාරුවක් ඉල්ලන්නේ මගෙනි..
ඒ මා තනිකඩ නිසාවෙනි.. මා උපාධීධාරි රජයේ රැකියාවේ නියුතුවෙක් නිසාවෙනි.
අනෙක් කාරණාව නම් ඉල්ලු පමණින් බෑ කීමට කිසි දිනක මාගේ දිව නොනැමෙන නිසාවෙනි..
අයියා සිතන්නෙ අයියා එසේ ඉල්ලුවාට කමක් නැත කියා ය. ඒ අයියා මහන්සි වී කුඩා කල පටන් මට ඉගැන්වීමට වියදම් කල නිසාවෙනි..
දැන් අයියාට බැරි වෙනකොට මා අයියාව බලාගත යුතු යැයි අම්මාද පවසන්නීය..
ඒ කතාවද ඇත්තය.. අයියා හම්බ කල හැම සතේම වියදම් කලේ මටය..
පවුලේ නැති බැරි කාලයේ පවුල නඩත්තු කලේ අයියාය.. අක්කාගෙමගුලටද වියදම් කලේ අයියාය..
රැකියාව ලැබුන අලුත නිසා එවේලේ නම් මට කිසිත් කර ගැනීමට නොහැකි වුනි..
පෙරේදා අක්කාද මුදල් ඉල්ලුවාය..
ඒ පොඩි එකීව පාසැලට ඇතුලත් කිරීමට ය.. නොදීත් බැරිය.. දීලාත් බැරිය..
අක්කා කතා කල විට කියන්නෙ ..
" අයියාට නම් සල්ලි ඕන නෑ මල්ලි අයියට සල්ලි තියෙනවා කියාය "
අයියා කිය්නනේ ඒකෙ අනික් පැත්තය
" අක්කා බැන්‍ෙ හොද තැනකින්නෙ බං දෑවැද්දත් එක්කම පිටත් කලානෙ උඹ ආයෙ සල්ල ිදෙන්න යන්න එපා "
තැලෙන්නේ මමය.. ගිරයට අහු වුන පුවකේ හැඩේය...
පසුගිය මාසයේ අප්පච්චිගේ ඇසක දෝෂයක් නිසා ඊට සියලු වෙදකම් සදහා වියහියදම් දරුවේ මමය..
ඒ ට අමතරව අම්මටයි අප්පච්චිටයි ගෙදර කෑමට කලමනාද සැපයුවේ ම‍ගේ පඩියෙනි...
ගිය සතියේම මගුල් ගෙවල් 3කි .. බෝඩින් ගාස්තු ගෙවිය යුතුය.. කෑම වියදම සැරය..
අනාගතයේ බිරිද වීමට පතා සිටින ගොතමී වෙනුවෙන්ද මුදලක් ලග තබා ගත යුතුය...
අයියාට මූණට බෑ කියනනට බැරි කම නිසාම මාගේ ක්‍රෙඩිට් කාඩ් පත බැංකුවට ඉදිරිපත් කලෙමි...
ඒද නවතා දමලාය.. ණය වැඩි වී ඇත.. ‍
බැංකු පොතේ තිබුණු අවසන් රුපියල් දස දහස ගෙන අයියා අත තබා පිටත් කර හැරියමි..
මල්ලි උඹට ගොඩක් ස්තුතියි බං මම මේක ඉක්මණටම දෙන්නම් !
හරි අයියෙ.... ! ( ඔය කිවුවාට අයියා කිසි දිනක ඉල්ලා ගත් මුදලක් දී නැත )
අයියාගෙන් කාපුවාට අයියා මා හට වියදම් කරපුවාගේ පවු ගෙවමි.. තරහක් නැත...
මා ගැනම කල කිරීමක් ඇත...
හෙට කොහෙන් හෝ කීයක් හරි සොයාගත යුතුය . නැතිනම් දවල්ට බඩගින්නේය .
අයියා ගිය පසු බෝඩිමට ගොස් හැකි තරම් හැඩුවෙමි.. ඒ වෙන කිසිත් නොව මා දරා ගන්නා මේ දේවල් දැන් දැරිය නොහැකි තත්වය පත් වීම නිසාවෙනි..
බැරිම තැන ගෝතමීට කතා කර සියල්ල ඈ හට පැවසීමට සිතා ගතිමි..
මොනව වුනත් මාව විස්වාස කරල මා ලගට එන්න සිටිනා ඇය මේව දැන ගත යුතුයැයි මට සිතුණි....
සිදු වූයේ අණෙකකි.. දැන් තවත් දුක වැඩිය.. ගෝතමී ගේ අතද වරදක් නැත ඇය අපේ අනාගතය ගැන සිතන්නීය.. ගැහැනුන්ගේ හැටිය.. මින් පෙර මා සතුව වුවද අනාගතය සැලසුම් කිරීමේ ආශාවක් නොතිබුනත් ‍ගෝතමී නිසාවෙන් ඒ හුරුව ටික ටික ලැබී ඇත...
"සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා - වලා රොදක සැගවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා........" යලිත් දුරකථනය නාද වෙයි .... ගෝතමී වෙනුවෙන්ම දැමූ රින්ග් ටෝනය ය....
ඔවු කියන්න නංගි..
- අයිය තරහද මා එක්ක
= නෑ
- තරහ වෙන්නෙපා අයියෙ . අපි මේ ගැන කතා කරමු හෙට.. හොදද මගෙ හොද අයියනෙ .. අයියට සල්ලි නැතිනම් මම දෙන්නම් හෙට.. දැන් කල්පනා කර කර ඉන්නෙපා කාල නිදියන්න... බුදුසරණයි හොදද .. මගෙ මහත්තයට..
******************************************************
"සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා - වලා රොදක සැගවිලා
අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා......

කදුලු බිදු ගලා සදේ තුරු ලතා පුරා
සියොලගම සැලී මගේ නොහිම් සීතලේ
ඔබේ නෙත යදී ....ම්...ම්...ම්.. මහද වියරුවෙන්..!

කියඹු වැල් ලිහි ඔබේ මාරුතේ සැලී
කොපුල් තල ගැටී මගේ සිතුම් සසල වයි
නිවා ලන්න මා.. ම්.... ම්.. ඔබේ සිසිලසින්...

--කුරුළු---

Tuesday, July 9, 2013

==ශිල්ප අරන් එන්න කියා ගියාට දීපංකරේ - === ==උඹ ඉන්න හිටින තැනක් නැතිව ඇවිදිනවද මල්ලියේ ===




අයියා නම් පුදුමය...
මා මෙතරම් එපා කියද්දීත් මේ මාසයේ මාගේ වියදම් මුදලත් එවා ඇත..
අයියා ගමේ මේසන් වැඩ කර හම්මබ කර ගන්නා මුදල්ය..
අප්පච්චි නැති වුන දවසේ ඉදන් මාගේත් අම්මාගේත් දෙවැනි අප්පච්චි වුයේ අයියා ය..
ලේඛනාරක්ෂක දෙපාර්ථමේන්තුවත් යාපහු හඩැති සිංහයෙකුගේ මුහුණකුත් පෙනෙන පරිදි එස් එස් සී ක්‍රීඩාපිටියට මුහුන ලා නිදහස් චතුරස්‍රය ඉදිරිපිට හිඳගතිමි..
බොහෝ දෙනා මෙයට නිදහස් චතුරස්‍රය යැයි පවසන්නේ කුමන අරමුනකින්දැයි මා නොදනිමි.. කොළඹ විශ්ව විද්‍යාල ජීවිතයට ඇතුලත් වූ දා සිට මාගේ සියලු දුක් දෝමනස්සයන් වල නිදහසේ චතුරස්‍රය වූයේ නම් මෙය ය. එනිසා මම ම මෙය නිදහස් චතුරස්‍රය ලෙස හඳුනවමි..
අයියා ලියමනක් එවා ඇත.. බෝඩිමේ අනිකුන් සමග එය කියවිය නොහැක .. ඒ දුප්පත්කම උන් දැනගන්නා නිසාවෙන් නොව එය කියවන විට චපල වන මගේ ඇස් දෙක මට ම පාලනය නැති නිසාවෙනි..
අප්පච්චි නැති වුනු පසු අම්මා බොහෝ මහන්සියෙන් හදාගත් අපි  අයියා ලොකු වෙනකම් මහා අඩුපාඩු කම මැද ජීවත් වුනෙමු..
මුලදී අම්මාගෙන් ගුටි කමින් පවා මේසන් වැඩට අත් උදවු දීමට ගිය අයියා දැන් ලොකු බාස්උන්නැහෙකි...
කල් යත්ම අම්මාද අයියාට බනිනා එක නැවැත්තුවේ.. එක්කෝ අයියා කියන දෙයක් නාහන නිසාය.. නැතිනම් අම්මාගේ හිස මත තිබු බර මදක් හෝ අයියා නිසා සැහැල්ලු වූ නිසා දැයි මා අදටත් නොදනිමි - නොඅසමි...
කෙසේ වෙතත් අදටත් අපේ ගමේ ගෙදර උකස් තබා ඇත..
අනුන්ට මාලිගා හදන අයියාත් අම්මාත් ජීවත් වනේනෙ පොල් අතු පැලකය..
අප්පච්චිගේ එකම හීනය වුනේ අයියාවත් මාවත් හොද ලොකු මහත්තරු කරන්නටය..
අයියා නම් කියන්නේ අප්පච්චි ගහෙන් වැටුන වෙලේ අන්තිමට අයියාට අම්මාවයි මාවයි බාර කල බවකි...
මා විශ්ව විද්‍යාලය තෙක් ගෙනාවේ අයියාය..
එදා සිට අද වන තුරු සියලු විය හියදම් දැරුවේ ඔහුය..
කිසිදු වෙනසක් නොකර මෙවරද මා හට වියදම් මුදල් හා කමීසයක් කලිසමක් ගැනීමට වැඩිපුර මුදල්ද එවා ඇත...
විශ්ව විද්‍යාල ජීවිතය කොතරම් කටුකද ! අධ්‍යාපන ක්‍රමයේ ඇති අවුල් වියවුල් බව අයියා දන්නේ නැත..
වෙලාවකට මට දුක සිතේ...
අයියා එවන මුදල් ඉතිරි කරමි... දවල් බත් වුවද කන්නේ බෝඩිමේ අනික් උන්ගෙනි..
අදින්නේ පරණ ඇදුම ම ය...
විශ්ව විද්‍යාලයට එන කෙල්ලන් හඩ්ඩෙකු ලෙස මට කාඩ් ගසා ඇත.. ඒත් මා දන්නා තරමින් මා සෝදා පිරිසිදු කර අදිනවා පමණි..
මා සතුව ඇති සීමිත ඇදුම් ප්‍රමාණය මුලු විශ්ව විද්‍යාලයම දනිති..
ඒ ගැන කිසිත් නොසිතිය යුතුය..
කල යුත්තේ ඉගෙන ගැනීමය.. අයියාවත් අම්මාවත් බලා ගැනීමේ වගකීම මා සතුය..
අයියාට මංගල යෝජනා කිහිපයක් පැමිණියත් විවාහ වන වයස පසු වී තිබෙද්දීත් අයියා
ආදරය කල පොඩි මාමාගේ අක්කාත් අමතක කර දමා ඇත..
වචන වලින් නොකිවූවත් ඒ මා නිසාය “..
අයියා විවාහ වූ පසු මා හට මෙසේ ඇප උපස්ථාන කල නොහැකි යැයි සිතේ ඇති..
මට මා ගැනම තරහක් උපදී...
ඈත දුර ගමක සිට මේ නොදන්නා කොළඹ රිංගං අහවල් කෙන්ගෙඩියක් කරන්නද..
උපාධි ඇති උන්ටත් රස්සා නැත... කියන්නට කෙනෙක් නැත..
පෙළපාලි උද්ගෝෂණ වර්ජන අඩුවක් නැත..
එකම විකාරයකි...
එක අතකට අයියා වගේ ගමේ වැඩකට ගියානම් ඒකත් එහෙමය..
අනෙක් අතට මේ ටිකත් ඇදල උපාධිය ගොඩ දා ගත යුතුය...
අයියාගේ ලියමන දෙකට නවා ගුලිකර සාක්කුවට දමා ගතිමි.
සාක්කුවේ යමක් තිබුනෙන් එය එලියට ගතිමි..
හ්ම්......
එය සත්‍යාගෙන් ලැබුනකි.මිතුරෙකුගේ විවාහ උත්සවයකට ගොස් තමන්ට ලැබුන වෙඩින් කේක් කෑල්ලයි... අද දවාලේ ගෙන විත් දුන්නේ ඇයය..
ඉතා ලොකු පවුලකින් පැවත එන්නියකි.. මා ගැන උනන්දුවක් ඇති බවක් සිතෙයි.. මටද ! මම කැම්පස් එකේ ලියන කවි වලටද නොදන්නෙමි.. කෙසේ වෙතත් ආදරයකට නම් තවම සූදානම් නැත...
මට වටින්නේ අයියාය.........
කවදා හෝ මේ කර ගන්නා පවු සොදා හලයුතුය අයියාට සැලකිය යුතුය...
- හවස් වත්ම එකින් එකා නිදහස් චතුරස්‍රය පැත්තට පැමිනේන පටන් ගනිති.. ඒ හුදෙක් දිවිමටය.. ලොකු වාහන වලින් පැමිනෙන ඔවුහු නිදහස් චතුරස්‍රය වටා වට කිහිපයක් දුවති...
--මහ පුදුම ලෝකයකි... අපි මෙහේ බඩ පුරවාගන්න වෙහෙසෙන්නෙමු - ඔවුහු බඩ අඩු කර ගැනීමට වෙහෙසෙති...---
ඉර හැරුනු පසු එතැන පින්තූර ගැනීමට ආ මනාල යුවලකට ඉඩ දී නැවත බෝඩිම කරා යාමට මම නැගිට්ටෙමි.......
*******
ශිල්ප අරන් එන්න කියා ගියාට දීපංකරේ
උඹ ඉන්න හිටින තැනක් නැතිව ඇවිදිනවද මල්ලියේ
මන්දිර වාහල් හැදුවත් උඹ ඉහට ඉහල පන්තියේ
අපි උපන් ගෙදර තවමත් අතු පැලමයි අයියන්ඩියේ

ලඹ කැටේ අරන් මං ගියාට දවස ගානෙ ගං ගොඩේ
මලේ තවම එදා වගේම ඇදයි අපේ ජීවිතේ
මට එවන එවන හැම සතේම ඉතිරු වෙලා මයෙ හිතේ
අතේ තියෙන කරගැට වල පවු අරින්න අයියගේ

මගෙ හිත ගිය තැන හදා ගන්න බැරි වුනාට මාලිගේ
හිතට දුකක් නෑ උඹ ඉගෙන ගනින් මල්ලියේ
අප හෙලු කදුලු එකතු වෙලා නොපිරුනාට සාගරේ
වැවක් වෙලා ගිම් නිවාවි කවදා හරි මේ බිමේ.... (කපුගේ - දිවුල්ගනේ)
********
--කුරුළු--

Monday, July 1, 2013

== මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනෙත්== ==හෙට එන රෑට නුඹ නැතිව කෙලෙසක නම් ඉවසම්දෝ !==


.

දවසක් ම ඔයාට හොරෙන් ඔයාගෙ නම මගේ අතේ ටැටූ කරන් ඇවිත් ඔයාට පෙන්නුව.....

මතකද නංගි...

ෂා...

මගේ හොද අයිය මං ආදරෙයි....
ඒත් කරපු වැඬේ නරකයි මං එපා කියපු එකක් ඒත් කමක් නෑ මගේ නමනේ එතකොට අයියට හැමදාම ඔයාට මාව මතක තියෙයි .....
වෙන කෙල්ලො ලගට යන්නත් බෑනේ
හූ......හූ.....

‘ ඔයා මගේ ඒ අත අරන් තුරුළු කරගත්ත’

හහ් ...... විකාර......

මතකද ..... අන්තිම දවසෙ
ඔයා මට බැනල මගෙ ඈත් වෙලා යනකොට කිවුව වචන ටික....

ඔයා මගේ අත අල්ලගෙන ...

‘දැන් ඉතින් මේ ටැටූ එකෙන්
වැඩක් නෑනෙ අයිය
ඒක මකා ගන්න.... නිකං පිස්සු නටන්නෙ නැතුව’...

මොන හිතකින්ද නංගි
ඔයා එහම වෙනස් වෙන්නෙ....
වචන අනෙක් පැත්ත පෙරලන්නෙ.....

අතේ ටැටූ එකනම් මැකුව මගේ නංගි....

ඒත් හිතේ තියෙන එක මකන්න ඔයාම විදිහක් කියන්න !

මම බලන් ඉන්නවා.....

.....හැමදාටම....
මේ අයිය -

.... " ඔ යා ට, ම යි

ඒ වගේම නංගි.....

ඔ යා, ම ට යි....."

---- ආදරෙයි මං සත්තයි---

අතේ ටැටු කරන එක පිස්සුවක් වුනත් මම එයා වෙනුවෙන් එහෙම කලා නංගි.. ඒ බොළඳ කමට නෙවේ ආදරේ වැඩි කමට . ඒ දවස් වල මට ඔයාට දෙන්න දෙයක් නෑ මොකද උපන් දිනේට මට ඔයාට තෑග්ගක් අරන් දෙන්න තරම් මම පොහොසත් නෑ ඒ දවස් වල.. හරකෙක්ගෙ වුනත් හංවඩු ගහනව අයිතකාරයාගේ නමින්.
 ඒ වෙන මොහොකටවත් නෙවේ .. වෙන අය හරි හරක් හොරු හරි ඇවිල්ල ඒ හරකව අයිති කර ගෙන අරං යයි කියල ... ඒ නිසා මගේ අයිති කාරයාගේ නම - ඔයාගෙ නම මගේ අතේ ටැටූ කර ගත්තා... ඒ මාව වෙන කෙනෙක්ට අයිති නොවෙන්නම.... !!
-- අතේ කොටල තියෙන දේවල් වලට වඩා ඉක්මණට හිතේ තියෙන දේවල් වෙනස් වෙලා අමතක වෙනව “ ගොනෝ“ තොට ඒක තේරුනේ නැද්ද....!
මේ ලගදි දවසක විකිය කියනකොට මටත් ඒක ඇත්තම නේද කියල හිතුන...
--------------
********************************
මේ සඳ වුණත් පායා ඇවිත්
ඉස්සර වගේ එලිය දුන්නා වුනත්
මේ හුලගමත් ආයෙත් ඇවිත්
නුඹ හිද්දි දුන්න සිසිල දුන්නා වුනත්
පෙර හැම දේම නුඹ නැතිව ලැබුනා වුනත්
මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනෙත්
හෙට එන රෑට නුඹ නැතිව කෙලෙසක නම් ඉවසම්දෝ !
මේ ගෙවෙන්නෙ අවසන් රැයම වේ
ආයේ නම් රැය අවසන් වේ.....

ආයෙ හිරු නෑ හෙට හුලගක් නෑ නුඹ ආවත් මේ රැය නෑ
ආයෙ නුඹ නෑ දුක් කදුලුත් නෑ රැය ආවත් මම නෑ
මේ ගෙවෙන්නෙ අවසන් රැයම වේ
ආයේ නම් රැය අවසන් වේ.....

------------කුරුළු-----------------------

===මං මුලාවී පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ=== ===මං මුලාවූ සමනලියකගෙනි පාර අසා තිබුනේ.....===


.
--මේ කවි ලිය ලිය හිටියට බඩ පිරෙන්නෙ නෑ ගිහින් කාල එන්න අයියෙ...
නිකමට හෝ නුඹ මේ මූනු පොතට පැමිනි වේලාවක මාගේ බිත්තිය පුරා එල්ලා තිබෙන කවිදැක එසේ පවසන්නීය.. ඒ ඉස්සරය..
== හරි හරි කවි ලියන එකෙන් බඩ පිරෙන්නෙ නැති වුනාට හිත පිරෙනවනේ
-- ඔවු ඔවු හිත පිරෙනව කෙල්ලොන්ගෙ නම්.. යන්න යන්න දැන් කාල එන්න..
== මම කාල ඉන්නෙ..
-- මේ බොරු එපා හොදේ.. මෙයා නැගිටින්නෙත් 10 පහුවෙලා ...
== හරි හරි අනේ ඔයා දැන් ඇයි මේකට ආවෙ..
-- ආවෙ.. ! ආ ඇයි දැන් මට එන්න නරකයිද ? අනික් ඔක්කොටම හොදයි මට තමා එන්න නරක..
==අපෝ හරි හරි.. ආවනම් ඉන්නව ඉතින්...
-- මේ එක නෙවේ අයිය..
== එහෙනම් කෝකද.. ?
-- ඇයි එයා මට ආදරේ නැත්තෙ ?
== අපෝ ආයෙ පටන් ගත්තද ! කවුද දැන් කිවුවෙ ආදරේ නෑ කියල
-- නෑ අයිය මට හිතෙනව ඔයා මට වඩා මේ ෆේස් බුක් එකට මේ ෆේස් බුක් යාලුවොන්ට විසේසෙන් ඒකෙ කෙල්ලොන්ට ආදරෙයි කියල...
== මොන බම්බුවක්ද මේ.. මේ නංගි මම එයාට කියල තියෙනව හොදද මනස් ගාත කතා කරන්න එප ාකියල..
-- නපුරා.. මහම මහ නපුරුයි පොඩ්ඩ ඇත්තං මට බනිනව.. අඇයි මට ඒ වගේ දෙයක් වත් අහන්න බැරිද  ඔයානේ..?
== අපෝ හරි හරි අහන්න කො...
-- ඉතින් කියන්න ඇයි ඔයා මෙ ෆේස්බුක් කෙල්ලන්ට තරම් වත් මට ආදරේ නැත්තෙ..
== අයියෝ දරුවො ඇයි එහෙම කිය්නනෙ... ඇයි ඒ අයවයි ඔයාවයි සම කරන්නෙ.. ඒ අය මගේ යාලුවො ඔයා මගේ ආදරෙ.. එතැනම වෙනසක් තියෙනවනෙ....
- එහෙනම් ඇයි අර එක එක්කෙනා කමෙන්ට් කරන් බැන ගන්නෙ..
==කවුද ?
-- අර දිනිති දීපිකා අමාලි මැණික් කුමාරි මාපා දෙන්න
== හක හක හක  හක  අයියෝ පිස්සුනෙ ඒ මගේ හොදම යාලුවො දෙන්නෙක්නෙ....
-- ඕනනම් අහල බලන්න ඒ දෙන්නගෙන්...
== නෑ මට ඕන නෑ මට ඔයාව විස්වාසයි... අයියෙ.....
**********************************************
පුථම ප්‍රෙමය කොයි තරම් නම් සුන්දරදැයි මට විටෙක සිතේ... හැම විටම තේරුම් බේරුම් කර ගැනීම්ය..
දෙදෙනාගේම ප්‍රථම ආදරය විය යුතු නැත.. එකෙකුගේ වුනාම ඇතිය..
එහෙත් දෙදෙනාගේම වුවාම ඉතිමත් සුන්දරය..
මා සිතනා ආකාරයට ප්‍රථම ප්‍රේමය ජීවිතය පුරා අමතක නොවන්නකි..
බාගදා අපට ප්‍රථම ප්‍රේමයේ බිඳ වැටීම් බොහෙමයක් දකින්නට ලැබුනත්..
ප්‍රථමප්‍රේමයට වරමක් නැති වුනත් එය සුන්දරය...
ජීවතයෙ කොයි හෝ මොහොතක වුවද සිහියට නගා සතුටු විය හැකයි..
ජීවිතයේ සහකරු හෝ සහකාරිය වෙනකෙකු බවට පත් වුනත් ඇය හෝ ඔහු සමග පවා
පවසා සතුටු විය හැකි ආදරයක් ලෙස මම එය දකිමි..
එසේ මා පවසද්දි “ ඒ අස්න්නෙ මාගේ ප්‍රථම ප්‍රේමය වන නුඹම වූවා නම් “ කොතරම් සතුටක් දැයි මට දැන් සිතේ....
නුඹ මාගේත් - මම නුඹගේත් - ප්‍රථම ප්‍රේමය නිසාවෙන් මෙසේ හදවද කීරි ගැහෙන හැගීම් නිතර පහල වන බව දැන ගත්තේ මෑතකදීය..
කිසි දිනක නුඹ ඒවා නොබැලුවත්.. ඒවා මෙසේ මාගේ බිතු මත එල්ලා තබමි...
බොහෝ දෙනෙක් මාගේ නිර්මාණ පොතක් ලෙස ප්‍රකාශනයට පත් කරන ලෙස ඇවටිලි කලද මා එසේ නොකරන්නේ බියක් ඇති නිසාවෙනි..
ඒ එඒ අවස්ථාවල මා “ ඒ තරම් මට සල්ලි නෑ “ යැයි පවසා නිහඩ වෙමි..
නමුත් ඇත්තම කාරණය නම්...
“ මා පොතක් ලියූ පසු - එය පිළි ගැන්වීමට මා අදහස් කරන්නෙ නුඹටය ! ඒ මා කුරුළු වුනේත් මේ සියලු දෑ ලියවෙන්නේත් නුඹ නමට බැවිනි..!
මට ඇති බිය - වන්නේ නුඹ “ එදිනටවත් පොත පිලි ගැනීමට නොඒ යැයි යන්නය ...!!!
*************************************************
මං මුලාවී පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ
මං මුලාවූ සමනලියකගෙනි පාර අසා තිබුනේ.....

ඇයිත් නොදන්නිය ඇය යන මානය
උන් හිටි තැන් මතකයෙ අඩ මානය
පාර කියන්නෙ කෙලෙසද මා හට
ඇයටද පාරක් ඇති නැති ගානය

අප හමු වූයේ මන්දැයි නොදනිමි
පාර ඇසුයේ ඇයි දැයි නොකියමි
අපේ ගමන අද නවතනු හැකි නම්
අප යන ගමනද අද මෙතැනින් නිමි

මං මුලාවී පාර සොයාගෙන හසරක් අසමින් යන ගමනේ
මං මුලාවූ සමනලියකගෙනි පාර අසා තිබුනේ.....
--කුරුළු---