Friday, August 9, 2013

==== පෙම් බැඳන් ආ කින්නරාවී - මගෙ ළගින් හිඳ වෙන් වුනා ====


.
==== සොදුරිය... කාලය කොතරම් නපුරුද ?
දිවි හිමියෙන් කඳුලැලි පුරවාගෙන
රැකගත් ආලය උදුරාගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොදුරිය....
.
පෙරුම් පුරා දුක සේ ගලපාගත්
කවිය ඔබම වි නැලවුන යුගයක
හඳ ඇදි ඔබ රැව සිහිනෙක වත් නැත
ඒ රුව කොතරම් මිහිරිද සොදුරිය....
.
ලොවට හොරා වෙලිලා බිහිකර ගත්
වසන්‍තයේ සඳ මියැදුන දවසක
බෙදා හදා  ගත් දුකවත් අද නැත
ඒ දුක කොතරම් මිහිරිද සොදුරිය......
.
සොදුරිය... කාලය කොතරම් නපුරුද ? ====
.
බොහෝ විට ආදරයෙන් වෙන් වුනු තැන විරහ ව නිසා නිර්මාණකරුවන් බිහිවෙති. එහෙත් මා නිර්මාණකරණයට යොමු වුනේ ඇයගෙන මා ලද ආදරය නිසාවෙනි..
ඈ මා සමග සිටිනා තුරා ඇයට එය තේරුම් ගත ‍නොහැකි වීම අප දෙදෙනාගේම අවසානාවක ලෙස දකිමි.....
විරහවට වඩා ඇයගෙන් මා ලද ප්‍රේමයත් ඒ ප්‍රේමයේ උත්කර්ෂවත් ප්‍රහර්ශයත් නුඹලා මෙතෙක් විඳින්නට ඇති...
ඇය මා තුල වැපිරූ ‍ප්‍රේමය දිනනේ දින වැඩෙත්ම එහි වූ මල් ළුල විදීම කිසි දිනෙක ඇය නොවිඳාය.... ඇය සිදු කලා නම් කලේ තව තවත මා තුල ප්‍රේමය වැපිරීම පමණි...
නුඹලාම පමණක් ඒ ප්‍රේමාලිංගනයේ මල් වල සුවඳ වින්දෝය..
එබැවින් අප තුල වූ ප්‍රේමයට නුඹලාද සාක්ෂි කරුවන් යැයි සිතමි.. දනිමි....
ඒහෙත් දැන් " ඈ " නැත....!
ඇත්තේ විරහව පමණි...
මෙයින් මතු මා විරහව තුරුලු කර ගත යුතුය..
ඇයගෙන් ලද අදාරය නිසා උපන් ප්‍රේමනිය කවි සටහන් කලාට එලෙසම ඇය වෙනුවෙන් උපන් විරහව නිසා නුඹලාට කවි සටහන්කිරීමට සිත ඉඩ නොදෙයි.......
ඇයත් මාත් අතර සිදුවූ අවසන් කතා බහ නුඹලා හමුවේ තැබීමට තරම් මා සිත සවිමත් නැත...
ඒ කවර දාක හෝ නැවත මේ සටහන් බැලීමේදී වරින් වර හෝ මා සිතම තැලී පෙලෙන නිසාවෙනි.......
===== සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට
රිදවුනු සිත ගෙනයයි කදුලැලි ගං ඉවුරට
ඔබ ආ හැටි සමුගන්නට අවසන් සැන්දෑවක
ඒ ගං ඉවුරට.....!!!!!!
.
බාධක බිඳ නුඹ ජය ගන්නට බැරි වුනි මට -
ඇයි දැයි දොස් පවරන සඳ සිත!
නුඹෙ වරදද මගෙ වරදද එය මා දන්නේ නැත
.
නුඹ මා ලොව කලුවර කර පැන ගිය පලියට
කෙලෙසට දොස් පවරමි නුඹ හට !
කිසි කෙනෙකු නොදුන් ආදරයක් නුඹ මට දුන් කොට
.
සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට
රිදවුනු සිත ගෙනයයි කදුලැලි ගං ඉවුරට
ඔබ ආ හැටි සමුගන්නට අවසන් සැන්දෑවක
ඒ ගං ඉවුරට.....!!!!!!===========

" අපි අල්ලා සිටින අත්තක් අත හැරිය යුත්තේ - ඊට වඩා සවිමක් අත්තක් අල්ලා ගත් පසුය "
නුඹ ඒ දේ කලේ නුඹ යහපත උදසාම යැයි මම නිරතුරුවම සිතමි....
නුඹ පැතූ ලෙසම යහපත නිතරම නුඹ සොයා පැමිනෙවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරන්නෙමි.
මෙයින් මතු මා අතින් කිසිදු ආදර සංකල්පනාවක් ලියැවෙතැයි නොසිතමි.. ලියූවත් මෙසේ එය පල නොකරමි.... එහෙත් මා සිත වුව විස්වාස නැත...
එ මා දැන් සිත් හදුනන්නෙකු නිසාය....
ඕනෑ දුකක් දැරීමට මා සමග සිටීමට සිටි නුඹ පවා වෙනස් වූ විට සිත ගැන කවර කතාද...
මේ කියවන්නන් උදෙසා මා මෙසේ ලියමි...
වෙනදා මෙන්ම මේ සංකල්පනාවද ඇය කෙරේ උපන් ස්නේහයෙන් පමණක්ම ලියමි....
කිසිදු වෛරී සිතක් නම් නැත්තේය.. හුදු ආත්මානුකම්පාවකින් පමණක් පෙලෙමි...
ආදරය යනු " තදින් දෙපැත්තට දෙදෙනෙකු විසින් ඇද අල්ලා සිටිනා රබර් පටියක් " වැනි යැයි කොහේ හෝ කියැවීමි.... කවුරුන් හෝ අතහැරි‍ය හොත් රිදේනනේ අත් හැරිය කෙනාට නොව අල්ලාගෙන සිටින කෙනාටය......
දෙදෙනෙක් ජීවත සීසෝව සිනාවෙන් සමගිව පද්දමින් ඉද එක් වරම එක් අයෙක් ඉවත් වුනු පසු උඩ සිටින අනිකා බිම පහත් වන්නේ නොසිතන වේගයකිනි.... තැලෙන රිදෙනා අවයව සෑදිය හැකිය.. ඒහෙත්
" හිත "
.......
අපි වඩා සැලකිලිමත් විය යුත්තේ සබඳ කම් නතර කර ගැනීමේදී නොව සබඳ කම් ඇති කර ගැනීමේදීයැයි මා දැන් සිතමි......
.
මා මෙයින් නවතිමි.. මෙයින් පසු ආදර සංකල්පනා ලියවෙනු නැත... මා කුරුළු වෙස් ගත්තේ ඈ නිසාවෙනි ඉදින් මෙයින් මතු කුරුළු අවැසි නොවේ යැයි සිතමි....
---- සංකල්පනා ගිවිස ගෙන ඇත !!!!!! ------
.
==== මට කඳුළු එන්න කලියෙන් මා දමා යන්න
නෑ හයියක් මට නුඹ දැක දැක පලා යන්න....
මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න...
.
ඒ පුර හදකට පෝය ලැබෙන අන්තිම මොහොතයි
හෙට අවපස වී මන් එනකොට අඩන්න නරකයි
තව එපා ඉන්න // ඔය ඇස් බැලුවම මට බෑ හෙට තැලි අඳින්න.....
මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න....
.
සඳ ‍එන අහසක සුදු සීතල සැමදා නුඹටයි
අපි හිනැහී ඉමු හැමදාකම අපි අපි ලගකයි
දැන් ඉතින් යන්න // අතැගිලි බැඳුනම බැරිවෙයි මුදු පළදවන්න..
මට කඳුළු එන්න කලියෙන් මං දමා යන්න....====
----කුරුළු---

No comments:

Post a Comment