Monday, December 2, 2013

=== මල් මල් මල් මල් මල් මල් මල් මල් නෙලන්න එන්න== ==== වට්ටියක් ණයට අරන්....... === ද " සිහින" ===


.
නංගි ඔයාට මතකද මම ඉස්සෙල්ලාම ඔයාව බලන්න ආව දවස..
ඔයා උගන්වන දහම් පාසලට ??
එදා ඔයාලගෙ අම්මත් හිටිය...
මම ගොඩක් කැමති වුනා ඔයත් මම වගේම දහම්පාසලක උගන්වන එකට..
සමහර දවස් වලට ඔයා නිතරම මගේන හේතු ඇහුව..
- ඇයි අප්පච්චි ඔයා මට ආදරේ කරන්නෙ ????
+ නංගි ආදරේ කරනවට හේතු කියන්න මම දන්නෙ නෑ... හැබයි අපි දෙන්න තරහ වුනෝත ඔයාව දාල යන්න හේතු දාහක් වුනත් මම ඔයාට කියන්නම්..
- බැ බැ බැ එමෙ ඔට්ටු නෑ... මම ආදරේ අප්පච්චිගෙ හිනාවට.. අප්පච්චිගෙ කොණ්ඩෙට.. ම්... මේ කෙට්ටුවට ඉන්න එකට.. අනික අප්පච්චිගෙ හිතට.. පොඩ්ඩ ඇත්තං තරහ යන එකට.. මට උඹ කියල බනින එකට.. මගේ ලගින ්ඉන්නකෙට මම ඉන්නවද නැත්ද කියලවත් ගානක් නැතිව අහක බලන් ඉන්න එකට.. ආන් ඒවට මට ලෝබයි අප්පච්චි....
+ මලා.... මම හිනාවෙන්නෙ නෑනෙ හැමෝම කිය්නනෙ මම රවනව කියල...
- අප්පචිචි මොනලීස වගේ‍නෙ.. ඒ අය දන්නෙ නෑනෙ අප්පච්චි හිනා වෙන හැටි..
+ අනික මගෙ කොන්ඩේ කිසි පිලිවෙලක් නෑනෙ.. මේ ලගදි කෙල්ලෙක් කිවුව මට කොට්ටෝරුව වගේ කියල..
- ඉතින් එයාට මොකෝ.. මට ඕනෙ ඒ විදියටනෙ...
+ අනික මං කෙට්ටුයි කියල හැමෝම කියනවනේ... මහත් වෙන්නලු..
- අපෝ ඔය ඇති.. ඇති.. නැත්තං ඉතින් මට තමා බර උස්සන්න වෙන්නෙ..
+ අම්මට සිරි මෙයා හිතන දුර... අනික මට තරහ යනව පොඩ්ඩ ඇත්තං.. ඔයා කිවුව දේත් ඇත්ත මම ගනන් ගන්නෙ නෑනෙ ඔයා ලගින් ඉන්නකොට..
- ගන්න ගන්නෙ මොකො ලගින් ඉන්නකෙට? ඒත් මම ද්නනවනෙ අප්පච්චි මම ලග නැති වුනාම මාව කොච්චර හොයල බලනවද කියල.. එක තත්පරයක්වත් ඉන්න බෑනෙ මම නැතිව.. ලගින් ඉන්නකොට ඉතින් මම ලගනෙ... තරහ යන්නොන අප්පච්චි.. කොල්ලෙක්ට තරහ යන්නෙ නැතිනම් වැඩක් නෑ.... අප්පචිචී..........................
+ මෙකෝ ඒ පාර..
-අප්පච්චි මට ගහන්නකො ??????
+ මොකක් කොහෙටද ?
- කම්මුලට ගහන්න චටාස් ගාල...
+ඇයි ඒ... මම කාටවත් ගහන්නෙ නෑනෙ දරුවො..
- බෑ මට එක පාරක් ගහන්න .. මට කවුරුත් ගහල් නෑ අප්පච්චිගෙන් එක පාරක් කන්න ආසයි..
+ අම්මහ් දෙන්නම්කො එහෙනම් පැලෙන්න..
- හැබැයි මම අඩනව එතකොට මාව නලවන්නත් වෙයි ඈ....
+ ඒක සිම්පල්නෙ.. අයිස්ක්‍රීම් එකක් අරන් දෙන්නම්...
*හැමදාම කතාව දිග්ගැස්සෙන්නේ ඇය ගැන කියන්න ගත්තාමය... **
ඔයාට මතකද එදා පන්සලේදි ඔයාගෙ අම්ම මගේන් අහපු දේවල්....
= පුතාල කොහෙද ?
= පවුලෙ කීදෙනකේ ඉන්නවද ?
= පුතාගෙ ඉස්කෝලෙ මොකක්ද ?
= පුතා කරන රස්සාව ?
+ හැම එකටම උත්තර දෙන් පුලුවන් වුනත් මට අර අන්තිම ප්‍රස්නෙ ඉස්සරහ මම ගොලු වෙනව නංගි...
ඇත්ත මම දුප්පත් හැබැයි ඒ සල්ලි වලින්.... මට තියෙනව හොඳ හිතකුයි.. උපරිමේට වැඩ කරන ඔලුවකුයි.. අත් දෙකකුයි.. ඉතින් මට බය නැතිව ඔයාව බලාගන්න පුලුවන්.. ඒ ගැන අම්මට කිය්නන...
-අයිය ඔයා සල්ලි ඉතිරි කරල නැතිද ?
එයා දවසක් මගෙන් ඇහුව මම ගොලු වුනා....
+ නැ නංගි මම සල්ලි ඉිතරි කරල නෑ මේ වෙනකම්.. මම සල්ලි බෙදනව..
- ඒ මො‍කෝ එතකොට කෝ අපිට...
හ්ම් ඒකත් ඇත්ත... මම කල්පනා කලා.. ඒත් නංගි මගේ අප්පච්චි මට පොඩි කාලෙ ඉගැන්නුවෙ...
බෙදන්නයි අඩු කරන්නයි විතරයි .. එකතු කරන්නයි වැඩි කරන්නයි කියල දේනන අමතක කලා එයා....
මට සල්ලිනම් මහ ගොඩක් නෑ එත් අපිට ජීවත් වෙන්න තරම් ඇති....
මතක තියා ගන්න දරුවො....
ඔයා දැකල තියෙනවද ?
දෙල් ගසුයි කොස් ගසුයි...
දෙල් ගස්වල කොල මහ විසාලෙට පේන්න තිබුනට ගෙඩි හරි පොඩියි නංගි...
එත් කොස් ගස්වල කොල පොඩි වුනාට ගෙඩි මහ ලොකුයි.. ගොඩ දෙනෙක්ගෙ බඩ පිරෙනව..
මාත් කොස් ගහක් .. ලොකුවට කොළ පෙන්නන දෙල් ගහක් නෙවේ...
ඒ ගැන අම්මටත් කියන්න,,,,
**  මම එකතු කලේ සල්ලි නෙවේ මිනිස්සු...**
====
හීන පහක් ඉල්ලුවා රුපියල් පහට - බොරු දුසිමක් එක්ක
ගෙයි වහලෙත් හිල් කරන් - බොරුවක් පැලවීලා
මුදුන් ලීයෙ ඇඹරිලා - මලකුත් පිපිලා...
මල් මල් මල් මල් මල් මල් මල් මල් නෙලන්න එන්න
වට්ටියක් ණයට අරන්.......
ද " සිහින"
ටයිටැනික් නැවේ නැගල - සුපර් මාකට් යමුද
හත් දවසක් නොකා ඉදල - සාරි හතක් ගමුද
සින්ඩරෙල්ල ලගින් තියන් - ප්ලෙන්ටියක් බොමුද ?
ලෝන් එකක් හෙමින් දාල - රොකට් එක්ක ගමුද
ද " සිහින "
මල්ටි බැරල් කරේ තියන් - කැටපෝලෙන් විදිමු.
ලිමෝසින් හිතින් මවන් - පාපැදියට නගිමු..
ලැප්ටොප් එක ප්ලග් කරගෙන - කැෆේඑකට දුවමු
කොත්තු රොටියෙ තාලෙ අහන් - සල්ස හිපොප් නටමු...
ද " සිහින "
====
---කුරුළු-

2 comments:

  1. අඩේ නියමයිනේ .... කොහෙන්ද බං මේවා එන්නේ....

    ReplyDelete