Monday, July 22, 2013

===කර ගල ගගා එන්න කරගල ගගා එන්න - කරණවෑමි සොහොයුරාණනේ.. === ==කරදර තැවුල් බරින් මා හිස මුදාලන්න -කරණවෑමි සොහොයුරාණනේ.. ===



" පුතා ලොකු වුනාම කවුරු වෙන්නද කැමති " ?
-- බාබර් කෙනෙක් වෙන්න...
අපි සැවොම මහ හඩින් සිනාසුනෙමු.....
මතක හැටියට ඒ හය වසරේදීය... ටීචර් ලොකු වුනාම කවරු වෙන්න කැමති ඇසුවාය..
ඒ ඔහු දුන් පිළිතුරය...
ඔහුගේ අප්පච්චි බාබර් කෙනෙකි.. ඒ ඔහු දුටු දැවැන්තම චරිතයයි..
එතැනින් එහාට ඔහුට ලෝකයක් නොතිබුනි...
තිබුණත් ගණන් නොගත්තේය...
එදා අපි සියල්ලෝම එක හඩින් සිනාසුනේ ඔහුගේ තාත්තා බාබර් කෙනෙකු වු නිසාවෙනි...
ඔහු බිම බලාගති.. ටීචර්ද මොනවාදෝ කිවා මතකය..
" පුතේ තාත්ත වගේ කොණ්ඩෙම කප කප ඉන්නෙ නැතිව ලොකු රස්සාවක් කරන්න බලන්න... "
කාලය බොහෝ සෙයින් ගෙවී ගොස්ය....
වෙනදට වඩා වැඩ කටයුතු අධික වීම නිසා කොණ්ඩය කපා ගැනීමට සුපුරදු සැලුනය වෙත යාමට ඉඩක් නොලැබුණි..
එහෙත් කෙසේ හෝ කොණ්ඩය කපා ගත යුතු නිසාම බොරැල්ලෙ පිහිට වෙනත් සැලුනයකට ගොඩ වැදුනෙමි...
සැලකිය යුතු ආකාරයක දියුනු සැලුනයක පෙනුම එහි වුනි.. කලු පාට පුටු කලු පාට උපකරණ සහ කොණ්ඩය කැපීම මුහුණට දමන සියලු සත්කාර සිදු කරන්නො වූ සුපිරි සැලුනයකි...
" වෙනාදාට නම් කොණ්ඩය කප්නනේ රුපියල් 400කටය.. අද නම් 1000ක් වත් යයි යි සිතමින් මගේ වාරය පැමිනෙන තුරු සිටියෙමි....
මහත්තය එන්න.....
- වාරය පැමිනියෙන් මා හට පෙන්වූ අසුනේ වාඩි වුනෙමි..
කලු පා සිල්ක් රෙද්දක් ගෙල වටා දමන ගමන් ඔහු මගෙන් මෙසේ ඇවේය...
- මහත්තය ගියේ ඩී එස් ද ?
+ ඔවු
- 2003 බැජ් එකේද ?
+ ඔවු ( මම මවිත වී ඔහුගේ මුහුන දෙස බැලීමී.... )
අම්මට සිරි ගජ යකෝ මේ උඹනෙ....... ( මේ ඔහුය- එදා බාබර් වෙන්නට සිහින මැවූ ඔහුය )
- හහ් හහ් හහ් හ්හ ඒකනෙ බං උඹලට අපිව අදුර ගන්නත් බෑනේ ....
+ අදුරන්නෙ කොහොමද බං කොච්චර කාලයක්ද .. ඉතින් ඉතින්...
- වරදක් නැ බං- තාත්ත නැතිවුනාට පස්සෙ මම සැලුන් එක කරන් යනව...
+ ඔවු ඉතින් උඹ ඒ වදස් වලත් කරන්න හිතන් හිටියෙ ඕකනෙ...
- හැහ් හැහ්... තාත්ත වගේ නෙවේ බං මම ටිකක් වෙනස් කලා .. දැන් මට සැලොන් 8ක් තියෙනව ලංකාව පුරාම... සෑහෙන්න මහන්සි වුනා බං
+ යකෝ .. සතුටුයි ඈ.. ඇයි බං එහෙනම් සල්ලිත් තියාගෙන උඹ කොණ්ඩෙ කපන්නෙ...
- ඒකට හේතු දෙකක් තියෙනව බං...
එක්ක තමා මේක මගේ තාත්තගෙ රස්සාව.. මම දියුනු වෙලා ඉන්නෙ එයාගෙ මේ රස්සාවෙන්.. මම ආසාවෙන් මේක කරන්නෙ...
අනික බං විස්වාසය...
+ විස්වාසය කිවුවෙ බං .. තේරුනේ නෑ...
- උඹලට එදත් තේරුනේ නෑනෙ බං.. මම එදා බාබර් කෙනෙක් වෙනව කියලපංතියේදි කිවුවෙ මගේ තාත්ත කියන දේවල් නිසා....
විස්වාසය තමා බං වැදගත්ම දේ....
මේ ලෝකෙ කිසිම කෙනෙක් වෙන කෙනෙක්ට තමන්ගේ ඔලුව අල්ලන්න දෙන්නෙ නෑ විස්වාස වන්තයකෙටු ඇරෙන්න... ඒක මහ පුදුම දෙයක් බං...
ඒක ඇති කර ගන්න බෑ වෙන කාටවත් බාබර් කෙනෙක්ට ඇර..
දැනටත් ලංකාවෙ ලොු ලොක්කො එනව මගෙන් කොන්ඩෙ කපන්න .. ඒ ඇවිල්ල.. මං ගැන සීයට සීයක්ම විස්වාස කරල බෙල්ල දෙනව බං... සමහරුන් නිදා ගන්නව ..
පොඩ්ඩක් හිතපං එච්චර ලොකු විස්වාසයක් අපි හම්බ කර ගත්තු එකම මදිද...?
දැං බැරි වෙලා හරි මගෙ අතින් උඹෙ කනක් ලග කැපෙන්න පුලුවන් බෙල්ල ලග කැපෙන්න පුලුවන්... සමහර විට උඹට නම් උඹේ කොන්ඩෙ කොහොම කැපුනත් කමක් නැතිව ඇති...
+ පිස්සුද බං .. මට කපන්නෙ එකම ස්ටයිල් එකකට... එ ්විදියට ඕන නිසා තමා මං හැමදාම එකම සැලුන් එකකට යන්නෙ .. වෙන ඒවයින් කපන්න බයයි...
- එන්න එක් තමා බං විස්වාසෙ.. කියන්නෙ... උඹ මට බයෙන් කොන්ඩෙ දුන්නට උඹ හැමදාම යන තැනට විස්වාස කරල බෙල්ල දෙනව... හිතපං ලොකු දේසපාලකයෙකුට හර ිනලුවෙකුට හරි මේ පෙනුම කොයි තරම් වැදගත්ද කියල... අද මම කොන්ඩෙ කපන්නෙ ඒ වගේ මිනිස්සුන්ගෙ.. අනික තව වාසියක් තියෙනව බං.. ඒ මිනිස්සුන්ට කියල මට ඕන වැඩක් කර ගන්න පුලුවන් හැදුනුම් කමක් තියෙනව...
+ හ්ම්...... ( එදා බාබර් කෙනෙකු වීමේ සිහිනය ගැන පවසද්දි සිනා වුන අපට දැන් ඔහු සිනා සෙයි.... )
ඇත්තටම සතුටුයි බං උඹ ගැන..... කීයද ගාන..... ( පිටත් වීමට සූදානම් වෙමින් ඇසුවෙමි )
-- උමට පිස්සුද ඩෝ එකට කාල හිටපු බැඡාලගෙන් සල්ලි ගන්න තරම් මම දුප්පත් කියල හිතුවද.. ඕකත් අරන් පලයන් හැබැයි ආයෙත් වරෙන් ඈ... ආසයි බං කතා කරන්න අපේ උන් එක්ක....
+ හරි බන් එහෙනම් මම ගිහින් එන්නම් ගොඩක් ස්තුතියි ඈ.. උඹ ලස්සනටම කොන්ඩෙ කැපුව.......
මගටවන් වේලේසිටම කල්පනාව තවම ඔහු ගැනය.. හොද සල්ලි කාරයෙකි.. එහෙත් වැඩ කරයි.. කීවත් වාගේ කතාව ඇත්තය.. එදා හිනාවුන එක මතක තියන් ඉඳල කණ ලග වත් කැපුවනම් !!!!
ඒකත් හැටිය... එදා අප සමග සිටි බොහෝ මිතුරන් අද ලොකු ලොකු තැන් වල ලොකු ලොකු රස්සා කරති.. එහෙත් උන්නාද මළාද නැත.. කිසිම උදවුවක් වත් වචනයකින් වත් නැත.... හ්ම්..... ඇත්තටම අපි සිනාසුනේ මොහුටය... අද මට ඔහු කෙරෙහි විස්වාසය තබන්නට සිදුව ඇත.... හ්ම්.. කරණවෑමියා යනු අප ජීවිතයේ සිටිනා වඩා විස්වාසවන්තම පුද්ගලයන්ගෙන් කෙනෙකු ලෙස සටහන් තබා ගතිමි...
පුදුම වැඩේ ඒක නොවේය... හය වසරේදී බාබර් වෙනවා කියූ මොහු දැන සාප්පු 8ක බාබර් කෙනෙකි..
එහෙත් සිනාසුනු මම !!!!! ලොකු වෙලා කවුරු වෙන්න කැමතියි කිවුවදැයි දැන් මට මතකවත් නැත...... !!!!
*****************
කර ගල ගගා එන්න කරගල ගගා එන්න
කරණවෑමි සොහොයුරාණනේ..
කරදර තැවුල් බරින් මා හිස මුදාලන්න
කරණවෑමි සොහොයුරාණනේ..
.
නමනා සිරස ඔබට ඉසුරින් පිරුනු දනට
නුඹ හිස රැගෙන යතැයි බිය සැක නැතිවා
පාමින් ඔබට නිකට ඔච්චම් කල එවුන්ට
අහිතක් නැත ඔබ සිතුවා....
.
බීඩිය දමා බිමට ගඳ දුම් දී බුදුන්ට
ඔබ පිල් කඩට වෙලා බලා ඉන්නවා
මගුලැතු ඇවිත් නුවට ඔබගේ සැලුන් දොරට
හීනෙන් දෙදන නමනවා.. - ( කපුගේ )
********************
--- කුරුළු--

4 comments:

  1. ආදර්ශවත් කතාවක්

    ReplyDelete
  2. ඇත්තටම තමන් කැමති දේ කරන්න ඉඩ දෙනවනං ගොඩක් මිනිස්සුන්ගේ ජීවිත මීට වඩා සාර්ථක වෙනවා කියල මම විශ්වාස කරනවා. අපි ගොඩ දෙනෙක් යන්න උත්සාහ කරන්නේ සම්මතයෙන් කපල දීපු පාරවල් වල. ඒත් මේ වගේ මිනිස්සු ජීවිතේ අති සාර්ථක වෙනවා. එහෙම වෙන්නෙ තමන්ගේ මොළය වගේම හදවත ඒ අය අනුගමනය කල නිසයි.

    ReplyDelete
    Replies
    1. ඒකෙ විද්‍යාත්මක පැත්තකුත් තියෙනව..!

      Delete