Wednesday, December 4, 2013

=====මුහුන රතු වෙලා දෙනෙතින් කදුලු පනින තුරු එලියට ===== =====ඔහොම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා...=====


.
වේලාවකට හිතෙනවා මගේ ජිවිතේ හැමදාම මම කැමති දෙවල් මට ලැබිලා නැ
මට ලැබිච්ච දෙවල් වලින් මම සතුටු වෙලා විතරයි කියලා..
මට ලෝ කරන්න බැරි වුණා. මම කැමත්තෙන් හිටියේ කොළඹ යුනි යන්න මට බැරි වුණා. කොහෙද වන්නියක යන්න ලැබුනේ
මට ඩිග්‍රි එක කරන්න බැරි වුණා
මම හරි ආසවෙන් හිටිය කෝට් එකට තොප්පියට..  දැන් ඒ
කොට් එක තොප්පිය මුකුත් නැ
මම කැමති ජෝබ් එක ලැබුනේ නැ
මම ආසාවෙන් හිටිය පොතක් කරන්න... පොත ගහන්න ලැබුනේ නැ
බලද්දි මම විභාග පාස් වේලා
ජිවිතේ ෆෙල් වෙලා
දවසක් ඔයා මට එක හුස්මට කියාගෙන කියාගෙන ගියා මතකද නංගි...
මම සද්ද නැතිව අහගෙන හිටිය....
+ එතකොට ඔයාට අප්පච්චි ලැබීමත් ලද දෙයින් සතුටු වීමක්ද ? ඔයා බලාපොරොත්තු වුනේ අප්පච්චි වගේ කෙනෙක් නෙවේද ?
- මම බලාපොරොත්තු වුනත් නැතත් මට මේ ජීවිතේ ලැබුන මම ගොඩාක්ම ආදරේ කරන දේ මගේ අප්පච්චි .. මම මගේ අප්පච්චිට ආදරෙයි ගොඩක් .. මට මොන දේ නැතිවුනත් කමක් නෑ .. අප්පච්චි  මාව දාල යන්නෙපා එදාට මම මැරෙයි..
+ මගේ නංගි අහන්න...
" දෙවියො කවදාකවත් අපි ඉල්ලන හැමදේම අපිට දේනනෙ නෑ...
- අනේ ඇයි අප්පච්චි දෙවියො එහෙම කරන්නෙ...
+ " දෙවියො අපි ඉල්ලන හැම දේම දුන්නොත් මගෙ අම්මි අපිට දෙවියො ඉන්නව කියල අමතක වෙනව... "
-හ්ම්
+ අපිට මොනව හරි අඩුවක් වුනාම අපි දෙවියො මතක් කරනව... මතක තියාගන්න මගේ සුදු අම්මි දෙවියන්ගෙන් වුනත් ඉල්ලන්න ඕන අපිට දෙන්න නම්....
- හ්ම්..
+ අම්මි ඉන්න මාත් එක්ක මම බලාගන්නම්..
අපි ඩිග්රිය ගමු මම උදවු කරන්නම්... අනික‍ පොතක් කරන එක සුලු දෙයක් මම අදුරන අය ඉන්නව මම  උදවු අරන් දෙන්නම්... අපි ලස්සන පොතක් කරමු.. මටත් පොතක් කරන්‍නොන...
- හා මගේ අප්පච්චි ඔයා හොදයිනෙ ...
+ අපි හැමෝගෙම ජීවත වල අතහැරුන දේවල් තියෙනව අම්මි.. ඒව සමහර වෙලාවට අපි විසින්ම ගන්න තීරණ නොවුනත් අපේ ජීවත වල ඒ ඒ කාල වලදි ගන්න සිද්ධ වෙන තීරණ .. බාගදා ඒ වෙලාවල් වලදි අපි ඒ තීරණ නොගත්තනම් අද අපි මේ ඉන්න තැන නැතිව ඇති....
අනික අපිට මේ සිද්දවේනනෙ ලැබෙන්නෙ අපිට ලැබිය යුතුම සිද්ධ විය යුතම දේ ...
අපි දෙන්නගෙම දහම එකයි.. ඒකතේ තියෙනවනෙ නංගි පහසුවෙන් පොෂණය කල හැකි වීම - ලද දෙයින් සතුටු වීම හොඳ ලක්ෂණ කියල.. ඉතින් අපි  ඒ අනුව ඉමු...
බාගදා...
ඔයා ඩිග්රි කලානම්.. පොත් මුද්‍රණය කරල ජනප්‍රිය වුනානම් මට ඔයාව නොලැබෙන්න තිබුන..
- අනේ මට බෑ .. මට බෑ.. මම ආදරෙයි මගේ අප්පච්චිට.. මට ඔයාව නැති කරගන්න බෑ..
+ මමත් ආදරෙයි මම අර කිවුව වගේ මම ඔයාට උදවු කරන්නම්. ඔයා මගෙ ගැන විස්වාසෙ තියල මා ගාවට ආව නම් මම ඔයාව ඒ දෙවල් වලට එක්කන් යන්නම්...
- අප්පච්චි ඔයා මගේ දෙවියොද ?
+ ඒක මන් දන්නෙ නෑ... ඒත මගේ සුදු අම්මි..
" නොපෙනෙන දෙවියොන්ට පින් දෙනවට වඩා හොදයි , පෙන්න ඉන්න මිනිස්සුන්ට පවු නොදී ඉන්න එක... "
ඒක නිසා අපි ඒ ඒ කාලෙදි අපිත් එක්ක හිටි මිනිස්සුන්ට දොස් නොකිය ඉමු ...
දැන් බලන්න අම්මි අපේ රට... අපි කියනව මගේ රට තමා හොඳම රට කියල එතකොට මගේ රටට වඩා හොද රටවල් ලෝකෙ තියෙනව කියල දැනගෙනත් ඇයි අපි එහෙම කිය්නනෙ..
මගේ ජාතිය, මගේ අම්ම, මගේ පාසල... වගේ දේවල් අපි හොදම එක කියනව.. එත්  අපි ඇත්තටම දන්නව ඊට වඩා හොඳම දේවල් මේලොකෙ ඇති.. ඒත් අපි ඒක “ මගේ වෙන “ නිසා කියනව ඒව තමා හොඳම... එතකොට අම්මි ඒව මගේ වීම නිසාම හොඳම වෙනවද මගෙ අම්මි... නෑනෙ... එත් අපි ඒ දෙවල් වට ආදරෙ කරමු හොඳේ...
- ඔවු මගෙ අප්පච්චි.. මගෙ අප්ප්ච්චි තමා හොඳම..
+හැකිස්.. එය ඉතින් ඒකත් එහෙමයිනෙ...
- නෑ ඒත් මගේ තාත්තිටවත් භෑ ඔය දේවල් මේ තරම් සරළව මට කියා දෙන්න.. මගේ අප්පච්චි තරම් මේව කියල දෙන්න වෙන කාටවත් බෑ.. මම කාටවත් මගේ අප්පච්චිව දෙන්නෙ නෑ .. මට ලෝබයි.....
+හා...
===================
තුමුල නමුණුකුල ගිරි හිස - උදුල සඳ මඩල දුටු නෙත රැවටුනා තමයි..
කිමද මේ තරම් ඒ ගැන හිනැහෙන්නට කාරණා
මුහුන රතු වෙලා දෙනෙතින් කදුලු පනින තුරු එලියට
ඔහොම හිනා වෙනකොට උඹ ලස්සනයි උමා...
.
නුඹේ වත මඩල සගවා මුවා වෙන ලෙසින් අතුරන
සීත පිනි නිසා තිලකය පාලු වෙයි උමා
සීත මීදුමේ තිරපට වලලු ලූ අතින් ඉවතට
ඇත් කර හොරෙන් හෙමිහිට බලාපන් උමා..
.
කන්ද උඩ රැවින් දිදුලන කන්දෙ කදිර දේවාලය
අපට පිහිට වෙයි කියලා හිතෙනවද උමා
අප වටා නැගෙන උවදුරු ඈත්වී නොබෝ කලකින්
පිච්ච මල් සුවඳ විතරක් ඉතිරිවදෙ උමා...
--------------------------ගායනාව- සමන් ජයනාත් ජිනදාස
===============
--කුරුළු--

4 comments:

  1. හ්ම් හ්ම්.ආදරණිය පාඩමක්...

    ReplyDelete
  2. Replies
    1. උඹේ නම දැක්කාම කමෙනට් එක ගැන දුකයිනෙ බං

      Delete