Monday, December 30, 2013

=== ඉකි ගසා හඬන අතීතයක - කඳුලු එක්ක ගනුදෙනු කරනා == මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා... ==


.
ගොඩක් වෙලාවට අපි අතීතයේ කරපු දේවල් නිසා පසුතැවෙනව..
ඇත්තටම අපි අතීතෙ සෑහෙන්න මෝඩ තීරණ අරන් තියෙනව.
මෝඩ විදියට හැසිරිල තියෙනව..
සමහර වෙලාවට අපි ඒ දෙවල් ගැන හිතල කල්පනා කරල බලද්දි
අපිටම ලජ්ජයි..
මටම හිතෙනව අනෙ ‍මම මේ වගේ දේවලුත් කලානේ කියල...
ඇත්තටම හැම වෙලාවකම අතීතය බොළඳයි..
මේ ගෙවෙන හැම තත්පරයක්ම එහෙම වේවි...
සමහර වෙලාවට මම ම මේ දේවල් ගැන හෙට දුක්වේවි..
ඒ වගේම එයත්...
අපිට ජීවතේ හදා ගන්න බැරි තරම් වැරදි අපි කරනව..
ඒව නිසා අපිට සමහරුන්ට මූණ දෙන්න බැරි වෙනව..
අපිට සිද්ධ වෙනව ඒ අදාල මිනිස් සමූහයෙන්ම පැනල යන්න..
මතකද ?....
දවසක් ඇහුව ඇයි ඔයා ගොඩක් වෙලාවට මේකෙ ලිය්නනෙ කියල...
ඇත්තටම .. මට සතුටු වෙන්න පුලුවන් එකම දේවල මේ මගේ ලියවිලි..
එයා ගැන එයාගෙ ආදරේ ගැන ලියන එක තමා මට ඉතුරු..
මම හිතනව මේ මම ලියන දේවල් දැන් අපි දෙන්නට වැඩක් නැතත්
අපෙන් පස්සෙ එන එහෙමත් නැතිනම් කුරුළු වගේ ආදරේ කරන්න හදන අයට හයියක් වේවි...
ඇත්ත ම දන්නව "මේලෝකෙ ආදරේ කරපු පලවෙනි දෙන්නත් අපි නෙවේ "
" ආදරේ අහිමි කරගත්තු පලවෙනි දෙන්නත් අපි නෙවේ.."
එත් මම කැමති මගේ අත්දැකීම තියෙන එකම සහ අනිතමය මම වෙනව දකින්න...
අපි හැමෝටම පරණ සබඳ කම් තියෙනව...
අලුත් සබඳ කම් පටන් ගන්නකොට පරණ දේවල් අයින් කරන්නෝන...
ඒක මම එයාට මුලදිම කිවුව... නැත්තං ප්සසෙ ඒව තැන් තැන් වල ඇනෙනව..
හැබැයි ඒ අයින් කරන එක. එයා දැක්කෙ බොහොම සරළව...
හරියට ඒ නමින් තිබුනු ‍ෆෝල්ඩර් එකක් මකනව ‍වගේ මට පේන්න මකල දැම්ම...
හැබයි අමතක වුනා එක දෙයක්..
ඒ තමා බැකප් සහ ටෙම්පරි හදපු ෆයිල් තොගයක් ඒ හාඩ් එකේ ඉතිරි වෙලා තිබුන...
කාලයක් යනකොට ඒව උඩට මතු වෙන්න පටන් ගන්නව..
ඊට වඩා හොදයි හාඩ් එක ෆෝමැට් කලා නම් මුලදිම..
අපි කලින් කාපු පිගාන හෝදන්නෙ නැතිව හරි බාගෙට හෝදල හරි තිබුනොත් අපිට ඒකෙ ආයෙ කන්න බෑ.. අප්පිරියයි ඒ පිගාන අපිටම වෙන් වුන එකක් වුනත්...
ඒ නිසා කෑවනම් පිගාන හෝදන්න...
මම දවසක් මගේ මිත්‍රයා අමිලට කිවුව මෙහෙම කතාවක්...
"" අපි ෆෙරෙන්ඩ් රික්වෙස්ට් එන තරමට ඇතුලට දාගන්නව අනිත්මට ලිස්ට් එක පිරෙනව.. නැතිනම් අපිව තාවකාලිකව බ්ලොක් වෙනව.. ඊට පස්සෙ අපිට අවශ්‍යම ලෙංගතුම කෙනාව අ‍පේ ලගට ගන්න බැරි වෙනව.."
ඒ වෙලාවට කෑ ගහල අඩන්න හිතෙනව.. ඒත් පරක්කු වෙන්න පුලුවන් එතකොට
ඒ දේ අපේ ජීවිතේට වුනාම දරාගන්න අමාරුයි.. ආදරේ කරද්දි ඊටත් අමාරුයි..
මම අන්තිමට මෙහෙම කියන්නම්..
කාලෙකට කලින් ඔයාගෙ ඔලුවෙ ගොම පුරවපු රත්තරන් ගාපු හට්ටයක් ඔයාගෙ ඔලුව උඩින් තියාගෙන.. ඔයා ඒක පෙන්න පෙන්න ගිහින් හැමෝටම.. හේතුව හට්ටිය රත්තරන් නිසා.... දන්නෙම නැතිව ඔයාගෙ දැගලිල්ලට ඇගෙත් යන්තං හලාගෙන..
ඒත් මතක තියාගන්න ඔයා ඕක ඔලුවෙ තියන් ඉන්නකම් ඔයා යන යන තැන ගඳ ගහන විත්තිය.. ඉස්සෙල්ලම ඕක බිමින් තියන්න..
ඊට පස්සෙ අපි ඇගේ ගැවුන ඒව හෙමීට පිහිද ගමු.... !!!
මේක දයාබර ඇරයුමක්..... !!!!!
=====================
ඉකි ගසා හඬන අතීතයක
කඳුලු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා...
.
හීනෙන් හිනැහි තුන් යම මා රවටා..
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කලුවරේම.. යලි සොයනා..
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා...
.
රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසමින් විතරක් නිරතුරුවම පිරිමදිනා...
උහුලනු බැරිතැන උණු කදුලුම වගුරුවනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා...
========================
-----------කුරුළු ----------------

=====අනන්තයක් වී ඔබේ ආදරේ - ඔබේ ආදරේ==මේ සුරම්්‍ය පාරාදීසේ .. හදවතින් උමතු වූ==සදානන්ද කර පරාග සුවඳ විජිතයේ..======




.
ඇත්තටම මට ඒලාම් ඔරලෝසුවක්  ඕන වුණේ නෑ...........

ඔයා හිටියනේ
මගේ ඒලාම් ඔරලෝසුවට
ඔයාට විතරක්ද නැතිනම් හම ගෑනියෙක්ටද මන්ද වෙලාවට
ඇහැරවන එක, සහ වෙලාව මතක් කරන්න නම් ආයෙ දෙක් නැ..
.
මට උදේම නැගිටින්න තියෙන දවසට මම ඔයාට වෙලාව කියල නිදාගන්නව..
සිම්පල් ප්ලෑන් එකක්..
හැබැයි හරියටම ඊට විනාඩි දෙක තුනකට කලින් ඔයා ඇහැරවනව..
ඇහැරවනව කිය්නනෙ ඇත්තම කියනවනම් මම නැගිටිනකම් හරි මැසේජ් එකක් යවනකම් ඉවරක් නැතිව රින්ග් කරනව...
වෙලාවකට නම් මට තද වෙනව..
ඒලාම් එකක් තියාගත්ත නම් ඉවරයි.. ඕෆ් කරල ආයෙ බුදියෙන්න පුලුවන්..
ඒත මේක.. මම ආන්සර් කරනකම් රින්ග් කරනව..
+හෙලෝ...
-අප්පච්චී... දැන් හරි කෝ කෝ නැගිටින්න නැගිටින්න...හොරා...
නැත්තං අර අනික් මිනිස්සු බලාගෙන ඉඳීවි...
+ හරි .... නැගිට්ට ඕං ඈ.....
දුරකථනය විසන්ධි කර නිදාගන්න ලැබෙන්නේ විනාඩි 5කි....
නැවත්ත නාද වෙයි චැහ්....
+ හෙලෝ... ඒ පාර මොකෝ..
- මේ හොර ගෙඩිය වගේ ආයෙ නිදිය්නනෙ නැතිව.. දුවන්න කිවුවෙ වොෂ් රෑම්..
මම දන්නවනෙ පුතන්ඩියගෙ තරම.. නිදි නේද ආයෙම... යනව යනව..
සබැවින්ම සුන්දරය.... ඇය මේතරම් මා ගැන දනිත් ද ???....
.
ඊට හපන්..
මම කොහේ හරි ගිහින් ටිකක් ? පරක්කු වුණොත්......
ගාණට වෙලාව මතක් කරල දෙනව
මම 9 ට එනව කියල ගියොත් හරියට 9ට කොල් කරනව.....
- දැන් තාම මොකද ඔතැන කරන්නෙ... පොරොන්දු වුන වෙලාව ඉවරයි නේද...
+ හරි හරි තාම කස්ටිය පාටි...
- තාම..? ආ හරි එහෙනම් ඉන්නකො තව..
ඕන්නම් උපරිම පැය බාගයකි...
- අප්පච්චි තාම ඉවර නැතිද ????? දැන් ඇතිනේද.. පොරොන්දු වුනාම රකින්න‍ ඕන..
+ හා හරි...
.
මතක් වෙන කොට නම් හිනා යනව....
.
අදත් උදේම නැගිට්ටුවා වෙනද වගේම...
- ගුඩ් මෝනින් අප්ච්චි .. අද නැගිටින්න "සංගම " යන්න....
+ ගුඩ් මෝනිනන්.. මම නැගිටල ඉන්නෙ .. හු ඇ..
- ඇහ් මෙයා බලහල්ලකො මෙයාට ඉතින් ruusedewa එකේ වැඩක් කිවුවොත් ආයෙ නින්ද ය්නනෙත් නෑනෙ.. හුහ්..
+ එහෙම තමා දරුවො.. මම මේ පාර නොයා ඉන්නයි හැදුවෙ.. මොකද මට ඒකට උදවු කරන්න බැරි වුන නිසා.. මට මෙදා පාර සල්ලි නෑනෙ..
- හරි හරි සල්ලි ඒන නෑනෙ අප්පච්චි.. ඒ මිනිස්සු ඔයාට එන්න කිය්නනෙ සල්ලි වැඩක් නැති නිසානෙ.. සමහර වෙලාවට සල්ලි වලට වඩා ඒ අයට ඔයාව එතැනට වටිනව ඇති..
+ මම විතරක් නෙවේ ඒ අයට හැමෝමව වටිනව...
- හ්ම් හා ඇ.. අනික විකි අයියත් එන්න කිවුවනේද ඔයාට කෝල කරලම...
+ හ්ම් ඒකනෙ... නැත්තං මැරෙයි ඕක...( නාහෙන් අඩලම )
- හරි අප්ච්චි ලෑස්ති වෙනෝද ..? එහෙනම් මම තියෙනව පරක්කු වෙනවනෙ ටටා.....
+ ඔවු හරි ලෑස්ති වෙනව... මම...
- මේ මට ඉරිසියයි ඇ.. රූ එකෙන් 8කුත් කලා ඒ 8ටම තනියෙන් අප්පච්චි ගියා... ම එකකටවත් යන්න වුනේ නෑනෙ....
+ ඉතින් යමු.. එන්න..
- හරි මම රූ 9යට නම් අනිවාරයන් එනව අප්පච්චි එක්ක... මේ මේ ගියාට කමක් නැ ලේලො දිහා බල්නනෙ නෑ හොදේ..
+ අනේ මේ දරුවො.. කෙල්ලො දිහා නම් කෝමත් බල්න්නෙ නෑ.. උනු දන්ව ඒක.. අනික උන් මගේ දිහා බල්නනෙත් නෑ  මොකද ම වඩා ලස්සන කොල්ලො එතැනට එනවනෙ.. ඔයා බලන්නකො මම කොහෙදිද පින්තුරයකටවත් ඉඳල තියෙන්නෙ...
- හ්ම්... ඒක ඇත්ත මේ අප්පච්චිගෙ පින්තුර නෑනෙ කොහෙවත් ඒ උත්සව වල..
+ පින්තුර මොකටද අම්මි.. මම ගියා.. හීන් සිරුවෙ ආව.. මම හිටිය කියල මතක අයට මතක තියේවි....
- එහෙම බෑ මේ පාර මට බලන්න පින්තුර අරන් එන්න.. මගේ මස්සනත් යනවනෙ නේද??
+ ඔවු මල්ලි ත් යනව... හරි මේ මම යනව අනේ මෙයාත් නවත්වන්නෙ නෑ කතාව..හුහ් ..
- අනේ ඉනනවකො ටිකක් ආයෙ එන්නෙ දවස දෙකින්නෙ...
+ මේ දුප්... ම මැසේජ් කරන්නම්කො..
- අනේ වැඩේමයි.. මේ මලගෙදරක ගිය්ත මාව අමතක වෙන මිනිහ.. මම දැක්කනෙ එදා පැදුරට ගිහින්.. අපිව මතකවත් නෑ...
+ අයියෝ හරි හරී....
- හරි හරි. අපි තිබ්බ.. හුහ්.. යනව මෙතැන...බලං ඇතිනෙ...
+ කවුද ?
- නැ නැ කවුරුත් නැ.. මේ අප්පච්චි.. ලත්තනට ඇඳල යන්න ඈ.. මම ආදරෙයි ඇ....
ටටා....
+ ටටා...
---------
හ්ම දවස් දෙක්ක මේකි කොහොම ඉඳිද මන්ද..... පුලුවන් විදියට මැසේජ් කරන්නෝන..
==============
අනන්තයක් වී ඔබේ ආදරේ - ඔබේ ආදරේ
මේ සුරම්්‍ය පාරාදීසේ .. හදවතින් උමතු වූ
සදානන්ද කර පරාග සුවඳ විජිතයේ..
.
නීල නිලන නිම්නයේ සුමුදු සයනයේ
නෙතු පියන් වැසී වැසී වැසී
ස්වප්නයක්ද මේතරම් .. පුදුම වූ
ඔබේ ආදරේ.. ඔබේ ආදරේ..
මේ සුරම්්‍ය පාරාදීසේ .. හදවතින් උමතු වූ
සදානන්ද කර පරාග සුවඳ විජිතයේ..
.
කැකුළු වසින සිරිපොදේ..පිරුණු සීතලේ
දෙතොල් පෙති ලිහි ලිහි ලහි
මධුවිතක්ද මේ තරම් මධුරවූ
ඔබේ ආදරේ.. ඔබේ ආදරේ..
මේ සුරම්්‍ය පාරාදීසේ .. හදවතින් උමතු වූ
සදානන්ද කර පරාග සුවඳ විජිතයේ..
----------රූ,චායා
===========
------------කුරුළු-----------------------

Monday, December 23, 2013

=== නිල් මල් විලෙන් නිල් දියත් ගෙන කෙස් කැරැල්ලෙන් ඉසිමින් == වන්දනාවක බරට මල් නෙලමින් ==යෞවනයේ පොපියනා චමත්කාර හැගුමින් වෙලී =සිපගන්නවානම් හොඳම වෙලාවයි..====


.
ගොඩක් වෙලාවට ඔයා හිටයෙ මූන එල්ල ගත්තු ගමන්මයි..
එල්ල ගත්තු මූන මට නොපෙනුනත් මට හොදට ඒක ඒත්තු ගන්වන්න ඔයාට පුලුවන් වුනා....
ඔයා දන්නවද ඒ වෙලාවට මට කිසිම දෙයක් කරන්න හිත එකග කර ගන්න බැරි බව...
සමහර විට අපි , අපිට ඕනවට වඩා ආදරේ ඇති..
එහෙම නැතිනම් මම ඔයාට ආදරේ නැතිව ඇති..
එහෙම කිවුවාම ඔයා නම් කියයි
" ඔවු" කියල...
පිරිමි ලැහැස්සති නෑ නංගි මල් මිටක් කඩන් ඇවිල්ල ගෑනු ඉස්සරහ දණ ගහල
ආදරේ කියන්න.. ආදරේ ඉස්සරහදි වුනත් පිරිමි රළුවෙනව...
මට බෑ සුදු අස්සයෙක් පිටින් ඇවිල්ල ඔයාගෙ ඉස්සරහින් බැහැල රතු රෝස මල් මිටක් දීල ඔයාව වඩාගෙන ඉඹින්න..
එහෙම චරිත ඇති , කුමාර වරු ඇති... හාන්ස්ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ලගෙ පොත් වල, වොල්ටර් ඩිස්නිගෙ ‍, ජොසප් බර්බරාගෙ කාටුන් වල....
එහෙම "පිරිමි" ලෝකෙ නෑ..පිරිම අඩන්න ලෑස්ති නෑ ආදරේ ඉස්සරහදි..
හැබයි ඔයාගෙ අතින් අල්ලගත්තොත් කවදාකවත් ඒ අත අතාරින්නෙ නැතිව
ඕන ප්‍රස්නෙකට මූන දෙන්න පුලවන් තරම් හයියක් මට තියෙනව..
අවාසනාවට සමහර වෙලාවට ඔයා තාම කාටුන් බලල..
ගෙම්‍බෝ ඉඹ ඉඹ යනව ඇති.......
.
මට මගේ මල්ලි කිවුව..
" අයියේ හවස පහට ෆොන් එක කට් කරල සූර පප්ප බලන්න දුවන කෙල්ලොන්ව යාලු කරගන්නෙපා උමට හරිය්නනෙ නෑ කියල ""
.
ඔයා ආස නැද්ද ... ශෙරෙක්ට... මම ශෙරෙක් කෙනෙක්..
තමන්ගෙ ෆියෝනා වෙනුවෙන් ලස්සන මඩ ගොහොරුව කැපකරපු.. එක දිගයම ආපු හැම කරදරයකදිම ෆියෝනව ආදරෙන් බලාගත්තු...
මටත් ඉන්නව බුරු පැටියෙක්.. මගේ ලගින්.. ඉගුරු පාන් මල්ලිත් ඉන්නව..
.
ෆියෝනට හැමදාම කරදර කලේ එයාගෙ අම්මයි තාත්තයි, නෑදෑයොයි එයා වටේ ඉන්න අයයි... අපිටත් එහෙමයි...
.
මම හිතනව ෆියෝනා හරි තීරනේ ගත්ත කියල..
*****
-අයියෙ ඔයාට ඉතින් කවදද මම කියන දේ තේරුනේ..
හුහ්.. පිරිමින්ට ගෑනුන්ව තේරුම් ගැන්න බෑ කියන්නෙ බොරුද ???
+ ඇත්ත .. පිරිමින්ට ගෑනු තේරුම් ගන්න බෑ.. තේරුම් ගන්න ඕනෙත් නෑ..
- ඒ මොකද ???
+ ගෑනු පිරිමින්ව තේරුම් ගත්තාම ඇති.. ඒ දේ ගෑනුන්ට හොඳට කරන්න පුලුවන්..
පිරිමි ගෑනු තේරුම් ගන්න ගියොග් වැරදි වැටහීම් පවා ඇති වෙයි..
පිරිමි එච්චරට දුර්වලයි ඒ ගැන..
ගෑනු , පිරිමින්ව ‍තේරුම් අරන් ජීවත් වෙන එකයි වෙන්නෙ..
.
******
මම හිතන්නෙ ඔයාට මාව තේරෙනව ඇති..!!
.
ෆියෝනා දැන් එළිවෙන්න ලගයි...... පළවෙනි අවුරැල්ල වැටෙන්න ළගයි..
" සිපගන්නවානම් හොඳම වෙලාවයි.. "
.
=================
නිල් මල් විලෙන් නිල් දියත් ගෙන කෙස් කැරැල්ලෙන් ඉසිමින්
වන්දනාවක බරට මල් නෙලමින්
යෞවනයේ පොපියනා චමත්කාර හැගුමින් වෙලී
සිපගන්නවානම් හොඳම වෙලාවයි..
.
පෙම් පියුම් රොන් ගුලාවයි නෙත් රැගුම් ගත් වෙලාවයි
මගේ හුස්ම තරමට ඔබ ලගයි...
ජීවිතේ දැනෙනවා .. ආදරෙයි මගෙ සමනලී
සිත ගන්නවානම් තුරුලේ තමයි..
.
පුන් පුරා හද පින් බරයි පින් පිරූ සිත පෙම්බරයි
මගේ හුස්ම තරමට ඔබ ලගයි...
ආදරේ හැගෙනවා උන්මාද සිහිනෙන් වෙලී
අතගන්නවානම් ඔබ මගේ මයි
..
===================
--කුරුළු--

Sunday, December 22, 2013

==සිටිනා කොදෙවුවක නුඹ සැප විඳි නම් -මවෙතින් ලැබුණ ආදරයක් ලැබේ නම්== ==මතකය නුඹට හිරි හැරයක් නොවේ නම් - තව කුමකටද දුක් ගී කල්පනාවන්..== .


ඈ නිතරම මට බනින්නීය....
ඒ ඇගේ හැටිය.. බැනුම් නොඅසන්න තරම් මාද සුදුසු නැත..
මම ඈ සම්බන්ධව සියලු දේ අමතකය...
ඒ හිතා මතා නොව.. එහෙත් ඒ දේ මට අමතක නොවන හැටිය මා අදටත් දන්නේ නැත...
එහෙත් ඈට නම් එහි අනික් පැත්තය.. මගේ ජීවතයේ සියලු දෑ මතක ඇත..
ඇය ඒ සියල්ල ලියා තබා ගනෙ ඉන්නවාදැයි මට සැක සිතේ...
- අප්පච්චිට මතකද මම අප්පච්චිට ආදරෙයි කිවුව දවස..
+ කෝ එන්න ටිකක් නලවන්න පැටියව... කෝ කෝ..
-මේ මේ බටර් එපා.. මට දිනෙ ්කියනවද...
+ ම්...... 27-28-29-30 දවස් වලින් එකක් නේද ?
- ඔවු හතරක් තියේනන බැනෙ හරි දවස කියන්නකො..
+ දැන් මෙහෙමයි සුදු නංගි, මට මතක නැනෙ...
- ඔය ඉතින් මම දන්නව අමතකයි කියල... ඔයාට මගේ දේවල් එකක් වත් මතක නෑනෙ...
+ නැ නැ මට ඔයාගෙ නම මතකයිනෙ...
- හා කියනව බලන්න එහෙනම් නම....
+ ...................................... නේ..
- නැ නැ වාසගමත් එක්ක සම්පූර්ණ එක කියන්න...
+ හුටා....
- දැක්කනෙ කෑලි අඩුවෙන් තමා ඒකත් මතක.... හරි මගේ උපන්දිනෙ ්මතකයිද ?
+ ආන් ඒකනම් මතකයි....
- අපො ්ඔවු ඒකනෙ මේ පාරත් උපන්දිනේ වෙලාවෙ ගොරෝ ගොරෝ නිදාගත්තෙ..
+ ඉතින් හත්දෙයියනේ මහ රෑ 12ට නිදියනව ඇරෙන්න පිස්සුවක් ඇතැයි ඇහැරන් ඉන්න..
- අනේ....ඌර.. බලනව මම ඔයාගෙ උපන්දිනේ දවසට කොච්චර හරි ඇහැරන් ඉන්නවද නැතින්ම එලාම් එක තියල නැගිටිනවනෙ..
+ ඉතින් ඔයාට පිස්සු වුනාට මට පිස්සු නෑනෙ.. අනික ඉතින් මගේ ඒලාම් එක ඔයානෙ... ඔයානෙ මාව නැගිට්ටවන්නෙ..
- එක දවසක්වත් නැගිටින්න බැරිද අප්ප වැඩක් නැ වැඩක් නැ..
+ හරි හරි ඉන්නවකො ලගට ආවම නිදිය්න දෙන්නෙ නැතිව තියාගන්නම්කො..
- ලගට ආවම වැඩක් නැ හොදද.... හොදයි කියනව බලන්න අපි දෙන්න ඉස්සෙලල්ම හම්බවුන දවස මතකද ? මගේ ලග්නෙ මතකද / මම ඔයාට ඉ්සසෙල්ලම දීපු තෑග්ග මතකද ????
+ තෑග්ග මතකයි- කීටැග් එකක්නෙ..... දිංක චිකා.... ඒක මතකයි..
- හරි ඒක හරි.. එතකොට අනික්වා...
+ ඔයා ...කන්‍යා.. නේද.. නෑ මීන.. නැ නැ.. කුම්භ.... ද?
- අනේ මේ ඔයා නම් මහ රිලවෙක් අනේ.. බලන්න අප්පච්චිට මම කොච්චර ආදරෙයිද මට එයාගෙ පවුලෙ අයගෙත් සේරොම මතකයි.. ඔයාට මගේ දේවල්වත් මතක නැ..
ඒ කිය්නනෙ අප්ච්චි මට ආදරෙ නැ...
+ දැන් ඔයා ආදරේ මනින්නෙ ඒකින්ද ?? මතක තියාගත්තාම අදාරෙයිද..
- නැ ඒත් ඇත්තටම ආදරෙයි නම් මතක තියෙන්නෝන... ඔයාට මගේ දේවල් නම් මතක නැ.. ඒතමේ ෆේස්බුක් එකේ අයගෙ දේවල් නම් හොදට මතකයි.. කෙල්ලොන්ගෙ නම් , ගම් , විස්තර, මූන එහෙම.. හුහ්..
+ නැ මේ අහන්නකො සුදු නංගියෝ... මම ඔයාට ආදරේ නිසා මම ඒව මතක තියාගන්නෙ නැ ඔයා මගේනෙ.. මේ මේ කෙල්ලො ගැන නම් මතක තියාගන්නෙ ඔයා අහනකොට උත්තර දේන්නෝන නිසා...
- අන්න දැක්කද.. කපටියා......අපො ්හරි නරකයි ඇත්තටම.. මට දුකයි... මම තියනව..
+ මේ අහන්න නංගි... මම ඔය දේවල් මතක තියාගන්නෙ නෑ.. හැබයි මම ඔයාට ආදරෙයි.. මට ඒක මතකයි... තේරුණාද ????
- නැ ඕන නෑ මම තියනව ෆොන් එක ටටා....
***********************
හ්ම්..... ඈ නිතරම එ‍සේමය.. රණ්ඩුවෙන්නම උපන් එකියකි...
එහෙත් ඇ පවසන දේ ද ඇත්තය.. මට අනික් සේරෝම මතක ඇත්ත ඇගේ දේවල් අමතක වෙයි.. ඇත්තටම ඒ මා ඇයට ආදරේ කරන නිසාවද ?? නැතිනම් ඇත්තටම මම ඇයට ආදරේ නැතිද...... ?????
මා දන්නා කරුන වන්නෙ මම ඇයට ආදරේ බව පමණි.. මට ඒ ඇතිය..
කවදා හෝ දවසක ඈ එය තේරුම් ගනීවි...
...........................................
සුදු නංගි.. මම ඔයාට ආදරේ බව මට තාමත් මතකයි.....
හැබැයි දැන් " ඔයාට මතකද"
මම ආදරේ බව නැතත්.. ඔයා ආදරේ කරපු බව හරි... !!!
==========================
එක්පෙති මලක් විය නුඹ මගෙ අත් දෙකට
නෙලානොගත්තේ මගෙ බෝසත් කමට
හැරගිය දිනේ නාවත් මා ගම් දොරට
ආවේ ඇයිද විරහී සිත අද්දරට...
.
විස්මිත ගමට අදහන්නට බෑ තවම
මා හැර දමා නුඹ ගිය බව දැන අරුම..
සතු කර ගන්න මුල් පෙම නොපිදු බැවින
දුක් බර සිතට කීවෙමි නොහඩන ලෙසින..
.
සිටිනා කොදෙවුවක නුඹ සැප විඳි නම්
මවෙතින් ලැබුණ ආදරයක් ලැබේ නම්
මතකය නුඹට හිරි හැරයක් නොවේ නම්..
තව කුමකටද දුක් ගී කල්පනාවන්..
-- රොහාන් ශාන්ත බුලේගොඩ
==========================
-කුරුළු-

Friday, December 20, 2013

=== මාතලේ හැදුවා මම ගේ තට්ටු - කේතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු === === ඒ කෙල්ල දැම්මානේ මට වෙට්ටු - කවද හරි කරනව නංගිව මට්ටු ==



මෙහෙම ඉඳල හරිය්නනෙ නැ අප්පච්චි..
+ ඇයි
- මට අප්පච්චිව මීට් වෙන්නොන..
+ ඉතින් එන්න...
- බෑනෙ ද්නනවනෙ අපේ අම්මගෙ හැටි.. ටිකක් ඉන්නකො
+ එහෙනම් ඉන්න ඉතින්..
- අනේ බෑ මට ඉන්න බෑ.. මට අප්පච්චිගෙ අතින් අල්ලන් ඇවිද්නෝන..
කේ.එෆ්.සී ගිහින් කන්නෝන,ගොල්ෆේස් එකේ අර ලෑලි පාලම උඩ ඉඳන් හිනාවෙන්නොන...
+ හ්ම්.. ඇත්තද මොකෝ මේ එකපාරටම..
- නැ මුකුත් නෑ..
+ නැත්තෙ නෑ කියනව බලන්න ඉතින්...
- මට ඉරිසියයි..
+ හේතුව ?
- අප්පච්චි ලස්සන පොටෝ දානව කෙල්ලො ඒවට ලයික් දානව.. මම දාන්නෙ කලාතුරකින්.. හ්ම්..
+ එහෙනම් මම අයින් කරන්නම්
- නැ නැ එපා.. මට ඒන අප්පච්චි එක්ක ඉන්න පොටෝ එකක් දාගන්න...
+ හ්ම්...ඒකද මේ.. ඉන්නකො ටිකක්...
- අපි මොහෙම කරමුද ???? මම අම්මට කියන්ම් මංගල යෝජනා තීරයට දාන්න කියල.. මගේ ගැ.. ඉ්සසර අපේ අම්ම හරි ආසයි එක්ට දාන්න ..
+ හෑ දාල ??
- මෙහෙමයි ඈ.. එන්න මම ඇඩ් එක දානව දාල.. ඔයැයිට කියනව.. ඊට ප්සසෙ ඔයා එවන්න ලියුම්ක්..අපේ දිහාට... මම ඒක අපේ අම්මට කියන්නම් බලන්න කියල..
+ යසට තියෙයි.. යකෝ මාර වැඩක්නෙ..
- අහනවකො වදේ... මේ ලස්සනට එවන්න ඈ.. කෙන්දර කොපියක් එක්ක.. වැදගත් උගත් කඩවසම් , ගෙයක් හිටි වාහනයක් හිමි ස්ථිර රස්සාවක් හිමි පවුලේ වැඩිමහල් පුතුට යෝජිතයි කියල දාල එවන්ඩ ඈ... එතකොට මම අම්මට කියන්නම් ඒක බලන්න කියල...
දැන් කෝමත් කෙන්දර ගැලපිල තියෙන එකේ අපි දෙන්නගෙ කේන්දර මැචුනෙ... ආයෙ මේ වගේ දෙක්ක ලැබෙන්නෙ නැ කියල තියෙන්නෙ.. ඉතින් අප්පච්චි අම්මත් කැමතියි... ඊට පස්සෙ ඔයාලට මෙහෙ එන්න කියයි .. අපිත් ඔහෙ එයි.. දිංක චිකා.... වැඩේ හරි...
ඊලග සතියෙ අපි යනවලු රවුමක්...
+ මේ පිස්සු කියවන්නෙපා අප්ප.. දැන් ඔව කොහෙද වේනනෙ...
- ඇයි අප්පච්චිගෙ යාලුව සංක අයියට වුනේ එහෙම.. අර ‍සෝක් එකට යන්නේ ඒ අක්කත් එක්ක.. ඔයාමනෙ කිවුවෙ..
+හ්ම් දැන් මට මේක කියනව‍කො... ඕව ඇත්ත ලොකෙ නෑ මොකකද ඊයෙ බලපු ෆිල්ම් එක... රබ්දේ බනාදි ජොදි.. ද??
- ඔවු .. හානේ අප්පච්චි කෝමද හරියටම කිවුවෙ... අන්න දැක්කද අප්ච්චට දැනෙනව මාව...
+ මගුල තමා... මට කියනකොටම හිතුන ගොන් කතාව... මේ ඒක වෙන්නෙ ෆිල්ම් වල.. අර නැටුම් පන්තියට අඍ යන එක පාට්නර් විදියට ඌවම තේරෙන එක.. කෝවිලේදි අන්තිමට හර ිඑකා ඉස්සරහට එන එක සේරොම අධ්‍යක්ෂ ඉන්න නිසා හොදයි.. හැබයි කේල්ල ආදරේ කාල අර අලුත් සාරුක්ට. බැරිවෙලාවෙදි කොවිලේ වෙන එකෙක් ආවනම්... එක් යනව...
- අයියෝ මෙයා එක්ක බෑනෙ දැන් එහෙම වුනේ නෑනෙ හරි දැන් මොක්ක කිය්නනෙ...
+ කිය්නනෙද දැන් හිතමු ඔය එන එකක මට වඩා ලස්සන , හොද , උගත්, සල්ලිතියෙන ‍කේන්දර ගැලපෙන වෙන එකෙක් හිටය කියල.. එතකොට අම්මල කැමති වේනනෙ ඌට මට හුළංනේ..
- ගර්....ර්.....ර්....ර්....ර්.....ර්.... මට ඒක කල්පනා වුනේ නැනෙ.. එහෙනම් ඕන නෑ අපි මේම ඉම්මු ඈ.. මම ආදරෙයි උයාට.. උම්මාහ් ඈ...
+ හා ඇ.... මෝඩි....
- හප්පා මට දැනුයි මතක් වුනෙ ක්ලාස් එකේ ගෙදර වැඩ කලේ නෑ අපි ගියෝ ...
+ මම කියල තියෙනව ඒව නොකර එන්නෙපා කියල දුප්..
- හා ඇ.. ටක් ගාල එන්නම් .. ටටා.....
=================
මාතලේ හැදුවා මම ගේ තට්ටු
කේතලෙන් මල්ලක් ගත්තා කෙට්ටු
ඒ කෙල්ල දැම්මානේ මට වෙට්ටු
කවද හරි කරනව නංගිව මට්ටු
.
සිරිපාල කපුවා තිබ්බෙ මොට්ටු
මොට්ටුවට මතුරල ඔංරිං කට්ටු
මොට්ටු දී ඈ හට වුනා මම තුට්ටු
ඇයිද දැන් පෙරලෙන්නෙ පනිට්ටු
.
කට ගැස්ම වී මා ලෝකෙට මා පේනවා
තලු මරා මාවම බයිටට ගන්නවා
හිස හැරුන ඒමේ අත මා දුවනවා
ඊජිප්තු පිරමීඩෙක මා නිදනවා..

උන් දෙන්න වගුරනව සතුටු කදුලු
ඉතිරි වුනේ මට මේ බල්ලා නගුටු
සමගියෙන් ඉන්නෙ අපි වී වකුටු
කවද හරි පෙන්වනව රැම්බො පාට් ටූ
.
ඒ කාලේ අපි කෑවෙ  කෝලිකුට්ටු
කෙලින් තිබු කොන්ඩය වුනානෙ පොකුටු
තුන්වේල කන්නේ දාල සීට්ටු
හිටගෙන ගිලින්නයි වේන්නේ පිට්ටු..
===================
-කුරුළු---