Friday, August 23, 2013

== ප්‍රේමයේ අස්වැන්න නෙළා ගෙපැලට ගන්න අවරසයි සෙනෙහසින් කිරි වැදී - රන් වනින් කරල් බර වූ දි‍නේ.. ප්‍රේමයේ අස්වැන්න නෙළා ගෙපැලට ගන්න අවරසයි..... ==


.
පසුගිය දිනවලු තිබූ මහා කණස්සලු ගතිය මැද කළ යුතු වැඩය පමණක් කරමින් සිටියෙමි. දුරකථනය නාද විය.... ඇය.. ය.. !
හෙලෝ..
- හෙලෝ අයියෙ ඔයා වැඩක්ද ?
= අනේ නෑ මම මේ ඔයා කෝල් කරනකං හිටියෙ.. වැඩක නේන්නම් නංගි.. ‍කියන්න..
- අපෝ ඔන්න තරහ ගියා එහෙනම් මම පස්සෙ කියන්නම්..
= පස්සෙ කියන්න පුලුවන් නම් ඇයි දැන් කතා කලේ වද දෙන්න මට.. ? මේ වැඩ අස්සේ... ( හිතේ තිබු කනස්සල්ල ඇගේ කර මතින් පැටවීමි )
- අනේ අයිය එහෙම කියන්නෙපා මට දුකයි මම වද දෙනවද ඔයාට! ඈ..
= අනේ මේ කියන්න ගත්තු දෙ කියනව ඉතින්..
- නෑ ඕන නෑ ඒක වැඩක් නෑ.... .තරහයි මං..
දඩස් ගා ඇය විසන්ධි කලාය... එක අතකට දුකත් සිතේ.. මා මෙතැන සිටිනා තත්වය ඇය දන්නේද නැත... ඇයට බැන වැදිය යුතු නැත... කෙසේ වෙතත් දැන් නැවත කොල් කල යුතු නැත.. එවිට එයත් ඇය " පුරුද්දට ගන්නවා විය හැක - එයද මට වදයකි ..
වැඩ නිමාවී ගෙදර ගියද .. හිත වෙනතක තිබූ නිසා කල්පනාවේ නිග්මනව සිටියා මිස ඇයගේ ගැන මට අමතකව තිබුනි.. ඒ දහවලින පසු කිසි විටෙක නැවත ඇය මා හට කථා නොකල නිසාවෙනි.. වෙනදා නම් වැඩ ඇරී ගෙදර එන වෙලාවට නොවරදාවම කතා කරන්නීය...
මට ඇයව මතක් වූයේ නිදා ගැනීමට පෙර දුරකථනය චාජ් කිරීම සඳහා ගැසූ අවස්ථාවේ එහි වූ පින්තූරය දැකීමෙනි.. එහි තබුනේ මගේ ම පින්තූරක් වුවත් එය ඩෙක්ස්ටොප් එකට දමන ලෙස ඉල්ලා සිටියේ ඇයය....
මම ඇයට කථා කලෙමි...
දෙතුන් වරක් නාද වුන පසු ඇය මා ඇමතුවාය...
- ඇයි..!
= ගහගන්න වගේ ඇයි අහන්නෙ මොකෝ මිනිහෙක් කෝල් කලාම..
- ආ.... ඇත්තද එහෙනම් ගහගන්න වගේ කතා කරන්නෙ මොකෝ කෙල්ලෙක් ඔයාට කෝල් කලාම...
= අයියෝ සොරි සොරි සුදු නංගියො .. මේ ඇයි දවල් ඔයා කෝල් කලේ..
-ඒක දැන් වැඩක් නෑ.. අයිය කාලද ඉන්න‍ෙ.. පරිස්සමින් ගෙදර ආවද.. ඔයා බැන්න නිසා මම කතා කලේ නෑ.. ඒත් මට ගොඩාක මතක් වුනා...
=ඔවු ඔවු.. වැඩක් නැත්තෙ නෑ කියන්නකො ඉතින්... ඔය ගෑස් ටිකක් බස්සල..
- මේ අයියෙ ඔයා දන්නවද වැඩක්.. අර Ayesha Dilhani අක්ක...
= ඔවු මම එයාව දන්නව ඇයි මොකෝ වුනේ.. ඒකි බැන්නද උඹට අනේ සාදු හොද වැඩෙ...
- අනේ නෑ අනේ අහනවකො ටිකක්.. ඒ අක්ක හරි ෂෝයි...
= වෙන නැත්තං
- ඔවු ඉතින් වෙන නෑනෙ .. අහන්නකො මගෙ අයියෙ.. ඒ අක්ක පොඩි ෂොප් එකක් දාල.. ලේඩීස් කියල...
= ෂහ් මරුනෙ කොහෙද ?
- ඔන් ලයින් අනේ.... ලස්සන ලස්සන පෙපන්ඩන්ට් තියෙනව මුදු තියෙනව.. එක එක ඒවා මම දවසම කලේ ඩිසයින් බලපු එක.. එවෙලෙ තමා මම ඔයාට කෝල් කලේ..
=ආහ් .. ඉතින් ... ඇයි මට කෝල් කලේ
- කෝල් කලේ ! අනේ ලෝබය නොවී මටත් අරන් දෙනවකො අක්කගෙන් මොනව හරි...
= අපෝ ... මේ අපේ උන් අපටමනෙ කෙලින්නෙ.. මුන්ටත් වෙන බිස්නස් නැද්ද මන්ද කරන්න..
-මොනවද අනේ ඔයාගෙ යාලුවෙක් නේ...
= අපෝයි ඔවු හොද............ යාලුවෙක් මම කිවුවොත් නිකං වුණත් දෙයි... එත් එපා නේ අපි සල්ලි දීලම ගනිමු... හැ හැ හැ හැ හැ..
- අනේ මගේ හොද අයිය... එහෙනම් ඕං එකක් මට ඕනෙ ඈ..
= හරි හරි බලල කියන්නකො මොනවද ඕන කියල..
- තාම ෂ්ප්මන්ට් ඇවිල්ල නෑලු.. අදත් මම දැක්ක දාල තියෙනව...
= ආ... හරි හරි නැව තැපෑලෙන් එනව ඇත්තෙ ඒකයි...
- මේ ඒකෙ ඇත්තටම හරි ලස්සන දේවල් තියෙනව අප්ප....ලස්සන බකුසු පැටියෙකුත් හිටිය..
= අන්න ඒක ඔයාට හොදයි ඔයා ඒකක් ගන්න..
- ඇයි ඒ.. ම බකුසි වගේද..
= නැත්තං අයෙ.. අහන හැම එකටම " හ්ම් ' හ්ම් " කියනව විතරනෙ ඉස්සර...
- අනේ මේ එන්නෙපා හරිද අයියෙ.. මිරිකනව කන...
= හරි නංගි දැන් රෑ වුනානෙ අපි නිදියමු හෙට මට වැඩ ගොඩක් තියෙනව....
- අනේ මේ මේ.... මට තව දෙයක් දැන ගන්න ඕන..
= ඒ පාර මොකෝ..
- අර මේ දවස්වල හැමෝම කියන " දැලි පිහියෙන් කිරි කන " කතාව මොකක්ද...!
= අහ් මන්දන්නෙ නෑ..
- පචයා.. දන්නව මට කිය්නනෙ නෑ .. හෙන හොර ඔයාගෙ ඔට්ටු නෑ අනේ...
= හරි හරි මම ඒක ඔයාට හෙට කියන්නම් දැන් නිදියමු...
- මේ අයිය. එහෙනම් හෙට කියන්න... බුදු සරණයි හොදේ....
= බුදු සරණයි...
( අතේ තියෙන කීයටත් තට්ටු වෙන වැඩක් තමා මුන් කලොත් කරන්නෙ... දැන් ඉතින් අරං දියන්කො සුකුරුත්තං යකඩ කෑලි...අරං දුන්න වගේ යෑ ඒව මටම පෙන්න පෙන්න දඟලනකොට )
මම ආදරෙයි සුදු නංගි....තාමත්..
.
== ප්‍රේමයේ අස්වැන්න නෙළා ගෙපැලට ගන්න අවරසයි
සෙනෙහසින් කිරි වැදී - රන් වනින් කරල් බර වූ දි‍නේ..
ප්‍රේමයේ අස්වැන්න නෙළා ගෙපැලට ගන්න අවරසයි.....
.
දෙකන්නේ මුදු වදන් අතරුවා - නියන් ගිනි ඇවිලුනත් හිත නිවා
සොරොව්වෙන් ගලා එන දියවරක් සේ ඇදී - නුඹේ හිත මට යමක් කියනවා...
.
ප්‍රේමයේ අස්වැන්න නෙළා ගෙපැලට ගන්න අවරසයි
.
රෑ පැලේ පැදුර තනි පංගලේ - සඳ මඩල පෙම් පරන සක්මනේ
අඦහැරෙන් ඒ පොලේ අවදි වී යෞවනේ - නුඹේ හිත මට නැකත් ගෙනෙනවා
.
ප්‍රේමයේ අස්වැන්න නෙළා ගෙපැලට ගන්න අවරසයි
.
--කුරුළු--

2 comments: