Tuesday, December 17, 2013

දෙයියො.........





-චැහ් උඹ වගේ කරදරකාරයෙක්...
+ඇයි. ඇයි.. මනුස්සයො එහෙම කිය්නෙ.. මම මෙනවද උඹට කරල තියේනනෙ..
- එහම කියනනේ ?? නොකිය කෝමද ? උඹ මගේ මුලු ජීවිතේම කාලකණ්නි කරල දැම්මනේ..
+ මොනව ?? සමාවෙන්න ඒ කෝමද ??
- උඹලෑ අම්ම.. උඹව ලබාගන්න කොච්චර මට කරදර කලාද ?
ඊට ප්සසෙ උඹ බබට ආවාම මටට කොච්චර කරදර තිබුණද..
හ්ප්පෝ ඊට හපන් උඹ ලැබෙන්න ගිය වෙලාවෙ .. මමත් නොමැරී මැරුණ..!
අපි අමාරුවෙන් තමා උඹව බේර ගත්තෙ..
ඊට පස්සෙ කොන්ඩෙ කපනකොට - අකුරු කියවනකොට ආ තව සරම්ප පැපොල කම්මුල් ගාය වගේ ‍ලෙඩ වලදි? පොඩි කාලෙ විසබීජයක් ගිහිල්ල ...
හප්පා ඒවට කොච්චර මහන්සි වුනාද මම..!!
ඊට පස්සෙ උඹව ඉස්කෝලෙකට දාගන්න ඕන වුනාමත් මගේ ලගට ආව..
ඊට ප්සසෙ පහ වසරෙ විභාගෙ වෙලාවෙ උඹලෑ අම්මයි මායි කොච්චර දුක් වින්දද ?
+ මොනව මොනවද තමුසෙ මේ කිය්නනෙ.. එ.. එතකොට අපෙ තාත්ත !!
-හැහ් මිනිහට ගාණක් වත් නෑ බොල.. අම්ම කොච්චර මගේ ගැන කිවුවද ?
මිනිහ විස්වාස කලේ නෑ ම‍ගේ ගැන...
+ ඉතින්
- ඉතින් තමා එතැනින් නතර වුනේ නෑ ..
පහවසරෙන් පස්සෙ ඕලෙවල් විභාගෙ ඒ ලෙවෙල් කැම්පස් ඒ හැම එකකදිම මම උඹෙ පස්සෙන් හිටිය.. උඹට රස්සාවක් ලැබනෙකම්ම.....
මම හිතුව උඹට රස්සාවක් ලැබුනාම මට උඹලෑ අම්මගෙන් තිබුන කරදරේ ඉවරයි කියල..
මොන පිස්සුද .. මේ ගෑනි මට දැන් කියනව උමට හොද භාර්්‍යාවකුත් හොයල ගෙනල්ල
දෙන්නලු..
හා හොදයි මයෙ පුතේ උඹම කියපන් මම උමලෑ තාත්තත් නොවිච්චි
මට ලැබෙන අහවල් බම්බුවකුත් නොවිච්චි.. මම මොකෝ බං මේචචර මැරෙන්නෙ...
මට කියල වෙනම ජීවිතයක් නැද්ද මං අහන්නෙ..
පොඩ්ඩ ඇත්තං මට අඩගන්නෙපා බං...
+ මට ප්‍රස්නයක් මේක නම්.. කවුද ඔයාට අඩගැහුවෙ මට උදවු කරන්න කියල..
අනික ඔයා කවුද ?
- හනේ හනේ මම කවුද කියල උමට අදුරගන්න බෑනේ..
ඔන්න පේනවනේ උඹලට මේචචර උදවු කරල මාව අදුරගන්න බෑනේ..
+ බෑ තමා ..
- යකෝ ! මම උඹේ දෙයියො...!! අනේ මයෙ පුතේ පිං සිද්ධ වෙයි..
මම උඹේ අම්මගෙ අන්තිමට ඉල්ලපු දේත් ඉස්ට කොරල දෙන්නම්.. හැබයි ඊට ප්සසෙවත් මාව නිස්‍දහස් කරල දියංකො...
- ද්..දෙයියො........ දෙයියන්ටම ඔප්පුවෙච්චාවෙ..
===කුරුළු=====

No comments:

Post a Comment