Wednesday, December 11, 2013

======= මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න ======= ======== ඒ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න =======


.
- අප්පච්චි ...
+ මොකෝ..
- මට කියන්න දෙයක් තියෙනව....
+ කියන්න ඉතින් ඔයාට කියන්න දෙයක් නැතිනම් තමා පුදුමෙ....
- අප්පච්චි මගේ එක්ක ඉන්න පින්තුර දාන්නෙපා...
+ ඇයි?
- ඒක ප්‍රශ්නයක් අප්ච්චිටත් මටත් !
+ අපිට ඒක ප්‍රශන්යක් නම් අපි නොදා ඉමු.. ඒත වෙන අයගෙ හිත රිදෙයි වෙන අයට ප්‍රශ්නයක් කියලනම් නොදා ඉන්න එක හරි නෑ....
- තේරුම් ගන්නකො අපි වටේ ඉන්නඅය....
+ මේ මේ මේ.. වටේ ඉන්න අයගෙ චරිත සහතික උඩ මම ජීවත් වෙන්නෙ නෑ ඔයා දන්වනනෙ...
- බෑනෙ පොඩ්ඩ ඇත්තං තරහ ගන්නවනෙ කිසි දෙයක් තේරුම් ගන්න බෑනෙ...
+ බැරි නෑ.. ඔයා ගැන වෙන කෙනෙක්ගෙන් අහනවනම් මම වැරදි. මොකද එතකොට එයා කිය්නනෙ ඔයා එයත් එක්ක හිටිය විදිය.. මගේ ගැනත් එහෙමයි.. එත් අපි දෙන්නම එ ්අය එක්ක මේ වගේ ආදරෙන් ඉදල නෑනෙ.. අපිට ඒ අය එක්ක තියේනනෙ වෙන සම්බන්ධ... එ ්අය ඒ සම්බන්ධ කම් ගැන අපිව මැනල කතා කරාවි.. ඒකෙන් මට ඔයාවත් ඔයාට මාවත් මනින් බෑ.. අනික ඒ කියන දේවල් උඩ ඔයාව්ත මමවත් අපිව මනිනවනම් තීරණ ගන්නවන් ආදරයක් ඇත්තේත නෑ..
- අප්පෝ බෑනෙ මෙයා ... කාත කරනව කෝච්චිය වගේ ... මට කියන්න දෙන්නෙ ණෑනෙ.. ඒකනෙ අපෙ ්ගෙදර ආවම අම්මත් කිවුවෙ අප්පච්චිගෙ කතාව වැඩියි කියල...
+ කතා කලයුතු තැන ඒ දේ ගැන කතා කරමි- නොකල යුතු තැන නිස්සදව ඉදිමි...
- හා ඈ...
+ අනික මගේ මේ country lock කැඩුවෙ ලගදි.. එතකම් කතා කලේ නෑ.. දැන් බැරි ඒවත් එක්ක කතා කරන්නෙපැයි.. ඇයි යකො ්මම මගේ ගෑනි එක්ක කතා කරන්නෙ නැතිව මොනව කරන්නද..
- ආ ඇත්තද.... මේ කෝම වුනත් ලයික් එපා කොමෙන්ට් එපා ... දැක්කනෙ අද උදෙත් එක්කෙන්ක කමෙන්ටුවක් අයින ්කරල තිබුන...
+ මේ අහන්නකො.. මගේ ආදරේ ගැන මට ලයික් කොමෙන්ට් කරන්න බැරිනම් මට වැඩක් නෑනෙ.. අනික මම ආස නෑ කෙහෙවත් යන උන් ඔයාට පැටියො බබෝ කියල පැනි කමෙනට් දානවට... යාලුවොන්ව මම දන්නව ඒ යාලුකම නෙවේ....
- ඒක ඒ අයගෙ වැඩක්නෙ මහත්තයො- මගේ ඇගේ වදින්නෙ ණෑනෙ... ඇයි මට බනින්නෙ....
+බනිනව නෙවේ.. අම්මිම තමා මට කිවුවෙ මගේ අදරේ බෙදා ගන්න ඕන නෑ.. දුක්ගන්නාරාල වෙන්නෙපා කියල.. එතකොට ඔයා????? මමත් ආද නෑ ඔයාගෙ ආදරේ බෙදා ගන්න... අනික් කාරණාව තමා මම කෙනෙක්ට ආදරෙයි නම් ලොකෙට කෑ ගහල කියනව මම ආදරෙයි කියල හැංගි හොරා ලවු කරන මට ආස නෑ.. ඇයි ඔයාට කුරුලුගෙ කිරිල්ලි කියන්න ලජ්ජද ????
- පිස්සද අප්ච්චි මම කොච්චර ආදරේද ? ඒත් කලබල වෙලා ප්‍රස්න විසදන්න බෑනෙ... අප්ච්චි අපි නාන්න උණු වතුර රත් කලාම ඒක නිවාගන්න ක්‍රම 2 ක් තියෙනව.. එකක් ඇල් වතුර දාන්න පුලුවන් අනික හෙමීට නිවෙන්න දෙන්න පුලුවන්.... හැබයි වැදගත්වෙන්නනෙ නිවන්නෙ නැතිව ප්‍රෙයෝජනයට ගන්න බැරි එකයි... මෙතැනදි අපි ඇල් වතුර දාල නිවුවෝත වතුර නරක් වෙනව.. ඒ නිසා හෙමීට නිවෙන්න දෙමු...
+ නැ මට බය අපි නිවෙන්න තියල තියෙන කොට එක එක ඇවිල්ල ඒකෙන් කෝප්ප අරන් උන්ගෙ කෝප්ප හෝද ගන්න හදන එකට.... උන්ට තේරෙන්නෙ නැතිද ඒ වතුර අපේ කියල දැන් උන්ගෙ නෙවේ කියල...
-අපෝ මෙයා තරහ ගන්නවනෙ අප්ප බෑනෙ කතා කරල කියල දෙන්න..
+ හොදයි ඔයාම හිතන්න මට ඔය වගේ දෙයක් වුනාම ඔයා කෝමද හැසිරෙන්නෙ කියල එච්චරයි..... මම තියනව ෆොන් එක බායි...
- එපා එපා එපා අනේ ප්ලීස් තරහ ගිහින් ෆොන් එක තියෙන්නෙපා.. එතකොට මට දුකයි..
+ නෑ දන්නවනෙ අප්පච්චිගෙ හැටි සෝඩ බෝතලෙ ්වගේ.. හැබැයි දැන් තරහ ගිහින්... ම තව විනාඩි 5කින් ගන්නම්.. ඈ....ටටා...
- හ්ම් මම ආදරෙයි ඈ.. බායි ඈ... නුපුරු මොණරා........ ආදරේ මනින්න මිම්මක් නැ වගේම මං ලග ආදරේ ඔප්පු කරන්න සාක්ෂිත් නැ මං ලග සමාවෙන්න අප්පච්චි
+ සමාව ඉල්ලන්නෙ වැරදි කරන අය.. අම්මි වැරැද්දක් කරල නෑ.. හොදේ අප්ච්චිට ටික් තරහ ගියා එච්චරයි.. මමත් ආදරෙයි.. ටටා.....
============================
මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න
ඒ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න
.
සඳැස් විදා මොණරු නටති මේඝ වලා පාවේ
වළා වැලෙන් ගෙලේ වැටේ මලිතිය මල් මාලේ
සහ ගුම් බිගු පේලි සැදී නගති මධුර නාදේ
මල් ගොමු තුල නිල් පලු දල යහන් නිබඳ සෑහේ
.
ලවන් දොඩම තුඩ තබමින් බොත රස මදු පානෙ
සුරත් සහන් එරලි දැල්වේ දෙනුවන් මිනි පානෙ
ලඹදුන් සපු දුනු කේ මැද පිපුනු එකම යායේ
ඇවිදිමු මුතු පබලු වටෙන සිහිලැල් හඳ පානේ...
... (නන්දා මාලනිය)
=============================
------------කුරුළු---

No comments:

Post a Comment