Monday, December 30, 2013

=== ඉකි ගසා හඬන අතීතයක - කඳුලු එක්ක ගනුදෙනු කරනා == මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා... ==


.
ගොඩක් වෙලාවට අපි අතීතයේ කරපු දේවල් නිසා පසුතැවෙනව..
ඇත්තටම අපි අතීතෙ සෑහෙන්න මෝඩ තීරණ අරන් තියෙනව.
මෝඩ විදියට හැසිරිල තියෙනව..
සමහර වෙලාවට අපි ඒ දෙවල් ගැන හිතල කල්පනා කරල බලද්දි
අපිටම ලජ්ජයි..
මටම හිතෙනව අනෙ ‍මම මේ වගේ දේවලුත් කලානේ කියල...
ඇත්තටම හැම වෙලාවකම අතීතය බොළඳයි..
මේ ගෙවෙන හැම තත්පරයක්ම එහෙම වේවි...
සමහර වෙලාවට මම ම මේ දේවල් ගැන හෙට දුක්වේවි..
ඒ වගේම එයත්...
අපිට ජීවතේ හදා ගන්න බැරි තරම් වැරදි අපි කරනව..
ඒව නිසා අපිට සමහරුන්ට මූණ දෙන්න බැරි වෙනව..
අපිට සිද්ධ වෙනව ඒ අදාල මිනිස් සමූහයෙන්ම පැනල යන්න..
මතකද ?....
දවසක් ඇහුව ඇයි ඔයා ගොඩක් වෙලාවට මේකෙ ලිය්නනෙ කියල...
ඇත්තටම .. මට සතුටු වෙන්න පුලුවන් එකම දේවල මේ මගේ ලියවිලි..
එයා ගැන එයාගෙ ආදරේ ගැන ලියන එක තමා මට ඉතුරු..
මම හිතනව මේ මම ලියන දේවල් දැන් අපි දෙන්නට වැඩක් නැතත්
අපෙන් පස්සෙ එන එහෙමත් නැතිනම් කුරුළු වගේ ආදරේ කරන්න හදන අයට හයියක් වේවි...
ඇත්ත ම දන්නව "මේලෝකෙ ආදරේ කරපු පලවෙනි දෙන්නත් අපි නෙවේ "
" ආදරේ අහිමි කරගත්තු පලවෙනි දෙන්නත් අපි නෙවේ.."
එත් මම කැමති මගේ අත්දැකීම තියෙන එකම සහ අනිතමය මම වෙනව දකින්න...
අපි හැමෝටම පරණ සබඳ කම් තියෙනව...
අලුත් සබඳ කම් පටන් ගන්නකොට පරණ දේවල් අයින් කරන්නෝන...
ඒක මම එයාට මුලදිම කිවුව... නැත්තං ප්සසෙ ඒව තැන් තැන් වල ඇනෙනව..
හැබැයි ඒ අයින් කරන එක. එයා දැක්කෙ බොහොම සරළව...
හරියට ඒ නමින් තිබුනු ‍ෆෝල්ඩර් එකක් මකනව ‍වගේ මට පේන්න මකල දැම්ම...
හැබයි අමතක වුනා එක දෙයක්..
ඒ තමා බැකප් සහ ටෙම්පරි හදපු ෆයිල් තොගයක් ඒ හාඩ් එකේ ඉතිරි වෙලා තිබුන...
කාලයක් යනකොට ඒව උඩට මතු වෙන්න පටන් ගන්නව..
ඊට වඩා හොදයි හාඩ් එක ෆෝමැට් කලා නම් මුලදිම..
අපි කලින් කාපු පිගාන හෝදන්නෙ නැතිව හරි බාගෙට හෝදල හරි තිබුනොත් අපිට ඒකෙ ආයෙ කන්න බෑ.. අප්පිරියයි ඒ පිගාන අපිටම වෙන් වුන එකක් වුනත්...
ඒ නිසා කෑවනම් පිගාන හෝදන්න...
මම දවසක් මගේ මිත්‍රයා අමිලට කිවුව මෙහෙම කතාවක්...
"" අපි ෆෙරෙන්ඩ් රික්වෙස්ට් එන තරමට ඇතුලට දාගන්නව අනිත්මට ලිස්ට් එක පිරෙනව.. නැතිනම් අපිව තාවකාලිකව බ්ලොක් වෙනව.. ඊට පස්සෙ අපිට අවශ්‍යම ලෙංගතුම කෙනාව අ‍පේ ලගට ගන්න බැරි වෙනව.."
ඒ වෙලාවට කෑ ගහල අඩන්න හිතෙනව.. ඒත් පරක්කු වෙන්න පුලුවන් එතකොට
ඒ දේ අපේ ජීවිතේට වුනාම දරාගන්න අමාරුයි.. ආදරේ කරද්දි ඊටත් අමාරුයි..
මම අන්තිමට මෙහෙම කියන්නම්..
කාලෙකට කලින් ඔයාගෙ ඔලුවෙ ගොම පුරවපු රත්තරන් ගාපු හට්ටයක් ඔයාගෙ ඔලුව උඩින් තියාගෙන.. ඔයා ඒක පෙන්න පෙන්න ගිහින් හැමෝටම.. හේතුව හට්ටිය රත්තරන් නිසා.... දන්නෙම නැතිව ඔයාගෙ දැගලිල්ලට ඇගෙත් යන්තං හලාගෙන..
ඒත් මතක තියාගන්න ඔයා ඕක ඔලුවෙ තියන් ඉන්නකම් ඔයා යන යන තැන ගඳ ගහන විත්තිය.. ඉස්සෙල්ලම ඕක බිමින් තියන්න..
ඊට පස්සෙ අපි ඇගේ ගැවුන ඒව හෙමීට පිහිද ගමු.... !!!
මේක දයාබර ඇරයුමක්..... !!!!!
=====================
ඉකි ගසා හඬන අතීතයක
කඳුලු එක්ක ගනුදෙනු කරනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා...
.
හීනෙන් හිනැහි තුන් යම මා රවටා..
මැදියම් මහ රෑ අදටත් හිත ඉගිලෙනවා
නින්දෙන් ඇහැරී කලුවරේම.. යලි සොයනා..
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා...
.
රිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා
සුසමින් විතරක් නිරතුරුවම පිරිමදිනා...
උහුලනු බැරිතැන උණු කදුලුම වගුරුවනා
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා...
========================
-----------කුරුළු ----------------

4 comments:

  1. ලස්සනයි... හැලපීම

    ReplyDelete
  2. භාෂාවෙ හැටියට කියනවනම් එළය.එළටම ලියා ඇත.

    ReplyDelete
    Replies
    1. කියවුවාට නිකං නොයිද කෙටුවාටත් තුති

      Delete