Tuesday, December 17, 2013

මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව..




මා මෙය නුඹට නොකීමට සිතා සිටියෙමි..
එහෙත් මේ දැන් ඊට කාලය යැයි සිතමි..
එය මෙසේ දැන් නුඹට නොකිවුවවොත් කිසිදිනක ඊට අවස්ථාවක් නොලැබිය හැක..
මාගේ හිස වෙනදාටත් වඩා දැන් දැන් රිදුම් දීමට පටන් ගෙන ඇත..
කුඩා කල සිටම විවිධ අවස්ථාවන් වල
විවිධ හේතු නිසා රිදුම් දුන් හිස මෑතක සිට වඩාත් වැඩි වැඩියෙන්
නිතරම රිදුම් දෙන්නට පටන් ගෙන ඇත..
ඒ වැඩි වැඩියෙන් මා ලියන නිසාය.. වැඩි වැඩියෙන් කල්පනා කරන නිසාය...
මාගේ අසනීපය ගැන්නා නුඹ ..
- අයියෙ වැඩයි එක එක දේවල් කල්පනා කරන්නෙපා.. වැඩිය ලිය්නනෙපා..
යැය මට නිතර පවසයි..
එහෙත් මා ලියා තැබිය යුතුය..
මා දන්න කරුනක් වන්න‍ෙ
- හෙඳ මිනිස්සු වැඩි කල් ජීවත් නොවන බවයි..
මමද හොද මිනිහෙක් වීමට ආසාවක් ඇත..
එබැයින් මා කල යුතු සියල්ල ඉක්මනින්න කල යුතුව ඇත..
මා අවට සිටින්නන් මාගේ නිර්මාණ බලාපොරොත්තුවෙන් සිටිති. මා මාගේම පැරණි නිර්මාණ යලි යලිත් පල කරනව විට..
- පරණ ඒව ඇති බං අලුත් දෙයක් ලියපංකො .....
ඔවුහු ම බැනවදිති..
නංගි---------
ඉතින් මා ලිවිය යුතු නොවේද ?????
- ඔයා ඇරුනාම ඔය ඉන්නෙ ඕන තරම් අය ලියන්න...
ඒ කොතරම් හිටියත් ඔවුනට මාද අවැසිය...
******
මා සිතනා ආකාරයට මාගේ ශරීරයේ වැඩිපුරම වැඩකරන්නේ ඔලුවයි..
අනික් හැම අවයවයකටම වඩා එය නිතරම වෙසෙහට පත්වන්නකි..
ඒ නිසාම මට නිතරම අබාධවලට ලක්වීමට සිදුවේ..
ඒ හැම අවස්තාවකදීම මා රෝහල් ගත කරන්නේත් දුක් විදින්නේත්
මා දෙමවුපින් මිතුරන් සහ ඇයය..
මෙසේ මම ඇයට ස්තුතය පුද කරමි..
මා මනස පිලිවෙලකට තබාගනීම උදසා මා මගේ හදවත ඇය වෙත තැුවෙමි..
ඇය අදද ඒය නිසි ලෙස පරිස්සම් කරන්නීය..
මා දන්නා කරුන නම් ඇය මාගේ හදවත බලාගන්නා විලාසය නිසා මාගේ මේ මනස
මෙතෙක් කල් හෝ හොදින් ක්‍රියා කරන බව පමණි..
මාගේ වයසත් දැන සෑහෙනනය... ජීවිතයෙන් අඩක් පමණ ගෙවා දමා ඇතැයි සිතමි..
මා ඉපදෙන දවසෙ සිටම මා සතු වු මේ සියලු අවයව
තම තමාට අයත් කුදු සේවා සැපයීම් නොපිරිහෙලා ඉටු කලහ..
ඔවුන්ට හද පිරි ප්‍රණාමය..
එහෙත් දැන් එකින් එක විඩා නැගේ..
වැඩිපුරම රිදෙන්නෙ මා කලින් කීවාක් මෙන් හිසය..
හදවත නම් රිදෙන්නේම නැත ඒ ඇය ඒ ආරක්ෂා කරන බැවිනි..
ලගදී අතක් කකුලක් තුවාල විනි, ඇහැක් නිතරම දගලයි,
කණක් පැසවූ නිසා රොහල් ගත වූයෙමි, දත්ක් නිසා වින්ද වේදනා අපමණය..
යටි බඩේ කොරයක්ද ඇති වන්නෙ ගෑස් නිසා යැයි අම්මා පැවසූවත්
මේ එක තැන වාඩි වී හිදීම නිසායැයි මල්ලි දොස් නගයි..
මා ඉපදුන දවසෙ පටන් මිය යන්නෙමි... ඇග සේදිමේදි උඩු හම ගැලවී යයි.
කෙස් වැවී කපා දමමි, නියපොතුද එසේමැයි, දත්, රැවුල් දිනෙන් දින ගෙවේ වැටේ..
කෙස් අතරින් පතර මැරී සුදු පැහැ වී ඇත.., ඇග ඇතුලින්ද එසේමය..
අක්මාවේ වකුගඩු තුල සෛල දිනෙන් දින මැරේ...
එසේ බැලු කල තවම මනස නම් නොසීදි පවතී..
එහෙත් ඉඳ හිට හිස බලවත් රිදුම් දෙයි..
මා නුඹට මෙසේ කියමි...
නුඹට දුන් හදවත නුඹ නතර කලා නම්...
මා මිය ගොස් බොහෝ කල්ය......
දැන දැන් ඉඳ හිට රිදුම් දෙන ඇදුම් කන හිස කොයි වේලේ හෝ තම ක්‍රියාකාරීත්වය නතර කරනු ඇත...
එදාට සමාවන්න...
මට හැකි පමණ මම මේ ඇඟ කවා පොවා නහවා බලා ගතිමි..
මේ තරම් කල් හෝ කුදු සේවා සපයමින් මා හට සේවා කල මාගේ නිර්මාණ මොවුන් වෙත ගෙන ඒමට මට උදවු කල අවයව , නුඹලාට මගේ ප්‍රණාමය..
කොයි මොහොතක හෝ මේ කූඩුව අතැර යා යුතුව ඇති යැයි නිතර සිතේ..
අලුත් කූඩුවකින් මා නැවත නුඹලා හමුවට පැමිනෙන්නෙමි..
මට දුකක් නැත......
නුඹලාද දුක නොව්න්න...
මාගේ හදවත තවම ඇය සතුය.. මා ඒ ගෙන නොයමි...!!!
=======
මේ ලොව යම් කිසිවෙකු මා හට පෙම් කල බව
එතකොට ඒ ගී රාවය හීන් හඩින් මට කියාවි...
.
මා මළ පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව..
දුක් ගීයක් ලියනු මැනව - දුක් ගීයක් ලියනු මැනව
නන්නාදුනනා ඔබගේ ... අත් අකුරින් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව - දුක් ගීයක් ලියනු මැනව
.
අඩ සඳ බැස ගෙන යන සඳ - සීතල අදුරු රැයක..
අඩ සඳ බැස ගෙන යන සඳ - රෑයි හඩන වැවු අතරින්
එතකොට ඒ ගී රාවය යාන්තමින් මට ඇසේවි...
එතකොට ඒ ගී රාවය යාන්තමින් මට ඇසේවි..
===========
- කුරුළු--

No comments:

Post a Comment